වැසි වනාන්තර

විකිපීඩියා වෙතින්
ඔස්ට්‍රේලියාවේ ක්වින්ස්ලන්ඩ් ප්‍රාන්තයේ Daintree වැසි වනාන්තරය
ගොනුව:Rainforrest between Kuranda Cairns, North East Queensland.jpg
ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ්හි Cairns හි ආසන්නයේ ඇති Daintree වැසි වනාන්තරය

වැසි වනාන්තර යනු ඉතා ඉහළ වර්ෂාපතනයක් ලැබෙන වනාන්තර වේ. අර්ථ දැක්වීමට අනුව එය අවම වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 1750 – 2000 (අඟල් 68 – 78) අතර ප්‍රමාණයක් විය යුතුය.

වැසි වනාන්තර පෘථිවිය මත ජීවත් වන ශාක හා සත්ත්ව විශේෂ 2/3 කටම වාසස්ථාන වේ. තක්සේරු කර ඇති අන්දමට මෙහි ජීවත් වන ශාක, කෘමි සහ බොහෝ ක්ෂුද්‍ර ජීවීන් විශේෂ මිලියන ප්‍රමාණයක් තවමත් හඳුනාගෙන නොමැත. නිවර්ථන වැසි වනාන්තර පෘථිවිය මත ඇති ආභරණයක් ලෙස ද හැඳින්වෙන අතර එය ලොව විශාලතම ඖෂධාගාරය ලෙස ද හැදින්වෙන්නේ ඒ තුළින් සොයා ගන්නා ලද විශාල ප්‍රමාණයක ස්වාභාවික ඖෂධ ප්‍රමාණයක් හේතුවෙනි.

වැසි වනාන්තරවල බිම් මට්ටමේ ශාකවල වර්ධනය සිමාවී ඇත්තේ ඒ වෙතට අඩුවෙන් ලැබෙන සුර්යයා ලෝකය හේතුවෙනි. මේ නිසා මෙම ‍වනාන්තර හරහා ඇවිද යාම පහසු වී ඇත. මෙලෙස ඇති අඩු වියන් ස්ථරය විනාහ වී හෝ තුනි වීමක් සිදු වුවහොත් පහළින් ඇති භූමි ප්‍රදේශය ඉතා ඉක්මනින් ඝන එකිනෙක පැටළුනු වැල්, පදුරු සහ කුඩා ශාකවලින් සමන්විත වන කුඩා වනානාතරයක් බවට පත් වේ. වැසි වනාන්තර වර්ග දෙකක් ඇත.

වැසි වනාන්තර ස්ථර[සංස්කරණය]

වැසි වනාන්තර ප්‍රධාන වෙනස් වූ කොටස් 4 ට බෙදා ඇති අතර ඒවාට අනුවර්ත වූ ශාක සහ සතුන්ගෙන් යුක්ත වේ.

  • නෙරූ ස්ථරය - ඉතා විශාල ශාක කුඩා සංඛ්‍යාවකින් යුක්ත වන අතර ඒවා සාමාන්‍ය වියන අභිබවා මිටර 45 – 55 දක්වා උසකට වර්ධනය වන නමුදු කලාතුරකින් මී 70 – 80 තරම් උසට වර්ධනය වන විශේෂ කිහිපයක් ද තිබිය හැක. ඒවාට අධික උෂ්ණත්වය සහ දැඩි සුළඟට ඔරොත්තු දීමේ හැකියාව තිබීම ද අවශ්‍යයි. උකුස්සන්, සමනළයන්, වවුලන් සහ එක්තරා වඳුරු විශේෂ කිහිපයක් මෙම ස්ථරයේ දිවි ගෙවයි.
  • වියන් ස්ථරය - වැඩි වශයෙන් විශාල ශාකවලින් යුක්ත වන අතර ඒවා මීටර 30 - 45 තරම් උසක් දක්වා වර්ධනය වේ. සමහර ඇස්තමේන්තු අනුව වියන් ස්ථර ශාක විශේෂවලින් 50% පමණ වාසස්ථාන වේ. එය පෘථිවියේ ජීවීන්ගේ සමහර විට භාගයක් පමණ විය හැකි බවට ද අදහස් පළ කෙරේ. සත්ව වර්ග නෙරූ ස්තරයේ මෙන්ම විය හැකි අතර ඊට වඩා විවිධත්වයක් පළ කෙරේ. කෘමි විශේෂවලින් ¼ පමණ මෙම වැසි වනාන්තරවල වියන් ස්ථරවල ජීවත් වන බවට විශ්වාස කළ හැක. විද්‍යාඥයන් බොහෝ කලක සිට සිතූ පරිදි වියන් ස්ථර ජීවීන්ගේ වාසස්ථානය ලෙස පොහොසත් බවක් ඇති නමුත් ඒවා සොයා ගැනීමට ඇත්තේ මෑතකදී දියුණු කරන ලද ප්‍රායෝගික ක්‍රම මඟිනි. 1917 දී පමණ ස්වභාවවාදියකු වන විලියම් බීබේ ප්‍රකාශ කර සිටියේ “මෙහි තවත් ජීවීන් සිටින මහාද්වීපයක් සොයා ගැනීමට තිබෙන අතර එය පෘථිවිය මත නොපිහිටන අතර අඩි එකක සිට දෙසීය දක්වා ඉහළින් පිහිටා ඇති එය වර්ග සැතපුම් දහස් ගණනක් පුරා පැතිර ඇත. මෙහි ඇති ජීවීන් හා වාසස්ථාන පිළිබඳ සත්‍ය ගවේෂණයක් කිරීමට ළඟා වීමට ක්‍රම සොයා ගැනෙද්දී, දිගු, තඹ, දුනු භාවිතයෙන් ගස්වලට විදීම වැනි ඉතා ප්‍රාථමික ක්‍රම භාවිතා කරන ලදී. නමුත් සමහර ක්‍රම, එනම් බැලූන සහ ගුවන් නැව් ඉහළ අතුවලටත් මගවල් සෑදීම (වන බිමෙහි) වැනි ක්‍රමද සොයා ගැණින. මෙසේ නිවර්තන වියන් ස්තරය වෙත ප්‍රවේශ වීමට ගුවන් නැව් හෝ ගුවනේ ඉදිවුණු වේදිකා යනාදිය භාවිතා කිරීමේ විද්‍යාව වෘක්‍ෂ නාවික විද්‍යාව ලෙස හැදින්වේ.
  • යටි මහල් ස්ථරය - වියන් ස්ථරය සහ වන බිම අතර ස්ථරයයි. මෙම යටිමහල් ස්ථරය‍ ඉතා විශාල සංඛ්‍යාවක් කුරුල්ලන් සර්පයන් සහ උරගයින්ට නිවාසය වී ඇත. තවද ගොදුරු අල්ලා කන දිවියන්, ජගුරවයන් සහ දාර පිඹුරන් ද මෙහි නේවාසිකයෝ වෙයි. මේ මට්ටමේදී පත්‍ර තරමක් විශාල වේ. කෘමි ජීවිත ද ඉතා විශාල ගහනයකි. මෙම යටිමහල් ස්ථරයේ සිට වියන් ස්තරය දක්වා වර්ධනය වන බීජාංකුර බොහෝය. වැසි වනාන්තරවලට ඉහළින් දිලිසෙන හිරුඑළියෙන් 5% පමණ යටි මහල් ස්ථරය කරා ළගා වේ. මෙම ස්ථරය පඳුරු ස්ථරය ලෙසද හැඳින්විය හැක. නමුත් මෙම පඳුරු ස්ථරය වෙනම ස්ථරයක් ලෙසද හැඳින්විය හැකි අවස්ථා ද වේ.
  • වන බිම් ස්ථරය - මෙම ස්ථරයට හිරු එළිය ලඟා වන්නේ 2% පමණි. මෙම කලාපයේ වර්ධනය විය හැක්කේ එම මන්දාලෝකයට අනුවර්ත වූ ශාඛාවට පමණි. ගංඉවුර, වගුරු සහ එළිමහන් ස්ථානවලින් එහා ගහන වූ යටි වගාවක් දැකිය හැක. වන බිම පැල වර්ධනයෙන් සාපේක්ෂව මැද බවක් පෙන්වන්නේ අඩු ඉර එළිය ප්‍රමාණයක් පෙරී වැටෙන නිසාය. එසේම වන බිම දිරාපත්ව ක්ෂය වී යන සත්ව සහ ශාක කොටස්වලින් යුක්ත වේ. මේවා උණුසුම තෙතමනය යන කරුණු නිසා ඉක්මණින් දිරාපත් වී යයි. නොයෙක් ආකාරවල දීලීර මෙම ශාක සත්ව කොටස් මත වර්ධනය වෙමින් ඒවා දිරාපත් වීමට උදව් වේ

ගෝලීය දේශගුණය කෙරේ බලපෑම්[සංස්කරණය]

ස්වාභාවික වැසි වනාන්තරයක් මගින් විශාල ප්‍රමාණයක කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයක් නිකුත් කරන සහ අවශෝෂණය ද කරනු ලබයි. ගෝලීය වශයෙන් ගත් කල මෙකී ක්‍රියාවලිය ආසන්න වශයෙන් සමතුලිත අවස්ථාවක පවතින අතර එබැවින් කිසිදු බලපෑමකට ලක් නොකල වැසි වනාන්තරයකට වායු ගෝලයෙහි කාබන් ඩයෝක්සයිඩ් වල ශුද්ධ බලපෑම කෙරෙහි ඉතා සුළු වෙනසක් පමණක් ඇති කල හැකිය. අද කිසිඳු බලපෑමකට ලක් නොවු වැසි වනාන්තරයක් දක්න‍ට නෙමැත. මිනිසා මගින් සිදු කරනු ලබන වන විනාශය මගින් වැසි වනාන්තර මගින් කාබන් ඩයොක්සයිඩ් මුදා හැරීමේ තුල්‍යතාවය වෙනස් කරනු ලබයි. මෙලෙසම නියඟ වැනි ස්වාබාවික ක්‍රියාවලීන් මගින් ද වැසි වනාන්තර වල ශාක මරණයට පත්වේ. මෙම දුර්භික්ෂ්‍ය හෙවත් නියන් සමයන් වුවද ඇති වන්නේ මිනිසා මගින් ඇති කර ගන්නා දේශගුණික විපර්යාස හේතුවෙනි. ඇතැම් දේශගුණික ආදර්ශනයන් මගින් ප්‍රකාශයට පත් කරන ආකාරයට වසර 2050 වන විටදී නියන් කාලයක් හේතුවෙන් වැසි වනාන්තර විනාශයට පත් වි වඩාත් වැඩි ප්‍රමාණයකින් කාබන්ඩයොක්සයිඩ් මුදාහරිනු ඇතැයි විශ්වාස කෙරේ.

මිනිසාගේ භාවිතය[සංස්කරණය]

නිවර්තන වැසි වනාන්තර දැව සේම සත්ව නිෂ්පාදන වන මස් සහ සම් සපයයි. වැසි වනාන්තර සංචාරකයන්ගේ ගමනාන්ත වනවා මෙන්ම පරිසර පද්ධති මගින් සිදුවන සේවාවන් ලබාදීමට ද ඉවහල් වේ. එසේම නිවර්තන වැසි වනාන්තරවලින් ලැබුණු බොහෝ ආහාර ද්‍රව්‍යය දැනට බෝග වැවිලි ලෙස ඇති කලාප පූර්ව ප්‍රාථමික වනාන්තර ලෙස පැවති ඒවා වේ. පෘථිවියෙන් 6% පමණ ආවරණය වන්නේ වැසි වනාන්තර වලිනි. කෙසේ වෙතත් සියලුම ඖෂධ වර්ග වලින් 25% පමණ උපදින්නේ වැසි වනාන්තරවල අංග උපාංගයන්ගෙනි. පිළිකා සුවකිරීමේ ශක්තියක් ඇතැයි සිතිය හැකි නිවර්තන ශාක වර්ග 1430 ට වඩා වැඩි ප්‍රමාණයක් වනාන්තරවල ඇත. මෙයින් ද 70% පමණ පැලෑටිවල පිළිකා මර්දන හැකියාව ඇති ඒවා ලෙස ඇමරිකානු ජාතික පිලිකා ආයතනය හඳුනාගෙන ඇත. මේවා අතර ඇස්පිරීන් වැනි වේදනා නාශක මෙන්ම සහ හෘත් රෝග සඳහා ගතහැකි ඖෂධ වෙනුවට ද සුදුසු ශාකමය ඖෂධ මේ වනාන්තරවල බහුල වේ. ඇත්ත වශයෙන්ම පැළවලින් නිපදවා ගන්නා ඖෂධ වර්ග බොහෝ විට භාවිතා වනුයේ උණ, දිලීර අසාදන, පිලිස්සුම් තුවාල අමාංශයේ සහ බඩවැල්වල අබාධ, වේදනා, ශ්වසන අබාධ සහ තුවාල සුවකර ගැනීම සඳහාය.

"https://si.wikipedia.org/w/index.php?title=වැසි_වනාන්තර&oldid=464936" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි