Jump to content

ශ්‍රී ධර්මේන්ද්‍රාරාම පුරාණ රජ මහා විහාරය

විකිපීඩියා වෙතින්
ශ්‍රී ධර්මේන්ද්‍රාරාම පුරාණ රජ මහා විහාරය
විහාරයේ වූ ස්ථූපය
මූලික තොරතුරු
පිහිටීමඅංක.30, මායාදුන්න, ගොනාගොල්ල
භූගෝලීය ඛණ්ඩාංක07°25′37.6″N 81°38′02.3″E / 7.427111°N 81.633972°E / 7.427111; 81.633972ඛණ්ඩාංක: 07°25′37.6″N 81°38′02.3″E / 7.427111°N 81.633972°E / 7.427111; 81.633972
අනුබැඳියාවබුද්ධාගම
දිස්ත්‍රික්කයඅම්පාර
පළාතනැගෙනහිර පළාත
රටශ්‍රී ලංකාව
උරුම නාමකරණයආරක්‍ෂිත පුරාවිද්‍යා ස්මාරකය (10 ඔක්තෝම්බර් 2014)
ගෘහනිර්මාණ විස්තර
ගෘහනිර්මාණ ප්‍රභේදයබෞද්ධ සිද්ධස්ථානය

ශ්‍රී ධර්මේන්ද්‍රාරාම පුරාණ රජ මහා විහාරය (හෝ මායාදුන්න පන්සල) යනු ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ මායාදුන්න පිහිටි පුරාණ බෞද්ධ විහාරස්ථානයක් වේ. ගොනාගොල්ල ග්‍රාමයට අයත් වන විහාරය අම්පාරමහඔය ප්‍රධාන මාර්ගයෙහි උහන නගරයේ සිට කිලෝමීටර 10ක් පමණ දුරින් පිහිටයි. ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ආරක්‍ෂිත ස්මාරකයක් ලෙස වර්තමානයේදී විහාරය, රජය විසින් නම් කොට තිබෙන අතර නාමකරණය 2014 වර්ෂයේ ඔක්තෝම්බර් 10වන දිනදී රජයේ ගැසට් අංක 1884 යටතේ සිදුකොට තිබේ.[1][2]

විහාරය

[සංස්කරණය]
මායාදුන්න විහාරයේ වූ පර්වත ලිපිය හා ප්‍රථිමා ගෘහය

පිහිටි ගල්තලාවක් මත ඉදිකර ඇති මායාදුන්න පිහිටි විහාරය උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වේ. වර්තමාන විහාරයේ වූ බොහොමයක් ඉදිකිරීම් මෑතකාලීන ඒවා වන නමුත්, සිරිපතුල් ගල්, සදකඩපහණ කොටස්, ගොඩනැගිලි සහ කණු පාදම් වැනි සමහරක් පුරාණ ඉදිකිරීම් තවමත් විහාර පරිශ්‍රයෙහි දැකගත හැකිය. බුද්ධ ප්‍රතිමා නිර්මාණයට පෙරාතුව ජනයා විසින් ආසනඝර සහ සිරිපතුල් ගල් වැනි විවිධ වස්තූන් වෙත බුදුන් වහන්සේ අදහස් කරමින් වන්දනාමාන කලහ. මේ හේතුවෙන් විහාරයකදී සිරිපතුල් ගල් හෝ ආසනඝර හමුවීම පුරාවිද්‍යාවේදී සළකණු ලබන්නේ එම විහාරය රටේ බුද්ධ ප්‍රතිමා නිර්මාණයට පෙර පටන් පැවති බවට සාධකයක් වශයෙනි.[3] විහාරයේ ප්‍රතිමා ගෘහය සහ පොකුණ අතරමැදි ගල්තලාවේ පිහිටි පර්වත ලිපිය ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සංරක්ෂණය කොට තිබේ.

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ ගැසට් 1884 10 ඔක්තෝම්බර් 2014, පිටු අංකය: 922.
  2. ^ "උහන ශ්‍රී ධර්මේන්ද්‍රාරාමය රජමහා විහාරය පුරාවිද්‍යා භූමිය". අමේසිංලංකා. සම්ප්‍රවේශය 27 අගෝස්තු 2017.
  3. ^ විජේතුංග, සිරිසමන් (20 මාර්තු 2017). "සිරිපතුල් වන්දනාව". බුදුසරණ, එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම. සම්ප්‍රවේශය 27 අගෝස්තු 2017. ඉතාම පැරණි පුදබිමක් ලෙසින් හඳුනා ගැනීමට නිශ්චිත පුරාවිද්‍යාත්මක සාක්ෂියක් ලෙසින් පුරාවිද්‍යාඥයෝ සිරිපතුල් ගල් හඳුන්වති

බාහිර සබැදි

[සංස්කරණය]