ශ්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍යයින් ලැයිස්තුව
මෙම ලිපිය |
ශ්‍රී ලංකාවේ වනජීවීන් |
---|
පිළිබඳ ලිපි මාලාවක කොටසකි |
නිවර්තන දිවයිනක් වන ශ්‍රී ලංකාව මත්‍ස්‍ය, කකුළු, මොලුස්කා, සහ අනෙකුත් ජලජ කෘමීන් ඇතුළු විශාල ආවේණික සත්ත්ව ප්‍රජාවකට නිවහන සපයයි.
ශ්‍රී ලංකාව පුරා පැතිරී ඇති ගංගා,ඇල දොල,වැව්-පොකුණු ආදි පරිසර පද්ධති ආශ්‍රිතව මිරිදිය මසුන් ව්‍යාප්තව පවතී. වර්තමානය වන විට මිරිදිය මත්ස්‍ය විශේෂ 104 ක් පමණ ලංකාවෙන් සොයා ගෙන ඇත. එය 35.1% ක් පමණ වේ.විවිධ හේතුමත ලංකාවට හදුන්වා දුන් මසුන් හැර දේශීය මසුන් ගැන පමණක් සළකා බැලුවහොත් මෙම සංඛ්‍යාව 44.6% ක් වැනි ඉතා ඉහළ අගයක් ගනී. මේ අනුව පැහැදිළි වන්නේ ශ්‍රී ලංකාවට ඉතා පොහොසත් මත්ස්‍ය සම්පතක් පවතින බවය. එනමුදු වර්තමානයේ විවිධ හේතු මත ඔවුන්ගේ පැවැත්ම තර්ජනයට ලක්වී ඇත. ඇතැම් මත්ස්‍ය විශේෂ වඳවීයාමේ තර්ජනයටද ලක් වී ඇත. ශ්‍රී ලංකාවට ආවේනික මත්ස්‍යයකු වඳවීයාම තවත් අතකින් එම මත්ස්‍යයා මුළු ලෝකයෙන්ම තුරන්වීමකි.
හැඳින්වීම
[සංස්කරණය]ශ්‍රි ලංකාවේ මිරිදිය මසුන් අපට ප්‍රධාන කාණ්ඩ දෙකකට වෙන්කළ හැකිය.
- දේශීය විශේෂ (Indigenous)
- හදුන්වාදෙන ලද විශේෂ (Introduced)
දේශීය විශේෂ
[සංස්කරණය]- ශ්‍රී ලංකාවේ මිරිදිය පරිසරයේ ජීවත් වේ.
- ස්වාභාවිකව ජීවත් වෙමින් තම ජීවන චක්‍රය සම්පූර්ණ කර ගනී.
- ලංකාවේ ආවේණික මිරිදිය මසුන් මෙම ගණයට අයත් වේ.
- වසර ගණනක් හුදකලාවීමේ ප්‍රතිඵලයක් ලෙස මොවුන් පරිණාමණය වී ඇත.
හඳුන්වා දෙන ලද විශේෂ
[සංස්කරණය]- මැලේරියා මර්දන ව්‍යාපාරය යටතේ මදුරු කීටයන් ගිල දැමීමට හදුන්වා දුන් මසුන් ද මීට අයත් වේ.
උදා:- ගප්පි (Poecillia reticulata)
- ජලජ ජීවී වගාව සඳහා ප්‍රෝටීනමය අවශ්‍යතා සපුරා ගැනීමේ අරමුණින් හදුන්වා දුන් මසුන් විශේෂ වේ. උදා:-අප්‍රිකානු තිලාපියන්, ඉන්දියානු කාපයන්
- විසිතුරු මත්සයන් ඇති කරන්නන් විසින් මිරිදිය ජලාශ වලට මුදා හරිනු ලැබූ මත්ස්‍ය විශේෂ වේ. උදා:-මන්නයා (Notopterus chitala)
ශ්‍රී ලංකාවේ ප්‍රධාන මත්ස්‍ය විද්‍යාත්මක කලාප
[සංස්කරණය]1. නිරිත දිග කලාපය (South Western Province) - අත්තනගලු ඔය දෝණියේ සිට නිල්වලා ගංගා දෝණිය දක්වා තෙත් කලාපීය ප්‍රදේශ
2. මහවැලි කලාපය (Mahaweli Province) - මහවැලි ගංගා දෝණිය ඇතුලත් ප්‍රදේශය
3. වියළි කලාපය (Dry Zone Province) - ඉහත ප්‍රදේශ හැර ඉතිරි වියළි කලාපීය ප්‍රදේශ
මීට අමතරව 1 හා 2 කලාප අතර සංක්‍රමණ කලාපයක් ද හදුනාගෙන ඇත.
විශේෂ නාමාවලිය
[සංස්කරණය]වර්ගය: Actinopterygii
මිරිදිය මසුන් භෞතවිද්‍යාත්මකව කරදිය සහ කිවුල්දිය මත්ස්‍යයන්ගෙන් වෙනස් වේ. අඩු ලවණතාව සහ ඉහළ ආස්‍රැත පීඩනය එම වෙනසට හේතු වී ඇත. නමුත් මෙම පරිසර පද්ධති ත්‍රිත්වයේම ජීවත් විය හැකි මත්ස්‍යා විශේෂ කිහිපයක් ද ඇත.
ශ්‍රී ලංකාවේ දැනට මිරිදිය මත්ස්‍ය විශේෂ 95ක් පමණ හමුවන අතර, ඉන් 53 දෙනකු ආවේණික ය. ශ්‍රී ලංකාවෙන් හඳුනාගත් මත්ස්‍ය විශේෂ අතුරින් 41% පමණ මිරිදියෙහි පමණක් හමුවේ. එම මත්ස්‍යයන්ගෙන් 70% පමණම මෙරටට ආවේණික ය. ඉන් බොහෝමයක් විශේෂ වඳවී යාමේ තර්ජනයට මුහුණ පා ඇති අතර IUCN ප්‍රවර්ග යටතට ඇතුළත් කොට ඇත. 2017දී බටුවිට ඇතුළු පිරිස් විසින් Devario විශේෂ හතරක් හඳුන්වා දුන් නමුත් එහි වර්ගීකරණය සහ විස්තර මතභේදාත්මක යැයි සෙසු දේශීය මත්ස්‍ය විද්‍යාඥයෝ පවසති.[1]
සටහන: හඳුන්වා දුන් මත්ස්‍ය විශේෂ මෙහි ඇතුළත් නොවේ. ඒ සඳහා ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් මත්ස්‍යයින් ලැයිස්තුව බලන්න.
මිරිදිය ආඳන්
[සංස්කරණය]ගෝත්‍රය: Anguilliformes. කුලය: Anguillidae
මෙම කුලයට අයත් විශේෂ 19ක් සහ උපවිශේෂ 6ක් හඳුනාගෙන ඇති අතර ඒ සියල්ලන්ම Anguilla ගණයට ඇතුළත් කොට ඇත. ශ්‍රී ලංකාවෙන් මිරිදිය ආඳන් විශේෂ 2ක් හමුවේ.
නම | ද්වීපද නාමය | තත්ත්වය |
---|---|---|
පොල් මල් ආඳා Mottled Eel |
Anguilla nebulosa | |
කළු ආඳා Shortfin Eel |
Anguilla bicolor |
කාපයන් සහ පෙතියන්
[සංස්කරණය]ගෝත්‍රය: Cypriniformes. කුලය: Cyprinidae මෙම කුලයට අයත් ගණ 320කට අධික සංඛ්‍යාවක් සහ විශේෂ 3,250කට අධික සංඛ්‍යාවක් ලෝකයෙන් හමුවේ. ශ්‍රී ලංකාවෙන් විශේෂ 52ක් වාර්තා වී ඇත.
පොදු නාමය | ද්වීපද නාමය | තත්ත්වය |
---|---|---|
ගංගිලියා Attentive carplet |
Amblypharyngodon melettinus | |
දංකොළ පෙතියා Sinhala barb |
Dawkinsia singhala | ආවේණික |
මල් පෙතියා Blotched filamentous barb |
Dawkinsia srilankensis | ආවේණික |
රත් කයිලයා Giant danio |
Devario aequipinnatus | |
නතාලි සාලයා | Devario annnataliae | මතභේදාත්මක තක්සෝනය |
දංකොළ සාලයා Malabar danio |
Devario malabaricus | |
කිතුල්ගල සාලයා | Devario micronema | මතභේදාත්මක තක්සෝනය |
අග්‍රා සාලයා | Devario monticola | මතභේදාත්මක තක්සෝනය |
පතිරණ සාලයා Barred danio |
Devario pathirana | |
Devario udenii | මතභේදාත්මක තක්සෝනය | |
රැවුල් දණ්ඩියා Flying barb |
Esomus thermoicos | |
ගල් පාඬියා Ceylon Logsucker |
Garra ceylonensis | ආවේණික |
පිලිප්ගේ ගල්
පාඬියා Philipps' Garra |
Garra phillipsi | ආවේණික |
හොර දණ්ඩියා Glow-light Carplet |
Horadandia atukorali | |
හිරි කනයා | Labeo heladiva | ආවේණික |
ගඩයා Green labeo |
Labeo fisheri | ආවේණික |
තඹලයා Red fin labeo |
Labeo lankae | ආවේණික |
දුම්බර කර-ඇදයා Knuckles Laubuca |
Laubuca insularis | ආවේණික |
ලංකා කර-ඇදයා Blue Laubuca |
Laubuca lankensis | ආවේණික |
රුහුණු කර-ඇදයා Ruhuna Laubuca |
Laubuca ruhuna | ආවේණික |
වරුණ කර-ඇදයා Varuna Laubuca |
Laubuca varuna | ආවේණික |
Scarlet banded barb | Puntius amphibius | |
ඉපිලි කඩයා Red-side barb |
Puntius bimaculatus | |
Swamp barb | Puntius chola | |
බිම් තොල්ලා Long-snouted barb |
Puntius dorsalis | |
කාමලිකා පෙතියා Kamalika's barb |
Puntius kamalika | ආවේණික |
රතු-වරල් පෙතියා Kelum's barb |
Puntius kelumi | ආවේණික |
ලේ තිත්තයා Cherry barb |
Puntius titteya | ආවේණික |
බණ්ඩි තිත්තයා Greenstripe barb |
Puntius vitattus | |
බන්දුල පෙතියා Bandula barb |
Pethia bandula | ආවේණික |
කහ-වරල් දෙපුල්ලියා Two-spot barb |
Pethia cumingii | ආවේණික |
දෙපුල්ලියා Tic-tac-toe Barb |
Pethia melanomaculata | ආවේණික |
බුලත් හපයා Black ruby barb |
Pethia nigrofasciata | ආවේණික |
රතු-වරල් දෙපුල්ලියා Red-fined Barb |
Pethia reval | ආවේණික |
Stoliczkae's barb | Pethia stoliczkana | |
තිත් පෙතියා Ticto barb |
Pethia ticto | |
රක්වාන දණ්ඩියා Amith's rasbora |
Rasbora armitagei | ආවේණික |
කාවේරි දණ්ඩියා Cauvery rasbora |
Rasbora caverii | |
Slender rasbora | Rasbora daniconius | ආවේණික |
විල්පිට දණ්ඩියා Wilpita rasbora |
Rasbora wilpita | ආවේණික |
Rasboroides nigromarginatus | ආවේණික | |
හල්මල් දණ්ඩියා | Rasboroides pallidus | ආවේණික |
Rasboroides rohani | ආවේණික | |
හල්මල් දණ්ඩියා Pearly Rasbora |
Rasboroides vaterifloris | ආවේණික |
අසෝක පෙතියා Asoka barb |
Systomus asoka | ආවේණික |
දුම්බර පෙතියා Martenstyn's barb |
Systomus martenstyni | ආවේණික |
හීත මස්සා Side-striped barb |
Systomus pleurotaenia | ආවේණික |
මස් පෙතියා Olive barb |
Systomus sarana | |
මස් පෙතියා | Systomus spilurus | ආවේණික |
තිඹිරි පෙතියා Timbiri Barb |
Systomus timbiri | ආවේණික |
ලෙහෙල්ලා Deccan Mahseer |
Tor khudree |
ගං ඇහිරාවන්
[සංස්කරණය]කුලය: Balitoridae
පොදු නම | ද්වීපද නාමය | තත්ත්වය |
---|---|---|
පොල් ඇහිරාවා Banded Mountain Loach |
Acanthocobitis urophthalma | ආවේණික |
රක්වාන ඇහිරාවා Hill country Loach |
Schistura madhavai | ආවේණික |
පුවක් බඩිල්ලා Spotback Loach |
Schistura notostigma | දේශීය |
නාකියාදෙණිය ඇහිරාවා | Schistura scripta | ආවේණික |
සත්‍ය ඇහිරාවන්
[සංස්කරණය]කුලය: Cobitidae
පොදු නාමය | ද්වීපද නාමය | තත්ත්වය |
---|---|---|
පුල්ලි ඇහිරාවා Spotted loach |
Lepidocephalichthys jonklaasi | ආවේණික |
වයිරන් ඇහිරාවා Common spiny loach |
Lepidocephalichthys thermalis |
අංකුට්ටන්
[සංස්කරණය]ගෝත්‍රය: Siluriformes. කුලය: Bagridae
නම | ද්වීපද නාමය | තත්ත්වය |
---|---|---|
කුරු අංකුට්ටා Dwarf catfish |
Mystus ankutta | ආවේණික |
පත් අංකුට්ටා Gangetic mystus |
Mystus cavasius | |
මාන අංකුට්ටා Long Whiskers catfish |
Mystus gulio | |
කහ අංකුට්ටා Yellow catfish |
Mystus keletius | |
ඉරි අංකුට්ටා Striped dwarf catfish |
Mystus vittatus |
වලයන් හා වලපොත්තන්
[සංස්කරණය]කුලය: Siluridae
නම | ද්වීපද නාමය | තත්ත්වය |
---|---|---|
වලපොත්තා | Ompok argestes | Endemic |
වලපොත්තා Butter catfish |
Ompok bimaculatus | |
වලපොත්තා | Ompok ceylonensis | Endemic |
වලයා Wallago |
Wallago attu |
මගුරන්
[සංස්කරණය]කුලය: Clariidae
නම | ද්වීපද නාමය | තත්ත්වය |
---|---|---|
මගුරා Walking catfish |
Clarias brachysoma | ආවේණික |
හුංගන්
[සංස්කරණය]කුලය: Heteropneustidae
නම | ද්වීපද නාමය | තත්ත්වය |
---|---|---|
හුංගා Asian big catfish |
Heteropneustes fossilis |
වගුරු ආඳන්
[සංස්කරණය]ගෝත්‍රය: Synbranchiformes. කුලය: Synbranchidae
නම | ද්වීපද නාමය | තත්ත්වය |
---|---|---|
දුඹුරු පොට්ට ආඳා Lesser swamp eel |
Monopterus desilvai | |
පොට්ට ආඳා Bengal swamp eel |
Ophisternon bengalense |
හඳයන්
[සංස්කරණය]ගෝත්‍රය: Cyprinodontiformes. කුලය: Aplocheilidae
නම | ද්වීපද නාමය | තත්ත්වය |
---|---|---|
උඩ හඳයා Ceylon killifish |
Aplocheilus dayi | ආවේණික |
ඉරි හඳයා Dwarf panchax |
Aplocheilus parvus | |
කලපු හඳයා Werners killifish |
Aplocheilus werneri | ආවේණික |
හැඳි හැඩයන්
[සංස්කරණය]කුලය: Adrianichthyidae
නම | ද්වීපද නාමය | තත්ත්වය |
---|---|---|
හැඳි හැඩයා Spotted ricefish |
Oryzias carnaticus | |
තිත් හැඩයා Indian ricefish |
Oryzias dancena |
සික්ලිඩයන්
[සංස්කරණය]ගෝත්‍රය: Perciformes. කුලය: Cichlidae
නම | ද්වීපද නාමය | තත්ත්වය |
---|---|---|
කහ කොරලියා Yellow |
Etroplus maculatus | |
කොරලියා Green chromide |
Etroplus suratensis |
කාවයියන්
[සංස්කරණය]කුලය: Anabantidae
නම | ද්වීපද නාමය | තත්ත්වය |
---|---|---|
කාවයියා Climbing perch |
Anabas testudineus |
ගුරාමින්
[සංස්කරණය]කුලය: Osphronemidae
නම | ද්වීපද නාමය | තත්ත්වය |
---|---|---|
තල්කොස්සා Ceylonese combtail |
Belontia signata | ආවේණික |
මල්පුළුට්ටා Ornate parasidefish |
Malpulutta kretseri | ආවේණික |
පුළුට්ටා Spike-tailed paradisefish |
Pseudosphromenus cupanus |
කනයන්
[සංස්කරණය]කුලය: Channidae
නම | ද්වීපද නාමය | තත්ත්වය |
---|---|---|
ගං ආරා Giant snakehead |
Channa marulius | |
පරඬැල් කනයා Dwarf snakehead |
Channa gachua | |
කොළ කනයා Ceylon snakehead |
Channa orientalis | ආවේණික |
මඩ කනයා Spotted snakehead |
Channa punctata | |
ලූලා Striped snakehead |
Channa striata |
යොන්නන්
[සංස්කරණය]කුලය: Belonidae
නම | ද්වීපද නාමය | තත්ත්වය |
---|---|---|
යොන්නා Wounded needle |
Xenentodon cancila |
නිදිමතයන්
[සංස්කරණය]කුලය: Eleotridae
නම | ද්වීපද නාමය | තත්ත්වය |
---|---|---|
Crazyfish | Butis butis | |
පුවක් බඩිල්ලා Dusky sleeper |
Eleotris fusca |
තෙලියන්
[සංස්කරණය]කුලය: Mastacembelidae
නම | ද්වීපද නාමය | තත්ත්වය |
---|---|---|
ගං තෙලියා Tire track eel |
Mastacembelus armatus | |
බටකොළ තෙලියා Sri Lanka spiny eel |
Macrognathus pentophthalmos |
වැලිගොව්වන්
[සංස්කරණය]කුලය: Gobiidae
නම | ද්වීපද නාමය | තත්ත්වය |
---|---|---|
බලි වැලිගොව්වා Large snout goby |
Awaous melanocephalus | |
මහ-ගං වැලිගොව්වා Tank goby |
Glossogobius giuris | |
වැලිගොව්වා Sharptail goby |
Oligolepis acutipennis | |
ගෙල රතු වැලිගොව්වා Red neck goby |
Schismatogobius deraniyagalai | |
ගල් වැලිගොව්වා Stone goby |
Sicyopterus griseus | |
මහ-ගල් වැලිගොව්වා Redtail goby |
Sicyopterus lagocephalus | |
තොල්-රතු වැලිගොව්වා Lipstick goby |
Sicyopus jonklaasi | ආවේණික |
මාර්ටෙන්ස්ටයින්ගේ වැලිගොව්වා Martenstyn's goby |
Stiphodon martenstyni | ආවේණික |
ආවේණික මසුන්ට අභියෝග
[සංස්කරණය]ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන්ගේ විවිධත්වය කලාපයේ අනිකුත් රට වලට වඩා ඉහල අගයක් ගත්තද, දිනෙන් දිනම මෙම විවිධත්වය අඩුවන බව පෙනේ. ශ්‍රී ලංකාවේ ආවේණික මසුන් ඇතුළු සියළු මිරිදිය මසුන්ට මෙම අභාග්‍යසම්පන්න ඉරණම උදා වී ඇත. මිනිසුන්ගේ ක්‍රියාකාරකම හේතුවෙන් වන ජීවීන් විනාශයට ලක්වීම ආවේණික මසුන්ගේ පැවැත්මට ද ඉතා අහිත කර ලෙස බලපානු ලබයි. ඒ ඔවුන්ගේ සීමා සහිත ව්‍යාප්තියට පාරිසරික වෙනස්වීම් අධි සංවේදි වන නිසාය. ආවේණික ජීවියකු ඔවුන්ගේ සීමා සහිත වාසස්ථානයෙන් වඳවී යාම ඔවුන් මුළු මිහිතලයෙන්ම වඳවීයාමකි.
ආවේණික මසුන්ට ඇති තර්ජන
[සංස්කරණය]වනාන්තර විනාශය
[සංස්කරණය]විශේෂයෙන්ම විවිධ වැවිළි භෝග වගාවන් හේතුවෙන් කදුකර වනාන්තර හා තෙත් කලාපීය වනාන්තර විශාල වශයෙන් විනාශ විය. වන ආවරණය ඉවත්වීම දිය පහර වියළීයාමට හේතු විය. ලංකාවේ ආවේණික මසුන්ට සෙවන ඉතා වැදගත් සාධකයක් වේ.
උදා:මල් පුළුට්ටා (Malpulutta Kretseri)
පතිරණ සාලයා (Danio pathirana)
කෟෂි රසායන භාවිතය ඉහළයාම
[සංස්කරණය]ආර්ථික භෝග වගාව හේතුවෙන් සෝදා පාළුව උග්‍රවිය. මේ නිසාවෙන් රසායන පොහොර භාවිතය එන්න එන්නම වැඩි විය. සෝදා පාළුව හේතුවෙන් රසායන පොහොර හා පළිබෝධනාශක ආදිය පහත් බිම් වල දිය පහර වලට එක්විය. මෙම තත්වය මිරිදිය මසුන්ට ඉතා අහිතකර ලෙස බලපානු ලබයි.
වගුරු බිම් විනාශය
[සංස්කරණය]නාගරීකරණයත් සමඟ වැඩිවන ජනගහනයේ ඉඩම් අවශ්‍යතාවන් සපුරාලීම සඳහා වගුරු බිම් රාශියක් ගොඩකිරීම වර්තමානයේ ඉතා සුලබව දක්නට ලැබේ. මෙම තත්වය වගුරු බිම් ආශ්‍රිතව ජීවත්වු මිරිදිය මසුන්ගේ ජීවන රටාවත්, පැතිරීමටත් ප්‍රබල තර්ජනයක් විය.
උදා: පොට්ට ආඳා, දෙපුල්ලියා
මැණික් ගැරීම
[සංස්කරණය]බොහොමයක් ආවේණික මසුන් ජීවත් වන්නේ පැහැදිලි පිරිසිදු දියපාර වලය. මැණික් ගැරීම නිසා රොන් මඩට හසුවන දියපාර බොර වේ. එය සංවේදී මසුන්ගේ ජලක්ලෝම අවහිරවීමෙන් ශ්වසන අපහසුතා ඇතිවී මිරිදිය මසුනට මාරාන්තික තත්වයක් උද්ගතවීම බොහෝ විට දක්නට ලැබේ. එසමන්ම බිත්තර මත රොන් මඩ තැන්පත්වීම ද අහිතකර වේ.
අපනයනය ආශ්‍රිත ක්‍රියාකාරකම්(ආර්ථික ක්‍රියාකාරකම්)
[සංස්කරණය]ලංකාවේ බොහොමයක් ආවේණික මිරිදිය මසුන් විවිධ වර්ණයන්ගෙන් යුක්ත වු අලංකාර මසුන් වේ. මේ නිසාවෙන් සුරතල් මසුන් වශයෙන් මොවුන්ට ඇති ඉල්ලුම දිනෙන් දිනම තීව්‍ර වේ. සුරතල් මසුන් අපනයනය සඳහා ස්වභාවික පරිසරයෙන් ඉවත් කිරීම; සීමිත ව්‍යාප්තියක් පෙන්වන මිරිදිය මසුන්ගේ ව්‍යාප්තියට අහිතකර තත්වයක් පෙන්නුම් කෙරේ.
උදා: බුලත් හපයා, ලේ තිත්තයා, දෙපුල්ලියා
දැනට සොයාගෙන ඇති දත්ත අනුව ආවේණික මසුන්ගෙන් 70%ක්ම අපනයනය කරන බවයි. ඇමරිකාව හා සිංගප්පූරුව ප්‍රධානතම ගැනුම්කරුවන් බවට පත්වී ඇත.
ආවේණික මසුන් සංරක්ෂණය
[සංස්කරණය]- කළු ගඟ හා කැළණි ගඟ ආශ්‍රිතව විශාල මිරිදිය මත්ස්‍ය ගහනයක් වේ. නමුත් මේ ආශ්‍රිතව සිදුවන නොයෙක් සංවර්ධන ව්‍යාපෘති මිරිදිය මසුන්ට හානිකර තත්වයක් උද්ගතකොට ඇත. මෙම තත්වය වලකාලීවට අනිකුත් ජලාශ්‍රිත ප්‍රදේශ වලට මෙම මත්සයින් බෝ කිරීම අතිශය වැදගත් වේ. මෙසේ තර්ජනයට ලක්වු මසුන් කීපදෙනෙක් නිදසුන් වශයෙන් දැක්විය හැකිය.
උදා: බන්දුල පෝතයා, පතිරණ සාලයා, මල් පෙතියා
- මසුන් සඳහා ආරක්ෂිත කලාප නම් කිරීමද වැදගත් වේ. මේ මගින් තර්ජනයට ලක්වු මසුන්ගේ පැවැත්ම තහවුරු කළ හැකිය.ලංකාවේ මුළු භූමි ප්‍රමාණයෙන් 12.2%ක් පමණ ආරක්ෂිත ප්‍රදේශ ලෙස නම් කර තිබේ. මින් තෙත් කලාපයේ ආරක්ෂිත ප්‍රදේශ ප්‍රමාණයෙන් 3.6% පමණ වේ. ඉතා සීමිත ව්‍යාප්තියක් දක්වන මිරිදිය මසුන් ඇති ප්‍රදේශ ආරක්ෂිත ප්‍රදේශ ලෙස නම් කිරීම මෙහිදී වැදගත් වේ.
- මිරිදිය මසුන් පිළිබඳව මහජනතාව දැනුවත් කොට මසුන් සංරක්ෂණයේ වැදගත්කම පිළිබඳව ඔවුන්ට අවබෝධ කරවීම ද වැදගත් වේ. මිරිදිය මත්ස්‍ය සංරක්ෂණයෙන් පරිසරයට, රටට,මිනිසාට ඇතිවන ප්‍රතිලාභ පිළිබඳව ඔවුන්ව දැනුවත් කරවිය යුතුය.
- මිරිදිය මසුන් සුරැකීමෙන් මිනිසාට ඇත්වන ආර්ථික ප්‍රතිලාභ කෙරේ මහජනතාවගේ අවධානය යොමු කරවිය යුතුය. පාරිසරික සංචාරක කර්මාන්තය යටතේ අත්කර ගතහැකි ප්‍රතිලාභ වේ. දුර්ලභ හා අලංකාරවු මසුන් දෙස්-විදෙස් සංචාරකයින්ට ප්‍රදර්ශනය කිරීමෙන් පාරිසරික සංචාරක කර්මාන්තය ගොඩනැංවිය හැකිය.
ආශ්‍රිත ග්‍රන්ථ
[සංස්කරණය]- ශ්‍රී ලංකාවට ආවේණික මිරිදිය මත්ස්‍යයෝ - ඉන්ද්‍රජිත් එන්.ගලප්පත්ති
- සිරිලක ආවේණික මිරිදිය මසුන් - එච්.ජී.සුජාන් මදුරංග
ආශ්‍රේයයන්
[සංස්කරණය]- ^ "A commentary on the taxonomic review of Sri Lankan Devario by Batuwita et al. 2017 (Teleostei: Danionidae)". biotaxa. සම්ප්‍රවේශය 28 February 2019.