විකිහවු

විකිපීඩියා වෙතින්
wikiHow
wikiHow's logo
wikiHow Main Page in October 2013
2018 මැයි මසදී විකිහවු මුල් පිටුව
වර්ගයපුද්ගලික
ප්‍රධාන කාර්යාලයපාලෝ අල්ටෝ, කැලිෆෝර්නියාව, එක්සත් ජනපදය
සමාගමේ පාඨය(න්)"We're trying to help everyone on the planet learn how to do anything. Join us."(අපේ අරමුණ ඕනෑම දෙයක් සිදුකරන ආකාරය කාහටත් කියා දීමයි. ඔබත් අප සමග එක්වන්න.)
වෙබ් අඩවියwikihow.com
ඇලෙක්සා ශ්‍රේණිගත කිරීමPositive decrease 205 (Mar 2018)[1]
ලියාපදිංචියඅනිවාර්ය නැති නමුත් පින්තූර උඩුගත කිරීම, අලුතින් සිදු වූ සංස්කරණ පරීක්ෂාව සහ ආරක්ෂිත පිටු සංස්කරණය වැනි ඇතැම් කාර්යයන් සඳහා අත්‍යවශ්‍ය වේ.
භාෂාවන්ඉංග්‍රීසි, ස්පාඤ්ඤ, ඕලන්ද, පෘතුගාල, ප්‍රංශ, ජර්මන්, ඉතාලි, චීන, රුසියානු, චෙක්, ජපන්, ඉන්දුනීසියානු, අරාබි, තායි, කොරියන්, වියට්නාම්, හින්දි
දියත් කළේජනවාරි 15, 2005; වසර 19 කට පෙර (2005-01-15)
දැනට තත්ත්වයක්‍රියාකාරී

විකිහවු (WikiHow) යනු විවිධ දේ සිදුකරන ආකාරය පිළිබඳ ව මගපෙන්වීම් (how-to guides) සහිත වෙබ් අඩවියක් වන අතර එය විකි ක්‍රමවේදය යටතේ ප්‍රජාවකගේ ස්වේච්ඡා දායකත්වයෙන් පවත්වාගෙන යනු ලැබේ.

2005 වසරේ දී අන්තර්ජාල ව්‍යවසායකයෙක් වන ජැක් හෙරික් විසින් ආරම්භ කළ මෙම වෙබ් අඩවිය ලෝකයේ සිටින සෑම අයකුටම ඕනෑම දෙයක් සිදුකරන ආකාරය ඉගෙනීමට හැකිවන පරිදි වඩාත් ම ප්‍රයෝජනවත් ප්‍රායෝගික උපදෙස් සැපයීම අරමුණු කරගනී.

සමාජ පරමාර්ථයක් උදෙසා ක්‍රියාකරන ලාභ ලබන ව්‍යාපාරයක් වශයෙන් පවත්වාගෙන යනු ලබන බැවින් විකිහවු යනු දෙමුහුන් සංවිධානයක් ලෙස හැඳින්විය හැක. විකිහවු යනු විවෘත කේත සහ විවෘත අන්තර්ගතය (open content) යන සංකල්පයන්ට අනුගත ව ක්‍රියාත්මක වන ව්‍යාපෘතියක් වෙයි. ඔවුන් විසින් වැඩිදියුණු කරගන්නා ලද මීඩියාවිකි මෘදුකාංගයේ අනුවාදය නොමිලේ නිදහස් කර ඇති අතර අන්තර්ගතය ද ක්‍රියේටිව් කොමන්ස් වරපතක් (BY-NC-SA) යටතේ සැපයෙයි.

2005 පෙබරවාරි වනවිට විකිහවුහි පැවති ලිපි සංඛ්‍යාව මිලියන 35.5 කි. මේ වනවිට 190, 000 කට අධික මගපෙන්වීම් ප්‍රමාණයක් එහි දක්නට ඇති අතර ලියාපදිංචි පරිශීලකයන් සංඛ්‍යාව මිලියන 1.6කි. 2010 අප්‍රේල් 11 වන දින How to Lose Weight Fast නම් විකිහවු ලිපිය නැරඹීම් මිලියන 5කට හිමිකම් කීවේ අඩවිය තුළ වැඩිම නැරඹීම් ලද ලිපිය බවට පත්වෙමිනි. How to Take a Screenshot in Microsoft Windows නම් විකිහවු ලිපිය දැනට අඩවියේ ඇති ජනප්‍රියම ලිපිය වෙයි. විකිහවු අඩවිය පවසන පරිදි හදිසි අවස්ථා දරුඋපත් 4ක් සාර්ථක ව සිදු වී ඇත්තේ ද විකිහවු ලිපියක වූ උපදෙස් පරිශීලනය නිසාවෙනි.

අඩවියේ ඉතිහාසය[සංස්කරණය]

2005 ජනවාරි 15 දින සෑම භාෂාවකින් ම සැපයෙන නිරවද්‍ය සහ කාලෝචිත උපදෙස් සහිත දැවැන්ත ප්‍රායෝගික මාර්ගෝපදේශ සංග්‍රහයක් බිහිකිරීමේ අරමුණින් ජැක් හෙරික් විසින් විකිහවු අඩවිය ආරම්භ කරන ලදී. විකිපීඩියාවට ප්‍රණාමය දැක්වීමක් වශයෙන් ඊට වසර 4කට පෙර 2001 වසරේදී විකිපීඩියාව ඇරඹූ දිනය වන ජනවාරි 15 දින එහි ද සමාරම්භක දිනය වශයෙන් තෝරාගන්නා ලදී. හෙරික් විකිහවු අඩවිය බිහිකිරීමට ආභාෂය ලැබුවේ ඊට පෙර 2004 දී ඔහු සහ ජෝෂ් හැනා සතු ව තිබූ තවත් ප්‍රායෝගික මගපෙන්වීම් සහිත වෙබ් අඩවියක් වූ eHow වෙබ් අඩවියෙනි. eHowහි ව්‍යාපාරික මොඩලය විසින් ඔහු අපේක්ෂිත අන්දමේ දැවැන්ත සහ ගුණාත්මක ප්‍රායෝගික මගපෙන්වීම් එකතුවක් බවට එය පත්වීම වැළකුණු බව ඔහු විසින් සමාලෝචනය කරන ලදී. 2006 වසරේදී එය විකුණා දමන ඔවුන් ඉන්පසු විකිහවු ගොඩනැගීමට සිය පූර්ණ අවධානය යොමු කළහ.

ක්‍රියාකාරිත්වය[සංස්කරණය]

විකිහවු අඩවිය විවිධ දේ සිදුකරන ආකාරය පිළිබද මගපෙන්වීම්වලින් සමන්විත වන අතර එහි ඇති සෑම ලිපියක් ම කවරෙකු විසින් වුව සංස්කරණය කිරීමට හැකි වෙයි. 2015 පෙබරවාරි වනවිට විකිහවුහි පැවති මගපෙන්වීම් ප්‍රමාණය 180 000කට අධික විය. සාමාන්‍යයෙන් විකිහවු ලිපියක් පියවර (steps), විශේෂ කරුණු (tips), අවවාද (warnings) සහ සපයාගත යුතු ද්‍රව්‍ය (things you need) යන අංගවලින් සමන්විත පොදු ආකෘතියක් අනුගමනය කරන අතර අදාල දෙය සිදුකරන ආකාරය කියවන්නියට පහසුවෙන් අවබෝධ කරගැනීමට හැකිවනු පිණිස සෑම පියවරකට ම පාහේ අදාල ව පින්තුර වලින්ද සමන්විත වේ.

විකිහවු වෙබ් අඩවිය සිය ලිපිවල අන්තර්ගතයට පාඨකයන් විසින් එකතුකිරීම් කිරීමෙන්, පවතින කරුණු මකා ඉවත්කිරීමෙන් සහ පවතින අන්තර්ගතය වැඩිදියුණු කිරීම තුළින් වඩාත් ගුණාත්මක ලිපි බිහිවීමට ඉඩ සලසනු වස් විකි ක්‍රමවේදය වහල් කරගනී. කිසියම් ලිපියක් ඇරඹී එහි ළදරු අවස්ථාවේ පවතින විට විකිහවු සංස්කාරක ප්‍රජාවේ සාමාජිකයෝ සිය සාමූහික දායකත්වය තුළින් එය වඩාත් ගුණාත්මක තැනට ගෙන එති. ලිපියකට කරන හැම නව සංස්කරණයක් ම විකිහවුහි සම්මත රීතිවලට එකඟද යනු විමසමින්ද අත්හදාබැලීමේ සහ විනාශකිරීමේ අරමුණින් කරන ලද සංස්කරණයන් ඉවතලමින්ද, සුදුසු පරිදි සංශෝධනයන් එක්කරමින්ද එහි ප්‍රජාව විසින් ඇගයීමකට ලක්කරනු ලබන අතර මෙය Recent Changes Patrol නමින් හැදින්වේ.

මෙහි ඇති Commmiunity Dashboard නම් ද්වාරය සංස්කරණ කටයුතු ඒකරාශී කරන මධ්‍යස්ථානය වශයෙන් හැදින්විය හැකි අතර එහි යතුරුලියන දෝෂ නිවැරදි කිරීමට අක්ෂර දෝෂ පරීක්ෂකයක් (Spell Checker), ලිපි සුදුසු ප්‍රවර්ගයට යොමු කිරීම පිණිස වර්ගීකාරකයක් (Categorizer), සහ ප්‍රමිතියෙන් අඩු ලිපි උචිත ශෛලිය සහ ආකෘතිය භාවිතා කරමින් නැවත ලිවීමට හෝ සංශෝධනයට කිරීමට Cleanup Greenhouse වැනි කාර්යක්ෂම සංස්කාරක යෙදවුම් කීපයක් ඇත.

මෙහි නව ලිපියක් ඇරඹූ විගස එය පාඨකයන්ට දිස් නොවන අතර නව ලිපි පරීක්ෂාවට ලක්කර සුදුසු ප්‍රමිතියට ළගා වන තුරු සෙවුම් යන්ත්‍ර ප්‍රතිඵලවලින් බැහැර වන පරිදි පෙරනිමි සකසා තිබීම ඊට හේතුවයි. මෙවැනි පිටු දැනට කියවීමට නොහැකි බව දන්වන පණිවිඩයක් සමග බොඳ කර තිබෙනු දැකිය හැකි ය. පළපුරුදු සංස්කාරකවරුන් අතින් මෙම ලිපි පරීක්ෂාවට ලක්කිරීම සහ සදුසු ප්‍රමිතියට ගෙන ඒම සිදු කරන අතර මෙම ක්‍රියාවලිය New Article Boost නමින් හැදින්වේ. ප්‍රමිති අවශ්‍යතා සපුරාලන ලිපි සමත් කෙරෙන (promoted) අතර එවිට ඒ මත ඇති බොඳවීම සහ දැන්වීම ඉවත්කර පරිශීලනයට ඉඩ සලසන අතර සෙවුම් යන්ත්‍ර ප්‍රතිඵලවල අන්තර්ගත කිරීමද කරනු ලැබේ. එමෙන්ම ප්‍රමිති අවශ්‍යතා සැපිරිය නොහැකි ලිපි අසමත් (demoted) කරන අතර එවිට ඒවා New Article Boost වෙතින් ඉවත් කර තවදුරටත් බොඳවීම සහ දැන්වීම පවත්වාගනු ලැබේ. කවටකම් කිරීම ඉළක්ක කරගත් ලිපි, අසභ්‍ය ස්වභාවයක් ගන්නා හෝ ද්වේශය පැතිරවීම අරමුණු කරගත් ලිපි සහ අසත්‍ය හෝ අසම්පූර්ණ උපදෙස් සපයන ලිපි වැනි මකාදැමීමට හේතුවන කරුණු (deletion policy) වශයෙන් හඳුනාගත් අන්තර්ගතයන් පවතින ලිපි සෘජුවම අසමත් කරනු ලැබේ.

බොහොමයක් විකි අඩවිවල ප්‍රතිපත්තියට සමාන ව විකිහවුහිද ලියාපදිංචිය අත්‍යවශ්‍ය නොවන අතර ගිණුමක් රහිත අයකුට වුවද ලිපියක් තැනීම සහ සංස්කරණය කිරීම කළ හැකි ය. විකිහවු අඩවිය අන්තර්ජාලය තුළ ළමුන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමේ පනතට (COPPA) අනුකූල ව කටයුතු කරන බැවින් විකිහවු තුළ ලියාපදිංචි වීමට අවම වශයෙන් වයස අවුරුදු 13 සපුරා තිබිය යුතු ය. ඊට පහළ වයසක් දක්වා ඇති හෝ ඒ බව හඳුනාගත් අයකුගේ ගිණුම් නවතා දැමීමට අඩවියෙහි පරිපාලකවරුන් (administrators) බැදී සිටින අතර ඔවුන්ගේ මව්පියන්ගෙන් හෝ නෛතික භාරකුරුවකු වෙතින් සහතික කිරීමේ ලිපියක් ලදහොත් පමණක් ගිණුම යළි සක්‍රීය කරනු ලැබේ. මිලියනයකට වැඩි පිරිසක් විකිහවුහි පරිශීලකයන් වශයෙන් ලියාපදිංචි වි ඇති අතර 13000කට වැඩි පිරිසක් මසකට විකිහවුහි සංස්කරණ සිදු කරති. මේ ස්වේච්ඡා සංස්කාරක ප්‍රජාව තමන් ව විකිහවුවරු (WikiHowians) යනුවෙන් හදුන්වා ගනිති. මොවුන් අතරින් නිරන්තරව සක්‍රීයව සිටින, පළපුරුදු සහ භාරදූරව හැසිරෙන්නියන් හට අඩවිය හැසිරවීම සහ සුරැකීම උදෙසා අමතර සංස්කරණ බලතල ප්‍රදානය කරනු ලැබේ. සංස්කරණ 300ක අවමයක් සැපිරූ සහ විකිහවු ප්‍රතිපත්ති පිළිබඳ අවබෝධතා පරීක්ෂණයක් සමත් වන අය හට පමණක් නව ලිපි ඇගයීමේ බලතල (new article boost rights) ප්‍රදානය කරනු ලබයි. ඔවුන්ට නව සංස්කරණ මෙවලමක් භාවිතයට හැකියාව ලැබෙන අතර එමගින් නව ලිපියක් පාඨක කියවීම පිණිස මුදාහැරීමට පෙර විකිහවු ප්‍රමිතතීන්වලට අනුගතද යන බව විමසීමට සහ සංස්කරණයට හැකි වෙයි. අත්දැකීම් බහුල, පරිණතව සහ අගති විරහිත ව කටයුතු කරන පරිශීලකයන්ට පරිපාලක ධූරයන් සදහා අයදුම් කළ හැකි අතර ඔවුන්ට විකිහවු අඩවියේ ආරක්ෂාව සහ සුබසිද්ධිය පිණිස විවිධ අභ්‍යන්තර මෙවලම් මෙහෙයවීමේ අවස්ථාව හිමිවෙයි.

ප්‍රජා සම්බන්ධීකරණය[සංස්කරණය]

විකිහවු විසින් වසරකට වරක්වත් පවත්වනු ලබන සම්මන්ත්‍රණය තුළින් සාමාජිකයන්ට එකිනෙකා පුද්ගලික ව දැන හදුනා ගැනීමට ඉඩ ලැබෙන අතර මෙම සම්මන්ත්‍රණ හමුවක් (meetups) ලෙස හැදින්වේ. සාමාජිකයන් කුඩා කණ්ඩායම් වශයෙන් තෝරාගත් නගරවල හමුවන මෙවැනි හමු සාමාන්‍යයෙන් කීපදිනක් පැවැත්වේ.

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "Wikihow.com Site Info". Alexa Internet. සම්ප්‍රවේශය 2016-10-19.

අඩවියෙන් බැහැර පිටු[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=විකිහවු&oldid=510361" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි