පෞද්ගලිකත්වයේ නීතිය

විකිපීඩියා වෙතින්
tiny globe

පෞද්ගලිකත්වයේ නීතිය පුද්ගලයෙකු සතු පෞද්ගලිකත්ව අයිතිවාසිකම් ආරක්ෂා කිරීම ට අවධානය යොමු කරනු ලබන නීතිය යි. බොහෝ රටවල් පෞද්ගලිකත්වය තනි පුද්ගල අයිතිවාසිමක් මිස ආයතනික අයිතිවාසිකමක් ලෙස නොසලකන බව අර්ථ දැක්වීවෙන් ම පෙනී යයි. රජයන් සහ වෙනත් සංවිධාන විවිධ අරමුණු සඳහා පුද්ගල තොරතුරු රැස්කර තබා ගනී. පෞද්ගලිකත්ව නීතිය මඟින් එම ආයතන විසින් මෙවැනි තොරතුරු එක්රැස් කිරීමට සහ භාවිතා කිරීමට සීමාවන් පනවයි. මූලික පෞද්ගලිකත්ව මූලධර්මයන් ලොව පුරා බොහෝ පෞද්ගලිකත්ව නීති සඳහා පදනම් වී ඇත්තේ සාධාරණ ලෙස තොරතුරු භාවිත කිරීමේ මූලධර්මයන වේ. එම මූලධර්මයන් වන්නේ විවෘතභාවය පෙද්ගලික තොරතුරු භාවිතයන් සහ මූලධර්මයන් ගේ විවෘතභාවය පිළිබඳ මූලික ප්‍රතිපත්තියක් තිබිය යුතුය. සාමාන්‍යයෙන් පෞද්ගලිකත්ව මූලධර්මයන් ප්‍රකාශයට පත්කිරීම මෙහි ප්‍රතිථලයයි. තොරතුරු එකරැස් කිරීම සීමා කිරීම පුද්ගලික තොරතුරු රැස්කර ගත හැකි වන්නේ සඳහන් කරන ලද අරමුණක් සඳහා නෛතික සහ සාධාරණ අන්දමින් සහ දැනුවත්බවකින් සහ ඒ සඳහා කැමැත්ත ඇතුවය. මෙම මූලධර්මය අනුව පුද්ගලයෙකුට ඒ සඳහා එකඟ වීම සහ එකඟ නොවීම තීරණය කල හැකිය. විශේෂිත අරමුණ පුද්ගලික තොරතුරු එක රැස්කර ගන්නා අවස්ථාවේදී ම එහි අරමුණ කුමකි ද යන්න පැහැදිලි කල යුතුය. එ මඟින් එම තොරතුරු ඒ අරමුණු වලින් පරිබාහිර ව තව දුරටත් භාවිතය සීමාකෙරේ. උදා. වෙළඳ හවුල්කරුවන් සමඟ ගනුදෙනු වල දී හෝ පුවත් පත්‍රිකා හෝ අමතර නිෂ්පාදන තොරතුරු යැවීම අවස්ථා වල දී එකඟත්වය පල කල විට ඒ සඳහා සඳහන් කරන ලද අරමුණ දැක්විය යුතුය. භාවිතයේ සීමා පුද්ගලික තොරතුරු දක්වන ලද අරමුණ හැරෙන්න ට වෙනත් අරමුණු සඳහා එම තැනැත්තාගේ අවසරය සහ නීතියේ අවසරය ඇතිව පමණක් යොදා ගත යුතුය. පුවත් පත්‍රිකාවක් යැවීම සඳහා ලබාගත් විද්්‍යුත් ලිපිනය අමතර නිෂ්පාදන තොරතරු යැවීම එම තැනැත්තාගේ අවසරය නොමැති ව නොකල යුතුය. තොරතුරු වල තත්වය පුද්ගලික තොරතුරු නිවැරදි, සම්පූර්ණ, කාලානුරූපී සහ එවා භාවිතයේ අරමුණ සඳහා අදාළ විය යුතුය. මෙය සෞඛ්‍යාරක්ෂක තීරණ සහ මූල්‍යයමය තීරණ වැනි තීරණාත්මක තීන්දු ගන්නා ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ඉතා වැදගත් මුලධර්මයක් වන අතර විශ්වාස කළ හැකි තොරතුරු පමණක් එම අරමුණු සඳහා භාවිතා කළ යුතුය. තනි පුද්ගල සහභාගීත්වය සෑම තොරතුරක් මඟින් ම ඉතා වැදගත් තීරණ වලට එළඹෙන නිසා තම පුද්ගලික තොරතුරු පරීක්ෂා කිරීම සහ ඒවා නිවැරදි කිරීම ට සෑම පුද්ගලයෙකුටම අයිතියක් ඇත. පුද්ගලික තොරතුරු නැති වීම, බලය නොලත් ප්‍රවේශය, විනාශ කිරීම, වෙනස් කිරීම සහ හෙළි කිරීම වැනි අවධානම් වලින් ආරක්ෂා කර ගත යුතුවේ. ආයතනයේ පුද්ගලික ප්‍රතිපත්ති වලට අනුකූලව ආයතනයේ කවුරුන් හෝ මේ සම්බන්ධයෙන් වග කිව යුතුය.


සටහන්[සංස්කරණය]

Privacy law
"https://si.wikipedia.org/w/index.php?title=පෞද්ගලිකත්වයේ_නීතිය&oldid=471525" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි