Jump to content

වම්-දකුණු දේශපාලන ප්‍රේක්ෂාවලිය

විකිපීඩියා වෙතින්

වම්-දකුණු දේශපාලන ප්‍රේක්ෂාවලිය යනු සමාජ සමානාත්මතාව හා සමාජ ධූරාවලි මත පදනම්ව නොයෙක් දේශපාලනික ආස්ථාන, දේශපාලනික දෘෂ්ටිවාද සහ දේශපාලනික පක්ෂ වර්ගීකරණය කිරීමේ ක්‍රමයකි. වාමාංශික සහ සහ දක්ෂිණාංශික ආස්ථාන වලට අමතරව, මධ්‍යස්ථ ආස්ථානද පවතී.

මෙවැනි ප්‍රේක්ෂාවලියක සාමාන්‍යයෙන් වාමාංශික දේශපාලනය සහ දක්ෂිණාංශික දේශපාලනය එකිනෙකට ප්‍රතිවිරුද්ධ ලෙස නිරූපනය කෙරෙයි. එහෙත්, ඇතැම් පුද්ගලයෙක් හට යම් කාරණාවක් පිළිබඳ වාමාංශික ස්ථාවරයක්ද, වෙනත් කාරණාවක් පිළිබඳව දක්ෂිණාංශික ස්ථාවරයක් ද තිබිය හැක. එමෙන්ම, ඇතැම් ස්ථාවරයන් වම සහ දකුණ අතර අතිච්ඡාදනය විය හැක. නූතනයේදී දේශපාලන ප්‍රේක්ෂාවලිය අනුරූපණය කරන විට, තිරස් අක්ෂයේ වම සහ දකුණ මගින් ආර්ථික ප්‍රතිපත්ති නිරූපනය කෙරෙන අතර, සිරස් අක්ෂයේ ඉහළ සහ පහළ මගින් සමාජීය ප්‍රතිපත්ති (ස්වාධීනතාවාදී සහ ඒකාධිපතිවාදී) නිරූපනය කෙරෙයි.