ලිංෂාන්හි දැවැන්ත බුද්ධ ප්‍රතිමාව

විකිපීඩියා වෙතින්
දැවැන්ත බුද්ධ ප්‍රතිමාව සය පියගැට 217; වුක්සි

ඛණ්ඩාංක: 31°25′55″N 120°5′29″E / 31.43194°N 120.09139°E / 31.43194; 120.09139 ලිං ෂාන්හි දැවැන්ත බුද්ධ ප්‍රතිමාව (සරල චීන: 灵山大佛; සම්ප්‍රදායික චීන: 靈山大佛; පින්යින්: Língshān Dà Fó) යනුවෙන් හැඳින්වෙන්නේ මහජන චීන සමූහාණ්ඩුවේ ජියාංසු පළාතේ, වුක්සි නගරයේ, මාෂන් අසල පිහිටි ලොංෂාන් කන්දේ දකුණු පෙදෙසෙහි පිහිටි දැවැන්ත බුද්ධ ප්‍රතිමාවකි. මෙම ප්‍රතිමාව චීනයේ මෙන්ම ලෝකයේ ද පිහිටි විශාලතම බුද්ධ ප්‍රතිමාවන්ගෙන් එකක් ලෙස සැලකේ.

මීටර 88කට වඩා උසැති මෙම ලිං ෂාන්හි මහා බුද්ධ ප්‍රතිමාව අමිතාභ බුදුන් වහන්සේ නිරූපිත ලෝකඩ හිටි එළිමහන් බුද්ධ ප්‍රතිමාවකි. එහි බර ටොන් 700කට අධික ය. මෙය සාදා නිමකෙරුණේ 1996 අගකාලයේ ය.

2008දී, මෙම දැවැන්ත බුද්ධ ප්‍රතිමාවේ ගිනිකොන දෙසින් "පංච-මුද්‍රා" මාලිගයක් සහ බ්‍රහ්ම මාලිගයක් ඉදිකෙරිණි.

ගැලරිය[සංස්කරණය]

මේවාත් බලන්න[සංස්කරණය]

බාහිර සබැඳි[සංස්කරණය]

සැකිල්ල:Jiangsu topics