රාවන්

විකිපීඩියා වෙතින්
රාවන්
සිනමාහල් ප්‍රවර්ධන පෝස්ටරයක්
අධ්‍යක්‍ෂණයමණි රත්නම්
රචනයවිජේ ක්‍රිෂ්ණා ආචාර්ය
(දෙබස්)
තිර රචනයමණි රත්නම්
නිශ්පාදනයමනි රත්නම්
ශාරදා ත්‍රිලෝක්
රංගන ශිල්පීන්වික්‍රම්
අභිෂේක් බච්චන්
අයිෂ්වර්යා රායි
ගෝවින්දා
රවි කිෂාන්
නිඛිල් ද්විවේදි
තේජස්විනී කොල්හාපුරේ
ප්‍රියාමණි
සිනෙමාරූපණයසන්තෝෂ් සිවන්
වී. මණිකන්ඩන්
සංස්කරණයඒ. ශ්‍රීකර් ප්‍රසාද්
සංගීතයඒ. ආර්. රහ්මාන්
Production
company
බෙදාහැරීමරිලයන්ස් බිග් පික්චර්ස්
සෝනි පික්චර්ස්
අයන්ගාරන් ඉන්ටර්නැෂනල්
නිකුත්වූ දිනය
  • 18 ජුනි 2010 (2010-06-18)
තිර කාලය
මිනිත්තු 131[1]
රටඉන්දියාව
භාෂාවහින්දි
පිරිවැයINR300 මිලියන (US$4.7 මිලියන)[2]
ආදායමINR286 මිලියන (US$4.5 මිලියන)[3]

රාවන් යනුවෙන් හැඳින්වෙන්නේ 2010 ඉන්දියානු හින්දි වීරකථා වික්‍රමාන්විත චිත්‍රපටයකි. මෙහි සම-රචනය, සම-නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය සිදුකරන ලද්දේ මණි රත්නම් විසිනි. මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරනු ලබන්නේ අභිෂේක බච්චන්, අයිෂ්වර්යා රායි සහ වික්‍රම් විසිනි. තව ද මෙහි ප්‍රධාන සහාය චරිත ගෝවින්දා, රවි කිෂාන්, නිඛිල් ද්විවේදි, තේජස්විනී කොල්හාපුරේ සහ ප්‍රියාමණි විසින් නිරූපණය කරන ලදී. මෙම චිත්‍රපටය වික්‍රම්ගේ බොලිවුඩ් ආගමනය සනිටුහන් කළේ ය. මඳක් වෙනස් නළු කැළක් සමගින් මෙහි දෙමළ ප්‍රභේදය රාවණන් යන නාමය ඔස්සේ මේ හා සමගාමීව මුදාහැරිණි. එය තෙලිඟු[4] සහ වෙනත් ප්‍රාදේශීය භාෂාවන්ට හඬකැවිණි. චිත්‍රපටයේ ස්වර ලිපි සහ නාදපථය නිමවන ලද්දේ ඒ. ආර්. රහ්මාන් විසිනි.[5][6] 2010 ජූනි 18 දින මෙම චිත්‍රපටය මුදාහැරිණි. එහි මංගල දර්ශනය 2010 ජූනි 16 දින ලන්ඩනයේ දී පැවැත්විණි.[7]

කථාපුවත[සංස්කරණය]

කොල්ලකරුවකු වන බීරා මුණ්ඩා ගල්කුලක සිට ජලයට පනියි. ඔහුගේ කල්ලිය විසින් පොලීසිය නොමග යවන අතර, පොලිස් වාහන ගිනිතබනු ලැබෙයි. බෝට්ටු සවාරියක නිරතව සිටින රාගිනී ෂර්මාව බීරා විසින් පැහැරගැනෙයි. ඇගේ සැමියා වන දේව් ප්‍රතාප් ෂර්මා පොලිස් අධ්‍යක්ෂකවරයකු වන අතර, ඔහුට ඇගේ පැහැරගැනීම පිළිබඳ ආරංචි වේ.

ප්‍රාදේශීය පුවත්පතක බීරාගේ කථාව පලවෙයි. මෙහි ඔහුව දක්වා ඇත්තේ සිය සොහොයුරන් වන මංගල් සහ හරියා සමගින් විකල්ප රජයක් ගෙනයන ප්‍රාදේශීය වීරයකු ලෙසයි. නමුත් පොලීසිය විසින් ඔහුව ත්‍රස්තවාදියකු ලෙස සලකයි. ඔහු රාගිනීව පැහැරගන්නේ සිය සොයුරිය වන ජමුනියාගේ මරණයේ පලිය ගැනීමටයි. කොල්ලකරුවන්ගේ ග්‍රහණයේ දී මියයාමට අකමැති රාගිනී ගිරි කුලකින් බිමට පනියි. නමුත් ඇගේ දිවි බේරෙන අතර, බීරා ඇයව මරා නොදමන්නේ මරණයට බිය නොමැති අයකු මරාදැමීම නිෂ්ඵල යැයි සිතන හෙයිනි.

දේව් සහ ඔහුගේ කණ්ඩායම වනාරක්ෂකයකු වන සංජීවනී කුමාර්ගේ සහාය ඇතිව වනාන්තරයට පිවිසෙයි. නමුත් ඔවුනට බීරා සොයාගත නොහැකි වේ. දේව් නොමැති අවස්ථාවේ පොලිස් කූඩාරම් තුළට ඇතුළු වන බීරා සහ මංගල්හට දේව්ගේ සහායක, කනිෂ්ඨ පරීක්ෂක ‍හේමන්ත් හමුවේ. ඔවුන් හේමන්ත්ව පැහැරගෙන ගොස් ඔවුන්ගේ රහසිගත තිප්පොළෙහි වළදමන්නේ හිස පමණක් පොළව මතුපිට ඉතිරිවන සේ ය.

මේ අවස්ථාවේ රාගිනී හේමන්ත්ව සොයාගන්නා අතර, මෙවැනි අමානුෂික ක්‍රියා පිළිබඳ ඇය බීරා සහ මංගල්ට දෝෂාරෝපණය කරයි. බීරා සිය සොයුරිය‍ගේ මරණය පිළිබඳ පුවත ඇයට හෙළිකරයි; දේව් විසින් ජමුනියාගේ විවාහ මංගල දිනයේ බීරාට එරෙහිව සටනක් දියත් කර ඇත. දේව්ගේ වෙඩි ප්‍රහාරයෙන් බීරා‍‍ගේ ගෙලට මඳක් තුවාල සිදුවිය. බීරා පලාගියේය. නමුත් හේමන්ත් විසින් ජමුනියාව පොලිස් ස්ථානය වෙත රැගෙන යන ලදී. මුළු රාත්‍රිය පුරාම ඇය පොලිස් භාරයේ පසුවූ අතර, ඇය බීරාගේ තොරතුරු හෙළි කිරීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් පොලිස් නිලධාරීහු ඇයව කෲර ලෙස දූෂණයට ලක්කළහ. ඊළඟ දිනයෙහි, අසල ඇති ළිඳකට පැන ඇය සියදිවි හානි කරගත්තා ය. බීරාගේ කථාව අසන රාගිනීට ඔහු පිළිබඳ අනුකම්පාවක් ඇතිවේ. මේ දෙදෙනා තුළ එකිනෙකා කෙරෙහි හැඟීම් වැඩෙමින් පවතියි. බීරා සිය හැඟීම් රාගිනීට විවෘතව ප්‍රකාශ කරයි. නමුත් රාගිනී සිය සිතිවිලි සඟවා ගනිමින්, තමන් තවමත් දේව්ට කැපවූ බව මවාපාන්නට තැත් කරයි.

රාගිනී සඟවා තිබෙන ස්ථානය වෙත පැමිණෙන සංජීවනී කුමාර් ඇයට දේව් ඇයව සොයන බව පවසයි. නමුත් එතැනට පැමිණෙන මංගල් සංජීවනීව අල්ලා‍ගනියි.සිරකරුවකු ලෙස ඔහුව බීරා ඉදිරියට ගෙනයනු ලැබෙයි. ඔහු පවසන්නේ රාගිනීව දේව්ට භාරදිය යුතු බවයි‍. නොඑසේනම් ඔහුගේ ජනතාව විනාශ වනු ඇතැයි ඔහු පවසයි. බීරා මෙය නොසැලකිලිමත් අයුරින් ප්‍රතික්ෂේප කරයි.

හරියා බීරාහට පවසන්නේ දේව් සමග තාවකාලික යුධ විරාමයක් ප්‍රකාශයට පත්කළ යුතු බවයි. අනතුරුව ඔහු සංජීවනී සමග ඔහුගේ කඳවුර වෙත යයි. මුලින් දේව් එයට එකඟවුව ද, හරියා පිටතට පැමිණි විගස දේව් ඔහුව මරාදමයි. බීරාගේ විනාශය ඔහුට සිය භාර්යාවටත් වඩා වටිනා බව ඉන් අනාවරණය වේ.

සිය සොහොයුරාගේ මරණයෙන් කෝපයට පත්වන බීරා පොලිස් කූඩාරම්වලට ගිනි තබා ගරිල්ලා ප්‍රහාරයක් එල්ල කරයි. අවසානයේ බීරා සහ දේව් මුහුණට මුහුණ මුණගැසෙන්නේ පැරණි කඳුකර පාලමක් මතදීයි. දේව් කෝපාවිෂ්ටව සටන් වැදුණ ද, බීරා උපායශීලී අයුරින් ඔහුව මඟහරියි. බීරා දේව්ව මරණයෙන් මුදාගන්නේ ඔහුගේ බිරිඳ ඔහු වෙනුවෙන් බලාසිටින හෙයිනි. බීරා විසින් රාගිනීව නිදහස් කරන අතර, දේව් සහ රාගිනී යළි එක්වේ. කෙසේනමුත් බීරා නොපෙනී යන විට දේව් කෑමොර දෙමින් තමන් යළි පැමිණ ඔහුව විනාශ කරන බවට සපථ කරයි.

නැවත නිවස බලා යන අතරතුර, රාගිනීගේ පතිවත පිළිබඳ සැක කරන දේව් තමන්ට එය පැවසූයේ බීරා බව කියාසිටියි. කෝපයට පත්වන රාගිනී ඔහුව හැරදමා මංගල් මාර්ගයෙන් බීරා හමුවීමට යයි. කෙසේනමුත්, ඔවුහු දේව් පැවසූයේ මුසාවක් බව වටහා ගනිති. දේව් මෙම උපායය යොදා තිබූයේ රාගිනී තමන් හැර දමා බීරාගේ රහස් තිප්පොළ වෙත යනු ඇතැයි සිතා ය. මේ අතර පොලිස් කණ්ඩායමක් සමග දේව් පෙනී සිටින්නේ බීරාට සිය සපථය සිහිගන්වමිනි. ඔවුහු බීරාට වෙඩිතබන්නට ඉලක්කය ගෙන සිටිති. නමුත් රාගිනී ඒ ඉදිරියට පැමිණෙන්නේ බීරාව මුදාගැනීමටයි. නමුත් බීරා ඇයව තල්ලු කොට වෙඩි ප්‍රහාරය පිළිගනියි. උණ්ඩ ගණනාවක් ඔහුගේ සිරුර වෙත කිඳාබසියි. රාගිනී සිය දිවිය දෙවෙනි කොට බීරාව රැකගැනීමට ඉදිරිපත් වූ අවස්ථාවේ ඇගේ සැබෑ හැඟීම් අනාවරණය වේ. ඇය තමන් පිළිබඳ සිතන බව වටහාගන්නා බීරා සිනහමුසු මුහුණින් යුතුව කඳුගැටයෙන් පහතට ඇදවැටෙන්නේ මරණය වැළඳ ගනිමිනි.

චරිත නිරූපණය[සංස්කරණය]

නිෂ්පාදනය[සංස්කරණය]

මෙහි රූගත කිරීම් අතිරප්පිල්ලි ඇල්ල සහ ඒ අසල වනාන්ත‍රයේ දී ඇරඹිණි. 2008 ඔක්තෝබර් අවසානය වන විට, කාර්ය මණ්ඩලය විසින් දැවැන්ත පසුතලයක් නිර්මාණය කරන ලදී. රූගත කිරීම්වල දී, මණි රත්නම් රෝගී වූ අතර, 2009දී මේ නිසා රූගත කිරීම් මාස කිහිපයක් ප්‍රමාද කෙරිණි.[10] කෙසේනමුත්, 2009 අගෝස්තුවේ දී චිත්‍රපටයේ අවසන් ක්‍රියා පිළිවෙල ආරම්භ කෙරිණි. රූගත කිරීම් අවසන් වූ පසුව 2009 ඔක්තෝබර් වනවිට එහි පශ්චාත් නිෂ්පාදන කටයුතු සිදු විය.[11]

චිත්‍රපටයේ සිනෙමාරූපක ලෙස මණිකන්ඩන් බඳවා ගැනිණි. කෙසේනමුත් 2009 මැයි මස ඔහු ඉවත්වූ අතර, ඒ වෙනුවට සන්තෝෂ් සිවන් සම්බන්ධ කරගැනිණි.[12][13]

මෙම චිත්‍රපටයේ නළුවන් දායකත්වය සපයන ක්‍රියාදාම ජවනිකා ගණනාවක්ම වේ. මෙහි එන ත්‍රාසජනක ජවනිකා අධ්‍යක්ෂණය කරන ල්දදේ මණි රත්නම් විසින් වන අතර, එහි සටන්කලා අධ්‍යක්ෂණය පීටර් හෙයින් විසින් සිදුකරන ලදී. පීටර් හෙයින් මින් පෙර ඝජිනි සහ අන්නියන් චිත්‍රපටවල හින්දි ප්‍රභේද වෙනුවෙන් ෆිල්ම්ෆෙයාර් ස්මමානය ද හිමි කරගෙන ඇත.

කේරළ සටන් කලාවක් වන කලාරිපායාට්ටු ද මෙම චිත්‍රප‍ටයෙහි දක්නට ලැබේ.[14]

නර්තන ශීල්පී අස්තාද් දෙබූ විසින් චිත්‍රපටයේ එන සරාගී ලුහුබැඳීම් ජවනිකාව සහ අභිෂේක් සහ අයිෂ්වර්යා අතර තාණ්ඩව නර්තනයේ නර්තන රචනය සිදුකරන ලදී.[15][16]

ඉන්දියානු මෝස්තර නිර්මාණ ශිල්පී සබ්‍යසචි මුඛර්ජී අයිෂ්වර්යා රායිගේ වස්ත්‍ර නිර්මාණය කළේ ය.[17]

රාවන් චිත්‍රපටය ඉන්දියාව පුරා ස්ථාන ගණනාවක දී රූගත වූ අතර මේ අතරට කර්ණාටක (තුම්කුර්), කේරළ (අතිරප්පිල්ලි ඇල්ල),[18] ඌටි, ධර්මපූරි (හොගෙනක්කාල් ඇල්ල), ජාන්සි, කොල්කතා, මහබලේශ්වර් සහ මහාරාෂ්ට්‍රයේ මල්ෂේජ් ඝාට්ස් වැනි වනාන්තය පෙදෙස් අයත් විය.[19][20]

පිළිගැනීම[සංස්කරණය]

විචාරක පිළිගැනීම[සංස්කරණය]

අභිෂේක් සහ අයිෂ්වර්යා ලන්ඩන් මංගල දර්ශනයේ දී

ඉන්දියානු චිත්‍රපට විචාරකයින් අතුරින්, The New Indian Expressහි භාරද්වාජ් රංගන් මෙම චිත්‍රපටයට 4/5ක ඇගයුම් ලබාදෙමින් පැවසූයේ, "රාවණා සීතා කෙරෙහි ප්‍රේමයෙන් බැ‍ඳෙන (ප්‍රතිලෝම වශයෙන්) අතර එය රාමායණය පිළිබඳ විචිත්‍ර පුද්ගල සංකල්පයක් මවා පායි."[21] IBNහි රජීව් මසාන්ද් චිත්‍රපටයට තරු 1.5/5 ලබාදෙමින් පැවසූයේ, "නෙතට කඳුළු ගෙනෙන කැමරාකරණයක් සහ චිත්‍රපටයේ උච්චස්ථානයේ විශිෂ්ට ක්‍රියාදාමයන්ගෙන් යුතු වුවත්, චිත්‍රපටය -- විශේෂයෙන්ම එහි පළමු අර්ධය -- නොසැලකිලිමත් ලෙස සංස්කරණය කොට ඇති අතර, එය දීර්ඝ දර්ශන රැසකින් යුතු නිසා සියල්ල එක්ව ඇමිණූ විට එතරම් හැඟීමක් ඇතිවන්නේ නැත."[22] AOLහි නොයෝන් ජ්‍යෝති පරාසරා මෙයට 2.5/5ක ඇගයුමක් ලබාදෙමින් සඳහන් කළේ, "රාවන් යනු නිසි චරිත ආධාරකයක් රහිතව කළ නර්තනවලින් යුත් සංගීතමය-සහ-මනෝවිද්‍යාත්මක නාට්‍යයකට එහා ගිය දෙයකි. චිත්‍රපටය නැරඹීමට සුදුසු තත්ත්වයට පත්කොට ඇත්තේ දෙවන අර්ධයේ එන උච්චස්ථානයයි."[23] බොලිවුඩ් හුංගාමාහි තරන් ආදර්ශ් ද මෙයට 1.5/5 ලබාදෙමින් පැවසූයේ, "සමස්තය්ක ලෙස ගත් විට, රාවන් යනු අන්තර්ගතය අතින් දැවැන්ත ප්‍රමාණයේ වික්ෂිප්තයකි."[24] ෆිල්ම්ෆෙයාර්හි සුකන්‍යා වෙංකට්රාඝවන් චිත්‍රපටයට 3/5ක ඇගයුමක් ලබාදෙමින් පැවසූයේ, "රාවන් සතුව එහි නිමේෂය ඇති නමුත්, එහි ගැඹුරක් නොමැත. එහි පළමු අර්ධය තරමක් මිටියම් කොට ඇතිමුත්, දෙවන අර්ධය කෝමාවක් වෙත ගලා යයි."[25] The Times of Indiaහි නිඛාත් කාස්මි මෙයට 3.5/5ක ඇගයුමක් ලබාසෙමින් පැවසූයේ, "දෙවන අර්ධයේ මෙහි ගතිකත්වය පවත්වා ගැනීමට ප්‍රමාණවත් තරම් පහරවල් ඇත. නමුත් අඩු සහ වැඩි වශයෙන් චිත්‍රපට සංගීත රචනය කලාව සහ සෞන්දර්ය කෙරෙහි බැඳී ඇත."[26] Rediffහි රාජා සේන් 2/5ක ඇගයුමක් ලබාදෙමින් පැවසූයේ, "රාවන් සැබැවින්ම සහ ශෝකජනක ලෙස අපව නිෂ්ඵලභාවයට පත්කරන්නේ අපගේ ශ්‍රේෂ්ඨතම වීරකාව්‍යයක් යොදා ගැනීමක් සහ එය සමාව දිය නොහැකි ලෙස නීරස කිරීම නිසාත් ය."[27] Buzzine Bollywoodහි පරිමාල් රෝහිත් පැවසූයේ, "රාවන් යුන අවසානයේ දක්ෂ චිත්‍රපටයකි. එයට හේතුව කෙනකු හොඳ ද නරක ද යන්න නිර්ණය කිරීමට පෙළඹෙන්නේ කෙසේදැයි පසක් කරදෙමිනි."[28]

එක්සත් ජනපදයේ සහ එක්සත් රාජධානියේ චිත්‍රපට විචාරකයින් Rotten Tomatoes සමූහ අඩවියේ, රාවන් හට 64%ක ඇගයුමක් ලබා දී, විචාර එකොළහක් තබා තිබිණි.[29] The Guardianහි කැත් ක්ලාර්ක් චිත්‍රපටයට 2/5ක ඇගයුමක් ලබාදෙමින් පැවසූයේ එය කාන්තාරෝෂී බවයි.[30] නමුත් New York Postහි විචාරක ලෞ ලුමෙනික් රචනා කොට ඇත්තේ, "ඔබ බොලිවුඩ් චිත්‍රපට රසිකයකු නොවේ නම් – ස්ලම්ඩෝග් මිලියනෙයර් වැනි ඇතැම් සාර්ථක දෙමුහුම් පැවතිය ද, දිගුකාලීනව මෙරට තුළ හරස්මාරු උත්සායන්ට ප්‍රතිවිරෝධය එල්ල වූ — මණි රත්නම්ගේ ක්‍රියාදාම අතිනාට්‍යය රාවන් ඔබව කිසිදු වෙනසකට ලක් නොකරාවි."[31] කෙසේනමුත්, Film Journal Internationalහි ෆ්‍රෑන්ක් ලොවීස් පවසන්නේ එය "අඩු වැඩි වශයෙන් ජේත්තුකාර, දෙගිඩියාවෙන් යුත් ම‍නෝවිද්‍යා නාට්‍යයක් " බවත් "එය සතු දෘශ්‍ය හැඟීම ඩේවිඩ් ෆින්චර්ව පුබුදුවනසුලු ය". එසේම මෙහි නර්තන දර්ශන අගය කළ ඔහු, සඳහන් කරන්නේ "ඉන් එකක් විවාහ මංගල්‍යයක දී ස්වාභාවික ලෙසිනුත්, තවත් අංගයක් යුධ නර්තනයකට උචිත අයුරිනුත් ඇති බවයි."[32]

බොක්ස් ඔෆීස්[සංස්කරණය]

රාවන් චිත්‍රපටය ඉන්දියානු බොක්ස් ඔෆීස් තුළ "පහළ අපේක්ෂාවන්ගෙන්" යුක්තව මුදාහැරුණු අතර, හින්දි ප්‍රභේදය ආරම්භක දිනයේද රුපියල් මිලියන 60.1ක් උපයාගත්තේ ය.[33] පළමු සතියේ මිලියන 0.3ක් උපයාගත්තේ ය.[34] උතුරු ඇමරිකාව තුළ රාවන් සිනමාහල් 120ක දී තිරගත වූ අතර දේශීය වෙළඳපොල තුළ සතිඅන්ත බොක්ස් ඔෆීස් සටහනෙහි අං. 15වන ස්ථානයේ රැඳී සිටියේ $760 අගයකිනි. ජූනි 24 වන විට, එය මෙම වෙළඳපොල තුළ $3,314 මුදලක් උපයාගෙන තිබිණි.[35] බොක්ස් ඔෆීස් ඉන්ඩියා විසින් මෙම චිත්‍රපටය අසාර්ථක වීමක් ලෙස ප්‍රකාශයට පත්කරන ලදී.[36]

නාදපථය[සංස්කරණය]

චිත්‍රපටයේ නාදපථ ඇල්බමය නිර්මාණය කරන ලද්දේ ඒ. ආර්. රහ්මාන් විසින් වන අතර, ගීත රචනය ගුල්සාර් විසින් සිදුකරන ලදී. මෙය ගීත සයකින් සහ අමතර ගීතයකින් සමන්විත අතර එය රහ්මාන් විසින් ශ්‍රව්‍ය නිකුතුවේ දී ඉදිරිපත් කරන ලදී. 2010 අප්‍රේල් 24 දින එය මුදාහරින ල්දදේ T-Series වෙතිනි.

රහ්මාන් විසින් ඉදිරිපත් කළ අමතර පථය වූ "ජාරේ උද් ජාරේ" සීඩී තැටියෙහි ඇතුළත් නොකෙරිණි. එම ගීතය "ක්ෂණික සංරචනයක්" ලෙස සැලකේ: "මුදාහැරීමට පෙරදින රාත්‍රියේ රහ්මාන් ඔහුගේ මුම්බායි කලාගාරය තුළ අගුළු ලාගෙන ගීතය ගොඩනැගීමේ කටයුත්තෙහි නිරත විය." මෙම ගීතය පසුකාලීන අවධිවල ඇතුළත් ‍කරන්නට ඇතැයි විශ්වාස කෙරිණි.[37]

නාදපථයෙහි චිත්‍රපටයෙහි ඇතුළත් අමතර ගීත තුනක් ද අන්තර්ගත ය. කෙසේනමුත්, නිල පථ ලැයිස්තුකරණය තුළ ඇතුළත් වන්නේ ගීත සයක් පමණි.

මෙහි නාදපථය එහි සංගීත භාණ්ඩවලින් පොහොසත්භාවය හේතුවෙන් ඇගයුමට ලක් විය. මෙහි ඉන්දියානු මෙන්ම මැද පෙරදිග සංගීත භාණ්ඩ ද ඇතුළත් විය.

සම්මාන සහ නිර්දේශ[සංස්කරණය]

6වන අප්සරා චිත්‍රපට සහ රූපවාහිනී නිෂ්පාදක ශ්‍රේණි සම්මාන

ජයග්‍රහණ[38]

  • හොඳම සිනමොරූපණය සඳහා අප්සරා සම්මානය - වී. මණිකන්ඩන් (ගුසාරිෂ් සමග හවුලේ)
  • හොඳම ප්‍රති-පටිගතකරණය සඳහා අප්සරා සම්මානය - තාපන් නායක්
  • හොඳම දෘශ්‍ය පැසසුම් සඳහා අප්සරා සම්මානය - ශ්‍රීනිවාස් කාර්තික් කෝටම්රාජු
  • හොඳම සිනෙමාරූපණය සඳහා අප්සරා සම්මානය - සන්තෝෂ් සිවන්

නිර්දේශිත[39]

  • සහායක චරිතයක හොඳම රංගනය සඳහා අප්සරා සම්මානය (කාන්තා) - ප්‍රියාමණි
2011 සී සිනෙ සම්මාන

නිර්දේශිත[40]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. Raavan සංරක්ෂණය කළ පිටපත 2011-07-17 at the Wayback Machine, Film Journal International Blue Sheets
  2. "Abhishek - 90 crore for three films means the Hindi Raavan sold at `30 crore. The business in Hindi was `38 crore. So from which angle was there a loss?". Film Journal International. සම්ප්‍රවේශය 28 April 2011.
  3. "Raavan:Box Office 2010". Box Office India.
  4. "^ Raavan Telugu Version Cast & Crew". Ourcinemas.com. සම්ප්‍රවේශය 17 June 2010.
  5. "Abhishek-Aishwarya to star in Mani Ratnam's next". Bollywood Hungama. සම්ප්‍රවේශය 19 February 2008.
  6. Pillai, Sreedhar (22 July 2008). "Money money Mani". The Times of India. 25 October 2012 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 22 July 2008.
  7. "Ra.One to meet Raavan in London!". Hindustan Times. සම්ප්‍රවේශය 15 June 2010.
  8. 8.0 8.1 "Raavan: Review". Calcutta, India: The Telegraph India. 19 June 2010. සම්ප්‍රවේශය 27 June 2010.
  9. 9.0 9.1 "Raavan: Ramayana's contemporary adaptation". Newzstreet. සම්ප්‍රවේශය 27 June 2010.
  10. "We were recording then Mani just walked out... into hospital". Mumbaimirror.com. සම්ප්‍රවේශය 16 April 2008.
  11. "Raavan embarks for last schedule, gears up for Apr-May'10 release". Bollywood Hungama. සම්ප්‍රවේශය 21 August 2009.
  12. "Santosh Sivan joins team 'Raavan'". Indiaglitz. සම්ප්‍රවේශය 19 May 2009.
  13. "Mani Ratnam shoots in Ooty!". Sify.com. සම්ප්‍රවේශය 2 June 2009.
  14. Menon, Priya M (13 December 2009). "Where the stars line up to learn Kalaripayattu". The Times of India. 11 August 2011 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 13 December 2009.
  15. Jha, Subhash K (27 July 2009). "Ash learns new steps!". The Times of India. 11 August 2011 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 27 July 2009.
  16. "From the street to the stage". Dnaindia.com. සම්ප්‍රවේශය 26 September 2009.
  17. "'Khadi's Refinement Lies In Its Humility'". Outlookindia.com. සම්ප්‍රවේශය 24 August 2009.
  18. "Ash, Abhishek to shoot in Kerala". Rediff. සම්ප්‍රවේශය 7 October 2008.
  19. "More problems for Mani Ratnam". Sify.com. සම්ප්‍රවේශය 18 December 2008.
  20. "Raavan brings Sita to town - Ash-Abhi to shoot for Mani". Calcutta, India: The Telegraph Calcutta. 15 February 2009. සම්ප්‍රවේශය 14 February 2009.
  21. Rangan, Baradwaj. "'Raavan' Review". The New Indian Express. සම්ප්‍රවේශය 19 June 2010.
  22. Masand, Rajeev. "'Raavan' is a bore of a film". IBN. සම්ප්‍රවේශය 18 June 2010.
  23. Parasara, Noyon Jyoti. "Raavan Review". AOL India. සම්ප්‍රවේශය 21 June 2010.
  24. Adarsh, Taran. "Raavan: Movie Review". Bollywood Hungama. සම්ප්‍රවේශය 18 June 2010.
  25. Venkatraghavan, Sukanya. "Raavan review". Filmfare. සම්ප්‍රවේශය 18 June 2010.
  26. Kazmi, Nikhat (17 June 2010). "Raavan review". Times of India. සම්ප්‍රවේශය 18 June 2010.
  27. Sen, Raja. "Raavan is unforgivably boring". Rediff. සම්ප්‍රවේශය 18 June 2010.
  28. "Raavan Film Review". Buzzine Bollywood. සම්ප්‍රවේශය 18 June 2010.
  29. '"Raavan at Rotten Tomatoes
  30. Clarke, Cath (17 June 2010). "Film review: Raavan". The Guardian. London. සම්ප්‍රවේශය 18 June 2010.
  31. Lumenick, Lou (18 June 2010). "Bollywood to order, well-done with cheese". New York Post (Raavan Film Review). සම්ප්‍රවේශය 18 June 2010.
  32. Lovece, Frank. "Film Review: Raavan, Film Journal International, 18 June 2010
  33. Adesara, Hetel (19 June 2010). "Box Office: Raavan Opening Day Collections Below Expectation". Businessofcinema.com. සම්ප්‍රවේශය 28 June 2010.
  34. "Raavan First Week Collections". Boxofficeindia.com. 26 June 2010. සම්ප්‍රවේශය 28 June 2010.
  35. Raavan at Box Office Mojo
  36. "Hits continue to evade Bollywood as Raavan flops". Rediff. 28 June 2010. සම්ප්‍රවේශය 8 July 2010.
  37. "Rahman's midnight melody".
  38. "Winners of 6th Apsara Film & Television Producers Guild Awards". Bollywood Hungama. සම්ප්‍රවේශය 12 January 2011.
  39. "Nominations for 6th Apsara Film & Television Producers Guild Awards". Bollywood Hungama. සම්ප්‍රවේශය 7 January 2011.
  40. "Nominations for Zee Cine Awards 2011". Bollywood Hungama. සම්ප්‍රවේශය 7 January 2011.

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=රාවන්&oldid=660251" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි