තාරේ සමීන් පර්

විකිපීඩියා වෙතින්
Taare Zameen Par
(Stars on Earth)
අධ්‍යක්‍ෂණයAamir Khan
Amole Gupte (creative director)
Ram Madhvani ("Bheja Kum")
රචනයAmole Gupte
නිශ්පාදනයAamir Khan
රංගන ශිල්පීන්Darsheel Safary
Aamir Khan
Tisca Chopra
Vipin Sharma
Sachet Engineer
Tanay Chheda
සිනෙමාරූපණයSetu
සංස්කරණයDeepa Bhatia
සංගීතයScore:
Shankar–Ehsaan–Loy
Lyrics:
Prasoon Joshi
බෙදාහැරීමIndia:
Aamir Khan Productions (film)
UTV Home Entertainment (DVD)
International:
PVR Pictures (film)
Walt Disney Company Home Entertainment (DVD)
නිකුත්වූ දිනය
  • 21 දෙසැම්බර් 2007 (2007-12-21)
තිර කාලය
165 minutes
රටසැකිල්ල:Film India
භාෂාHindi
English
පිරිවැයINR12 කෝටි (US$1.9 මිලියන)[1]
ආදායමINR88.97 කෝටි (US$14 මිලියන)[2]

වර්ෂ 2007 දී එළි දැක්වුණු තාරේ සමීර් පර් නාට්‍යමය චිත්‍රපටයේ (හින්දි:तारे ज़मीन पर, ඉංග්‍රීසි:ස්ටාර්ස් ඔන් අර්ත්) පිටපත අමෝල් ගුප්තා විසින් රචනා කර ඇති අතර අධ්‍යක්ෂණය අමීර් ඛාන් විසින් සිදු කර ඇත. නිෂ්පාදනය "අමීර් ඛාන් නිෂ්පාදන" ආයතනය මගින් සිදු කරන ලදී. පිටපත් රචක ගුප්තාට ඇතිවුණු අදහසකට අනුව ඔහු සහ ඔහුගේ භාර්යාව වන, එමෙන්ම මෙම චිත්‍රපටයේ සංස්කාරක වන දීපා භාතියා මෙම අදහස පිටපතක් ලෙස නිර්මාණය කිරීමට උනන්දු වී ඇත. "ටාටා එල්ෂ්සි දෘශ්‍ය පරිගණක විද්‍යාගාරය" මගින් මෙහි දෘශ්‍ය රංග ප්‍රයෝග නිර්මාණය කර ඇති අතර ධිමන්ට් වයස් විසින් චිත්‍රපටයේ මාතෘකාව ප්‍රාණවත් කිරීම සිදු කර ඇත. තව ද මෙය "ක්ලේමේෂන්" තාක්ෂණය යොදා ගත් පළමු හින්දි සිනමා නිර්මාණයද වෙයි. මෙම සිනමා නිර්මාණයේ බොහෝ ගීතවල පද මාලා ප්රාසූන් ජෝෂි විසින් ද ස්වර මාලා ශංකර්-එශාන්-ලොයි විසින් ද නිර්මාණය කර ඇත. මුලික පටිගත කිරීම් මුම්බායි නගරය කේන්ද්‍ර කර ගනිමින් සිදු කර ඇති අතර එයට "පච්ගනී නිව් ඊරා" උසස් පාසලේ සහ අවට පාසල්වල ශිෂ්‍යයන්ගේ දායකත්වය ද ලබා ගෙන ඇත.

මෙම චිත්‍රපටය මගින් අවුරුදු 8 ක් වයසැති "ඉෂාන්" (දර්ශීල් සෆාරි) නමැති කුඩා දරුවාගේ ජීවිතය සහ ඔහුගේ පරිකල්පන ඥානය පිලිබඳ සියුම් ගවේශනයක් සිදු කෙරේ. මෙම දරුවා කලාව අතින් ඉදිරියෙන් සිටියත් අධ්‍යාපන කටයුතුවලට දක්වන දුර්වලතාවය නිසා ඔහුගේ දෙමාපියන් ඔහුව නේවාසික පාසලකට ඇතුළත් කරනු ලබයි. ඉෂාන්ගේ අලුත් කලා කටයුතු පිලිබඳ ගුරුවරයා වන රාම් ශංකර්, ඉෂාන් වචන අන්ධතාව නමැති රෝගයෙන් පෙලේ යයි අනුමාන කරන අතර ඔහු මෙම ශිෂ්‍යයාට එම ආබාධිත තත්ත්වය මගහරවා ගැනීමට උපකාර කරයි. මෙම සිනමා නිර්මාණයේ මංගල දැක්ම 2007 දෙසැම්බර් 21 වනදා සිදු කෙරුණු අතර "යුටිවී හෝම් එන්ටටේන්මන්ට්" මගින් මෙහි ඩිවීඩි තැටිය 2008 දී ඉන්දීය සිනමා ලෝලීන්ට නිකුත් කරන ලදී. වසර දෙකකට අඩු කාල පරාසයක් තුළ "වෝල්ට් ඩිස්නි හෝම් එන්ටටේන්මන්ට්" සමාගම මගින් මෙම සිනමා පටය "ලයික් ස්ටාර්ස් ඔන් අර්ත්" නමින් අන්තර්ජාතික වෙළදපලට නිකුත් කරන ලද අතර ලෝක ව්‍යාප්ත සමාගමක් මගින් ඉන්දියානු සිනමා කෘතියක් අන්තර්ජාතික වෙළදපලට නිකුත් කළ ප්‍රථම අවස්ථාව ලෙස ද මෙය සැළකේ. "තාරේ සමීර් පර්" චිත්‍රපටය බොහෝ සිනමා සම්මාන දිනාගත් අතර හොඳම සිනමා නිර්මාණය ලෙස 2008 ෆිල්ම්ෆෙයාර් සම්මාන උළලේදී ද පවුල් ශුභසිද්ධිය සදහා වන හොඳම සිනමා නිර්මාණය ලෙස 2008 ජාතික සිනමා උළලේදී ද සම්මානයට පාත්‍ර විය. තව ද 2009 "ඇකඩමි සම්මාන" උළලේ දී හොඳම විදේශීය චිත්‍රපටය ලෙස ද නිර්දේශ විය. නමුත් මෙම චිත්‍රපටය "ඔස්කාර් සම්මාන උළෙල" සදහා නිර්දේශ වීමට අපොහොසත් විය. මෙය බොහෝ මාධ්‍ය ආයතනවල කතාබහට ලක්වුණු අතර එම වසරේදීම තිරගත වූ බි‍්‍රතාන්‍ය නිර්මාණයක් වන "ස්ලම්ඩෝග් මිලියනයර්" චිත්‍රපටයට "ඔස්කාර් සම්මාන" උළලේ දී සම්මාන හිමි වීමත් "තාරේ සමීර් පර්" චිත්‍රපටයට සම්මාන හිමි නො වීමත් පිළිබද බොහෝ දෙනාගේ අප්‍රසාදය පළ විය.

කථා වස්තුව[සංස්කරණය]

මෙම කථා වස්තුවේ ප්‍රධාන චරිතය වන, වසර 8 ක් වයසැති ඉශාන් නන්ද්කිශෝර් අවස්ති, පාසල් යාමට අකමැති අතර සෑම විභාගයක් ම අසමත් වෙයි. ඉෂාන් සැම විෂයකට ම දුර්වල අතර අනෙකුත් ගුරුවරුන් සහ මිතුරන් ඔහුව පහත් කොට සලකයි. ඉෂාන්ගේ අභ්‍යන්තර ලෝකය ආශ්චර්යයන්ගෙන් පිරුණු එකක් වන නමුත් ඔහුට එය අන් එයට ප්‍රකාශ කිරීමට නො හැක. කොටින් ම ඔහු හඳුනා නො ගත් කලාකරුවෙකි. සාර්ථක විධායක නිලධාරීයෙකු වන ඉෂාන්ගේ පියා (නන්ද්කිශෝර් අවස්ති) තම දරුවන් හොදින් අධ්‍යාපනය හැදෑරීමේ අපේක්ෂාවෙන් පසුවෙයි. ඉෂාන්ගේ මව වන මායා අවස්ති ගෘහණියකි. ඇය තම දරුවන් පිළිබඳ කණගාටුවෙන් පසුවෙයි. ඉෂාන්ගේ අයියා වන යොහාන්, ආදර්ශවත් දක්ෂ දරුවෙක් වන අතර ඉෂාන්ට ඔහු ගැන නිතර මතක් කරයි. ඉෂාන්ගේ දුර්වල ඉගෙනීම නිසා දෙමාපියන් ඔහුව නේවාසික පාසලකට යවයි. එහිදී ඔහු දැඩි බියකට හා කනස්සල්ලට පත් වන අතර රාජන් නමැති ඔහුගේ අබාධිත මිතුරා ඔහුගේ සහයට පැමිණෙයි. රාජන් පන්තියේ සිටින දක්ෂ ම දරුවෙකි. ඉෂාන්ගේ ජීවිතය වෙනස් මගකට යොමු වන්නේ ඔහුගේ පාසැට පැමිණෙන නව චිත්‍ර ගුරුවරයා නිසාය. නමින් රාම් ශංකර් නිකුම්භ් වන මෙම ගුරුතුමා, ඉෂාන් මෙන් ආබාධිත වූ දරුවන්ට උගන්වන්නට පැමිණි උපදේශකයෙකි. නිකුම්භ් ඉතා ඉක්මනින් ඉෂාන්ගේ රෝගී තත්ත්වය හඳුනාගන්නා අතර ඉෂාන් අධ්‍යාපන කටයුතුවලට දුර්වල වී ඇත්තේ මෙනිසා බව ඔහු වටහා ගනී. එක් නිවාඩු දිනයක නිකුම්භ් ඉෂාන්ගේ දෙමාපියන් හමුවීමට ඔහුගේ නිවසට යන අතර එහිදී ඔහු ඉෂාන්ගේ පසුගිය ක්‍රියාකාරකම් නරඹයි. ඉෂාන්ගේ දක්ෂතාවලින් පැහැදීමට පත් වන ඔහු ඉෂාන් අදක්ෂයෙකු නො වන බව දෙමාපියන්ට පහදා දෙයි. එහෙත් ඉෂාන්ගේ පියා මෙය විශ්වාස කිරීමට මැලි වේ. මින් පසු වචන අන්ධතාවය යන රෝගී තත්ත්වය ගැන ඔහු ඉෂාන්ගේ දෙමාපියන් දැනුවත් කරන අතර මෙය ඥාන ශක්තිය හීනකමක් නො වන බව පෙන්වා දෙයි. මීට අමතරව ඉෂාන්ගේ දස්කම් ඉස්මතු කිරීමට ඔහුට අමතර අධ්‍යාපන කාලයක් ලබා දීමට හැකි බව ද දෙමාපියන්ට දැනුම් දෙයි. එක්තරා දිනක, නිකුම්භ් විසින් වචන අන්ධතාවය යන රෝගී තත්වය පිලිබඳ පාසලේ දී ශිෂ්‍යයන් දැනුවත් කරන අතර මෙම රෝගය වැළඳුනු එහෙත් ලෝකයේ ජනප්‍රිය වූ පුද්ගලයන් පිළිබඳව ද කරුණු ගෙනහැර දක්වයි. පන්ති කාමරයෙන් අනෙක් දරුවන් ගිය පසු නිකුම්භ් ඉෂාන්ට ඔහුට වැළඳී ඇති රෝගය පිලිබඳ පවසයි. ඉන් පසු නිකුම්භ් පාසල් විදුහල්පතිවරයා හමුවී ඉෂාන්ට අමතර ඉගැන්වීම් සඳහා අවසර ඉල්ලයි. ඉෂාන්ගේ ලිවීමේ හා කියවීමේ හැකියාව වර්ධනය කිරීමට නිකුම්භ් වචන අන්ධතාව පිලිබඳ විශේෂඥයන්ගේ ශිල්ප ක්‍රම අනුගමනය කරයි. ඉෂාන් ඉතා ඉක්මනින් ඉගෙන ගන්නා අතර ගණිතය හා භාෂාව විෂයයන් සඳහා ඇල්මක් දක්වයි. වර්ෂය අවසාන වන්නට මත්තෙන් නිකුම්භ් ගුරුවරුන්ට සහ දරුවන්ට චිත්‍ර තරඟයක් සංවිධානය කරයි. මෙම තරඟය විනිශ්චය කිරීමට නිලියක් වන ලලිත ලජ්මි කැඳවයි. ඉෂාන් මෙම තරඟයේ ජයග්‍රාහකයා වන අතර ඉෂාන්ව චිත්‍රයට නැගු ගුරුතුමා අනු ශුරයා වෙයි. පාසල් විදුහල්පතිවරයා නිකුම්භ් පාසලේ ස්ථිර ගුරුවරයෙකු බවට පත් කරගෙන ඇති බව දැනුම් දේ. වර්ෂ අවසානයේදී ගුරුතුමා හමුවන ඉෂාන්ගේ දෙමාපියන්ට ඉෂාන්ගේ මේ විපර්යාසය අදහාගත නො හැකි අතර ඔවුන් නිකුම්භ්ට මහත් සේ ස්තුති කරයි. ඉන් පසු ඉෂාන් නිවෙස බලා යාමට පිටත් වන නමුත් ඉෂාන් රියෙන් පිටතට පැමිණ ගුරුවරයා ලඟට ගොස් ඔහුව වැළඳ ගනී.

නළු පෙළ[සංස්කරණය]

  • ඉශාන් අවස්ති ලෙස දර්ශීල් සෆාරි : ඉෂාන් ලෙස රඟපෑමට හැකි දරුවෙක් සොයා ගැනීමට පිටපත් රචක අමෝල්, ශිඅමක් දවර්ගේ සම්මේර් ෆෑන්ක් වැඩමුළුවට සහභාගී වේ. ඉන් පසු ළමුන් කිහිප දෙනෙක් මූලික ප්‍රයෝගික පරීක්ෂණ සඳහා කැඳවන අතර ඉෂාන් චරිතය සඳහා දර්ශීල් තෝරා ගනියි. මෙම තෝරා ගැනීමට මූලික හේතුව ලෙස අමෝල් දක්වන්නේ දර්ශීල් සතුව ඉෂාන් චරිතයට ගැලපෙන හැඩහුරුකම් ඇති බවකි.
  • රාම් ශංකර් නිකුම්භ් ලෙස අමීර් ඛාන් : ආරම්භයේ දී නිකුම්භ්ගේ චරිතය නිරූපණය කිරීමට අක්ශේ ඛන්නාට ආරාධනය කරන නමුත් පසුව ඒය අමීර් ඛාන්ට ලබා දෙයි.
  • මායා අවස්ති (ඉෂාන්ගේ මව) ලෙස ටිස්කා චොප්රා : ඉෂාන්ගේ මව ඇයගේ දරුවන් වෙනුවෙන් තම ජීවිතය කැප කළාය. චිත්‍රපට රූගත කිරීම්වල දී මෘදු ලෙස කතා කිරීම නිසා සමහර දෙබස් නැවත හඬ කැවීමට සිදු වී ඇත.
  • නන්ද්කිශෝර් අවස්ති (ඉෂාන්ගේ පියා) ලෙස විපින් ශර්මා : විපින්, ඉෂාන්ගේ පියාගේ චරිතය නිරූපණය කිරීමට තෝරා ගෙන ඇත්තේ ඔහුගේ දැඩි, පරුෂ, කර්කශ පෙනුම නිසාය. අමීර් ඛාන් විපින්ව හදුන්වා දී ඇත්තේ ස්වභාවයෙන් ම ආචාරශීලී හා සංවේදී පුද්ගලයෙකු ලෙසයි.
  • යොහාන් අවස්ති ලෙස සචේත් ඉන්ජිනිඑර් : ඉෂාන්ගේ වැඩිමහල් සහෝදරයා
  • රාජන් දමොද්‍රන් ලෙස ටනේ චෙහෙදා
  • සෙන් ගුරුතුමා සහ තිවාරි ගුරුතුමා ලෙස බග්ස් භාර්ගව හා ශංකර් සච්දෙව් : මෙම චරිත දෙක විකට චරිත දෙකකි.
  • නිව් ඊරා උසස් පාසලේ විදුහල්පතිතුමා ලෙස එම්.කේ. රයිනා
  • ලලිත ලජ්මි ඇය ලෙසම : ඉන්දියාවේ ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පිණියක් වන ඇයගේ ප්‍රථම සිනමා නිරුපණයයි.

නිෂ්පාදනය[සංස්කරණය]

ප්‍රවර්ධනය[සංස්කරණය]

අමෝල් ගුප්තා සහ දීපා භාතියාගේ අදහසකට අනුව තැනුණු මෙම තාරේ සමීර් පර් චිත්‍රපටය මගින් සමහර දරුවන්ට සම්ප්‍රදායානුකූල අධ්‍යාපන රටාවට අනුගතවීමට නො හැක්කේ මන්දැයි පහදා දෙයි. මෙම චිත්‍රපටයේ ආරම්භයේ දී කෙටි කතාවක් ලෙස සකස් කර ඇති අතර ඒ සඳහා වසර 7 ක් වැය වී ඇත. "ද හින්දු" පුවත්පත සමග පසු කාලයක දී කෙරුණු සම්මුඛ සාකච්ඡාවක දී දීපා භාතියා කියා තිබුනේ තම පළමු අදහස වී තිබුනේ වචන අන්ධත්වය රෝගී තත්ත්වය පිළිබඳ සිනමා පටයක් කිරීම නොව පාසල් අවදියේ දී දුර්වල පුද්ගලයෙකු වූ අකිරා කුරෝසාව නමැති ජපාන සිනමා නිර්මාපකයා පිළිබඳ චිත්‍රපටයක් නිර්මාණය කිරීම බවයි. ඇයගේ අභිප්‍රාය වී තිබුනේ පාසල් ජීවිතයට නො ගැලපෙන දරුවෙකු ගැන ගවේශනය කිරීමයි. ඇය මෙහි දී මූලාශ්‍රය ලෙස තෝරා ගෙන ඇත්තේ අකිරා කුරෝසවාගේ ජීවිතය වෙනස් මගකට යොමු කළ ඔහුගේ චිත්‍ර ගුරුවරයා හමුවීමේ සිද්ධියයි. ගුරුවරයෙකුට ශිෂ්‍යයෙකුගේ ජීවිතය වෙනස් කළ හැකි බව පෙන්වීම මෙහි අරමුණ වී ඇත. කුරෝසවාගේ ජීවිතය පදනම් කරගෙන මෙවන් චරිතයක් නිර්මාණය කිරීමට බතියා සහ ගුප්තා ගවේශනයක් සිදු කර ඇති අතර එමගින් කරුණු රැසක් අනාවරණය කරගෙන ඇත. වචන අන්ධතාව රෝගී තත්ත්වය මෙම චිත්‍රපටයේ තේමාව වී ඇත. මොවුන් දෙදෙනා මෙම රෝගී තත්ත්වය සහිත දරුවන් සමග වැඩ කරමින් ඉන් ලබාගත් අත්දැකීම් පදනම් කර ගනිමින් තිර රචනය සකස් කර ඇත. අවසාන පිටපත සකස් කිරීමේ දී මෙම දරුවන්ගේ අනන්‍යතාව සැඟවීමට වග බලාගෙන ඇත. ඛාන් සහ ගුප්තා මුලින් ම පාසලකදී හමුවී ඇත. නළුවෙකු, ලේඛකයෙකු සහ සිත්තරෙකු ලෙස ඛාන්, ගුප්තාව හදුන්වා දී ඇත. චිත්‍රපටය එළිදැක්වීමට වසර 3 කට පෙර අමෝල්, ඛාන්ව නිෂ්පාදකවරයා සහ නළුවෙකු ලෙස තෝරා ගෙන ඇත. නමුත් පළමු සතිය තුළ සිදු කෙරුණු රූපගත කිරීම්වලින් සෑහීමකට පත් නො වුණු අමීර් ඛාන් ඉන් ඉවත් වීමට තීරණය කර ඇත. මෙහි ප්‍රතිඑලය වූයේ අමෝල් අධ්‍යක්ෂක තනතුරෙන් ඉවත් වීමයි. නවක අධ්‍යක්ෂකවරයෙකු හමුවනතුරු මාස 6-8 ක පමණ කාලයක් චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු නවතා ඇති අතර අවසානයේ අමීර් ඛාන් අධ්‍යක්ෂකවරයා ලෙස වැඩ භාරගෙන ඇත. තාරේ සමීර් පර් චිත්‍රපටය, ඛාන් භූමිකා දෙකක් නිරූපණය කළ ප්‍රථම අවස්ථාව වේ. මෙය ඔහුට අභියෝගාත්මක කර්තව්‍යයක් වූ බවත් අමෝල් ඔහුව නිවැරදිව මෙහෙය වූ බවත් වැරදි නිවැරදි කළ බවත් පසු කාලයක දී අමීර් පවසා ඇත.

තේමාව[සංස්කරණය]

ආරම්භයේ දී මෙය "උස පැනීම" ලෙස නම් කර තිබී ඇති අතර ඊට හේතුව වන්නේ ඉෂාන්ට උස පැනීමට තිබු දුර්වලතාවයි. චිත්‍රපටය අවසන් වීමට තිබුනේ කළා උළෙලෙන් පසුව ඉෂාන් ක්‍රීඩා පිටියට ගොස් නිවැරදිව උස පැනීම සිදු කිරීමෙනි. නමුත් ඛාන් මෙම අවසානය ගැන නො සතුටට පත්ව ඇති බැවින් අමෝල් පිටපත වෙනස් කර ඇත. එබැවින් චිත්‍රපටයේ නම ද අනුකූල නො වුණු බැවින් එය වාද විවාද කිහිපයකින් අනතුරුව "තාරේ සමීර් පර්" ලෙස නම් කරන ලදී. මේ ගැන අදහස් දක්වමින් අමීර් ඛාන් කියා සිටියේ "තාරේ සමීර් පර්" යනු ළමා චිත්‍රපටයක් බවත්, ළමුන්ගේ හැකියාව අගය කරන්නක් බවත් ය. එම නිසා තාරේ සමීර් පර් යන තේමාව එය හඟවන බව ඛාන්ගේ අදහසයි. තවද තේමාව ධනාත්මක හැඟීමක් ඇති කරයි. කුඩා ළමුන් සුවිශේෂ හා චමත්කාරජනකය. ඔවුන් පෘථිවියට දිස්වන තාරකා මෙන්ය.

චිත්‍රපටය[සංස්කරණය]

චිත්‍රපටයේ මූලික රුපගත කිරීම් මාස 5 ක් පුරා ඉන්දියාවේ දී සිදු කර ඇත. මෙම චිත්‍රපටය ආරම්භ වන්නේ ඉෂාන් පාසල් අවසන් වී ගෙදර පැමිණෙන දර්ශනයකිනි. මෙහි දී ඔහු අත මාළුවන් කිහිප දෙනෙක්ද වෙයි. තව ද අධක්ෂකවරයා විසින් සියුම් කැමරා උපක්‍රම භාවිතයට ගෙන ඇත. මෙම අවහිරය නිසා එම දර්ශනය රූපගත කිරීමට පැය 8 ක් පමණ වැය වී ඇත. මීළඟ දර්ශනය වන්නේ ඉෂාන් සුනඛයන් දෙදෙනෙකු සමග සෙල්ලම් කිරීමයි.

දරුවන්[සංස්කරණය]

මෙම චිත්‍රපටය පුරාවට ම සැබෑ පාසල් දරුවන් යොදා ගෙන තිබේ. චිත්‍රපටයේ සාර්ථකත්වයට ළමුන් දායක වූ බව අමීර් ඛාන් විසින් පවසා ඇති අතර ඔහු ළමුන් අතර ජනප්‍රිය වී ඇත. එපමණක් ද නොව, ඛාන් ළමුන්ගේ අවශ්‍යතා පිළිබඳව නිරතුරුව ම සොයා බලා ඇත. නිෂ්පාදන කණ්ඩායම, ළමුන් අලසව නො සිටවීමට වග බලා ගෙන ඇත. නිව් ඊරා ආයතන සම්බන්ධිකාරක ග්ලෙස් ලීගේ අදහස වන්නේ මෙම අත්දැකීම මගින් ළමුන්ට ඉවසීම උගන්වනවා පමණක් නොව ඉෂාන් වැනි රෝගී දරුවන් සමග හැසිරෙන අන්දම ද දරුවන්ට වටහා දෙන බවයි. මෙහි රූගත කිරීම් ශීත සෘතු නිවාඩු සමයේ යෙදී ඇති බැවින් ඉෂාන්ගේ යහළුවන්ට තම නිවාඩු කාලය ද මේ සඳහා කැප කිරීමට සිදුවී ඇත. සරසවි පසුතලය පිරවීමට පිට පාසල් වලින් ද ළමුන් සහභාගි කරවා ගෙන ඇති අතර ඊට 1500 ක පමණ ළමුන් පිරිසක් සහභාගි වී ඇත. බොහෝ ළමුන්ට මෙය අලුත් අත්දැකීමක් බැවින් අමීර් ඛාන්ට මෙය නිසි පරිදි රූපගත කිරීමට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුව ඇත. උදාහරණයක් ලෙස පාසල් රැස්වීමේ දී විදුහල්පතිතුමාගේ කතාව නො තකමින් සිසුන් හැසිරෙන අයුරු නිරූපණය කිරීමට ඛාන්ට අවශ්‍ය විය. නමුත් කැමරා භාවිත කිරීම නිසා ළමුන් මෙම දර්ශනය රඟපෑමට මැළි විය. එම නිසා ප්‍රථම සහය අධ්‍යක්ෂක පාන්දේට මෙම දර්ශනය ගැනීමට මහත් වෙහෙසක් දැරීමට සිදු විය. අවසාන ජවනිකාව වූයේ නිකුම්භ් විසින් වචන අන්ධතාවයෙන් පෙළුණු ප්‍රකට පුද්ගලයන් පිළිබඳ කරන ලද කතාවයි. දින ගණනක් පුරා එක ම දෙබස් ඇසීමෙන් වෙහෙසට පත් ළමුන් ප්‍රබෝධමත් කිරීම සඳහා ඛාන්ට කතන්දර කීමටත් සිදු විය. අඩි 15 ක් ගැඹුරු විලක් අසල කරන ලද රූගත කිරීම්වල දී ජීවිතාරක්ෂකයන් ද යොදවන ලදී. දරුවන්ගේ ස්වභාවික හැසිරීම චිත්‍රපටයට ඇතුළත් කිරීමට පාන්දේට විවිධ ප්‍රදේශවල, විවිධ සමාජ තලවල දරුවන්ගේ හැසිරීම් අලලා වාර්තාවක් සකස් කරන ලදී.

කලාව සහ ප්‍රාණවත් බව[සංස්කරණය]

මෙම නිර්මාණය සඳහා "මැටි අනුරූ තාක්ෂණය" (Claymation) යොදා ගන්නා ලදී. ධිමන්ත් ව්‍යාස් විසින් මැටි අනුරූ තනන ලදී. කළා දැක්මේ දිය සායම් සිතුවම් නිර්මාණය කරන ලද්දේ සමීර් මොන්දල් ශිල්පියාය. මේ සඳහා ඔහු සිසු වැඩමුළුවක් සංවිධානය කර ඔවුන්ගේ අදහස් ඉෂාන්ගේ චිත්‍රවලට අන්තර්ගත කළ අතර චිත්‍ර ශිල්පීන්ගේ හැසිරීම් පිළිබඳව ඛාන් දැනුවත් කරන ලදී. ඉෂාන්ගේ ඉතිරි චිත්‍ර ගුප්තා විසින් ද ෆ්ලිප්බූක් එක වීර් නනවාති විසින් ද නිම කරන ලදී. සටහන් පොත් නිර්මාණය කිරීම ඛාන් අතින් සිදු විය.

සංගීත අනුක්‍රමය[සංස්කරණය]

"ජාමේ රහෝ " තනුව ඉෂාන්ගේ පවුලේ සාමාජිකයන්ගේ චර්යා රටා පිළිබිඹු කරයි. උදාහරණයක් ලෙස පියා මහන්සි වී වැඩ කරන්නෙක් බවත්, යොහාන් සියලු දේ හරියට කරන්නෙක් බවත් පෙන්වයි. රොබෝ මාදිලියේ සංගීතය ඉෂාන්ගේ පවුලේ අයගේ ජීවිතය පෙන්නුම් කරන අතර ඉෂාන්ව හැදින්වීමට වෙනත් සංගීත ශෛලියක් භාවිතා කර ඇත. "මා" ගීතය සැදීමේ දී සන්ද්‍යාලෝකය යොදා ගැනීමට අවශ්‍ය වූ හෙයින් රූගත කිරීම්වලට දින 10 ක් පමණ ගත විය. මෙම ගීය ගායනයට ශංකර් යොදා ගන්න ලදී. ආරම්භයේ දී, ඉෂාන්ගේ කට්ටි පැනීම නිරූපණයට "ඛෝලෝ ඛෝලෝ" යොදා ගැනීමට තීරණය වුව ද ඛාන් අධ්‍යක්ෂක වූ පසු ඒ සඳහා ගුප්තා ලියු "මෙරා ජහන්" යොදා ගැනිණි. කළා දැක්ම සඳහා "ඛෝලෝ ඛෝලෝ" ගීතය යෙදවිණ. කට්ටි පැනීමේ දසුන පිලිබඳ නරඹන්නන්ගේ අදහස් විවිධ වුව ද එය ඛාන්ගේ සිත් ගත් බැවින් ඉවත් නො කෙරිණ. එය ඉෂාන්ගේ චරිතය සමග තදින් බැදී ඇති බව ඔහුගේ විශ්වාසය විය. ශිඅමක් දවර්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ "බම් බම් බෝලේ" නැටුම් පෙළගැස්ම නිම විය. ඒ සඳහා නැටුම් පාසලේ සිසුන් 40 දෙනෙකු සූදානම් කළ ද ඛාන් එයට එකඟ නො වීය. ඒ සඳහා ද ළමුන් ම යෙදවිණි. පෙර සැලසුම් කළ කාල සීමාව තුළ චිත්‍රපටය නිම කළ යුතු බැවින්, ඛාන් "බම් බම් බෝලේ" නිර්මාණය කරගෙන යන අතරතුර, රාම් මද්වානි "භේජා කුම්" නිර්මාණය කිරීම සියතට ගත්තේය. එහි අග කොටස් සතුට මුසු රිද්මයානුකුල දෙබස්වලින් සමන්විත වූ අතර ඉෂාන් වචන ද ලෝකය ද දකින අයුරු පෙන්වීමට බියජනක සතුන්, එනම් සර්පයන්, කැරපොත්තන්, කටුස්සන් යොදා ගැනිණ. තාරේ සමීර් පර්හි පද රචක ප්රාසූන් ජෝෂි "ළමුන් පිළිබඳ කොතෙක් කතා කළත් මදිය." යන්න මෙම ගීතයට තේමා කරගත් අතර ආබාධිත දරුවන් සිටින ටියුලිප් පාසලේ වාර්ෂික විවිධ ප්‍රසංගය ඉලක්ක කර, එහි සිසුන් ද යොදාගෙන දින 5 ක් පුරා රූගත කෙරිණ.

පසුබිම් සංගීතය[සංස්කරණය]

චිත්‍රපටයක් නිර්මාණයේ දී කාල නිශ්චය හා අනෙකුත් අංශ පිළිබඳ අවධානය යොමු කරන අතර ගීත පටිගත කිරීමට ඛාන් මෙහි දී එවලේම නිර්මාණය කළ ක්‍රමයක් යොදා ගනී. චිත්‍රාගාරයක් වෙනුවට ඔහු ඇතුළු අනෙක් ගායකයන්, ගීත පටිගත කිරීමට අමිර්ගේ පන්ච්ගනීහි පිහිටි ඔහුගේ නිවස යොදා ගනී. එමගින් ඔවුන්ට සන්සුන් මනසකින් යුතුව වැඩකිරීමට හැකි විය. ඛාන් චිත්‍රපටය නරඹන අතරතුර ඊට සංගීතය අඩංගු කිරීම ගැන නුරානිගේ ප්‍රශංසාවට බඳුන් විය. එකිනෙකට වෙනස් පසුබිම් සංගීතයන් එකිනෙකට වෙනස් අවස්ථා සඳහා යොදා ගන්නා ලදී. උදාහරණයක් ලෙස ඉෂාන් කැළැඹීමෙන් සිටින විට ගිටාරය වාදනය කළ අතර ආරම්භක ජවනිකාවේ දී නැවත නැවත වාදනය වන ඉෂාන්ගේ තේමා ගීතයෙන් ඔහුගේ සාමකාමී මනස නිරූපණය කරයි. ක්‍රමයෙන් වැඩි වන ශබ්දය මගින් ඉෂාන් පියවි ලෝකයට පැමිණි බව පසක් කරයි.

නිකුත් කිරීම[සංස්කරණය]

ආදායම් වාර්තා[සංස්කරණය]

තාරේ සමීර් පර් ලොව පුරා නිකුත් කිරීම 21.12.2007 දී සිදු වූ අතර ඔස්ට්‍රේලියාව, මැලේසියාව, නවසීලන්තය හා ෆිජි යන රටවල 20.12.2007 දින විකාශනය ආරම්භ විය. ආදායම් බෙදී යාම පිලිබඳව බෙදාහරින්නන් හා සිනමාහල් හිමියන් අතර මතභේද, මෙය ඉන්දියාවේ ප්‍රදර්ශනය ප්‍රමාද කිරීමට හේතු විය. පළමු ප්‍රදර්ශන සතිය තුළ ඇමෙරිකානු ඩොලර් මිලියන 3.04 ක ආදායමක් ඉපයූ අතර විවිධ ආදායම් වාර්තාවලට අනුව විවිධ වූ ආදායම් උපයා ඇත. මෙම චිත්‍රපටය පසුව තෙලඟු හා දෙමළ භාෂාවලින් ද හඬ කවා ඇත.

ගුජරාටයේ විරෝධය[සංස්කරණය]

නර්මදා බදාඕ අන්දොලන්ට සහය දීම සහ ප්‍රධාන අමාත්‍ය නරේන්ද්‍ර මොදිව විවේචනය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස 50 ක පමණ සර්දාර් පටෙල් ක්‍රියාකාරීන් පිරිසක් පි.වයි.ආර්. හා ඉනොක්ස් සිනමාහල්වලින් පිටත උද්ඝෝෂණ සිදු කර ඇත. තව ද සර්දාර් පටෙල් කණ්ඩායම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ඛාන් මෙයට සමාව අයදින තුරු චිත්‍රපටය ප්‍රදර්ශනයට ඉඩ නො දෙන බවයි. ඒ අනුව ඉනොක්ස් සිනමාහල චිත්‍රපටය ප්‍රදර්ශනයෙන් වැළකි ඇත.

අන්තර්ජාතික වචන අන්ධතාව පිලිබඳ සංගමය[සංස්කරණය]

අන්තර්ජාතික වචන අන්ධතාව පිලිබඳ සංගමය 29.10.2008 වන දින වොෂින්ටනයේ සියැටල් නගරයේ තාරේ සමීර් පර් චිත්‍රපටය ප්‍රදර්ශනය කළේය. මීට නරඹන්නන් 200 ක් පමණ සහභාගී වී ඇති අතර ඉන්දියානු නො වන ජනතාවගේ ප්‍රතිචාර කුමක් වේදැයි දැන ගැනීමට තමන් නො ඉවසිල්ලෙන් පසුවූ බව ඛාන් ප්‍රකාශ කර ඇත. මෙම චිත්‍රපටය ප්‍රේක්ෂකයාගේ නො මද ප්‍රසාදයට හේතු වී ඇති අතර සමහරුන් කඳුළු වගුරවීමෙන් පෙනී යන්නේ ඉන්දියානු හා ඉන්දියානු නො වන ජනතාවගේ ප්‍රතිචාර එකම බවයි.


පිළිගැන්ම[සංස්කරණය]

විචාරාත්මක ප්‍රතිචාරය[සංස්කරණය]

අමීර් ඛාන්ගේ කුළුඳුල් චිත්‍රපටය විචාරකයන්ගේ නො මඳ පැසසුමට බඳුන් වූ අතර ඊට සම්මාන රාශියක් ද ලැබිණි. මෙම චිත්‍රපටයට ධනාත්මක ප්‍රතිචාර රැසක් ලැබී තිබේ. "ද එසෙන්ෂල් ගයිඩ්"හි කතුවරයා හා විචාරකයෙකු වන සුභාෂ් කේ.ජහා කියා සිටියේ මෙය කලාත්මක නිර්මාණයක් බවත්, මෙය දිය සායම් සිතුවමක් නම් එහි වර්ණ අප හදවත වර්ණ ගන්වන බවත්ය. හැගීම් ප්‍රමාණය ඉක්මවා ගියත් එය නිවැරදිව මුසු කිරීමට ඛාන් සමත්ව ඇත. සි.එන්.එන්. හි රජීව් මසන්ද් පවසා ඇත්තේ මෙම සිනමා පටයේ සම්පූර්ණ සාර්ථකත්වය එහි පිටපත මත රඳා පැවැති බවත්, එම පිටපතේ තිබු සමහර කරුණු හදවත පාරන අත්දැකීම් ලබා දුන් බවත්ය. බි.බි.සි.යේ ජස්ප්‍රිත් පන්දෝහර්ට අනුව මෙය මහත් ප්‍රබෝධයට හේතු වන නිර්මාණයකි. තාරේ සමීර් පර් සියළු දෙනා නැරඹිය යුතු බවත්, වෙනස් ආරක චිත්‍රපටයක් බවත්, සියළු දෙනාට යමක් සිතන්නට ඉතිරි කරන බවත් අප්රාජිතා අනිල් පිළිගනියි. චිත්‍රපට නිෂ්පාදකවරයෙක් වන අනුරාග් කාශ්‍යප්ට අනුව එය ඔහුගේ පාසල් නේවාසිකාගාර ජීවිතය මතකයට නංවන කතාවකි. ජහා, පාසල් ළමුන්ට හා දෙමාපියන්ට මෙය බැලීම අනිවාර්ය කළ යුතු බව ප්‍රකාශ කර තිබේ. විශිෂ්ට රංගනයක් හා අධ්‍යක්ෂණයක් තිබුනත් මෙහි පිටපත දුර්වල එකක් බව කියන්නේ ගෞතම් භාස්කරන්ය. ‍ඩෙරෙක් කෙලිද මෙම නිර්මාණය ගැන තම අප්‍රසාදය පළකර ඇත.

විද්වත් ප්‍රතිචාරය[සංස්කරණය]

අනල්ස් ඔෆ් ඉන්දියන් ඇකඩමී ඔෆ් නියුරලොජිහි අම්බර් චක්‍රවර්ති පවසන්නේ ඉෂාන්ගේ වචන අන්ධතාවය රෝගී තත්ත්වය මැනවින් පෙන්වා ඇති බවයි. නමුත් ඔහු තවදුරටත් පැවසුවේ ඉෂාන්ගේ වීජ ගණිතයෙහි දුර්වලතාවය තරමක් පුදුම සහගත බවයි. මන්දයත් එය වචන අන්ධතාවය රෝගී තත්ත්වයේ ලක්ෂණයක් බවයි. කෙසේ වෙතත් එමගින් ඉෂාන්ගේ අසරණ බවේ හා ආබාධිත බවේ ප්‍රතිරූපණය මැනවින් විදහා දක්වන බව ඔහුගේ අදහසයි. නිකුම්භ්ගේ උත්සාහයෙන් ඉෂාන්ගේ කලාත්මක හැකියාව දියුණුවීම ඔහුගේ නො මද පැසසුමට ලක් විය. මේ පිළිබඳව වාර්තාවක් පළ කල ඉන්දියන් ජර්නල් ඔෆ් සයිකියැට්‍රි හි ටී.එස්.සත්‍යනාරායන රාඕ සහ වී.ටි.එස්.ක්‍රිෂ්ණා පවසා සිටියේ මෙය ඉහළින් ම ප්‍රසංශාවට ලක් විය යුතු බවයි. මන්දයත් වචන අන්ධතාවය ඇති දරුවෙකුට සමීපවීමට අවශ්‍ය වෘත්තීය දැනුම මෙන් ම මානුෂීය ප්‍රවේශයක් මෙමගින් සපයන බවයි. එමෙන් ම දරුවන්ගේ සැඟවුණු දස්කම් එළිදැක්වීමට තාඩන පීඩනවලට නො හැකි බව ද ගුරුවරුන් දරුවන්ගේ හැකියා හා දුර්වලතා හඳුනාගෙන ක්‍රියා කළ යුතු බව ද පවසයි. අවසන් වශයෙන් ඔවුන් කියා සිටියේ දරුවෙකු අධ්‍යාපනයට යොමු කිරීමට පෙර ඔහුව හඳුනා ගැනීමට ඇවැසි බවත්, ඉන්දියාවේ වර්ධනය වෙමින් පවතින ඉගෙනීම ආශ්‍රිත ආබාධ පිළිබඳ දැනුවත් කිරීම ද මෙමගින් සිදුවන බවත් ය.

ජනතා ප්‍රතිචාරය[සංස්කරණය]

මෙම චිත්‍රපටය, වචන අන්ධතාවය ගැන අවධානය යොමු කරවන එකකි. තව ද දෙමාපියන්, පාසල් හා නීති සම්පාදකයන් අතර විවෘත සංවාද ඇති කරයි. ඇක්ෂන් ඩයිලෙක්ෂියා දිල්ලිහි නිර්මාතෘ අන්ජුලී බාවා කියා සිටියේ චිත්‍රපටය නිකුත් කිරීමෙන් පසුව බොහෝ දෙමාපියන් තමා හමුවීමට පැමිණි බවයි. ගුප්තා, තමාට විශාල ලිපි හා දුරකථන ඇමතුම් ප්‍රමාණයක් ලැබුණු බවත් පවසා ඇත. චිත්‍රපටය ප්‍රදර්ශනය අරඹා දින 10 කට පසුව ද්විතියික අධ්‍යාපනය පිළිබඳ මණ්ඩලය මෙම දරුවන්හට වැඩි අවධානයක් ලබාදීමට කටයුතු කර ඇත. මුම්බායි නාගරික අධිකාරිය මෙවැනි දරුවන් සඳහා පන්ති කාමර 12 ක් විවෘත කලේය. තව ද චන්දිගාර් හි අධ්‍යාපන බලධාරීන්, ගුරුවරුන්ට මෙම දරුවන් හැසිරවීමට වෙන ම පාඨමාලාවක් සකස් කරන ලදී.

අත්‍යන්ත වර්ණනාව[සංස්කරණය]

තාරේ සමීර් පර්, හොඳම සිනමා කෘතිය ලෙස ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේ දී ද පවුල් ශුභසිද්ධිය සදහා වන හොඳම සිනමා නිර්මාණය ලෙස ජාතික චිත්‍රපට සම්මාන උළෙලේ දී ද සම්මාන ලබා ඇත.

"ඇකඩමි සම්මාන" උළෙලේ දී ඉදිරිපත් කළ අදහස සහ "ස්ලම්ඩෝග් මිලියනයර්"[සංස්කරණය]

ප්‍රථමයෙන් තාරේ සමීර් පර් හොඳම විදේශීය චිත්‍රපටය ලෙස ඉන්දියාවේ නිල ප්‍රවේශය ලෙස 2009 ඇකඩමි සම්මාන උළෙලේ දී නම් කෙරුණ ද එය අවසානය දක්වා යාමට නො හැකි විය. මෙයට හේතු ලෙස එහි වැඩිපුර ගීත අඩංගු වීම, දිග වැඩිවීම දක්වන ලදී. චාන්දනී චෝක් ටු චයිනා චිත්‍රපටය ඇමරිකාවේදී එළි දැක්වීමට ප්‍රථම ද ඇකඩමි ඔෆ් මෝෂන් පික්චර්ස් ඇන්ඩ් සයන්ස් විදේශීය චිත්‍රපට 9 ක් කැප හැරීම නිවේදනය කරන ලද අතර එයට සංවේදී තාරේ සමීර් පර් ද ඇතුළත් විය. සංවේගයයට කරුණ නම් ඇමෙරිකානු මෙන්ස්ට්‍රීම් ප්‍රේක්ෂකයන්ට මෙය බැලීමට අවස්ථාව නො ලැබීමයි. නමුත් චාන්දනී චෝක් ටු චයිනා චිත්‍රපටයට විශාල ප්‍රතිචාරයක් ලැබුණි. තාරේ සමීර් පර් චිත්‍රපයට ද මෙවැනි සහයෝගයක් ලැබුණි නම් ඉදිරියට යාමට තිබුණු බව ඇමෙරිකානු විචාරක ලීසා ටිසේරින්ග් පවසා ඇත.

ඔස්කාර් සම්මාන උළෙලට නිර්දේශ නො වීම තමා පුදුමයට පත් නො කරන බවත්, තමන් සම්මාන සඳහා නොව ප්‍රේක්ෂකයන් සඳහා චිත්‍රපට නිර්මාණය කරන බවත් ඛාන් පවසා ඇත. තමාගේ නිර්මාණවලට ඉතා හොඳ ප්‍රතිචාර ලැබුණු බවත් ඛාන් සඳහන් කර ඇත. ඉන්දියානු මාධ්‍ය, බ්‍රිතාන්‍ය නිර්මාණයක් වූ "ස්ලම්ඩෝග් මිලියනයර්" චිත්‍රපටයත් මෙම චිත්‍රපටයක් සංසන්දනය කර ඇත. චිත්‍රපට විචාරක රජීව් කියා සිටියේ, ප්‍රවර්ධනය අතින් තාරේ සමීර් පර්, ස්ලම්ඩෝග් මිලියනයර් හා සංසන්දනය කළ නො හැකි බවයි. ස්ලම්ඩෝග් මිලියනයර්ට වඩා තාරේ සමීර් පර් හොඳ නිර්මාණයක් බව ස්ලම්ඩෝග්හි රඟපෑ මහේෂ් මන්ජෙකාර් පවසා ඇත.

දේශීය මාධ්‍ය[සංස්කරණය]

යු.ටි.වී.හෝම් එන්ටර්ටේන්මන්ට් සමාගම විසින් 25.08.2008 වන දින මෙම චිත්‍රපටය ඩි.වී.ඩි. පටයක් ලෙස නිකුත් කරන ලදී. එය දර්ශිල් සෆාරිගේ පාසලේ දී සිදු කළ අතර ඊට අමීර් ඛාන් ඇතුළු කාර්ය මණ්ඩලය ද නළු නිලියන් ද සහභාගී වී ඇත. මෙහි දී ඛාන් කළ කතාවේ දී දර්ශිල් ගැන ප්‍රසංශා කරන ලද අතර ඔහුගේ දෙමාපියන්ට ද ගුරුවරුන්ට ද විදුහල්පතිට ද ස්තුති කර ඇත. උතුරු ඇමරිකාව, බ්‍රිතාන්‍යය සහ ඕස්ට්‍රේලියාව තුළ චිත්‍රපට බෙදාහැරීම වෝල්ට් ඩිස්නි සමාගම විසින් සිදු කර ඇත. මෙය චිත්‍රාගාරයක් විසින් ඉන්දියානු චිත්‍රපටයක හිමිකම් මිළ දී ගත් ප්‍රථම අවස්ථාව වේ. ඩිස්නි සමාගම විසින් බෙදාහරින ලද චිත්‍රපට අඩංගු තැටියේ ඉංග්‍රීසි උප සිරැසි සහිත චිත්‍රපටය, චිත්‍රපට විචාර සහ ඉවත් කරන ලද දර්ශන ඇතුළත් වේ.

සිනමා පටයේ ශබ්දපථය[සංස්කරණය]

සිනමා පටයේ ශබ්දපථය 04.11.2007 දින නිකුත් කරන ලදී. බොහෝ සංගීත ඛණ්ඩ ශංකර්, එෂාන් හා ලොයි විසින් රචනා කර ඇති අතර භාව ගීත ප්‍රසූන් ජෝෂි විසින් රචනා කර ඇත. කෙසේ වෙතත් "මේර ජහා" ගීතය ගුප්තගේ නිර්මාණයක් වේ. ජාතික චිත්‍රපට උළෙලේ දී හොඳම භාව ගීතය වෙනුවෙන් ජෝෂි සම්මාන දිනා ගත් අතර එහි දී හොඳම පිරිමි පසුබිම් ගායකයාට හිමි සම්මානය ශංකර් මොදේවන් විසින් දිනා ගන්න ලදී. "බොලිවුඩ් හංගාමා" වෙබ් අඩවියේ ජෝගින්ද්‍ර, ශබ්ද පට පිළිබඳ තමාගේ සතුට ප්‍රකාශ කර ඇති අතර එම ගීත චිත්‍රපටයට වඩාත් උචිත බව ද පවසා ඇත. මීට අමතරව අක්තා ඛාන් ද සුඛන්යා වර්මා ද මෙම ගීත චිත්‍රපටයට සාධාරණයක් ඉටු කර ඇති බව පවසා ඇත. නමුත් ගිටාරය හා සින්තසයිසරය භාවිතය ගැන චෝදනා මුඛයෙන් කතා කර ඇත.

ගීත අංකය ගීත නාමය ගායකයන් ගීත කාලය
1. තාරේ සමීර් පර් ශංකර් මහාදේවන්, ඩොමිනික් සේරෙජෝ, විවියන් පෝචා 7:08
2. ඛෝලෝ ඛෝලෝ රාමන් මහදේවන් 5:01
3. බම් බම් බොලේ ශාන්, ආමීර් ඛාන් 5:32
4. ජාමේ රහෝ විශාල් දඩ්ලනි 2:59
5. මා ශංකර් මහදේවන් 5:14
6. භේජා කුම් ශංකර් මහදේවන්, බග්ස් භාර්ගව, ශංකර් සච්දෙව්, රෝඅජ් ගොපල්, රවී ඛන්විකෙර්, ලොය් මෙන්දොන්සා, අමෝල් ගුප්තා, කිරාන් රෝ, ආමීර් ඛාන්, රාම් මාධවනී, 2:07
7. මේරා ජහන් අධාණන් සාමි, ඖරිඑල් කොර්දෝ, අනන්‍ය වද්කර් 6:32
8. ඉශාන්ස් තීම් ලොය් මෙන්දෝන්සා, ශංකර් මහදේවන්, එශාන් නූරාණි 4:13
  1. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; numbers නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  2. "Top Lifetime Grossers Worldwide (IND Rs)". Boxofficeindia.com. May 25, 2012 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය October 14, 2011.
  3. Like Stars on Earth DVD commentary. Event occurs at approximately 2:06:00
"https://si.wikipedia.org/w/index.php?title=තාරේ_සමීන්_පර්&oldid=286309" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි