මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි
Venerable Migettuwatte Gunananda Thera (1823-1890).jpg
ආගම ථේරවාද බුද්ධාගම
පාසල ථේරවාද
Personal
උපත පෙබරවාරි 9, 1823(1823-02-09)
මොහොට්ටිවත්ත (මිගෙට්ටුවත්ත), බලපිටිය, බ්‍රිතාන්‍ය ලංකාව
මරණය සැප්තැම්බර් 21, 1890(1890-09-21) (වයස 67)
කොළඹ, බ්‍රිතාන්‍ය ලංකාව
Senior posting
Based in දීපදුත්තාරාමය, කොටහේන, කොළඹ
පදවියන් වාදීභසිංහ (වාදයෙහිදී සිංහයෙක් වැනි)
ආගමික වෘත්තිය
ගුරුවරයා තෙලිකඩ සොනුත්තර තෙරණුවෝ

මෑත යුගයේදී බුද්ධ ශාසනයේ චිර පැවැත්ම උදෙසා මහගු ශාසනික සේවයක් ඉටුකල බෞද්ධ භික්ෂුන් අතරින් ඉදිරියෙන්ම කියවෙන් නාමයක් වේ නම් ඵ් මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන්ගේ නාමයයි. එවකට බෞද්ධයන් විසින් කිතුණුවන් සමග යෙදුණු වාද වලදි උන් වහන්සේ නායකත්වය ගෙන කටයුතු කිරිමත් සමග උන් වහන්සේ නිතැතින්ම මහත් ප්‍රසිද්ධියට පත්වුයේය.

මුල්කාලීන ජිවිතය[සංස්කරණය කරන්න]

බලපිටිය මොහොට්ටිවත්ත නම් ගම්මානයේදී අසනේරිස් මැන්දිස් මහතාටත් සීනිගම කලුදුර මල්දෝ ද සිල්වා මැතොණියටත් 1823 පෙබරවාරි 09 වෙනි දින පුත්‍ රුවනක් ලැබින. හේ නමින් ම්ගෙල් මැන්දිස් නම් විය. දොලොස් හැවිරිදි වියෙදී සසුන් ගත වු මේ කුමරා පසූව මොහොට්ටිවත්තෙ ගුණානන්ද හිමි නම් විය. සිය ගුරු හිමියන්ගේත් පියාණන්ගේත් අභාවයෙන් මහත්සේ කම්පාවට පත් ගුණානන්ද හිමියො සිය පැවිදි දිවියෙන් තාවකාලිකව සමුගත් බව පෙනෙන්නට තිබේ. පැවිදි දිවිය තුලදි තමනට හැකි උපරිමයෙන් සිංහල,පාලි,සංස්කෘත ආදි භාෂාවනුත් බුදු දහමත් උගත් උන්වහන්සේ පසුකාලිනව ලද ඉංග්‍රිසි භාෂා අධය්‍යාපනයත් සමග කිතු දහමද මැනවින් උගත්තේය. බුදු දහමෙත් කිතු දහමේත් සංසන්දනාත්මක අධය්‍යනයෙන් එලඹ් නිගමන ඔස්සේ පසුකාලීනව බුදු දහමෙහි චිරස්ථිතිය වෙනුවෙන් කැප වු බවක් පෙනෙන්නට තිබේ.

එකල කරදරයක් නැතිව මහ මග ගමන් ගන්නා අයෙක් වි නම් හෙතෙම බයිබලයක් අතින් දරා සිටින්නෙකු විය යුතුය. ඊට හේතුව වුයෙ කිතුදහමටත් බටහිර ඌජාරුවටත් එකල හිමිව තිබු සැලකිල්ලය. එසේ නොවන්නට යම් ‍යම් දුෂ්කරතාවයන්ට ලක්වන්නට සිදුවිම සුලභ සිද්ධියක් විය. එමෙන්ම සිංහල ජාතියටත් බුදු දහමටත් මෙකල රජයෙන් එතරම් සැලකිල්ලක් නොදැක්වින. 1849 වර්ෂයෙ දී පැනවු එක් නියෝගයකට අනුව කොළඹ නගරයේ වු සියලු බෝ ගස් කපා ඉවත් කිරිම කළ යූතු විය. එහෙත් මෙකි නියෝගය නිසියාකාරයෙන් ක්‍රියාත්මක කරන්නට මොහොට්ටිවත්තේ ගුනාණන්ද හිමියන් ප්‍රමුඛ කොළඹ බෝධිරාජ සමිති‍යෙන් ඉඩ නොලැබිණි. තිබු බෝ ගස් කැපිමට ඉඩ නොදිමත් කැපු ගස් වෙනුවට තවත් බෝ ගස් සිටුවිමත් උන්වහන්සෙගේ ප්‍රධානත්වයෙන් පිහිටවු සමිතියෙන් සිදු කෙරිණ.

මහා වාද[සංස්කරණය කරන්න]

මෙකල බුදු දහමත් කිතුනුදහමත් අතර පැවති පංච මහාවාද වැඩ සටහන පිලිබදවත් නොකියාම බැරිය. එවැනි වාද අතුරින් පානදුරා වාදය බෞද්ධාගමට වාසි ලබා දෙමින් නිමාවු‍යෙය. මෙම ජයග්‍රහනයෙන් වාර්තා ඉංග්‍රිසි භාශාවෙන් කිය වු හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා ඉන් පැහැදි ශ්‍රි ලංකාවේ බෞද්ධාගමික කටයුතු කෙරෙහි මුල් වු බව කියවේ. සිංහල බෞද්ධ කොඩියේ ආරම්භය සනිටුහන් වන්නේ මොහොට්ටිවත්තෙ ගුණානන්ද හිමියන්ගේ විවාදයන් හි එසවු ධර්ම චක්‍රය ඇතුලත් කොඩියේ සිටය.

ඇළ අකු'තද පැහැති අකුරු පෙළ'තද පැහැති අකුරු පෙළ'රු පෙළ=== පානදුරා වාදය ===

මහා වාදයන්හි බලපෑම්[සංස්කරණය කරන්න]

==අපවත් වීම මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි නමින් ‍යම් තැනක සදහන් වන උන්වහන්සේගේ චතුර කථිකත්වය නිසාම "වාදිභසිංහ" නාමය උරුම කරගත් බව සද්හන්වේ. මෙවන් නිර්භීත ශාසනික සෙවාවන් ‍රැසක් ඉටුකල උන්වහන්සේ ඓතිහාසික සැමරුම් රාශියක් ඉතිරි කරමින් වර්ෂ 1890 සැප්තැම්බර් 21 වන දිනයේ අපවත් වී වදාළහ.

මූලාශ්‍ර[සංස්කරණය කරන්න]