මැඩම් ටුසූ, හොංකොං

විකිපීඩියා වෙතින්
මැඩම් ටුසූ, හොංකොං
ඇතුලු වීම මැඩම් ටුසූ, හොංකොං
සම්ප්‍රදායික චීන香港杜莎夫人蠟像館
සරලීකෘත චීන අක්ෂර香港杜莎夫人蜡像馆

මැඩම් ටුසූ, හොංකොං, චීනයේ පිහිටි කීර්තිමත් වැක්ස් කෟතුකාගාරයේ කොටසක් වන අතර එයට අරමුදල් සපයනු ලබන්නේ ප්‍රංශයේ මෙරී ටුසූ මගින්ය, එය පිහිට අත්තෙ හොංකොං දුපත් වල පිහිටි හොංකොං හි පීක් කුලුන තුලය. එය ආසියවේ පිහිටි ප්‍රතම හා ස්තීර මැඩම් ටුසූ කෟතුකාගාර 2න් එකක් වෙයි, අනෙක ශැන්ග්හයි ශකාවයි, එය විවෘත කලේ 2006 දීය.[1] හොංකොං හි පිහිටි ශාකාවේ ජාත්‍යන්තරව සුප්‍රසිද්ද පුද්ගලයන් 100 කට ආසන්න දෙනෙකුගෙ ඉටි රූප ඇත,ආසියානු රූප සමගින් එම එකතුව තුන් ගුණයකටත් වඩා වැඩිවේ, එයින් 16 දෙනෙකු හොංකොං අය වෙයි.[2][3] ඉටි රුප ලක්ශන අනුව හොංකොං ලස්සනම පුද්ගලයින්, සංගිතයෙ විශේශ පුද්ගලයින්, ඓතිහාසික හා ජාතික වීරයන්, ක්‍රිඩාවේ දක්ශයින් හා යන තෙමා යටතෙ වර්ගී කරනය සහ ලොකයෙ ප්‍රතම දර්ශනය.

ඉතිහාසය[සංස්කරණය]

හොංකොං හි පිහිටි වික්ටොරියා පීක් වල පිහිටි පීක් කුලුන

1990 අග භාගයේ, මැඩම් ටුසූ ස්තාන ලොව පුරා පැතිරුනා ප්‍රදාන නගර වල ලන්ඩන්, ඇමස්ටර්ඩැම් සහ ලාස් වෙගාස්, නමුත් ආසියා-පැසිපික් කලාපයේ එකක්වත් නැත . "මැඩම් ටුසූගේ සන්චාරක ආකර්ශනය" ආසියානු නගර වන සින්ගපූරුව, ඔස්‍රටේලියාව පතිරුනා, විශාල වශයෙන් ජනප්‍රිය බව සනාත කරමින්, ටුසූ මණ්ඩලය තීරනය කරා ඉහල ඉල්ලීම සපුරන්න ආසියවේ ඔවුන්ගේ ස්තිර ස්තනයක් පිහිටවන්න, හොංකොං තොරා ගත්තේ ආසියනු වෙළද පොලට සමීප නිසා.[1]

මැඩම් ටුසූ හොංකොං විවෘත කලේ පීක් හිදී 2000 දී, මේ දක්වා ජාත්‍යන්තරව ප්‍රසිද්ද පුද්ගලයන් සහ දේශීය සුවිශේශී පුද්ගලයන්ගේ 100 කට ආසන්න දෙනෙකුගෙ ඉටි රූප ඇත — ආසියානු රූප සමගින් එම එකතුව තුන් ගුණයකටත් වඩා වැඩිවේ, එයින් 16 දෙනෙකු හොංකොං අය වෙයි. ආසියාවේ කීර්තිමත් පුද්ගලයින් සහ සුපිරිතරු බොහො විට වරප්‍රසාදය හිමිවනව විවෘත කරන්න ඔවුන්ගේ ඉටි රූපය තරමක ඔවුන්ගේ ප්‍රෙක්ශක පිරිසක් සමග. 2005 සෙප්තෙම්බර්, එය එහි අලුත්වඩියා කිරීම් ආරම්භ කල අතර ඔවුන්ගේ බලාපොරොත්තුව වුයේ අමුත්තන්ට ආකර්ශනීය සහ විනෝදකමී අත්දැකීමක් අතුලත් කිරීමයි. එය නැවත විවෘත කලේ 2006 මැයි 18 හොංකොං ඩොලර් මිලියන 20 (යු.එස්.$2.6 මිලියන) ක වියදමින් එයට තවත් වර්ග මීටර 700 (7,500 එස්.කියු. එෆ්.ටි.) ක මහල් 3 කින් සමන්විත ප්‍රදර්ශන ඉඩකඩක් සහ තේමා 5කට බෙදන ලද ප්‍රදේශ ද එක් කරමිනි.[4] ආගන්තුකයන්ට ආකර්ශනීය පෙදෙස් හරහා ගමන් කල හ්කි අතර තරු සමග මිශ්‍ර වීමට ඔවුන්ට එම තේමා සහිත ප්‍රදේශ වල හොංකොං ම‍න‍ මෝ‍හ‍න‍ චරිත, සංගිතයෙ විශේශ පුද්ගලයින්, ඓතිහාසික හා ජාතික වීරයන්, ක්‍රිඩාවේ දක්ශයින් සහ ලොකයේ ප්‍රසිද්ධ නාට්‍ය වල මංගල දර්ශනය ඇතුලත්ව නැවතිය හැක.[1]

2008 දී, කෟතුකාගාරයේ ප්‍රධානියා බ්‍රෙට් පිඩ්ගිඔන්, ඔහු වර්ථමානයේ මැඩම් ටුසූ හොංකොං සහ ශැන්හයි සාමාන්‍යාධිකාරී වේ. ඔහු මීට පෙර මැඩම් ටුසූ නිව්යෝර්ක් හි අව් රුදු 8 ක් සෙවය කර තිබේ.[5] නගර මධ්‍යන්යlයේ පිහිටි කෟතුකාගාරයට කුඩා බස් රථ, කුලි රථ හො පීක් ට්‍රැම් රථ භාවිතයෙන් ලගා වියහැකි අතර එය පෙ.ව. 10 සිට ප.ව. 10දක්වා අවුරුද්දේ සැම දවසක් පුරාම විවෘතව පවතී. ඇතුල් වීමේ ගස්තුව වැඩිහිටියකු සදහා එච්.කේ.$140 (යු.එස්.$18) සහ අවුරුදු 3 ත් 11 ත් අතර ළමයකු සදහා එච්.කේ.$70.[6]

ඉටි රූප සෑදීමේ ක්‍රියාවලිය[සංස්කරණය]

ගායන සහ චිත්‍රපට තරුවගේ ඉටි පෙනුම ඇන්ඩි ලො

ඉහල හැකියා වලින් යුක්ත වූ මැඩම් ටුසූ හි මුර්ති ශිල්පයින් එක් වරක් හො වඇඩි වාර ගනනාවක් ප්‍රසිද්ද පුද්ගලයා සමග කෙලින්ම සම්බන්ද වීමට අවස්තාව හිමිවන අතර හිසකෙස්වල පාට ඇස් වල පාට සටහන් කරගනී, 500 කට වඩා වැඩි ඉතා නිවැරදි සිරුරේ ප්‍රමානයන් සටහන් කරගනී.[7] ඉතාම වැදගත් දෙය වනුයේ අදාල ප්‍රසිද්ද පුද්ගලයාගේ පෟරුෂත්වය ආවර්ජනය වන එකිනෙකාට විශේෂිතවු ලක්ශන හන්ඩුනා ගනිමයි. ඊලග පියවර වනුයේ අච්චුව සැදීමට අදාල හිස සහ සිරුර මැටිවලින් සාදා ගැනීමයි. අච්චුව භාවිතයෙන් හිස සහ අත් වල හැඩය ඉටි වලින් සාදා ගනී, ඇස් ඇතුලත් කරනු ලැබේ. එක් එක් ඇසක් මුල් පිටපතෙහි තත්වයම ලබාගැනීමට අතින් පාට කරනු ලැබේ. මීලගට් ඇත්ත මිනිස් හිසකෙස් යොදාගනී.[7]

හිස සහ අත් පාටකර තිබෙන්නේ තෙල්, ජලය සහ ඇක්‍රලික් පාට කලවම් කිරීමෙන්. අච්චුව භාවිතා කිරීමෙන් සිරුර ෆයිබර්ග්ලාස් වලින් සාදයි, පසුව හිස සහ අත් ෆයිබර්ග්ලාස් සිරුරට සවිකරන අතර බොහෝවිට ප්‍රසිද්ද පුද්ගලය ලබාදෙන අදුම් අන්දවයි. හැඩ ගැසී පෙනීම, රෙදිපිලි සහ මුහුණෙහි ස්වභාවය යන සියලුම දේ රූපය හැකිතක් තාත්වික කිරිමට ඉවහල් වේ. මේ සියලු ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමට සාමාන්‍යයෙන් 20 දෙනෙකුගෙන් යුක්ත කණ්ඩායමකට මාස 6 ක කාලයක් ගතවන අතර[7] එකක් සදහා වියදම හොංකොංඩොලර් මිලියනයක් පමණ වේ.[8]

අසමසම රූප[සංස්කරණය]

  • මිරිඅම් යෙඋං රූපය, විවෘත කලේ 2006 නොවැම්බර්, එය ඇතුලත සවිකල සන්වෙදක උපකරණ සමග ලොව ප්‍රතම වරට නිර්මණය කලේ සිනහව උපදවන්න. මිරිඅම් ප්‍රසිද්දව සිටියෙ ඇයගේ සෙල්ලම්-ආදරය සහ මායකාර චරිත ලක්ශන නිසා, මැඩම් ටුසූට අවශ්‍ය උනා එම ගති ලක්ශන රූරයට අතුලත් කරන්න.[9]
  • ඇන්ඩි ලො රූපය, විවෘත කලේ 2005 අප්‍රේල් , එය ප්‍රතම ස්ථානය ප්‍රාණවත් මූර්ථියක් දක්ශ්ලෙස අතින් ඉටි වලට වඩා සිලිකන් යොදාගෙන නිර්මාණය කල. ලො ගේ ප්‍රාණවත් හෘද ස්පන්ධනය නිර්මාණ්ය කලේ මැඩම් ටුසූ ඇමැස්ටර්ඩැම් හි ඇති බ්‍රැඩ් පිට් ගෙ අනුරුවේ ස්ථාපනය කර ඇති පද්ධතියම වෙයි.[8]

මූණුවර චරිත ලක්ශන[සංස්කරණය]

ප්‍රසිද්ද යුද්ගලයන් ලක්ශන අනුව එක් එක් තේමා යටතට වර්ගීකරණය කල ලැයිස්තුව:[2]

හොංකොං ම‍න‍ මෝ‍හ‍න‍ චරිත[සංස්කරණය]

  1. ජැකී චැන්
  2. ජෙයි චොඋ
  3. බෘස් ලී
  4. මිචෙල් යෙඔහ්
  5. අයුමි හමසාකි
  6. බ්‍රැඩ් පිට්
  7. එඩී මර්ෆි
  8. එලී මැක්පිහසන්
  9. ජෙරාර්ඩ් ඩෙපර්ඩිඋ
  10. හග් ග්‍රාන්ට්
  11. ජොආන ලුම්ලෙ
  12. කෙලී චෙන්
  13. මෙල් ගිබ්සන්
  14. මෙරිල් ස්ට්‍රීප්
  15. නඔමි කැම්ප්බෙල්
  16. සෙසිලිආ චෙඋන්ග්
  17. ආරොන් ක්වොක්
  18. ලිඔ කු (එක් කලේ 2007 අප්‍රේල් 4)[12]
  19. ජැනිස් විඩල් (එක් කලේ 2007 ජූලි 18)[13]
  20. ඇන්ජලිනා ජොලි (එක් කලේ 2007 සැප්තැම්බර් 27)[14]
  21. ඩොනි යෙන් (එක් කලේ 2010 අප්‍රේල් 30)[15]
  22. ජෙට් ලි (එක් කලේ 2010 සැප්තැම්බර්28)[16]

ක්‍රිඩාවේ දක්ශයින්[සංස්කරණය]

  1. ඩෙවිඩ් බෙකම්
  2. ලී ලඉ ශන්
  3. මුහම්මඩ් අලි
  4. යඔ මින්ග්
  5. චියෝනොෆුජි මිට්සුගු
  6. ලිඋ ෂිඇං
  7. ටයිග වුඩ්ස්
  8. රොනල්ඩිනො (එක් කලේ 2007 දෙසැම්බර්)[17]

ඓතිහාසික හා ජාතික වීරයන්[සංස්කරණය]

ජෙ චොවුගෙ ඉටි පිලිරුව
ජෙ චොවු(周傑倫)


ගොනුව:Teresa Teng MTHK.jpg
ටෙරෙසා ටෙං (鄧麗君), ආසියාවේ අති විශේශ පොප් ගායකයා
  1. ලෙස්ලි චෙඋන්ග්
  2. ඩයනා, වෙල්සයේ කුමරිය
  3. ලුසියානා පවරොටී
  4. මහත්මා ගාන්ධි
  5. නෙල්සන් මැන්ඩලා
  6. බිල් ක්ලින්ටන්
  7. ජෝර්ජ් ඩබ්ලිව්. බුශ්
  8. බැරැක් ඔබාමා (එක් කලේ 2009 ජනවාරි)[18]
  9. මික්හෙයිල් ගෝබාචිව්
  10. සදාම් හුසේන්
  11. එඩින්බර්ග් ආදිපාදවරයා
  12. 2වන එලිසබත්
  13. වේල්සයේ කුමාරයා
  14. රාජකීය කුමරිය
  15. කේම්බ්‍රිජ් ආදිපාදවරයා (එක් කලේ 2007 අගෝස්තු 7)[19]
  16. ඇඩොල්ෆ් හිට්ලර්
  17. ශ්‍රීමත් වින්සන් චර්චිල්
  18. රෙම්බ‍්‍රාන්ට් වෑන් රිජ්
  19. පැබ්ලො පිකාසො
  20. වොල්ෆ්ගැන්ග් අමඩියුස් මොසාර්ට්
  21. ඩෙං සියොපිං
  22. ජියැං සෙමින්
  23. ලි කා ෂිං
  24. ලී කුආන් යෙව්
  25. ශිගෙරු යොශිඩා
  26. හු ජින්ටාඔ
  27. ඇල්බට් අයින්ස්ටයින්
  28. ජෝන් හෝවඩ්
  29. මැඩම් ටුසූ
  30. සන් යට්-සෙන් (එක් කලේ 2007 ජූලි)[13]
  31. මාඕ සේඩොන්ග් (එක් කලේ 2007 ජූලි)[13]
  32. යැන්ග් ලිවෙයි (එක් කලේ 2007 ජූලි)[13]
  33. ඩොනල්ඩ් ට්සන්ග් (එක් කලේ 2008 අප්‍රේල් 7)[20]

මැඩම් ටුසූ ශැන්හයි[සංස්කරණය]

දෙවන ආසියානු මධ්‍යස්තානය පිහිටා ඇත්තේ චීන නගරයක් වන ශැන්හයි නගරයේය. එය පෙරදිග ආසියාවේ ශැන්හයි හි ප්‍රසිද්ධිය වැඩි වීමටත් සංචාරක ආකර්ශනය වැඩි විමටත් සංචාරකයන් ප්‍රමනය වැඩි කරගැනීමටත් හෙතු විය, ටුසූ මණ්ඩලය 2004 මුල් භාගයේ දී ශැන්හයි බලධාරීන් සමග සාකච්චා කලා ආසියාවේ දෙවන කෟතුකාගාරයත් ස්තාපනය කිරිමේ හැකියව පිළිබදව. ශැන්හයි බලධාරීන් එම යෝජනාවට එකග වූ අතර මැඩම් ටුසූ ශැන්හයි (上海杜莎夫人臘像館) 2006 මැයි 1 වන දින බටහිර නැන්ජින් පාර තුල පිහිටි නව ලෝක දෙපාර්තමේන්තු ගබඩාවෙ 10 වන මහලෙහි විවෘත කරන ලදී.[21]

ශැන්හයි ශාකාවේ මේ දක්වා ජාත්‍යන්තරව ප්‍රසිද්ද පුද්ගලයන් සහ දේශීය සුවිශේශී පුද්ගලයන් 75 කට ආසන්න ඉටි රූප, සහ එහි 2වන හා 3වන පියවර වලදී තවත් වඩිපුර එකතු කිරීමට බලාපොරොත්තු වේ.[22] කෟතුකාගාරය අවුරුද්ද පුරාම සැම දවසකම උදෑසන 10 සිට රාත්‍රී 10 දක්වා විවෘතව පවතින අතර එය මාතෘකා 7 කට බෙදා ඇත: මන මෝහිනියන්, තිරය පිටුපස, ඉතිහාසය සහ වීරයෝ, සංගීතය, චිත්‍රපට, වේගය සහ ක්‍රීඩාව. ඇතුල් වීමේ ගස්තුව වැඩිහිටියකු සදහා ආර්.එම්.බී. 135 (යු.එස්.$20) වන අතර ශිෂ්‍යයකු සදහා ආර්.එම්.බී. 100 වේ.[23] මැඩම් ටුසූ ශැන්හයි යනු ලන්ඩන්, ඇමස්ටර්ඩෑම්, නිව් යොර්ක් නගරය සහ හොංකොං පසුව ටුසූ මණ්ඩලයේ 6 වන ඉටි වැඩ කෟතුකාගාරය වෙයි.[22]

මේවාද බලන්න[සංස්කරණය]

සඳහන් කිරීම[සංස්කරණය]

  1. 1.0 1.1 1.2 "මැඩම් ටුසූ ඉතිහාසය: 1980-2000". මැඩම් ටුසූ හොංකොං. සම්ප්‍රවේශය 2007-05-07.
  2. 2.0 2.1 ටුසූ මණ්ඩලය (2006). මැඩම් ටුසූ හොංකොං අත්පොත. මැඩම් ටුසූ හොංකොං.
  3. . මැඩම් ටුසූ හොංකොං http://www.madame-tussauds.com.hk/eng/m_clipping.asp. සම්ප්‍රවේශය 2008-06-20. {{cite web}}: Missing or empty |title= (help); Text "පුවත්: ප්‍රෙස් ක්ලිපින්ස්" ignored (help)[භින්න වූ සබැඳිය]
  4. "ආරොන් ක්වොක් ගෙ පිලිරුව නිරාවරනය කෙරෙනවා අලුත්වැඩියා කෙරුනු මැඩම් ටුසූ හොංකොං හි". සින්හුආ පුවත් සමාගම. 2006 මැයි 22. {{cite news}}: Check date values in: |date= (help)
  5. "බ්‍රෙට් පිඩ්ගිඔන් - මැඩම් ටුසූ හොංකොං සහ ශැන්හයි සාමාන්‍යාධිකාරී". දකුණු චීනයේ උදෑසන කතුවැකිය. 2008 අප්‍රේල් 7. p. වෙළදාම, තාක්ෂනය. {{cite news}}: Check date values in: |date= (help)
  6. "මැඩම් ටුසූ හොංකොං: General ප්‍රවෙශය". මැඩම් ටුසූ හොංකොං. සම්ප්‍රවේශය 2008-06-12.
  7. 7.0 7.1 7.2 මැඩම් ටුසූ හොංකොං අත්පොත (2006) — "චිත්‍රාගාර රහස්: ඉටි රූප සෑදීමේ ක්‍රියාවලිය".
  8. 8.0 8.1 සැකිල්ල:සයිට් පුවත්
  9. සැකිල්ල:සයිට් පුවත්
  10. සැකිල්ල:සයිට් පුවත්
  11. සැකිල්ල:සයිට් පුවත්
  12. "ලිඔ කු ඔහුගේ කාටුන් නිශ්පාදනය වු "කුබි" සමග මැඩම් ටුසූ හිදි මුහුනට මුහුන මුනැග්සේ..." මැඩම් ටුසූ හොංකොං. සම්ප්‍රවේශය 2007-08-27.
  13. 13.0 13.1 13.2 13.3 "විඩල් ඩස් අ ඩබල් ටේක්, පසුව ඉටි සතුටෙන් උතුර යයි". දකුණු චීනයේ උදෑසන කතුවැකිය. 2007 ජූලි 21. {{cite news}}: Check date values in: |date= (help)
  14. "නිර්මාණ ඉතිහාසය: සයිමොන් යම් ටැට්-වහ් සහ කුයි කුයි ඔවුන්ගේ ඉටි රුප සමග හැඩගැසී පෙන්වයි...". දකුණු චීනයේ උදෑසන කතුවැකිය. 2007 සැප්තැම්බර් 28. p. එෆ්ටී පුවත්, අධ්‍යාපනික. {{cite news}}: Check date values in: |date= (help)
  15. "අයිපී මිනිසා ලෙස ඩොනි යෙන් රුව එලිදැක්වේ". මැඩම් ටුසූ හොංකොං. සම්ප්‍රවේශය 2011-02-14.
  16. "කුංෆු සුපිරිතරු එ ලැයිස්තුවට ජෙට් ලි සඩරයෙන් පිලිගනිමු". මැඩම් ටුසූ හොංකොං. සම්ප්‍රවේශය 2011-02-14.
  17. සැකිල්ල:සයිට් පුවත්
  18. මැඩම් ටුසූ හොංකොං. "ජනාධිපති බැරක් ඔබාමා කර්යාලය ලබගනී". මැඩම් ටුසූ හොංකොං. සම්ප්‍රවේශය 2010-05-01.
  19. සැකිල්ල:සයිට් පුවත්
  20. සැකිල්ල:සයිට් පුවත්
  21. සැකිල්ල:සයිට් පුවත්
  22. 22.0 22.1 සු, සිඔමින් (2006 මැයි 2). "ශැන්හයි වලදී තරු මුහුනට මුහුන හමු වේ". චයිනා ඩේලි. {{cite news}}: Check date values in: |date= (help)
  23. "මැඩම් ටුසූ ශැන්හයි: සමාන්‍ය අතුලත් වීම (චීන)". මැඩම් ටුසූ ශැන්හයි. සම්ප්‍රවේශය 2008-07-15.

බාහිර සම්බන්ධයන්[සංස්කරණය]

සැකිල්ල:කුඩා උකුසු ආකර්ශනය ඛණ්ඩාංක: 22°16′17.49″N 114°8′59.45″E / 22.2715250°N 114.1498472°E / 22.2715250; 114.1498472

"https://si.wikipedia.org/w/index.php?title=මැඩම්_ටුසූ,_හොංකොං&oldid=592934" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි