මනෝ විජයරත්න

විකිපීඩියා වෙතින්
මනෝ විජයරත්න
මනෝ විජයරත්න
උපත28 ජූලි 1957
මියගිය දිනය29 ඔක්තෝබර් 2011 (වයස 54)
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
උගත් ශාස්ත්‍රාලයරාජකීය විද්‍යාලය, කොළඹ
රැකියාවදේශපාලනය
සමාජ සේවය
දේශපාලන පක්ෂයඑක්සත් ජාතික පක්ෂය
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය
කලත්‍රයා(යන්)දුෂ්‍යන්ති වෑගොඩපොල
භාරතී විජේරත්නය (දෙවන සහකාරිය)
දරුවන්සුබෝ විජයරත්න
වරනුෂා විජයරත්න (අඩු වයසින් මිය ගියේය) හා
හසිත විජයරත්න
ආගමබෞද්ධ

නිශ්ශංක මනෝද විජයරත්න (ඉංග්‍රීසි: Nissanka Manodha Wijeyeratne) (28 ජූලි 1957 - 29 ඔක්තෝබර් 2011) දේශපාලනඥයෙක්, රජයේ අමාත්‍යවරයෙකු, ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්, මාර්ග අනතුරු වැළැක්වීමේ ජාතික අධිකාරියේ සභාපති, කෑගල්ල දිස්ත්‍රික්කයේ දැදිගම මැතිවරණ කොට්ඨාශයේ එක්සත් ජාතික පක්ෂයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කල ඔහු වසර 17ක් කෑගල්ල දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ද විය. විජයරත්න ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ රජයේ ව්‍යවසාය සංවර්ධන කැබිනට් නොවන අමාත්‍යවරයා ලෙස සහ ජනාධිපති ඩී බී විජේතුංග ගේ රජය යටතේ වැවිලි සේවා අමාත්‍යවරයා ලෙසද කටයුතු කර ඇත. [1][2][3]

පූර්ව අවධිය හා අධ්‍යාපනය[සංස්කරණය]

මනෝ, වයස අවුරුදු පහේ දි

ශ්‍රී ලංකාවේ කීර්තිමත් දේශපාලන පරම්පරාවක උපත ලද ඔහු ආචාර්ය නිශ්ශංක විජයරත්න සහ නීටා දුල්ලෑවේ විජයරත්න ගේ දෙවන පුත්‍රයා වූ අතර ඔහුට සහෝදරයන් තිදෙනෙකු සහ සහෝදරියක් සිටියේය. ඒ නෙරංජන්, අනුරාධ, ලංකේෂ් සහ නිශාංගනී. වර්ෂ 1931 දී පැවැති ප්‍රථම රාජ්‍ය මන්ත්‍රණ සභා ඡන්දයේදී කෑගල්ල මැතිවරණ කොට්ඨාශයේ මන්ත්‍රී ධූරය හෙබවූ පළමුවැන්නා වූද නිදහස් සටනේ පුරෝගාමියෙකු වු ඩී.එස්. සේනානායක රජයේ ස්වදේශ කටයුතු සහ ග්‍රාමීය සංවර්ධන කැබිනට් අමාත්‍ය ශ්‍රීමත් එඩ්වින් විජයරත්න යන් ගේ මුණුපුරේකි. මනෝ විජයරත්න ප්‍රාථමික අධ්‍යාපනය හා ද්විතීය අධ්‍යාපනය ලැබුවේ කොළඹ කොළඹ රාජකීය විද්‍යාලයෙන්ය.



දේශපාලන ජීවිතය[සංස්කරණය]

මනෝ විජයරත්න වසර 17ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කර ඇති අතර 1989, 1994, 2000 සහ 2004 යන වර්ෂවලදී එක්සත් ජාතික පක්ෂයෙන් කෑගල්ල දිස්ත්‍රික්කයෙන් සිව් වතාවක් පාර්ලිමේන්තුවට තේරී පත් වී ඇත. ඔහු 1989 සිට එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෙකි. 2007 දී එක්සත් ජාතික පක්‍ෂයේ සාමාජිකත්වයෙන් ඉවත්ව ශ්‍රි ලංකා නිදහස් පක්‍ෂයට යාමට පෙර ඔහු එක්සත් ජාතික පක්ෂයේ කෑගල්ල දිස්ත්‍රික්කයේ හිටපු දිස්ත්‍රික් නායකයෙකි. මනෝ විජයරත්න ව්‍යවසාය සංවර්ධන හා වැවිලි සේවා පිළිබඳ කැබිනට් නොවන අමාත්‍යවරයා ලෙස ද කටයුතු කර ඇත. මිය යන විට ඔහු දැදිගම ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායකවරයා ලෙස කටයුතු කරමින් සිටියා.

පෞද්ගලික ජීවිතය[සංස්කරණය]

මනෝ විජයරත්න ගේ දරුවන් වන සුබෝ හා හසිත සමග

ඔහු ප්‍රථමයෙන් විවාහ වූයේ මාතලේ උකුවෙල රත්වත්තේ වලව්වේ කර්නල් ස්ටැන්ලි වෑගොඩපොල (ශ්‍රී ලංකාවේ ජනාධිපතිතුමා ගේ හිටපු ADC) සහ ප්‍රේමා වෑගොඩපොල මහත්මිය ගේ දියණිය දුෂ්‍යන්ති වෑගොඩපොල සමඟය. මනෝ විජයරත්නට දරුවන් තිදෙනෙක් සිටි අතර, වැඩිමහල් පුත් මහාචාර්ය සුබෝධන විජයරත්න කලා උපාධිය (BA) සහ ශාස්ත්රපති උපාධිය (MA) එක්සත් රාජධානියේ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයෙන් සහ ආචාර්ය උපාධිය (PhD) ඇමරිකා එක්සත් ජනපදයේ මැසචුසෙට්ස් හි හාවඩ් විශ්ව විද්‍යාලයෙන් ලැඹු ඔහු වත්මන්හි ඇමරිකා එක්සත් ජනපදයේ ලෆායෙට් හි පර්ඩියු විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙකි.[4][5][6][7], වරනුෂා විජයරත්න (ඉතා අඩු වයසින් මිය ගියේය), සහ හසිත විජයරත්න එක්සත් රාජධානියේ හර්ට්ෆර්ඩ්ෂයර් විශ්ව විද්‍යාලයෙන්වි කිරණවේදි උපාධිධාරියෙකක් (BSc) වන අතර ඔහු දැනට මහා බ්‍රිතාන්‍යයේ සේවය කරයි. ඔහුගේ දෙවන සහකාරිය භාරතී විජේරත්නය.


ජීවිතයෙන් සමු ගැනිම[සංස්කරණය]

‘දැදිගම හිතවතා’ නමින් ප්‍රකටව සිටි මනෝ විජයරත්න, පක්ෂ,පාට දෙවැනි තැනට දමමින් රටෙත්, ජනතාවගේත් යහපත හා අභිවෘද්ධිය ඇතිකරලීමට කොතරම් අභියෝගාත්මක දේශපාලන තීන්දු තීරණ ගැනීමට වුව පසුබට නොවු, වචනයේ පර්සමාප්ත අර්ථයෙන්ම ජනතා සේවකයෙක් වු ඔහු 2011 ඔක්තෝබර් 29 දින අභාවප්‍රාප්ත වන විට 54 හැවිරිදි වියේ පසු විය.[8]

බාහිර සබැඳි[සංස්කරණය]

ආශ්‍රිත[සංස්කරණය]

  1. Great loss to country – President of Sri Lanka. Daily News (Sri Lanka), Retrieved on 1 November 2011.
  2. Condolence Motion of Sri Lanka Parliament. Daily News (Sri Lanka), Retrieved on 22 March 2012.
  3. Sri Lanka Parliament
  4. Science Museum
  5. Purdue University,USA
  6. Curriculum Vitae of Professor Subodhana Wijeyeratne
  7. Tales From The Stone Lotus by Subodhana Wijeyeratne. Amazon
  8. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ විජයරත්න අභාවප්‍රාප්ත වෙයි, https://s.readsrilanka.com/%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94-%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94-%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A/, ප්‍රතිෂ්ඨාපනය 2023-03-21 
"https://si.wikipedia.org/w/index.php?title=මනෝ_විජයරත්න&oldid=622126" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි