Jump to content

අනුරාධ දූල්ලෑව විජයරත්න

විකිපීඩියා වෙතින්
අනුරාධ නිලේන්ද්‍ර දූල්ලෑව විජයරත්න
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ
හිටපු වැඩබලන දියවඩන නිලමේ
උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ
මහජන සම්බන්ධතා නිලධාරි
අධිකරණ අමාත්‍යාංශයේ
පාර්ලිමේන්තු සම්බන්ධීකරණ ලේකම්
සබරගමු පළාත් සභාවේ
කෑගල්ල දිස්‌ත්‍රික්‌ හිටපු මන්ත්‍රී
පුද්ගලික තොරතුරු
උපතමාර්තු 22, 1962 (1962-03-22) (වයස 64)
අනුරාධපුරයේ දි
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
දේශපාලන පක්ෂයඑක්සත් ජාතික පක්ෂය
කලත්‍රයාදයාoගනි විජයරත්න
ළමයියනුෂි දූල්ලෑව විජයරත්න
පදිංචිය(s)168/7, ඇතුලත මල් පාර, කොළඹ 7.
උගත් ශාස්ත්‍රාලයරාජකීය විද්‍යාලය, කොළඹ
කිංස්වුඩ් විද්‍යාලය, මහනුවර
ඩී.එස්.සේනානායක විද්‍යාලය, කොළඹ
රැකියාවදේශපාලඥ සහ ආයෝජක

අනුරාධ නිලේන්ද්‍ර දූල්ලෑව විජයරත්න (ඉංග්‍රීසි: Anuradha Neelendra Dullewe Wijeyeratne) (1962 මාර්තු 22) ශ්‍රී ලාංකික දේශපාලනඥයෙක්, එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ පාක්ෂිකයකු හා ආයෝජයකි.[1] 1931 වසරේ සිට වසර 90 කට වැඩි පරපුර තුනක දේශපාලන ඉතිහාසයක් ඇති පවුලකින් පැවත එන ඔහු එක්සත් ජාතික පක්ෂයේ ජාතික විධායක කමිටුවේ සාමාජිකයකු ලෙස ද කටයුතු කල අතර සබරගමු පළාත් සභාවේ කෑගල්ල දිස්‌ත්‍රික්‌ මන්ත්‍රීවරයකු වශයෙන් 1988 වසරෙහිදී තේරී පත් විය. බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා විසින් පත් කරන ලදූව මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වැඩබලන දියවඩන නිලමේ තනතුර 1975 වසරේ සිට 2005 වසර තෙක් කිප වරක් හොබවා ඇත.[2][3] එක්සත් ජාතික පක්ෂයෙන් 2020 පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරග කිරීමට ඔහුට ආරාධනා කර 2020 මාර්තු මාසයේදී මාවනැල්ල මැතිවරණ කොට්ඨාශයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායකවරයා ලෙස පත් කරන ලදී. 2020 මහ මැතිවරණයේ දී විජයරත්න පාර්ලිමේන්තුවේ කෑගල්ල දිස්ත්‍රික් අසුනකට ඉදිරිපත් වි පරාජයට පත් වු අතර ඔහු ගතානුගතිකත්ව අතිදක්ෂිණාංශික (දක්ෂිණාංශික ජනතාවාදය) මතවාදීව එක්සත් ජාතික පක්ෂ තුල ස්ථානගත වී ඇත.[4]

පූර්ව අවධිය හා අධ්‍යාපනය

[සංස්කරණය]

ඔහු ශ්‍රී ලංකාවේ කීර්තිමත් දේශපාලන පවුලකින් පැවත එන, නිදහස් අරගලයේ පුරෝගාමියෙකු වූ ශ්‍රීමත් එඩ්වින් විජයරත්න යන් ගේ මුණුපුරෙකි. ශ්‍රීමත් එඩ්වින් විජයරත්න, ශ්‍රි ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය මහමාන්‍ය ඩී.එස්. සේනානායක ගේ රජයේ ස්වදේශ කටයුතු සහ ග්‍රාමීය සංවර්ධන කැබිනට් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අතර, 1931 පැවති ප්‍රථම රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණයෙන් අනතුරුව කෑගල්ල මැතිවරණ කොට්ඨාශය නියෝජනය කළ පළමු මන්ත්‍රීවරයා ද විය.[5]

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ යුනෙස්කෝ (UNESCO) සංවිධානයේ ප්‍රංශයේ පිහිටි ප්‍රධාන මූලස්ථාන 1987 අන්තර් ජාතික මහා මණ්ඩල සැසිවාර දි අධිකරණ අමාත්‍යාංශයේ පාර්ලිමේන්තු සම්බන්ධීකරණ ලේකම් අනුරාධ දූල්ලෑව විජයරත්න හා අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ඒ.ආර්.ඛි අමරසිoහ සමගින්

1962 මාර්තු 22 වන දින අනුරාධපුරයේ දි උපත ලැබූ අනුරාධ, දරුවන් පස් දෙනෙකුගෙන් යුත් පවුලේ තෙවැන්නා විය, නෙරංජන්, මනෝ සහ ලංකේෂ් යන සොහොයුරන්ගෙන් සහ නිශංගනී නම් සොහොයුරියගෙන් සමන්විත වූ එම පවුලේ දෙමාපියන් වූයේ, මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ධුරය මෙන්ම ජේ.ආර්. ජයවර්ධන රජය යටතේ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ අධිකරණ යන කැබිනට් අමාත්‍ය ධුර ද දැරූ ආචාර්ය නිශ්ශංක විජයරත්න සහ රඹුක්කන මිදුම වලව්වේ නීටා දුල්ලෑව විජයරත්න ය.

අනුරාධ දුල්ලව විජයරත්න සිය ප්‍රාථමික අධ්‍යාපනය කොළඹ රාජකීය විද්‍යාලයෙන් ද, ද්විතීයික අධ්‍යාපනය මහනුවර කිංස්වුඩ් විද්‍යාලයෙන් සහ කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයෙන් ද ලබා ගත්තේය.


ජීවන සටහන්

[සංස්කරණය]

උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ මහජන සම්බන්ධතා නිලධාරි ධුරය හා අධිකරණ අමාත්‍යාංශයේ පාර්ලිමේන්තු සම්බන්ධීකරණ ලේකම් ධුරය ද දැරූ ඔහු එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ යුනෙස්කෝ (UNESCO) සංවිධානයේ ප්‍රංශයේ හා ඛුල්ගේරියාවේ පැවිති අන්තර් ජාතික මහා මණ්ඩල සැසිවාර ද ජපානයේ හා එක්සත් රාජධානියේ පැවිති ජාත්‍යන්තර සම්මේලන කිපයකම රාජ්‍යතාන්ත්‍රික නිලදූත සමාජිකයෙකු ලෙස ශ්‍රී ලංකා රජය නියෝජනය කළේය.

දේශපාලන දිවිය

[සංස්කරණය]

විජයරත්න දේශපාලන දිවිය ඇරඹුණේ වර්ෂ 1984 දී එක්සත් ජාතික පක්‍ෂයේ සමවාදි ශිෂ්‍ය පෙරමුණේ දැදිගම ආසනයේ සංවිධායක ලෙසිනි. එම පක්ෂයේ ජාතික විධායක කමිටුවේ සමාජිකයෙකු ලෙස කටයුතු කල අතර වර්ෂ 1988 දි සබරගමු පළාත් සභාවේ කෑගල්ල දිස්‌ත්‍රික්‌ මන්ත්‍රීවරයෙකුද සහ දැදිගම සංවර්ධන සැලැසුම් කමිටුවේ සභාපති වශයෙන් ද සේවය කළාය.

සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය
හා ලලිත් ඇතුලත්මුදලි ඇමතිතුමා
අනුරාධ දූල්ලෑව විජයරත්න සමගින්

වැඩබලන දියවඩන නිලමේ

[සංස්කරණය]

මල්වතු හා අස්ගිරි දේ පාර්ශවයයන්හි ගෞරවනිය මහා නායක ස්වාමීන් වහන්සේලා ගේ නිර්දේශය මත බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා විසින් පත් කරන ලදූව මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ වැඩබලන දියවඩන නිලමේ තනතුර 1975 වසරේ සිට 2005 වසර තෙක් කිප වරක් ඔහු හොබවා ඇත.

පෞද්ගලික ජීවිතය

[සංස්කරණය]

වර්ෂ 1985 දී දයාoගනි ගුණසේකර මෙනවිය සහ අනුරාධ විවාහ වූහ. ඔවුන් දෙපලගේ එකම දියණිය හෘද රෝග ‍විශේෂඥ යනුෂි දූල්ලෑව විජයරත්න මහත්මියයි. ඇය එක්සත් රාජධානියේ ලන්ඩන් නගරයේ සේන්ට් ඡෝඡස්, ලන්ඩන් විශ්ව විද්‍යාල රෝහලේ සේවය කරයි.[6][7][8][9][10][11][12]

මේවාද බලන්න

[සංස්කරණය]

බාහිර සබැඳි

[සංස්කරණය]

ආශ්‍රිත

[සංස්කරණය]
  1. ↑ Dr.Nissanka Wijeyeratne by Professor.Carlo Fonseka. The Island, සම්ප්‍රවේශය on 3rd January 2008.
  2. ↑ විධායක ජනාධිපතිටත් ධූර කාල 2යි! දළදා මාලිගාවේ දියවඩන නිළමේට එහෙම එකක් නැත්තේ ඇයි? අවුරුදු 10ක් හොඳටම ඇති. Mawrata News, සම්ප්‍රවේශය on 14 January 2025.
  3. ↑ WIJEYERATNE – Family
  4. ↑ 2020 Parliamentary Election, Kegalle Electoral District, Sri Lanka
  5. ↑ An illustrious son of Sabaragamuwa. Daily News, සම්ප්‍රවේශය on 20 October 2007.
  6. ↑ British Cardiovascular Society සංරක්ෂණය කළ පිටපත 2017-09-05 at the Wayback Machine. Articles By Dr.Yanushi Dullewe Wijeyeratne.
  7. ↑ Research Gate.
  8. ↑ Sudden Cardiac Death in Young Adults. Daily News, සම්ප්‍රවේශය on 11 March 2013.
  9. ↑ Blocking a heart block. Daily News, සම්ප්‍රවේශය on 4 July 2016.
  10. ↑ Case study: Dr Yanushi Dullewe Wijeyeratne.St George's University of London., UK.
  11. ↑ Curriculum Vitae of Dr Yanushi Dullewe Wijeyeratne (NIHR Clinical Lecturer at St George's, University of London, UK. & Cardiology Specialty Registrar and Fellow in Cardiac Electrophysiology and Implantable Cardiac Devices at St George's Hospital, London, UK)
  12. ↑ අද දෙරණ රුපවාහිනිය සමග හෘද රෝග ‍විශේෂඥ වෛද්‍ය යනුෂී දූල්ලෑව විජයරත්න මහත්මිය