එඩ්වින් විජයරත්න

විකිපීඩියා වෙතින්
ශ්‍රීමත් එඩ්වින් විජයරත්න
උපත8 ජනවාරි 1889
මිය යාම19 ඔක්තෝබර් 1968 (වයස 79)
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
රැකියාවසමාජ සේවක, දේශපාලඥ හා
රාජ්‍ය තාන්ත්‍රික
දේශපාලන පක්ෂයඑක්සත් ජාතික පක්ෂය
කලත්‍රයා(යන්)ලීලා විජයරත්න මැතිණිය
දරුවන්තිස්ස, නිශ්ශංක, මානේල් හා
කුඩා
ආගමබෞද්ධ

ශ්‍රීමත් එඩ්වින් ඇලෝසියස් පෙරේරා විජයරත්න (ඉංග්‍රීසි:Sir Edwin Aloysius Perera Wijeyeratne) (8 ජනවාරි 1889 - 19 ඔක්තෝබර් 1968) යනු ශ්‍රී ලාංකීක දේශපාලනඥයෙක්, රාජ්‍ය තාන්ත්‍රිකයෙක් වූ ඔහු 1915 දී සිංහල මුස්ලිම් කෝලාහල සැකකරුවෙකු ලෙස අත්අඩංගුවට ගන්නා ලද අතර නිදහස් සටනේ පුරෝගාමියෙකු ද විය.

1931 වසරේදී පැවති ප්‍රථම මැතිවරණයෙන් රාජ්‍ය මන්ත්‍රණ සභාවේ කෑගල්ල කොට්ඨාශයෙ ප්‍රථම මන්ත්‍රීවරවරයා ලෙසින් තේරී පත් විය. ලංකා ජාතික සංගමයේ සභාපති ලෙස වරක් කටයුතු කල අතර එක්සත් ජාතික පක්ෂයෙහි ආරම්භක සාමාජිකයෙක් හා සෙනෙට් සභිකයෙක් ද විය. ශ්‍රීමත් එඩ්වින් විජයරත්න යන් ඩී. එස්. සේනානායක රජයේ ස්වදේශ කටයුතු සහ ග්‍රාමීය සංවර්ධන කැබිනට් අමාත්‍යවරයා ලෙස කටයුතු කර පසුව එක්සත් රාජධානියේ සහ ඉන්දියාවේ
ශ්‍රී ලංකා මහා කොමසාරිස් ධූරයට පත් විය. [1][2]

පූර්ව අවධිය හා අධ්‍යාපනය[සංස්කරණය]

1889 ජනවාරි 8 වන දින රඹුක්කන ප්‍රභූ පවුලක උපත ලැබූ අතර. ඔහුගේ පියා නොතාරිස්වරයෙකු වූ ගේබ්‍රියල් පෙරේරා විජයරත්න වූ අතර මව කෑගල්ලේ කෑගල්ලේ හතර කෝරළේ නොතාරිස්වරයෙකු වූ ජයසේකර තෙන්නකෝන් ගේ දියණිය වන කැතරින් වික්‍රමසිංහ ජයසේකර තෙන්නකෝන්ය. පවුලේ වැඩිමලා වූ ඔහු හැදී වැඩුණේ රඹුක්කන හා කෑගල්ල ය.[3][4][5]

විජයරත්න මූලික අධ්‍යාපනය ලැබුවේ රඹුක්කන ගමේ පාසලෙන්. නව හැවිරිදි වියේදී ඔහු ගම්පොල හන්දෙස්ස ගම්මානයේ පාසලට මාරු වී එහි තම අනාගත බිරිඳ ලීලා පෙතියාගොඩ මෙනවිය ගේ ගම්පොළ හන්දෙස්ස මීවලදෙණිය වලව්වේ නැවතී සිටියේය. පසුව ඔහු කෑගල්ල ශාන්ත මරියා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ අතර කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලයෙන් ද්විතීයික අධ්‍යාපනය සම්පූර්ණ කිරීමට පෙර ඔහු කේම්බ්‍රිජ් ජ්‍යෙෂ්ඨ විභාගය ගෞරව සහිතව සමත් විය. ඔහුගේ අවසන් පාසල් ත්‍යාග ප්‍රදානෝත්සවයේදී ඔහු ත්‍යාග 15ක් දිනා ගත්තේය.[6]

ශ්‍රීමත් එඩ්වින් විජයරත්න සහ ලීලා විජයරත්න ආර්යාව
තිස්ස, නිශ්ශංක හා කුඩා
ශ්‍රීමත් එඩ්වින් විජයරත්න සහ ලීලා විජයරත්න ආර්යාව හයවන ජෝර්ජ් රජු සහ රැජින සමග
1951 ලන්ඩනයේ දි
ශ්‍රීමත් එඩ්වින් විජයරත්න II එළිසබෙත් රැජින සමග
ශ්‍රීමත් එඩ්වින් විජයරත්න අගමැති ඩඩ්ලි සේනානායක සමග

මුල් කාලීන වෘත්තිය දිවිය හා නීති වෘත්තිය[සංස්කරණය]

පාසල් අධ්‍යාපනය අවසන් කිරීමෙන් පසු ඔහු කොළඹ ලොරෙන්ස් විද්‍යාලයේ හි ගුරුවරයකු ලෙස ද කලක් මාධ්‍යවේදියෙකු ලෙස ද සේවය කළේය. එහිදී ඔහු ප්‍රවීණ මාධ්‍යවේදියෙකු හා හිටපු පුවත්පත් ජ්‍යෙෂ්ඨ කතෘ වරයකු වූ ආර්මන්ඩ් ද සූසා (Armand de Souza) යටතේ විජයරත්න සේවය කළේය. මාධ්‍යවේදියෙකු ලෙස සේවය කරමින් සිටියදී, 1929 දී ලංකා නීති විද්‍යාලයේ නීතිය හදාරා වයස අවුරුදු 30 දී නීතීඥවරයෙකු ලෙස සුදුසුකම් ලබා ගත්හ. සිවිල් නීතිය සහ උඩරට නීතිය පිළිබඳ විශේෂඥයෙකු වූ ඔහු තම උපන් නගරය වන කෑගල්ලේ නීතිඥ වෘත්තිය ආරම්භ කළේය. ඔහු සිවිල් සහ උඩරට නීතිය සහ බෞද්ධ පැවිද්දන් පිළිබඳ වූ නීතිය පිළිබඳ විජයරත්න විශේෂඥයෙක් විය.[6]

දේශපාලන ජීවිතය[සංස්කරණය]

1915 කැරැල්ල[සංස්කරණය]

පුවත්පත් කලාවේ මාධ්‍යවේදියෙකු ලෙස මුල් අවදියේදී, විජයරත්න ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන් ගේ දේශපාලන ලේකම් බවට පත් වූ අතර, තරුණ ලංකා මණ්ඩලය නම් දේශපාලන කණ්ඩායමක සම නිර්මාතෘවරයෙකු විය. 1915 කැරලි සමයේදී බ්‍රිතාන්‍ය යටත් විජිත බලධාරීන් විසින් ඔහුව අත්අඩංගුවට ගනු ලැබූ අතර, ස්වයං පාලනය සඳහා වූ ඔහුගේ උද්ඝෝෂණ හේතුවෙන් කඩාකප්පල්කාරී ලේඛන සහ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් චෝදනා ලැබූ අතර චෝදනා නොමැතිව සිරගත කිරීමට මුහුණ දුන් අනෙක් අය අතර එෆ්.ආර්. සේනානායක, ඩී.සී. සේනානායක, ඩී.එස්. සේනානායක, දොන් බාරොන් ජයතිලක ඇතුළත් වේ. ආචාර්ය සී.ඒ. හේවාවිතාරණ, ඩබ්ලිව්.ඒ.ද සිල්වා, ආතර් වී. දියෙස්, ජෝන් සිල්වා, පියදාස සිරිසේන, ඒ.ඊ.ගුණසිංහ යන අය නිදහස් ව්‍යාපාරයේ ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කළහ. [7][8]

ලංකා ජාතික සංගමය හා රාජ්‍ය මන්ත්‍රණ සභාව[සංස්කරණය]

විජයරත්න 1919 දී ශ්‍රීමත් පොන්නම්බලම් අරුණාචලම්ශ්‍ සහ ශ්‍රීමත් ජේම්ස් පීරිස් විසින් ආරම්භ කරන ලද ලංකා ජාතික සංගමයේ ආරම්භක සාමාජිකයෙකි. ඔහු 1931 දී කෑගල්ලෙන් ලංකා රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරී පත් වූ අතර එහිදී ඔහු 1935 දෙසැම්බර් 7 දක්වා සේවය කළේය. 1940 දෙසැම්බර් 21 දින විජයරත්න ලංකා ජාතික සංගමයේ සභාපති ලෙස පත් කරන ලදී. ඔහුගේ සම ලේකම්වරුන් වූයේ ඩඩ්ලි සේනානායක සහ ජේ.ආර්. ජයවර්ධන යි. මෙම කාලය තුළ ඔහු ලන්ඩනයට ගිය ලංකා ජාතික සංගමයේ නියෝජිත කණ්ඩායමට නායකත්වය දීමට තෝරා ගන්නා ලදී.

එකල ප්‍රසිද්ධ කතාවක් වූයේ 1944 සෝල්බරි කොමිසම මහනුවරට යන විට ඩී.එස්. සේනානායක විසින් විජයරත්න කෑගල්ලේ වෙල්යායක ස්ථානගත කර තිබීමයි. එහිදී, ඔහු සාමාන්‍ය සිංහල ගොවියෙකු ලෙස කොමසාරිස්වරුන්ට හඳුන්වා දුන් අතර, ඔහු කොමසාරිස්වරුන්ට ඉංග්‍රීසියෙන් කතා කළ අතර, ලංකාවට ස්වයං පාලනයක් ලබා ගැනීමේ අවශ්‍යතාවය ඔවුන් තුළ කාවැද්දුවේය. එමගින් ලංකාවේ ස්වාධීනත්වය පිළිබඳ සාකච්ඡාවක් සඳහා ඉන්දියාවට පැමිණෙන ලෙස ජවහර්ලාල් නේරු සහ ඉන්දීය ජාතික සංගමයේ විසින් ලංකාවට විශේෂ ආරාධනාවක් එවන ලදී. විජයරත්න, ඩී.එස්.සේනානායක, ජෝර්ජ් ඊ.ද සිල්වා, ජේ.ආර්.ජයවර්ධන, ශ්‍රීමත් ක්ලෝඩ් කොරයා සහ එච්.ඩබ්ලිව්.අමරසූරිය යන මහත්වරු නියෝජිත පිරිස අතර වූහ.[6][9]

එක්සත් ජාතික පක්ෂය හා ස්වදේශ කටයුතු හා ග්‍රාම සංවර්ධන කැබිනට් අමාත්‍ය[සංස්කරණය]

1947 දී, විජයරත්න එක්සත් ජාතික පක්ෂයේ ආරම්භක සාමාජිකයෙකු බවට පත් වූ අතර, පාර්ලිමේන්තුවේ තේරී පත් නොවූ ඉහළ මන්ත්‍රී මණ්ඩලයක් වූ ලංකාවේ සෙනෙට් සභාවට පත් කරන ලදී. එහිදී ඔහු සෙනෙට් සභාවේ වැඩ බලන නායකයා ලෙස කටයුතු කළේය. ඔහු පසුව 1948 ජූලි මාසයේදී ඩී.එස්. සේනානායක ගේ කැබිනට් මණ්ඩලයේ ස්වදේශ කටයුතු හා ග්‍රාමීය සංවර්ධන කැබිනට් අමාත්‍යවරයා ලෙස ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක ගෙන් පසු පත් විය. ඔහු ලංකාවෙන් මරණ දඬුවම අහෝසි කරන ලෙස ප්‍රථම වරට නිර්දේශ කළ මරණ දඬුවම පිළිබඳ කොමිසමේ සාමාජිකයෙකු විය. ශ්‍රී ලංකාව සඳහා ජාතික ගීය තේරීමේ තේරීම් කාරක සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළේය. නමෝ, නමෝ, මාතා පසුව රටේ ජාතික ගීය ලෙස තෝරා ගන්නා ලදී. ඔහු 1951 පෙබරවාරි මාසයේදී අමාත්‍ය සහ සෙනෙට් සභික ධූරයෙන් ඉල්ලා අස් වුහ.

ශ්‍රී ලංකාවේ ජාතික ගීය[සංස්කරණය]

ශ්‍රී ලංකා මාතා යනු ශ්‍රී ලංකාවේ ජාතික ගීයයි. 1940 දී සිංහල භාෂාවෙන් එහි පද හා තනුව ලියැවුනේ ආනන්ද සමරකෝන් විසින් වන අතර, 1951, නොවැම්බර 22 දිනදී නිල වශයෙන් එය ජාතික ගීය වශයෙන් පිළිගැනුනේ එවකට ස්වදේශ කටයුතු සහ ග්‍රාමීය සංවර්ධන කැබිනට් අමාත්‍ය ශ්‍රීමත් එඩ්වින් විජයරත්න මුලසුන හෙබවූ කමිටුවක නිර්දේශ මතය. [10][11][12][13]

රාජ්යතාන්ත්රික භූමිකාව[සංස්කරණය]

1952 දී, ශ්‍රීමත් ඔලිවර් ගුණතිලකගේ අනුප්‍රාප්තිකයා ලෙස එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස විජයරත්න පත් කරන ලද අතර, 1953 අලුත් අවුරුදු ගෞරව ප්‍රදානයේදී එලිසබෙත් රැජින විසින් ඕඩර් ඔෆ් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ නයිට් කමාන්ඩර් (සිවිල් අංශය) ලෙස ශ්‍රීමත් පදවිය ට පත් කරනු ලැබුවේ බකිංහැම් මාලිගයේ දිය. ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස බ්‍රිතාන්‍යය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීමට සම්බන්ධ විය. දෙවන එලිසබෙත් රැජින සහ පිලිප් කුමරු අවස්ථා තුනකදී ලන්ඩනයේ පිහිටි විජයරත්න ගේ නිවසට පැමිණියහ. 1954 දී විජයරත්න නැවත ලංකාවට කැඳවන ලද අතර ඔහුගෙන් පසුව ශ්‍රීමත් ක්ලෝඩ් කොරයා එක්සත් රාජධානියේ මහ කොමසාරිස් ලෙස පත් විය. 1955 දී, ඔහු ඉන්දියාවේ ලංකා මහ කොමසාරිස්වරයා ලෙස පත් කරන ලද අතර 1957 දක්වා සේවය කලේය. [14][15]

පුද්ගලික දිවිය[සංස්කරණය]

විජයරත්න ගම්පොළ හන්දෙස්ස මීවලදෙණිය වලව්වේ ලීලා පෙතියාගොඩ මෙනවිය සමඟ විවාහ වූ අතර ඔහුට පුතුන් තිදෙනෙකු සහ දියණියක සිටියේය. වැඩිමලා, තිස්ස විජයරත්න නීතිඥවරයෙකු වූ අතර විදේශ කටයුතු සහ ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයා ලෙසද, ප්‍රංශයේ සහ ස්විට්සර්ලන්තයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙසද, අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ විදේශ කටයුතු ජ්‍යෙෂ්ඨ උපදේශක ලෙසද කටයුතු කර ඇත. ඔහුගේ දෙවන පුත් නිශ්ශංක විජයරත්න, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා අධිකරණ අමාත්‍ය තනතුර ද දළදා මාලිගාවේ දියවඩන නිලමේ (ප්‍රධාන ගිහි භාරකරු) වූ අතර පසුව රුසියානු සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපති සහ යුනෙස්කෝ පාලක මණ්ඩලයේ හිටපු සාමාජිකයෙකු ද විය. දියනිය, මානෙල් විජයරත්න මෙනවිය (අඩු වයසින් මිය ගියේය) හා බාල පුතා වෛද්‍ය කුඩා විජයරත්න ය.

ජීවිතයෙන් සමු ගැනිම[සංස්කරණය]

ශ්‍රීමත් එඩ්වින් විජයරත්න, 1968 ඔක්තෝබර් 19 දින කෑගල්ලේ දි අභාවප්‍රාප්ත වන විට 79 හැවිරිදි වියේ පසු විය

මේවාද බලන්න[සංස්කරණය]

ආශ්‍රිත[සංස්කරණය]

  1. Page 96 - J.R. Jayewardene of Sri Lanka - a political biography / Vol.1, 1906-1956. J.R. Jayewardene of Sri Lanka - a political biography / Vol.1, 1906-1956 by K. M. De Silva, William Howard Wriggins ISBN 0824811836 9780824811839
  2. VOTE OF CONDOLENCE Dr. NISSANKA WIJEYERATNE: Sri Lanka Parliamentary Debates (Hansard) on Friday, 10th June, 2011
  3. Page 205 & 206 of Peace At Last In Paradise. Peace At Last In Paradise By Dr. Ananda Guruge.
  4. Sorting Diplomats from The Officers. Daily News (Sri Lanka), Retrieved on 30 May 2013.
  5. Kegalu Balika Vidyalaya celebrates 78 years. Daily News (Sri Lanka), Retrieved 26 October 2021.
  6. 6.0 6.1 6.2 An illustrious son of Sabaragamuwa
  7. Tissa Wijeyeratne A Remarkable Personality by Professor.Wiswa Warnapala. The Island (Sri Lanka). Retrieved 5 September 2002.
  8. "Sri Lanka: The Untold Story". Archived from the original on 7 August 2009. සම්ප්‍රවේශය 25 January 2010.{{cite web}}: CS1 maint: unfit URL (link)
  9. Tissa Wijeyeratne, an illustrious son of Lanka by Ajith Samaranayake. Sunday Observer (Sri Lanka), Retrieved on 14 July 2002.
  10. National symbols - The identity of Mother Lanka. Sunday Observer (Sri Lanka), Retrieved on 29 January 2012.
  11. Independence of 1948 resurrected and revived. Sunday Observer, Retrieved on 2 February 2014.
  12. National flag unites all communities. Sunday Observer, Retrieved on 4 February 2015.
  13. History of Sri Lanka’s National Anthem mired in controversy. Daily Mirror, Retrieved on 27 March 2015.
  14. "FIFTH SUPPLEMENT TO The London Gazette OF TUESDAY, 3oth DECEMBER, 1952" (PDF). thegazette.co.uk. සම්ප්‍රවේශය 10 August 2021.
  15. Former Sri Lankan Envoys to India Official Website, High Commission of Sri Lanka in India

බාහිර සබැදි[සංස්කරණය]

  • J.R. Jayewardene of Sri Lanka: a political biography by De Silva, K. M., & Wriggins, W. H. 1988, University of Hawaii Press ISBN 0824811836
  • The Break-up of Sri Lanka: the Sinhalese-Tamil conflict - Google Books Resultby Alfred Jeyaratnam Wilson - 1988 - History - 256 pages books.google.lk/books ISBN 1850650330... Chelvanayakam showed this writer a letter from one of Senanayake's close political collaborators, Edwin Aloysius Perera Wijeyeratne.
"https://si.wikipedia.org/w/index.php?title=එඩ්වින්_විජයරත්න&oldid=543592" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි