බිම්බා දේවී හෙවත් යශෝධරා
බිම්බා දේවී හෙවත් යශෝධරා | |
---|---|
අධ්‍යක්ෂණය | සුනිල් ආරියරත්න |
රචනය | සුනිල් ආරියරත්න |
නිශ්පාදනය | එච්. ඩී. ප්‍රේමසිරි |
රංගන ශිල්පීන් | පල්ලවී සුභාෂ් අර්පිත් චෞධරි |
සංගීතය | රෝහණ වීරසිංහ |
රට | ශ්‍රී ලංකාව |
භාෂාව | සිංහල |
බිම්බා දේවී හෙවත් යශෝධරා යනුවෙන් හඳුන්වනු ලබන්නේ ඉදිරියේ දී තිරගත වීමට නියමිත සුනිල් ආරියරත්න විසින් අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයකි.[1] සිංහල-භාෂා චරිතාපදාන චිත්‍රපටයක් වන මෙය සඳහා පාදක වී ඇත්තේ සිද්ධාර්ථ කුමරුන්ගේ පතිනිය වූ යශෝධරා දේවියගේ කථා පුවතයි.
මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ ඉන්දියානු නළු නිළියන් දෙපළක වන පල්ලවී සුභාෂ් සහ අර්පිත් චෞධරි විසිනි. (මෙය පල්ලවී සුභාෂ්ගේ චිත්‍රපට වෘත්තියේ සිංහල-භාෂා ප්‍රවිෂ්ඨයයි) මෙහි සෙසු චරිත දිනෙත් ද සිල්වා, සංගීතා තෙදානි, අජිත් වීරසිංහ, උදාරි පෙරේරා, හේෂාන් මනුල සහ කමල් දේශප්‍රිය ඇතුළු නළු නිළියන් පිරිසක් විසිනි.[2] මෙය අධ්‍යක්ෂණය කරන්නේ ශ්‍රී ලාංකික චිත්‍රපට අධ්‍යක්ෂකවරයකු වන මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසිනි.[1]
මෙම චිත්‍රපටයේ රූගත කිරීම් සිදුවන්නේ ශ්‍රී ලංකාවේ රන්මිහිතැන්න ටෙලි සිනමා ගම්මානයේ ය.[2] වෙසක් උළෙල හා සමගාමීව 2018 අප්‍රේල් 26 දින මෙම චිත්‍රපටය මුදාහැරීමට නියමිත ය.[3]
චරිත නිරූපණය
[සංස්කරණය]- පල්ලවී සුභාෂ්, යශෝදරා දේවිය ලෙස
- අජිත් වීරසිංහ
- දිනෙත් ද සිල්වා, දේවදත්ත කුමරු ලෙස
- සංගීතා තෙදානි, ප්‍රජාපතී ගෝතමී ලෙස
- උදාරි පෙරේරා, නන්දා කුමරිය ලෙස
- හේෂාන් මනුල, නන්ද කුමරු ලෙස
- ෂම්මු කසුන්, ඡන්න ලෙස
- කමල් දේශප්‍රිය, සුප්රබුද්ධ රජු ලෙස
- තුමිඳු දොඩංතැන්න, කාව්‍යක්කාරයා ලෙස
- රුවි ලක්මාලි, රාධිතා ලෙස
- විල්සන් ගුණරත්න, අසිත ලෙස
- ඇනස්ටා ග්‍රේ, උත්තරා ලෙස
- නෙත්සුඛ මුළුතැන්රාළ, රාහුල කුමරුන් ලෙස
ආශ්‍රේයයන්
[සංස්කරණය]- ^ a b "BIMBA DEVI NOHOTH YASHODARA: STUDYING THE CHARACTER OF A PRINCESS". Sunday Observer. 9 July 2017. සම්ප්‍රවේශය 12 July 2017.
- ^ a b "'Yashodhara': A movie making, a bridge between Lanka-India talents". The Sunday Times. 9 July 2017. සම්ප්‍රවේශය 12 July 2017.
- ^ "වෙසක් උළෙල නිමිත්තෙන් 'යශෝධරා'". බුදුසරණ. 1 January 2018. සම්ප්‍රවේශය 9 March 2018.