පොන්නූංජල් (රූපවාහිනී කතාමාලාව)
| පොන්නූංජල් | |
|---|---|
| ප්‍රභේදය | සෝප් ඔපෙරා |
| රචනය කලේ | එස්. අශෝක් කුමාර් |
| අධ්‍යක්ෂණය කලේ | ආර්. ගනේෂ් ඒ. අබ්දුල්ලා ඒ. ජවහාර් වී. සදාසිවම් එම්. කේ. අරුන්තවරාජා |
| නිර්මාණාත්මක අධ්‍යක්ෂක(වරු) | දිව්‍යා දිනේෂ් |
| රඟපෑම | ශමිතා ශ්‍රීකුමාර් විශ්වා මංජුලා වනිතා විග්නේෂ් කුමාර් ශ්‍යාම් ආදවන් ක්‍රිතිකා ලඩ්ඩු |
| තේමා සංගීත නිර්මාණකරු | හරි ක්‍රිෂ්ණා |
| ඇරඹුම් තේමාව | "වාන්ම භූමි" ප්‍රියා හිමේෂ් (ගායනය) යුගභාරතී (පද) |
| සම්භව රට | ඉන්දියාව |
| භාෂාව(න්) | දෙමළ |
| කථාවාර සංඛ්‍යාව | 4 |
| කථාංග ගණන | 940 |
| නිෂ්පාදනය | |
| නිෂ්පාදක(යෝ) | වෛදේහි රාමමූර්ති |
| සංස්කාරක(යන්) | එම්. එස්. තියාගරාජන් එම්. එන් පෙරුමාල් සී. ප්‍රභාකරන් |
| සිනෙමාරූපණය | පී. චෙල්ල පාණ්ඩියන් ඊ. මණිකණ්ඩන් |
| ධාවන කාලය | ආසන්න. මිනිත්තු 20–22 |
| නිෂ්පාදන සමාගම | විෂන් ටයිම් ඉන්ඩියා ප්‍රයිවට් ලිමිටඩ් |
| ප්‍රචාරණය | |
| මුල් නාලිකාව | සන් ටීවී |
| මුල් ධාවනය | 2 සැප්තැම්බර් 2013 – 22 ඔක්තෝබර් 2016 |
පොන්නූංජල් යනු ඉන්දියානු දෙමළ-භාෂා සෝප් ඔපෙරාවකි. මෙය සඳුදා සිට සෙනසුරාදා දක්වා සන් ටීවී ඔස්සේ ප.ව. 1:00ට (IST) විකාශය වූයේ 2013 සැප්තැම්බර් 2 දින සිට ය. කථාංග 940කින් යුත් මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන ලද්දේ ශාමිතා, විශ්වා, මංජුලා, පරිතලා, වනිතා හරිහරන්, ශ්‍යාම් සහ ආදවන් විසිනි. ඉහළම ඇගයුමක් ලද දෙමළ කතාමාලාවක් වන මෙය ප්‍රේක්ෂකයන් වෙතින් පැසසුම් ලබා ඇත.[1]
මෙම කතාමාලාව තුළ මෙට්ටි ඔලි (2002–2005) සහ දීපංගල් (2008–2009) කතාමාලාවල එක්ව රංගනයේ යෙදුණු රාජ්කාන්ත් සහ වනාජා යළි එක්ව රංගනයේ යෙදෙයි. මෙය නිෂ්පාදනය කරන ලද්දේ විෂන් ටයිම් ඉන්ඩියා ප්‍රයිවට් ලිමිටඩ්හි වෛදේහි රාමමූර්ති විසිනි. ආර්. ගනේෂ්, ඒත අබ්දුල්ලා, ඒ. ජවාහර් සහ එම්. කේ. අරුන්තවරාජා විසින් මෙය අධ්‍යක්ෂණය කරන ලදී. මෙහි තේමා පථය නිමවන ලද්දේ වී හරික්‍රිෂ්ණා විසිනි. එහි ගායනය ප්‍රියා හිමේෂ් විසින් ද පද රචනය යුගභාරතී විසින් ද සිදුකරන ලදී. ශ්‍රී ලංකාව තුළ දමිළ නාළිකාවක් වන ශක්ති ටීවී ඔස්සේ පෙ.ව. 10:00ට (SST) මෙය විකාශය වන්නේ සිංහල උපසිරැසි සමගිනි.
කථාපුවත
[සංස්කරණය]පොන්නූංජල් මගින් නන්දිනී (අබිතා/ශමිතා ශ්‍රීකුමාර්) සහ ප්‍රියා (මංජුලා පරිතලා) නම් සොයුරියන් දෙදෙනකු වටායි. නන්දිනී විශ්වා සමග විවාහ වන අතර, ප්‍රියා වරුන් (ආදවන්) සමග විවාහ වෙයි. විවාහ දිවිය තුළ නන්දිනී මෙන්ම ප්‍රියා ද විවිධ අභියෝගයන්ට මුහුණපායි. මෙම කතාමාලාව තුළින් විවිධ ගැටලු පැනනගින අයුරුත්, ඔවුන් එයට මුශුණදෙන අයුරුත් නිරූපණය වේ.
චරිත නිරූපණය
[සංස්කරණය]ප්‍රධාන චරිත
[සංස්කරණය]- අබිතා (1-375) /ශාමිතා ශ්‍රීකුමාර්, නන්දිනී විශ්වා ලෙස (376-840)
- විශ්වා, විශ්වා ලෙස (10-840)
- රාජ්කාන්ත්, සුන්දර් ලෙස (1-780)
- වනාජා, මාලතී සුන්දර් ලෙස (1-815)
- වනිතා හරිහරන්, කීර්තනා අරුන් ලෙස (690-940)
- මංජුලා පරිතලා, ප්‍රියා වරුන් ලෙස (690-940)
- ශ්‍යාම්, අරුන් ලෙස (757-940)
- ආදවන්, වරුන් ලෙස (690-940)
ආවර්තී චරිත
[සංස්කරණය]- ෂාමිලී සුකුමාර්, රේවතී මහේෂ් ලෙස (729-814)
- ගුහන් ෂන්මුගම්, මහේෂ් ලෙස (110-760)
- විග්නේෂ් කුමාර්, කාර්තික් ලෙස (895-939) (මියගිය)
- කේ. එස්. ජයලක්ෂ්මී, ක්‍රිෂ්ණවේනි ලෙස; සුන්දර්ගේ මවයි. (1-514)
- රාජසේඛර්, රංගනාතන් ලෙස; නන්දිනීගේ පියායි. (1-894)
- සුමංගලී, අම්සවල්ලි රංගනාතන් ලෙස; නන්දිනීගේ මවයි. (1-940)
- ජයරේඛා, මරගතම් ලෙස; විශ්වාගේ මවයි. (10-840)
- සුජාතා පංජු, විජයලක්ෂ්මී නවනීත්ක්‍රිෂ්ණන් ලෙස; අරුන්ගේ මවයි. (754-816) (මියගිය)
- සී. රංගනාතන්, නවනීත්ක්‍රිෂ්ණන් ලෙස; අරුන්ගේ පියායි. (755-900)
- ගීතා සරස්වතී, වරුන්ගේ මව ලෙස (690-940)
- හර්ෂා නායිර්, රේවතී ලෙස (110-728) (ෂාමිලී විසින් විස්ථාපිත)
- සුහාසිනී, නන්දිනීගේ සහායිකාව ලෙස (199-730)
- බාලාම්බිකා (814-864)
- භාස්කර්, අඛිලාගේ සහායකයා ලෙස (680-802)
- ක්‍රිතිකා ලඩ්ඩු, අඛිලා ලෙස (645-825)
- නිවිශා
- ගායත්‍රි/ හේමා, රම්‍යා ප්‍රියා ලෙස (791-924)
- ගීතා සතිශ්
- යුවශ්‍රී, නිර්මලා දේවි ලෙස (791-894)
- කල්‍යාණ්ජි
- සතිශ්
- අශ්වින්
- බම්බාබාබු
- සන්තානා භාරතී, විශ්වාගේ පියා ලෙස (මියගිය)
- සෙන්තිල්නාතන්
- එස්. සුරේෂ්වර්, සුරේෂ් ලෙස
- ගෞතමී, මීනාක්ෂි ලෙස
- සින්දු
- අමරසිගාමණි, මහේෂ්ගේ පියා ලෙස
- දීපිකා
- ජයන්ත්
- බේබි මොනා, තුලසි ලෙස
- ආර්විසී
- අරවින්ද්
- ශ්‍රී විද්‍යා, අංජලී ලෙස
- ශාන්ති ගනේෂ්
- ශ්‍රීජිත්
මුල් ධ්වනිපථය
[සංස්කරණය]තේමා ගීතය
[සංස්කරණය]තේමා ගීතය නිර්මාණය කරන ලද්දේ සංගීත අධ්‍යක්ෂක හරි විසිනි. මෙහි පද රචනය යුගභාරතී විසින් ද ගායනය ප්‍රියා හිමේෂ් විසින් ද සිදුකරන ලදී.
ධ්වනිපථය
[සංස්කරණය]| පථ ලැයිස්තුව | |||||||||
|---|---|---|---|---|---|---|---|---|---|
| අංකය. | ගීතය | ගී පද | ගායක(යින්) | කාලය | |||||
| 1. | "පානම් භූමි පෙණ්ණේ යාවුම් නීතාන් (வானம் பூமி பெண்ணே யாவும் நீதான்)" | යුගභාරතී | ප්‍රියා හිමේෂ් | 2:50 | |||||
සම්මාන සහ නිර්දේශ
[සංස්කරණය]| වර්ෂය | සම්මාන උළෙල | ප්‍රවර්ගය | යෝජිතයා | චරිතය | ප්‍රතිඵලය |
|---|---|---|---|---|---|
| 2014 | සන් කුඩුම්බම් සම්මාන | හොඳම බෑණා | විශ්වා | විශ්වා | දිනාගති |
| හොඳම මාමියාර් | ජයරේඛා | මරගතම් | දිනාගති | ||
| හොඳම යුවළ | විශ්වා සහ යුවළ | විශ්වා සහ නන්දිනී | නිර්දේශිත | ||
| හොඳම සොහොයුරිය | වනාජා | මාලතී | නිර්දේශිත | ||
| හොඳම ඍණාත්මක කාන්තා චරිතය | මංජරී | රතිදේවී | නිර්දේශිත | ||
| හොඳම සංස්කාරක | එම්. එස්. තියාගරාජන් | නිර්දේශිත | |||
| හොඳම පියා | රාජසේකර් | රංගනාතන් | නිර්දේශිත |
අන්තර්ජාතික විකාශය
[සංස්කරණය]මෙම කතාමාලාව 2013 සැප්තැම්බර් 2 දින සන් ටීවී ඔස්සේ මුදාහැරිණි. එසේම එය සන් ටීවී HD තුළින් ද විකාශය විය. අන්තර්ජාතිකව නාළිකාවේ අන්තර්ජාතික බෙදාහැරීම ඔස්සේ ශ්‍රී ලංකාව, අග්නිදිග ආසියාව, මැද පෙරදිග, එක්ස්ත ජනපදය, කැනඩාව, යුරෝපය, ඕෂනියාව, දකුණු අප්‍රිකාව සහ උප සහරානු අප්‍රිකාව තුළ සන් ටීවී තුළින් විකාශය වේ. මෙහි කථාංග යූටියුබ් නාළිකාවක් තුළ විෂන් ටයිම් ඔස්සේ ද මුදාහැර ඇත. මෙය ශ්‍රී ලංකාවේ දෙමළ නාළිකාවක් වන ශක්ති ටීවී තුළින් ද විකාශය වේ.
ශ්‍රී ලංකාව තුළ දෙමළ බසින් ශක්ති ටීවී නාළිකාව ඔස්සේ විකාශය වේ. එය සඳුදා සිට සිකුරාදා දක්වා පෙ.ව. 10:00ට (SST) විකාශය කෙරේ.
මේවාත් බලන්න
[සංස්කරණය]ආශ්‍රේයයන්
[සංස්කරණය]- ^ "Ponnunjal new serial on Sun TV". tamil.filmibeat.com.
{{cite news}}: Italic or bold markup not allowed in:|website=(help)
බාහිර සබැඳි
[සංස්කරණය]- යූටියබ් තුළ විෂන් ටයිම්
- නිල වෙබ්අඩවිය සංරක්ෂණය කළ පිටපත 2014-10-07 at the Wayback Machine (ඉංග්‍රීසි)
- යූටියුඩ් තුළ සන් ටීවී
- සන් ටීවී ජාලය සංරක්ෂණය කළ පිටපත 2018-03-25 at the Wayback Machine (ඉංග්‍රීසි)
- සන් සමූහය සංරක්ෂණය කළ පිටපත 2019-04-12 at the Wayback Machine (ඉංග්‍රීසි)