පොදු රාජ්‍ය මණ්ඩලීය රජයේ ප්‍රධානින්ගේ රැස්වීම

විකිපීඩියා වෙතින්
පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් රටවල්

පොදූ රාජ්‍ය මණ්ඩලය යනු බ්‍රිතාන්‍යයේ පුරෝගාමිත්වයෙන් බිහිවී ඇති සෙසු ජාත්‍යන්තර සංවිධාන වලට වඩා වෙනස් වූ සුවිශේෂ ගණයේ ජාත්‍යන්තර සමාගමයක් නැතහොත් සංවිධානයකි.මෙම සංගමය සමන්විත වන්නේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට යටත්ව පැවති ඩොමීනියන් රටවලින් සහ නිදහස දිනාගත් යටත්විජිත වශයෙන් පැවති රටවලිනි.පොදු රාජ්‍ය මණ්ඩලය ආරම්භ කළේ රටවල් 5කිනි.(බ්‍රිතාන්‍යය,කැනඩාව,ඕස්ට්‍රේලියාව,නවසීලන්තය, දකුණු අප්‍රිකාව) එදා මෙම සංවිධානය හැඳින්වූයේ"සුදු මිනිසාගේ සංගමය" (White Man's Club) යනුවෙනි. 1948දී සමූහාණ්ඩුවක් බවට පත්වූ ඉන්දියාවට පොදු රාජ්‍ය මණ්ඩලීය සාමාජිකත්වය ලබාදීමත් සමඟ ඒතාක් සුදු මිනිසාගේ සංගමය බවට පත්ව තිබූ පොදු රාජ්‍ය මණ්ඩලය 1949න් පසුව "විවෘත පොදු රාජ්‍ය මණ්ඩලය " (Open Commonwealth) බවට පත්විය.පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජිකත්වය වඩාත් වේගයෙන් වර්ධනය වන්ට පත්වූයේ දෙවන ලෝක යුද්ධයෙන් පසුව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් නිදහස් වූ රටවල් සංඛ්‍යාව ක්‍රමයෙන් අධික වීමත් සමඟමය. 1947ට පෙර රාජ්‍යයන් 5කින් සමන්විත වූ බ්‍රිතාන්‍ය පොදු රාජ්‍ය මණ්ඩලීය සාමාජිකත්වය 1950 දශකය තුළදී 12 දක්වාත් 1960 දශකය අගදී 31 දක්වාත් 1970 දශකය අගභාගයේදී 44 දක්වාත් 1980 දශකය අග වනවිට 49 දක්වාත් 1990 දශකය අවසන් වනවිට සාමාජික සංඛ්‍යාව 54 දක්වාත්වර්ධනය වී ඇත.

පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව[සංස්කරණය]

පොදු රාජ්‍ය මණ්ඩලීය අගමැතිවරුන්ගේ සමුළුව 1944
වසර දිනය පැවැත්වෙන රට පැවැත්වෙන නගරය සභාපතිවරයා
1971 14–22 ජනවාරි  සිංගප්පූරුව සිංගප්පූර් ලී ක්වාන්යූ
1973 2–10 අගෝස්තු  කැනඩාව ඔටාවා පියරේ ට්‍රෙඩායු
1975 29 අප්‍රේල් – 6 මැයි ජැමෙයිකාව කිංග්ස්ටන් මයිකල් මෙන්ලී
1977 8–15 ජූනි  එක්සත් රාජධානිය ලන්ඩන් ජේම්ස් කැලගන්
1979 1–7 අගෝස්තු සැම්බියාව ලුසාකා කෙනත් කවුන්ඩා
1981 30 සැප්තැම්බර් – 7 ඔක්තෝබර්  ඕස්ට්‍රේලියාව මෙල්බර්න් මැල්කම් ෆ්රැසන්
1983 23–29 නොවැම්බර් ඉන්දියාව දිල්ලිය ඉන්දිරා ගාන්ධි
1985 16–22 ඔක්තෝබර් බහමාස් නසායු ලින්ඩන් පින්ඩ්ලින්
1986 3–5 අගෝස්තු  එක්සත් රාජධානිය ලන්ඩන් මාග්‍රට් තැචර්
1987 13–17 ඔක්තෝබර්  කැනඩාව වැන්කුවර් බ්‍රයන් මැක්ලර්නි
1989 18–24 ඔක්තෝබර්  මලයාසියාව කුවාලාලාම්පූර් මහතීර් මොහමඩ්
1991 16–21 ඔක්තෝබර් සැම්බියාව හරාරේ රොබට් මුගාබේ
1993 21–25 October සයිප්‍රස් ලිමසොල් ග්ලේග්කෝස් ක්ලේරියඩ්ස්
1995 10–13 නොවැම්බර් නවසීලන්තය ඕක්ලන්ඩ් ජිම් බෝල්ගර්
1997 24–27 ඔක්තෝබර්  එක්සත් රාජධානිය එඩින්බරෝ ටෝනි බ්ලෙයාර්
1999 12–14 නොවැම්බර් දකුණු අප්‍රිකාව ඩර්බන් තාබෝ ම්බෙකි
2002 2–5 මාර්තු  ඕස්ට්‍රේලියාව කුලම් ජෝන් හොවාඩ්
2003 5–8 දෙසැම්බර් නයිජීරියාව අබුජා ඔලුසෙගන් ඔබසැන්ජෝ
2005 25–27 නොවැම්බර් මෝල්ටාව වැලේටා ලෝරන්ස් ගොන්සි
2007 23–25 නොවැම්බර් උගන්ඩාව කම්පාලා යෝවෙරි මුසවෙනි
2009 27–29 නොවැම්බර් ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ පෝර්ට් ඔෆ් ස්පේන් පැට්‍රික් මැනින්
2011 28–30 ඔක්තෝබර්  ඕස්ට්‍රේලියාව පර්ත් ජුලියා ගිලාඩ්
2013 15–17 නොවැම්බර්  ශ්‍රී ලංකාව කොළඹ මහින්ද රාජපක්‍ෂ
2015 27–29 නොවැම්බර් මෝල්ටාව වැලේටා ජෝසප් මස්කට්
2018 තීරණය කර නොමැත.  එක්සත් රාජධානිය TBA TBA
2020 තීරණය කර නොමැත.  මලයාසියාව TBA TBA
  1. BBC News. 28 November 2015 http://www.bbc.com/news/uk-34953782. {{cite news}}: Missing or empty |title= (help)