ඉන්දිරා ගාන්ධි
| ඉන්දිරා ගාන්ධි इंदिरा गांधी | |
|---|---|
|
| |
| 3වන ඉන්දීය අගමැති | |
|
In office 14 ජනවාරි 1980 – 31 ඔක්තොම්බර් 1984 | |
| President |
නීලම් සංජීව රෙඩ්ඩි සේල් සිං |
| Preceded by | චරන් සිං |
| Succeeded by | රජීව් ගාන්ධි |
|
In office 24 ජනවාරි 1966 – 24 මාර්තු 1977 | |
| President |
සාර්වපල්ලි රාධක්‍රිෂ්නන් සකීර් හුසේන් වරහාගිරි වෙන්කට ගිරි (වැඩබලන) මොහාමඩ් හිඩයතුල්ලා (වැඩබලන) වරහාගිරි වෙන්කට ගිරි ෆක්රුඩ්ඩින් අලි අහමඩ් බසප්පා ඩනප්පා ජට්ටි (වැඩබලන) |
| Deputy | මොරාජි දේසායි |
| Preceded by | ගුල්සරිලාල් නන්ද (වැඩබලන) |
| Succeeded by | මොරාජි දේසායි |
| විදේශ කටයුතු අමාත්‍ය | |
|
In office 9 මාර්තු 1984 – 31 ඔක්තොම්බර් 1984 | |
| Preceded by | නරසිම්හ රාඕ |
| Succeeded by | රජීව් ගාන්ධි |
|
In office 22 අගෝස්තු 1967 – 14 මාර්තු 1969 | |
| Preceded by | මහෝම්මෙඩලි කරීම් චාග්ලා |
| Succeeded by | දිනේෂ් සිං |
| ආරක්ෂක අමාත්‍ය | |
|
In office 14 ජනවාරි 1980 – 15 ජනවාරි 1982 | |
| Preceded by | චිදම්බරම් සුබ්‍රමානියම් |
| Succeeded by | රාමසාමි වෙන්කටරාමන් |
|
In office 30 නොවැම්බර් 1975 – 20 දෙසැම්බර් 1975 | |
| Preceded by | සර්දාර් ස්වරන් සිං |
| Succeeded by | බක්සි ලාල් |
| ස්වදේශ කටයුතු අමාත්‍ය | |
|
In office 27 ජූනි 1970 – 4 පෙබරවාරි 1973 | |
| Preceded by | යෂ්වන්ත්‍රාවෝ චවන් |
| Succeeded by | උමා ෂංකර් දික්ෂිට් |
| මුදල් අමාත්‍ය | |
|
In office 16 ජූලි 1969 – 27 ජූනි1970 | |
| Preceded by | මොරාජි දේසායි |
| Succeeded by | යෂ්වන්ත්‍රාවෝ චවන් |
| Personal details | |
| උපක |
19 නොවැම්බර් 1917 අලහබාද්, එක්සත් පළාත්, බ්‍රිතාන්‍ය ඉන්දියාව |
| මරණය |
31 ඔක්තෝම්බර් 1984 (වයස 66) නව දිල්ලිය, ඉන්දියාව |
| දේශපාලන පක්ෂය | ඉන්දියානු ජාතික කොංග්‍රසය |
| කලත්‍රයා(යන්) | ෆෙරෝස් ගාන්ධි |
| නැදෑයන් |
ජවහර්ලාල් ගාන්ධි (පියා) කමලා නේරු (මව) |
| දරුවන් |
රජීව් සංජය |
| උගත් ශාස්ත්‍රාලය | සොමර්විල් කොලේජ්, ඔක්ස්ෆර්ඩ් |
| අත්සන | ඉන්දිරා ගාන්ධි's signature |
ඉන්දිරා ප්‍රියදර්ශනී ගාන්ධි (හින්දි: इंदिरा प्रियदर्शिनी गांधी Indirā Priyadarśinī Gāndhī
අසන්න (උදවු·විස්තර); 19 නොවැම්බර් 1917 – 31 ඔක්තොම්බර් 1984) යනු ඉන්දියාවේ තෙවන අගමැති ලෙසින් පිටපිට තුන්වතාවක් (1966–77) සහ සතරවන වතාවට (1980–84) සේවය කළ ඉන්දියානු දේශපාලනඥයෙකි. ඇය ඝාතනය කරන ලද්දේ ෂීක් අන්තවාදීන් විසිනි. අගමැති තනතුර දැරූ දෙවන කාන්තාව ගාන්ධි වූ අතර ( ශ්‍රී ලංකාවේ සිරිමාවෝ බණ්ඩාරනායකට පසුව ) 2011 වන විටද ලෝකයේ දෙවන වැඩිම කාලයක් ධූරය දැරූ කාන්තා අගමැතිනිය ඇය වන්නීය.[1]
1917 නොවැම්බර් මස 19 වන දින උපත ලැබූ ඉන්දිරා ගාන්ධි 1966 සිට 1977 දක්වා පිට පිට වාර තුනක් ඉන්දියානු අගමැතිවරිය වශයෙන් තේරී පත් වුණු අතර නැවත 1980 දී හතරවන වරටත් අගමැතිවිය. එතැන් සිට 1984 දී ඝාතනයට ලක්වන තුරුම ඇය ඉන්දියාවේ අගමැති ධූරය හෙබ වූවාය. ඇය මෙතෙක් ඉන්දියාවේ අගමැති ධූරයට පත් වූ එකම කාන්තාව විය.
දේශපාලන බල පුළුවන්කාරකම් සහිත නේරු රාජ වංශයේ පවුලක උපත ලැබූ ඇය තද බල දේශපාලන වාතාරවරණයක් යටතේ හැදී වැඩුනාය. ඇගේ සීයා වන මොටිලාල් නේරු විශිෂ්ට ගණයේ ඉන්දියානු ජාතික නායකයෙක් විය. ඇගේ පියා වූ ජවහර්ලාල් නේරු, ඉන්දියානු සටනේ ප්‍රධානත්වය ගෙන කටයුතු කළ අයෙක් විය. එමෙන්ම ඔහු නිදහස් ඉන්දියාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා ද විය. 1941 ඔක්ස්ෆර්ඩ් සිට නැවත තම මව් රටට පැමිණීමත් සමඟ ඉන්දිරා ගාන්ධිතුමිය ඉන්දියානු නිදහස් සටනට අවතීර්ණ විය.
1950 වර්ෂයේ දී ඇය අනියම් සේවකයෙකු වශයෙන් තම පියා යටතේ පුද්ගලික සහායකවරියක ලෙස සේවය කළේ අගමැතිවරිය වශයෙන් නිල දරන කාල වකවානුවේදීමය. 1964 ජවහර්ලාල් නේරුතුමාගේ මරණයෙන් පසුව ඇයි රාජ්‍ය සභා සාමාජිකවරියක වශයෙන් එවකට ජනාධිපති විසින් තෝරා පත් කරන ලදී. එමෙන්ම ඇය ලාල් බහාදුරු සාස්ත්‍රිගේ කැබිනට් මණ්ඩලයේ තොරතුරු හා ප්‍රචාරණ ඇමතිවරිය වශයෙන් ද සේවය කළාය.
සාස්ත්‍රිගේ හදිසි මරණයෙන් පසුව ඉන්දිරා ගාන්ධි තුමියට අගමැතිවරිය වශයෙන් තේරී පත්වීමට එවකට කොංග්‍රස් පක්ෂයේ ජනපති කේ.කමරාජ් මහත් සේ උපකාරී විය. ඇය ඉතා ඉක්මනින් ඡන්ද ජයග්‍රහණ ලබා ගනිමින් හා විරුද්ධාවාදීන්ව ජනතාවාදය හරහා උපායෙන් පරදවමින් තම දක්ෂතා දක්වන්නට විය. ඇය විසින් බහුතරයක් වාමාංශික ආර්ථික ප්‍රතිපත්ති හා දියුණු කෘෂිකාර්මික ඵලදා වර්ධන ක්‍රම හඳුන්වා දෙන ලදී. 1971 දී ඇති වූ පාකිස්ථාන යුද්ධය මර්ධනාකාරී ලෙස ජයග්‍රහණය කළ ද එය අස්ථාවර කාල වකවානුවක් ඇති කිරීමට පාදක වුණි. තවද ඒ නිසා 1975 දී හදිසි තත්වයක් පැනවීමට ද සිදු වුණි. විරුද්ධ පක්ෂයේ ගත කළ තෙවසර තුළ ඇයට ඒකාධිපතිවාදීන් සඳහා විශාල වශයෙන් ගෙවීම් සිදු කරන්නට විය. 1980 දී නැවත බලයට පත්වීමත් සමඟ ඇය විශාල වශයෙන් පන්ජාබ් බෙදුම්වාදීන් සමඟ වූ සටන් තර කිරීමට පටන් ගත් අතර පසුව එයට ක්‍රම ක්‍රමයෙන් ඇයගේ ඝාතනයට හේතු විය. 1984 ඉන්දිරා ගාන්ධි තුමිය ස්වකීය ආරක්ෂක නිළධාරියා අතින් මරුමුවට පත් විය.
ආශ්‍රිත[සංස්කරණය]
- Pages using infobox officeholder with unknown parameters
- චරිත කතා
- භාරත් රත්න සම්මානය ලැබුවෝ
- ඝාතනය කෙරුනු ඉන්දීය දේශපාලනඥයෝ
- ඉන්දීය අග්‍රාමාත්‍යවරුන්ගේ දරුවෝ
- ඉන්දියාව තුල ගිනි අවි වලින් මරණ
- ඉන්දියානු ජාතික කොන්ග්රසයෙහි සභාපතිවරුන්
- ඉන්දියාවේ අග්‍රාමාත්‍යවරුන්
- ඝාතනය කෙරුනු රජයේ ප්‍රධානින්
- කාන්තා රජයේ ප්‍රධානින්
- 1917 උපත්
- 1984 මරණ