පේශි පටකය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
පේශි පටකය
414 Skeletal Smooth Cardiac.jpg
මිනිස් සිරුර පේශි පටක ආකාර තුනකින් සමන්විත ය: (a) කංකාල පේශි, (b) සිනිඳු පේශි, සහ (c) හෘත් පේශි. (සමාන විශාලනයෙන් යුතුව දක්වා ඇත)
Muscle Tissue (1).svg
විවිධ පේශි සෛල පෙන්වන දළ සටහනක් (ඉහළ දක්වා ඇති පිළිවෙලටම වේ).
ව්‍යූහ විද්‍යාත්මක ශබ්දමාලාව

පේශි පටකය යනුවෙන් හඳුන්වන්නේ සත්ත්ව දේහ තුළ පිහිටන පේශිවලින් සමන්විත මෘදු පටකයකි. මෙය පේශිවල සංකෝචන හැකියාවට හේතු වේ. මෙය කණ්ඩරා හෝ පෙරිමයිසියම වැනි පේශියෙහි ඇති සෙසු අංග සහ පටකවලට විරුද්ධ අයුරින් ක්‍රියා කරයි. මෙය ඇතිවන්නේ කලල වර්ධනයේ දී පේශිජනනය නැමැති ක්‍රියාවලියක් ඔස්සේ ය.[1]

පේශි පටකය එහි කෘත්‍යය සහ සිරුරේ පිහිටි ස්ථානය අනුව විවිධ වේ. ක්ෂීරපායීන් තුළ පේශි පටක තුන් ආකාරයක් හමු වේ: එනම් කංකාල හෙවත් විලිඛිත පේශි; සිනිඳු හෙවත් නිර්විලිඛිත පේශි සහ හෘත් පේශි (ඇතැම් අවස්ථාවල අර්ධ විලිඛිත පේශි යැයි හැඳින්වේ) වේ. සිනිඳු සහ හෘත් පේශි අනිච්ඡානුගව ක්‍රියා කරයි. එයට සචේතනික මැදිහත් වීමක් අවශ්‍ය නොවේ. මෙම පේශි වර්ග ඇතැම්විට මධ්‍ය ස්නායු පද්ධතියේ අන්තර් ක්‍රියාකාරීත්වයෙන් මෙන්ම පර්යන්ත ප්‍රතානවලින් ස්නායුතනයෙන් හෝ අන්තරාසර්ග (හෝර්මෝනමය) ක්‍රියාකාරීත්වය නිසා ද ක්‍රියාත්මක වේ. විලිඛිත හෙවත් කංකාල පෙශි පමණක් මධ්‍ය ස්නායු පද්ධතියේ බලපෑම අනුව ඉච්ඡානුගව සංකෝචනය වේ. ඉච්ඡානුග ක්‍රියාකාරීත්වයකින් තොරව කංකාල පේශිවල ප්‍රතීක ක්‍රියා ඇතිවන නමුත්, ඒවා ද මධ්‍ය ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වය හේතුවෙන් සිදුවේ. එසේ වුව ද, සංකෝචනය සිදුවන තෙක් බාහික ව්‍යූහයන් මෙයට දායක නොවේ.[1]

ඇසිටයිල්-කෝලින්, නොරැඩ්‍රිනලින්, ඇඩ්‍රිනලින්, නයිට්‍රික් ඔක්සයිඩ් වැනි ස්නායු සම්ප්‍රේෂක සහ අන්තරාසර්ග ද්‍රව්‍යවලට වෙනස් පේශී ප්‍රභේද දක්වන ප්‍රතිචාර විවිධත්වයක් පෙන්වයි.මේවා පේශී වර්ගය සහ පේශියේ නිශ්චිත පිහිටීම අනුව ‍රඳා පවතී.[1]

පේශි පටකය උප-ප්‍රවර්ගීකරණයට ද ලක් කළ හැක. මෙහි දී අන්තර්ගත මයෝග්ලොබින්, මයිටොකොන්ඩ්‍රියා, මයොසින් ATPase ප්‍රමාණය ආදිය සැලකිල්ලට ගත හැක.

ව්‍යූහය[සංස්කරණය]

පේශී සෛල (මයෝසයිට) දිගින් මිලිමීටර කිහිපයක සිට සෙන්ටිමීටර 10ක් පමණ දක්වා දිගින් යුත් සහ මයික්‍රොමීටර 10 සිට 100ක් දක්වා පළලින් යුත් දිගටි සෛල වේ.[2] මෙම සෛල එක්වී සෑදෙන පටක තුළ ක්‍රමානුකූලව සහ පුනරාවර්තීව ඇසිරුණු පේශි සූත්‍රිකා නැමැති පේශි කෙඳිතිමය සංකෝචක ප්‍රෝටීන පැවතීම හෝ නොපැවතීම අනුව පිළිවෙලින් විලිඛිත හෝ සිනිඳු පේශි ලෙස වර්ගීකරණය කළ හැක. විලිඛිත පේශි ද නැවත කංකාල හෝ හෘත් පේශී ලෙස වර්ගීකරණය කළ හැක.[3] විලිඛිත පේශී සාමාන්‍යයෙන් ඉච්ඡානුග පාලනයට යටත් ය. නමුත් නමුත් සිනිඳු පේශී එසේ නොවේ. මේ අයුරින්, පේශි පටකය වෙනස් ආකාර තුනකින් යුතුව විස්තර කළ හැක:

පෘෂ්ඨවංශීන් තුළ තෙවැනි පේශි පටකයක් ද හඳුනාගත වී ඇත:

  • හෘත් පේශි (මයෝකාඩියම) හමුවන්නේ හෘදයේ පමණි. මෙය විලිඛිත පේශියක් වන අතර, කංකාල පේශියට ව්‍යූහාත්මකව සමාන වන නමුත්, ඉච්ඡානුග පාලනයට යටත් නොවේ.

හෘත් සහ කංකාල පේශි "විලිඛිත" ය. එනම් ඒවා සාකොමියර දරන අතර, ඒවා අතිශයින් ක්‍රමානුකූල කළඹවල් ලෙස සැකසී ඇත. නමුත් සිනිඳු පේශිවල සාකොමියර හෝ ක්‍රමානුකූලව සැකසුණු පේශි තන්තු කළඹවල් දැකගත නොහැක. කංකාල පේශි ක්‍රමානුකූල, සමාන්තර මිටි ලෙස සැකසී තිබුණ ද, හෘත් පේශි සම්බන්ධ වන්නේ ශාඛනය වන අක්‍රමවත් කෝණවලිනි. (අන්තර්ස්ථාපිත මඬල නැමැති) විලිඛිත පේශි සංකෝචනය සහ ඉහිල් වන්නේ කෙටි, වේගවත් අයුරිනි. නමුත්, සිනිඳු පේශි දිගු හෝ ආසන්න වශයෙන් ස්ථිර සංකෝචන පවත්වා ගනියි.

පේශි පටක සැසඳීම[සංස්කරණය]

  සිනිඳු පේශි හෘත් පේශි කංකාල පේශි
ව්‍යූහ විද්‍යාව      
  ස්නායුපේශීය සන්ධිය නැත නැත ඇත
  තන්තු තර්කුරූපී, කෙටි (<0.4 mm) ශාඛනය වූ සිලින්ඩරාකාර, දිගටි (<15 cm)
  මයිටොකොන්ඩ්‍රියා ස්වල්පයකි ගණනාවකි ගණනාවක සිට ස්වල්පයක් දක්වා (වර්ගය අනුව)
  න්‍යෂ්ටි 1 1 >1
  සාකොමියර නැත ඇත, උපරිම දිග 2.6 µm ඇත, උපරිම දිග 3.7 µm
  සංසෛලීයතාව නැත (ස්වාධීන සෛල) නැත (නමුත් කෘත්‍යමය වශයෙන් එසේ ය) ඇත
  සාකොප්ලාස්මීය ජාලිකා මඳක් සූක්ෂ්මව සැකසී ඇත. සාමාන්‍යයෙන් සූක්ෂ්මව සැකසී ඇත. අතිශයින් සූක්ෂ්මව සැකසී ඇත.
ATPase ස්වල්පයකි. මධ්‍යස්ථ ප්‍රමාණයක් ඇත. බහුල ය.
කායිකවේදය      
  ස්වයං-පාලනය ස්වයංසිද්ධ ක්‍රියාවකි. (සෙමෙන්) ඇත. (ශීඝ්‍ර) නැත. (ස්නායු උත්තේජයක් අවශ්‍ය ය)
  උත්තේජයකට ප්‍රතිචාරය ප්‍රතිචාර නොදක්වයි. "සෑම-හෝ-නොමැති" "සෑම-හෝ-නොමැති"
  ක්‍රියා විභවය ඇත. ඇත. ඇත.
  අවකාශය (Workspace) බලය/දුර වක්‍රය විචලනය වේ. බලය/දුර වක්‍රයේ වර්ධනය වීමේ බලය/දුර වක්‍රයේ උච්චස්ථානයේ
උත්තේජයකට ප්‍රතිචාරය Muskelreiz-glatt.svg     Muskelreiz-herz.svg     Muskelreiz-skelett.svg

කංකාල පේශි[සංස්කරණය]

විලිඛිත කංකාල පේශී සෛලවල ආලෝක අන්වීක්ෂීය පෙනුම; පේශි තන්තු ඍජු සිරස් පටි ලෙස පවතියි‍. තිරස් විලේඛ (ලා පැහැ සහ අඳුරු පැහැ පටි) සෛල තුළ තන්තු සැකැස්මේ සහ ඝනත්වයේ වෙනස්වීම් නිසා ඇතිවූ ඒවා වේ. පේශි තන්තු අසල ඇති දිගටි හැඩයේ අඳුරු ලප පේශි සෛලවල න්‍යෂ්ටි වේ.

කංකාල‍පේශි තවත් උපවර්ග කිහිපයකට බෙදිය හැක:

  • වර්ගය I, සෙමෙන් ඔක්සිකාරක, සෙමෙන් සංකෝචනය වන, හෙවත් "රතු" පේශියකි. කෙශනාලිකා ඝනත්වය අධික අතර, මයිටොකොන්ඩ්‍රියා සහ මයෝග්ලොබින්වලින් පොහොසත් ය. මේ නිසා පේශියට එහි ලාක්ෂණික රතු වර්ණය ලැබී ඇත. මෙයට වැඩිපුර ඔක්සිජන් ප්‍රමාණයක් රැගෙන යා හැකි මෙය, ස්වායු ක්‍රියාකාරීත්වය සඳහා උචිත ය.
    • I වර්ගයේ පේශි තන්තු නූතනම පර්යේෂණ අනුව ඇතැම් අවස්ථාවල දී I වර්ගය සහ Ic වර්ගය ලෙස බෙදනු ලැබේ.[5]
  • වර්ගය II, වේගවත් සංකෝචන සහිත‍පේශියකි. සංකෝචන වේගය වැඩිවීම අනුව ප්‍රධාන ආකාර තුනකට ‍බෙදිය හැක:[6]
    • IIa වර්ගය, මන්දගාමී පේශියක් වන අතර, ස්වායුක වේ. මයිටොකොන්ඩ්‍රියා සහ රුධිර කේශනාලිකා බහුල අතර, ඔක්සිජනීහෘත විට රතු පැහැයෙන් දිස්වේ.
    • IIx වර්ගය (IId වර්ගය ලෙස ද හඳුන්වයි), අඩු මයිටොකොන්ඩ්‍රියා සහ මයෝග්ලොබින් ඝනත්වයකින් සමන්විත ය. මිනිසුන් තුළ පිහිටි වේගවත්ම පේශි ආකාරයයි. ඔක්සිකාරක පේශියකට වඩා ක්ෂණිකව සහ වැඩි ප්‍රබලතාවකින් යුක්තව සංකෝචනය විය හැක. නමුත් පැවතිය හැක්කේ කෙටි කාලයකි. පේශි සංකෝචනයට පෙර සිදුවන නිර්වායු ක්‍රියාකාරීත්වය වේදනාකාරී වේ. (බොහෝ අවස්ථාවල වැරදි ලෙස ලැක්ටික් අම්ලය නිර්මාණය වීම ලෙස දක්වා ඇත). ඇතැම් ග්‍රන්ථ සහ ලිපිවල මිනිසුන් තුළ ඇති මෙම පේශී IIB වර්ගයට අයත් යැයි වරදවා සඳහන් කොට ඇති බව සලකන්න.[7]
    • IIb වර්ගය, නිර්වායු, ග්ලයිකොච්ඡේදක, "සුදු" පැහැ පේශියකි. වඩා අඩු මයිටොකොන්ඩ්‍රියා සහ මයෝග්ලොබින් ඝනත්වයක් ඇත. කෘන්තකයින් වැනි කුඩා සත්ත්වයින් තුළ මෙය ප්‍රධාන වඩාත් වේගවත්ම පේශි ආකාරය වේ. ඔවුන්ගේ මස්වල ලා පැහැයට හේතුව මෙම පේශියයි.

සිනිඳු පේශි[සංස්කරණය]

සිනිඳු පේශි යනු අනිච්ඡානුග, නිර්විලිඛිත පේශියකි. මෙය ද ප්‍රධාන උපකාණ්ඩ දෙකකට බෙදිය හැක. තනි-ඒකක (ඒකීය) සහ බහුඒකක සිනිඳු පේශී මෙම ආකාර වේ. තනි-ඒකක සෛල තුළ, සම්පූර්ණ කළඹම හෝ පත්‍රයම සංසෛලීය (එනම් සෛලවලට වෙන් නොවූ බහුන්‍යෂ්ටික සෛල ප්ලාස්මීය ස්කන්ධයක්) ලෙස සංකෝචනය වේ. බහුඒකක සිනිඳු පේශී තනි සෛල ස්නායුතනය කරයි. ඒ නිසා මෙම සෛල මනා පාලනයක් සහ ක්‍රමානුකූල ප්‍රතිචාර සඳහා ඉඩ ලබා දේ.

සිනිඳු පේශි රුධිර වාහිනී බිත්ති තුළ (එවැනි සිනිඳු පේශී විශේෂයෙන් වාහිනී සිනිඳු පේශි යනුවෙන් හඳුන්වයි) දක්නට ලැබේ. ඒවාට උදාහරණ වශයෙන් විශාල (මහා ධමනිය) සහ කුඩා ධමනි, ධමනිකා සහ ශිරාවල මධ්‍ය චෝලය නැමැති ස්තරය හැඳින්විය හැක. මීට අමතරව සිනිඳු පේශී වසා වාහිනී, මූත්‍රාශය, ගර්භාෂය (ගර්භාෂයික සිනිඳු පේශිය නම් වේ), ස්ත්‍රී සහ පුරුෂ ප්‍රජනක මාර්ගය, ආමාශයාන්ත්‍රික මාර්ගය, ශ්වසන මාර්ගය, සමේ රෝමෝද්ගාමක පේශි, පක්ෂ්මීය දේහය, සහ තාරා මණ්ඩලය යන ස්ථානවල හමුවේ. වෙනස් අවයවවල පවා සිනිඳු පේශියේ ව්‍යූහය සහ කෘත්‍යය මූලිකව සමාන වන නමුත්, ප්‍රේරක උත්තේජය සැලකිය යුතු වශයෙන් වෙනස් වන්නේ වෙනස් අවස්ථාවන්හි සිරුරේ ඒකෛක ප්‍රතිචාර ඇතිවීම පාලනය කරන නිසායි. මීට අමතරව වෘක්කවල ගුච්ඡිකාවල අන්තර්ගත සිනිඳු පේශී-වැනි සෛල mesangial cells නම් වේ.

හෘත් පේශි[සංස්කරණය]

හෘත් පේශිය ද අනිච්ඡානුග, විලිඛිත පේශියක් වන අතර, එය හමුවන්නේ හෘදයේ බිත්තිවල සහ පටකවිද්‍යාත්මක පාදමේ විශේෂයෙන්ම මයෝකාඩියමේ ය. හෘත් පේශිය ප්‍රධාන පේශි වර්ග තුනෙන් එකක් වන අතර, සෙසු පේශි ආකාර දෙක වන්නේ කංකාල සහ සිනිඳු පේශි ආකරයි. මෙම පේශි ආකාර තුනම ඇතිවන්නේ පේශිජනනය නැමැති ක්‍රියාවලියේ දී ය. හෘත් පේශිය සැදුම්ලත් සෛල වන කාඩියෝමයෝසයිට හෙවත් මයෝකාඩියෝසයිටවල ප්‍රමුඛ වශයෙන් තින න්‍යෂ්ටිය බැගින් දක්නට ලැබේ. නමුත් ජනගහනය තුළ න්‍යෂ්ටි දෙකේ සහ හතර දක්වා හමුවන අවස්ථා ද දැකගත හැක.[8][9]සැකිල්ල:Page needed ම‍යෝකාඩියම යනු හෘදයේ පේශි පටකයයි. ‍එමගින් පිටත එපිකාඩියම් ස්තරය සහ ඇතුළත එන්ඩොකාඩියම අතර ඝනකම් මධ්‍ය ස්තරය සෑදේ.

හෘත් පේශි සෛලවල සමායෝජිත සංකෝචන හේතුවෙන් හෘදයට රුධිරය, කර්ණිකාවලින් සහ කෝෂිකාවලින් ඉවතට වම්/සංස්ථානික සහ දකුණු/පුප්ඵුසීය සංසරණ පද්ධතිවල රුධිර වාහිනී දෙසට තල්ලු කිරීමේ හැකියාව ලැබී ඇත. මෙම සංකීර්ණ යන්ත්‍රණය හෘදයේ ආකුංචයට හේතු වේ.

දේහයේ සෙසු පටක බොහෝමයක් මෙන් නොව, හෘත් පේශි සෛලවල පැවැත්මට ඔක්සිජන් හා පෝෂක ලබා ගැනීමට සහ කාබන් ඩයොක්සයිඩ් වැනි අපද්‍රව්‍ය ඵල ඉවත් කිරීමට ප්‍රමාණවත් රුධිර සැපයුමක් සහ විද්‍යුත් සැපයුමක් බෙහෙවින් අවශ්‍ය වේ. මෙම කෘත්‍යය ඉටු කරගැනීමට කිරීටක ධමනි උපකාරී වේ.

කෘත්‍යය[සංස්කරණය]

කංකාල පේශි[සංස්කරණය]

1.සිරුරේ චලන ක්‍රියාත්මක කරයි.

2.සිරුරට ආධාර වේ.

3.සිරුරේ ඉරියව් පවත්වා ගනියි.

සිනිඳු පේශි[සංස්කරණය]

රුධිර වාහිනී, ආමාශයාන්ත්‍රික මාර්ගය සහ මූත්‍රාශය වැනි කුහරමය අවයවවල සංකෝච්‍යතාව පාලනයට වග කියයි.

හෘත් පේශි[සංස්කරණය]

හෘත් පේශි යුන හෘදයේ පිහිටි පේශි වර්ගයයි. ස්වයං-සංකෝච්‍ය, ස්වයංසාධකව යාමනය වන මෙය ජීවියාගේ මුළු ජීවිත කාලය තුළ දී රිද්මයානුකූල රටාවකට සංකෝචනය වේ. මේ නිසා එයට විශේෂ ලක්ෂණ ඇත.

මේවාත් බලන්න[සංස්කරණය]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. 1.0 1.1 1.2 "Muscle Tissue TheVisualMD.com". www.thevisualmd.com. සම්ප්‍රවේශය 2015-12-30. 
  2. Hugh Potter, Summary of muscle tissue
  3. Pratt, Rebecca. "Muscle Tissue". AnatomyOne. Amirsys, Inc. සම්ප්‍රවේශය 26 October 2012. 
  4. Marieb, Elaine; Hoehn, Katja (2007). Human Anatomy & Physiology (7th සංස්.). Pearson Benjamin Cummings. පි. 317. ISBN 0-8053-5387-9. 
  5. McCloud, Aaron (30 November 2011). "Build Fast Twitch Muscle Fibers". Complete Strength Training. සම්ප්‍රවේශය 30 November 2011. 
  6. Larsson, L; Edström, L; Lindegren, B; Gorza, L; Schiaffino, S (July 1991). "MHC composition and enzyme-histochemical and physiological properties of a novel fast-twitch motor unit type". The American Journal of Physiology 261 (1 pt 1): C93–101. PMID 1858863. http://ajpcell.physiology.org/cgi/reprint/261/1/C93. ප්‍රතිෂ්ඨාපනය 2006-06-11. 
  7. Smerdu, V; Karsch-Mizrachi, I; Campione, M; Leinwand, L; Schiaffino, S (December 1994). "Type IIx myosin heavy chain transcripts are expressed in type IIb fibers of human skeletal muscle". The American Journal of Physiology 267 (6 pt 1): C1723–1728. PMID 7545970. http://ajpcell.physiology.org/cgi/reprint/267/6/C1723. ප්‍රතිෂ්ඨාපනය 2006-06-11.  Note: Access to full text requires subscription; abstract freely available
  8. "Aging, cardiac hypertrophy and ischemic cardiomyopathy do not affect the proportion of mononucleated and multinucleated myocytes in the human heart". Journal of Molecular and Cellular Cardiology 28 (7): 1463–77. July 1996. doi:10.1006/jmcc.1996.0137. PMID 8841934. http://www.sciencedirect.com/science/article/pii/S0022282896901376. 
  9. Pollard, Thomas D. and Earnshaw, William. C., "Cell Biology". Philadelphia: Saunders. 2007.

සැකිල්ල:Biological tissue සැකිල්ල:Muscle tissue

"https://si.wikipedia.org/w/index.php?title=පේශි_පටකය&oldid=395619" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි