පිරමීඩ
Jump to navigation
Jump to search
මෙම ලිපිය පිරමීඩ-හැඩැති ව්‍යුහ පිලිබඳ වේ. ජ්‍යාමිතික පදය සඳහා, පිරමීඩ (ජ්‍යාමිතිය) බලන්න. වෙනත් භාවිතා සඳහා, පිරමීඩ (වක්‍රෝත්තිහරණය) බලන්න.
![]() | මෙම ලිපිය සත්‍යාපනය සඳහා අමතර උපහරණ අවශ්‍ය වෙයි. (අගෝස්තු 2006) |

කෆ්රා හි පිරමීඩය
පිරමීඩයක් (ග්‍රීක "πυραμίς" - පිරිමිස්[1]) යනු, එක් ලක්ෂ්‍යයකට අභිසාරී වන ලෙසට වූ ත්‍රිකෝණාකාර බාහිර පෘෂ්ඨයන් සහිත ව්‍යුහයකි. පිරමිඩයක පාදම ත්‍රිපාර්ශවික, චතුර්පාර්ශවික හෝ ඕනෑම බහු-අස්‍ර හැඩයක් ගත හැකි අතර, එයින් අදහස් වන්නේ පිරමිඩයකට අවම වශයෙන් ත්‍රිකෝණාකාර පෘෂ්ඨයන් තුනක්වත් (පාදමද සහිතව අවම වශයෙන් මුහුණත් සතරක් වත්) තිබිය යුතු බවය. චතුරස්‍ර පාදමක් සහ ත්‍රිකෝණාකාර බාහිර පෘෂ්ඨයන් සතරක් සහිත චතුරස්‍ර පිරමීඩය, සුලභ ප්‍රවාචයකි.