පාලි භාෂාවෙන් ලියැවුණු වීර කාව්‍යය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

ථේරවාද
බුදුදහම

  Asokanpillar-crop.jpg  

රටවල්

  ශ්‍රී ලංකාව
කාම්බෝජය • ලාඕසය
මියන්මාරය • තායිලන්තය
 

ග්‍රන්ථ

 

පාළි ත්‍රිපිටකය
අටුවා
ටීකා

 

ඉතිහාසය

 

නිකාය-භේදයට පෙර බුද්ධාගම
අතීත ගුරුකුල • Sthavira
Asoka • තුන්වන සංගායනාව
Vibhajjavada
මිහිඳු මහ රහතන්වහන්සේ
සංඝමිත්තා තෙරණිය
දීපවංශය • මහාවංශය
බුද්ධඝෝෂ හිමි

 

ධර්මය

 

සංසාරය • නිර්වාණය
මධ්‍යම ප්‍රතිපදාව
ආර්ය අෂ්ටාංගික මාර්ගය
චතුරාර්ය සත්‍යය
නිර්වාණ මාර්ගඵල
සිල්පද • තෙරුවන්

 

මහාවංශය ("මහා වංශ කථාව") යනු ශ්‍රී ලංකාවෙහි රජවරුන් පිළිබඳව, පාලි භාෂාවෙන් ලියැවුනු, ඓතිහාසික කාව්‍යයකි. එය ආවරණය කරන කාල පරිච්ඡේදය වනුයේ, ක්‍රිපූයු 543 දී කාලිංගයේ (පුරාතන ඔරිස්සාව) විජය රජු ගේ ආගමනයෙහි සිට, මහාසේන රජු (334–361) ගේ රාජ්‍ය කාලය දක්වා කාලයයි.

මහාවංශයෙහි පළමු මුද්‍රිත සංස්කරණය හා ඉංග්‍රීසි පරිවර්තනය, 1837 දී, ලංකා සිවිල් සේවයෙහි නිලධාරියෙකු සහ ඉතිහාසඥයෙකු වූ ජෝර්ජ් ටර්න්අවර් විසින් ප්‍රකාශයට පත්කෙරිණි . 1912 දී විල්හෙල්ම් ගෙයිගර් විසින්, මහාවංශයෙහි ජර්මන් පරිවර්තනයක් සම්පූර්ණ කරන ලදි. මේබල් හෙයින්ස් බෝඩ් විසින්, මෙය ඉංග්‍රීසියට පරිවර්තනය කරන ලද අතර, ගෙයිගර් විසින්, ඉංග්‍රීසි පරිවර්තනය සංශෝධනය කරන ලදි.[1]

බුද්ධාගම[සංස්කරණය]

සිද්ධාන්තික ආගමික පුස්තකයක් ලෙසින් නොසැළකුණත්, මහාවංශය ථේරවාද බුද්ධාගමෙහි වැදගත් ග්‍රන්ථයෙකි. බුද්ධාගමෙහි ආදි කතෘ, සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේගේ කාලයෙන් ආරම්භ කරමින්, ශ්‍රී ලංකාවේ ආගමික ඉතිහාසයේ ආදි යුගය එය විසින් ආවරණය කෙරෙයි. බුදුන්වහන්සේගේ පරිනිර්වාණය සිදුවූ දින සිට, ධර්මය විමර්ශනයට ලක්වුනු විවිධ බෞද්ධ සංගායනාවන් දක්වා, ඉන්දියාවේ බුද්ධාගමෙහි ඉතිහාසයද සංක්‍ෂිප්ත ලෙසින් එය ගෙන හැර දක්වයි. මහාවංශයෙහි සෑම පරිච්ඡේදයක්ම කෙළවර වනුයේ, "සැදැහැතියන්ගේ පසන් ප්‍රමෝදය සඳහා" යන්න ලියා දැක්වීමෙනි. එහි මතය අවධාරණය කිරීමෙන් හැ‍‍ඟෙන්නේ, අනුරාධපුරයෙහි මහාවිහාර සිද්ධස්ථානයෙහි අනුග්‍රාහකයන්ව සිටි රජුන්ගේ යහපත් ක්‍රියාවන් ලේඛනගත කිරීමට මෙය සම්පාදනය කෙරුණු බවකි.

ඉතිහාසය[සංස්කරණය]

මහාවිහාරයෙහි බෞද්ධ භික්ෂූන් වහන්සේලා, ක්‍රිපූයු 3වන සියවසෙහි සිටම, ශ්‍රී ලාංකික ඉතිහාස වංශ කතා (මුඛ පරම්පරාගතව) පවත්වාගෙන ආහ. මෙම පුරාවෘත්ත එක් කිරීම හා තනි ග්‍රන්ථයක් ලෙසින් සම්පාදනය කිරීම, ක්‍රියු 5වන සියවසෙහිදී, බෞද්ධ භික්ෂුවක් වූ මහාථෙර මහානාම විසින් සිදුකෙරිණි. විල්හෙල්ම් ගෙයිගර්ට අනුව , මහාවංශ අත්තකථා නමින් පූර්ව-සම්පාදනයක් තුබූ බවටත්, මහාථෙර මහානාම විසින් මෙම පුස්තකය ආශ්‍රය කල බවටත්, සාක්ෂි [කුමණ?] ඇත. දීපවංශය නමින් හැඳින්වෙන, දැනටද පවතින, තවත් මුල් ලේඛනයක්, මහාවංශයට වඩා අඩුවෙන් තොරතුරු දරමින් සරල බවක් දනවන අතර, බොහෝ විට මහාවංශ අත්තකථා ඇසුරින්ම සම්පාදනය කල බවට සැලකිය හැක.

සිංහල බෞද්ධ භික්ෂුන්වහන්සේලා විසින් සම්පාදිත, චූල වංශය ("සුළුතර වංශ කථාව") නම් සාමායක වෙළුමක්, 4වන සියවසෙහි සිට 1815දී බ්‍රිතාන්‍ය විසින් ශ්‍රී ලංකාව අත්පත් කරගැනීම දක්වා කාල සීමාව ආවරණය කරයි. විවිධ කාල පරිච්ඡේදයන්හිදී විවිධ කතෘවරුන් විසින් චූල වංශය සම්පාදනය කර ඇත.

සහස්‍රවර්ෂ දෙකක කාල සීමාවක් අවිච්ඡින්න ඓතිහාසික වාර්තාවක් සපයන හා, සමහරවිට සාමුහිකව මහාවංශය ලෙසින් හැඳින්වෙන සංයුක්ත කෘතිය, ලෝකයේ දීර්ඝතම නොබිඳුනු ඉතිහාස විස්තර අතුරින් එකක් ලෙස සැලකෙයි. අශෝක අධිරාජයාගේ මරණයට පෙර විෂය කොටස විශ්වාස කල නොහැකි සහ බොහෝ දුරට ප්‍රබන්ධමය වුවද, එය ලියැවුනු කාල සීමාව සැලකිල්ලට ගත් කල, කෘතියෙහි ඓතිහාසික නිරවද්‍යතාවය, විෂ්මයජනක බවට සැලකෙයි [2]. එනමුදු, මහාවංශයෙහි එම කොටස විජයගේ ජනප්‍රවාදගත ආගමනයට මත්තෙන් ලංකා ද්වීපයෙහි වැසියන් වූ නාගයන් සහ යක්කයන් පිළිබඳ කරුණු කාරණා අඩංගු ලේඛණයන් කිහිපය අතුරින් එකෙකි.


වැදගත් ඓතිහාසික මූලාශ්‍රයක් වීම හැරුණු විට එය පාලි භාෂාවෙන් ලියැවුණු වීර කාව්‍යයකි. කදිම ගීතවත් භාෂාවකින් ලියැවුණු මතක තබා ගත හැකි කථා, එනම් යුද්ධ, ආක්‍රමණ රජ පවුලේ කුමණ්ත්‍රන, මහා ථූප සහ ජලාශ ගොඩනැංවීම පිළිබඳ කථා, කාලීන බෞද්ධ ලෝකයේ අවධානය දිනා ගත්තේය. එකල රුවන්වැලි සෑය මුළු ලෝකයේම උසම ගොඩනැගිල්ල විය. පරාක්‍රමබාහු රජතුමාගේ ඉංජිනේරු ක්‍රම එකල ලෝකයේ තිබුණු මහා වාරි ව්‍යාපාර විය. පුරාණ කාලයේ ලියැවුණු අනෙකුත් ලේඛණ මෙන් නොව එය සාමාන්‍ය ජන ජීවිතයේ බොහෝ පාර්ශවයන් ගැන සාකච්ඡා කර ඇත. රජුගේ හමුදාවට බැඳුණේ කෙසේද නැතහොත් ගොවිතැන් කළේ කෙසේද යනාදී වශයෙනි. (පරිච්ඡේද xxii – xxviii බලන්න) මෙපරිදි මහාවංශය සේද මාවත දිගේ බොහෝ බෞද්ධ රටවල්වලට ගෙන යන ලදී. එහි කොටස් වෙනත් භාෂාවලට එක්කෝ පරිවර්තනය කර නැතහොත් එහි අඩංගු කාරණා වෙනත් භාෂාවලින් නැවත කියා ඇත. බුරුමයේ හා තායිලන්තයේ එහි අගනා පිටපත් තිබේ. වෙනත් වංශ කථා වර්ගයේ පාලි කෘතීන්වල දියුණුව කෙරෙහි මහාවංශය බොහෝ සේ බලපෑවේය. එහි ප්‍රථිපලයක් වශයෙන් එකල පාලි කාව්‍යය පිළිබඳ ලෝකයේ ප්‍රධාන මධ්‍යස්ථානය බවට සමහර විට ලංකාව පත් වන්නට ඇත.

දේශපාලනික වැදගත් සිදුවීම්

දේශපාලන තොරතුරු අඩංගු ලේඛනයක් ලෙස වර්තමාන ශ්‍රී ලංකාවේද මහාවංශයට විශේෂ ස්ථානයක් හිමි වේ. බ්‍රිතාන්‍ය ඉතිහාසඥයෙකු වූ ජෝන් රසල් 1930 දී මහාවංශයට පහර දීමේ ක්‍රියාවලියක් ගැන විස්තර කළේය. විශේෂයෙන් එසේ සඳහන් කර ඇත්තේ දෙමළ ජාතිවාදී ව්‍යාපාරය ගැනයි. මහාවංශය සිංහල බෞද්ධ ඉතිහාසය අඩංගු ලේඛනයක් වීම නිසාම සිංහල ජාතීවාදීන්ට මෙන්ම දෙමළ ජාතිවාදීන්ට ද එය පෙනුණේ අග්‍රගණ්‍යයේ සිංහල වීර කාව්‍යයක් පරිද්දෙනි. 1930 දී දෙමළ ජාතිකාභිමානයෙන් යුතු ජී.ජී.පොන්නම්බලම් එයට පහර දුන්ණේය. ඔහු ප්‍රකාශ කර සිටියේ විජය, කාශ්‍යප, පරාක්‍රමබාහු ආදී බොහෝ රජවරු දෙමළ ජාතිකයන් වූ බවයි. 1939 දී ජි.ජි.පොන්නම්බලම් විසින් නාවලපිටියේදී සිංහල ජනතාවට සහ මහාවංශයට පහර එල්ල කරමින් කළ උද්වේගකාරී දේශනය පළමු සිංහල-දෙමළ කැරලි කෝළාහලවලට වස්තු බීජය විය. මෙම කැරලි කෝළාහලවලට නාවලපිටිය, පස්සර, මස්කෙළිය සහ යාපනය ද ගොදුරු විය. මෙම කැරැල්ල ද බ්‍රිතාන්‍ය යටත් විජිත පාලකයන් විසින් ඉතා ඉක්මණට මැඩ පවත්වන ලදී.

බොහෝ ලේඛකයෝ මහාවංශයේ සදාචාරය ගැන ප්‍රශ්න කරති. දුටුගැමුණු රජු එළාර සහ ඔහුගේ හමුදාව ඝාතනය කිරීම සම්බන්ධයෙන් දුක් වී යයි මහාවංශයේ එන විස්තර ගැන සැකයෙන් බලති. ආක්‍රමණිකයන් ඝාතනය කිරීම "පව්කාරයින් සහ වන සතුන් මැරීම " හා සමාන යයි මහාවංශය කියයි. එසේ කියා රජුගේ දුක සහ සන්තාපය සමනය කර තිබේ. සමහර විවේචකයන් මෙය සලකා ඇත්තේ ආචාර ධර්ම විද්‍යාවේ වැරැද්දක් ලෙසිණි. බුදු දහමේ පාපී ක්‍රියාවන්ගේ ප්‍රථිපලවල අනුපිළිවෙලක් පෙන්වා දී ඇත. එයට අනුව රහතන් වහන්සේ නමක් මැරීම සාමාන්‍ය පුද්ගලයෙකු ඝාතනයට වඩා පාපී ක්‍රියාවකි. බෞද්ධාගම අදහන්නෝ ප්‍රකාශ කරන්නේ කූඹීයෙකු මැරීමට වඩා අලියෙකු මැරීමෙන් පව වැඩි වන බවයි. මේ ආකාරයේ සිතිවිලි හින්දු මනු නීතියේ ද තිබේ. එහිදී බ්‍රාහ්මණයෙකුට හිරිහැර කිරීමත්, චණ්ඩාලයෙකුට එසේ කිරීමත් අතර ප්‍රථිපලයේ විශාල පරතරයක් ඇත. එසේම බිලි පූජා සඳහා සතුන් මැරීම හින්දු චාරිත්‍රවලට එකඟය. ඒ අනුව මහාවංශය බෞද්ධ ආචාර ධර්මවලට සාධාරණය ඉටු කර ඇත. දුටු ගැමුණු රජු ඔහුගේ ක්‍රියාවන් ගැන දුක් විය. අශෝක අධිරාජයා ද බිහිසුණු යුද්ධවලින් පසු යුධ විරෝධියෙකු වූ බව පෙන්වා දීම අනුව දුටුගැමුණු ද එසේ කිරීම අවශ්‍ය විය.

මහාවංශය වෙනුවෙන් කරුණු ඉදිරිපත් කිරීමට ඉදිරිපත් වූ කැපී පෙණුනු ඉතිහාසඥයෙකු නම් කාර්තිගේසු ඉන්ද්‍රපාලයි. මහාවංශය සිංහල බෞද්ධ දේශානූරාගී කරුණු අඩංගු කෘතියකැයි යන ජනප්‍රිය මතය වැරදියයි ඔහු තර්ක කළේය. එසේම මහාවංශය ලේඛකයා ඔහුගේ ඉදිරිපත් කිරීමේදී පුදුමාකාර ලෙස සාධාරණ වී ඇති බවද කියයි. කෙසේ වෙතත් ශ්‍රී ලාංකික දේශපාලඥයින් ඔවුන්ගේ පටු අරමුණු සඳහා එය තවදුරටත් හොඳ අතට හෝ නරක අතට පාවිච්චි කරනවා ඇත.

References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Mahawamsa#The_Greatest_Epic_Poem_.28Kaavya.29_written_in_Pali

ආශ්‍රිත[සංස්කරණය]

  1. මහාවංශ. ලංකාණ්ඩුව. 1912. http://lakdiva.org/mahavamsa/. 
  2. ද සිල්වා, කේ.එම්. (1981). අ හිස්ට්‍රි ඔෆ් ශ්‍රී ලංකා. New York: පෙන්ගුයින්. http://books.google.com/books?id=338cAAAAMAAJ.