පස රහිතව ශාක වැවීමේ ක්‍රමවේදය

විකිපීඩියා වෙතින්
පස වෙනුවට පෝෂ්‍ය කොටස් අඩුංගු ද්‍රවණයක් ආධාර කොට ගෙන ශාක වැවීම

මෙහිදි පස වෙනුවට පෝෂ්‍ය කොටස් අඩුංගු ද්‍රවණයක් ආධාර කොට ගෙන ශාක වැවීම සිදු කරන අතර මෙය හැදින්වීම‍ට Hydroponics නම් ඉංග්‍රීසි පදය පිලිවෙලින් ජලය සහ ශ්‍රමය හැදින්වීමට භාවිතා වන ග්‍රීක පදයන් වන hydro සහ ponos යන පදයන් ඇසුරෙන් නිර්මාණය වුවකි. පස මත වැවෙන ශාක වර්ග වර්ධනය සදහා ඒවායේ මුල් පෝෂණ කොටස් අඩංගු ද්‍රවණයක් පමණක් යොදා ගෙන හෝ පර්ලයිට්, බොරළු හෝ ඛණිජ පුළුන් වැනි උදාසීන මාධ්‍යයක ආධාරයෙන් වගාකළ හැක. මේ සදහා ක්‍රම වේද ගණනාවක් පවති.

19 වැනි ශත වර්ෂයේදී ශාක කායික විද්‍යාව පිළිබද පර්යේෂකයන් විසින් ශාක තමන්ට අවශ්‍ය අත්‍යවශ්‍ය ඛනිජ සංයෝගයන් ජලයේ දියවු අකාබනික අයන ලෙස උරා ගන්නා බව සොයා ගන්නා ලදී. ස්වභාවික තත්ත්ව යටතේ දී පස එම ඛනිජ පෝෂක රදවා ගන්නා මාධ්‍යයක් ලෙස ක්‍රියාකරන නමුත් පස ශාක වර්ධනය සදහා අත්‍යවශ්‍ය නොවේ. පසෙහි පවතින ඛනිජ පෝෂක ජලයේ දිය වු විට එම පෝෂක ශාක මුල් මගින් උරාගත හැකිවේ. යම් හෙයකින් ශාකයක ජල සැපයුමට කෘතිම ලෙස අදාල ඛනිජ පෝෂක එක් කළ විට තවදුරටත් ශාක වර්ධනය සදහා පස අනවශ්‍ය වෙයි. පස මත වැවෙන ශාක සියල්ලක්ම පාහේ මෙසේ වගා කළ හැකි වන නමුත් ඇතැම් ශාක මෙම ක්‍රමය ඔස්සේ අනෙකුත් ශාක වලට සාපේක්ෂව වඩාත් හොදින් වගා කළ හැකිවෙයි. එමෙන්ම මෙම ක්‍රමවේදය ඉතා සරළ එකක් වන අතර බොහෝ විට Watercress වැනි ශාක ඇසුරෙන් කුඩා ළමුන් පවා මෙම ක්‍රියාවලිය සිදු කරනු දැක ගත හැක. තවද මෙය ජීව විද්‍යාත්මක පර්යේෂණයන් තුල සහ ඉගැන්වීම් කටයුතු වලදී සම්මත ක්‍රමවේදයක් ලෙස භාවිතා වන අතර ඉතා ප්‍රචලිත විනෝදාංශයක්ද වෙයි.

දිය වගා වාණිජ්‍ය[සංස්කරණය]

ඊශ්‍රයලය, එහි ශුෂ්ක දේශගුණය හේතුවෙන් උසස් දියවගා තාක්ෂණික ක්‍රම දියුණු කර ඇත. ඔවුන් විසින් ඔවුන්ගේ පද්ධති නිකරගුහාවට අලෙවි කර ඇති අතර ඔවුන් විසින් ඒවා වාර්ෂිකව මිරිස් රාත්තල් මිලියනයකට වඩා නිපදවීමට භාවිතා කරන අතර‍එම මිරිස් එක්සත් ජනපදය ඇතුළුව විදේශීය රටවලට අපනයනය කිරීම සිදු කරයි.

ලෝකයේ විශාලතම වානිජ්‍ය දියවගා පහසුකම ඇත්තේ ඇරිසෝනා, විල්කොක්ස් හි යුරෝෆ්‍රෙශ් ගොවිපලෙහිය. එමගින් 2005 වර්ෂයේදී තත්කාලි රාත්තල් මිලියන 125 ක් විකුණන ලදී. යුරෝෆ්‍රේෂ් ගොවිපලෙහි අක්කර 256 ක් වීදුරු යට ඇති අතර එමගින් එක්සත් ජනපදයේ වානිජ්‍ය දියවගා හරිතාගාර ප්‍රදේශ වලින් 1/3 ක් පමණ නිරූපණය කරයි. යුරෝෆ්‍රෙෂ් ගොවිපල ඔවුන්ගේ තත්කාලි කාබනිකයට සැලකිල්ලක් නොදක්වන නමුත් ඒවා පලිබෝද නාශකයන්ගෙන් තොරවෙයි. ඒවා සුපිරි ජල පද්ධති සමග රොක්වුල් මත වවනු ලැබේ.

සමහරක් වානිජ්‍ය අන්තර්ගත කිරීම සංයුක්ත පලිබෝද කළමණාකරන තාක්ෂණික ක්‍රම වලට මුල් තැන දෙමින් පලිබෝධ නාශක යොදා නොගනියි. කාබනික ලෙස ලේබල් ගතකර ඇති බෝග සදහා පාරිභෝගිකයන් විසින් කැමැත්තෙන් ගෙවන අධිමිලක් බොහෝ විට අන්තර්ගත වෙයි. ඇමරිකා එක්සත් ජනපදයේ සමහරක් ප්‍රාන්ත වල කාබනික සහතික කිරීම ලබාගැනීම සදහා පස අත්‍යවශ්‍ය සාධකයක් වෙයි. US ෆේඩරල් ආණ්ඩුව විසින් ප්‍රකාශයට පත්කරන ලද අතිච්ඡාදනය වන හා යම්තාක් දුරකට මතභේදනය වන නිමිති නිසා වී වගාව මගින් වවන ලද සමහරක් ආහාර බෝග කාබනික ලෙස සහතික කළ හැක.

දිය වගාව මගින් ජලය ඉතා විශාල ප්‍රමාණයක් ඉතිරි කර එය විසින් යම් ආහාර ප්‍රමාණයක් නිපදවීමට භාවිතා කරන්නේ සාමාන්‍ය ගොවිපලකදී එම ආහාර ප්‍රමාණයම නිපදවීමට වැය වන ජලයෙන් 1/20 ක පමණ සුළු ප්‍රමාණයකි. ගොවිපල වල ජල භාවිතයෙන්හා රසායන ද්‍රව්‍ය පිටකිරීම තුලින් ජල වගුවට බලපෑම් එල්ල විය හැකි නමුත් දිය වගාව මගින් මෙම බලපෑම අවම කරන අතරම ජල භාවිතා කිරීම හා ජලය ඉවත ලෑම මැනීමටද පහසුවෙයි. එමනිසා මෙමගින් ජලපරිභෝජනය අඩුකිරීම මගින් හා ගොවිපල අවට භූමියට සිදුවන බලපෑම අඩුකිරීම මගින් ගොවියාගේ මුදල් ඉතිරි කරන දෙයි.

දියවගා හරිතාගාරයක් තුළ පරිසරය උපරිම කාර්යක්ෂමතාවය සදහා තද බල ලෙස පාලනය කර ඇති අතර මෙම නව ක්‍රමය පස් රහිත / පාලිත පරිසර කෘෂිකර්මාන්තය (S/CEA) ලෙස හදුන්වනු ලැබේ. මෙමගින් ගොවීන්ට අධි මිලෙන් යුත් බෝග උෂ්ණත්වය හා වැවීම් කාලය නොසලකමින් ලෝකයේ ඕනෑම තැනක වැවීමට ඉඩ ලබාදෙයි. ගොවියන් මගින් උෂ්ණත්වය, අර්ද්‍රතාවය හා PH මට්ටම් නිරන්තරයෙන් නිරීක්ෂණය කරනු ලැබේ.

දිය වගා ක්‍රමය එලවළු වල තත්ත්වය ඉහළ නැගීම සදහා බාවිතා කරනු ලබන අතර එමගින් වැඩි පෝෂණ අගයක් ලබාදිය හැකිවෙයි. වර්ජිනියාවේ දිය වගා ගොවියෙක් විසින් කැල්සියම් හා පොටෑසියම් බහුල සලාද ගස් වර්ගයක් නිපදවා ඇති අතර 2007 අප්‍රේල් මාසයේදී ඒවා වෙළද පොළට නිකුත් කිරීමට අපේක්ෂා කර තිබෙයි. පර්යේෂණ වෙළද පොල වල සිටින වෙළද පොල කරුවන් කියා සිටින්නේ සලාද කොල ඉතා හොදින් විකිණෙන බව අතර වගා කරුවන් පවසා සිටි‍යේ දියවගා සලාද කොළ ජලය භාවිතා කරන්නේ සාම්ප්‍රදායික පස් සහිත වගාකිරීම් වලට වඩා 90% ක් අඩුවෙන් බවයි.