Image 1
කාබනික ගොවිතැන්කරණය යනු කෘෂිකර්මාන්තයේ එක් ආකාරයක් වන අතර එහිදී කෘතීම පොහොර හා පලිබෝධනාශක, ශාක වැඩීම් පාලක, පශු සම්පත් පෝෂණ ආකලන හා ජානමය වශයෙන් නවීකරණය කරන ලද පටක භාවිතා නොකරයි. කාබනික වගාකරුවන් විසින් පාංශු නිෂ්පාදිතය පවත්වා ගැනීමට හා පලිබෝධකයන් පාලනය කිරීම සඳහා හැකිතාක් දුරට වගා භ්‍රමණය, හරිත පොහොර, කොම්පෝස්ට්, ජීව විද්‍යාත්මක පලිබෝධ පාලනය හා යාන්ත්‍රික වගා කිරීම භාවිතා කරයි. කාබනික ගොවිතැන්කරණය බොහෝ විට සාම්ප්‍රදායික රසායනික ගොවිතැන්කරණය සමඟ වෙනස්කම් දක්වයි. කාබනික කෘෂිකර්මාන්තය තිරසාර කෘෂිකර්මාන්තයේ උප අංශයක් ලෙස සැලකිය හැකි අතර වෙනස වන්නේ කාබනික වීම සඳහා නීතිමය සම්මත සමඟ එකඟවීමට යම් සහතික කිරීමක් අවශ්‍ය වන නිසාය. කාබනික ක්‍රම කෘෂි පරිසර විද්‍යා ක්ෂේත්රයේ දී අධ්‍යයනය කරනු ලැබේ. ව
1990 සිට කාබනික නිෂ්පාදන සඳහා වූ වෙළඳ පොළ සීඝ්‍ර වේගයකින් වර්ධනය වී ඇති අතර එය වාර්ෂිකව 20- 25% ට පමණ වේ. තවද මෙමඟින් කාබනික වශයෙන් කළමණාකරණය වන ගොවිතැන් පළවල මේ හා සමානව දියුණු වීමක් ඇති කර ඇත. ලොව පුරා දළ වශයෙන් වර්ග කිලෝ මීටර 306000 පමණ (හෙක්ටයාර මිලියන 30.6) කාබනිකව වගා කරනු ලැබේ. මීට අමතරව 2005 දී කාබනික කැලෑ නිෂ්පාදන දළ වශයෙන් හෙක්ටයාර මිලියන 62ක පමණ වගා කොට තිබුණි. (IFOAM 2007:10) (
තව දුරටත්...)