කාබනික ගොවිතැනෙහි ඉතිහාසය

විකිපීඩියා වෙතින්

කෘෂිකර්මයෙහි මුල් ක්‍රමය වූයේ සාම්ප්‍රදායික ගොවිතැන (විවිධ යුග තුල සහ විවිධ ස්ථානයන්හී යම් විශේෂිත ක්‍රම භාවිතයෙන්) වූ අතර, වසර දහස් ගණනක් මුළුල්ලේ එය භාවිතා කෙරිණි. සියළු සාම්ප්‍රදායික ගොවිතැන් ක්‍රම දැන් සැලකෙන්නේ "කාබනික ගොවිතැන" ලෙසින් වන අතර එම කාලයෙහිදී දන්නා තරමින් අකාබනික ක්‍රම ගොවිතැන සඳහා භාවිතා නොවිණි. නිදසුනක් වශයෙන්, පූර්ණ වශයෙන් කාබනික ආහාර නිෂ්පාදන ක්‍රමයක් වූ සහ, ප්‍රාග් ඓතිහාසික සමයයන් දක්වා කාල නිර්ණය කල හැකි කැලෑ ගෙවතු වගාව, ලෝකයෙහි පැරණිතම සහ වඩාත් ප්‍රත්‍යස්තිථ කෘෂි පාරිසරික පද්ධතිය ලෙසින් සැලකෙයි.[1] කාර්මික විප්ලවය විසින් අකාබනික ක්‍රම එක් කරන ලද අතර, ඒවායින් බොහෝමයක් හොඳින් විකාසිතව නොතිබූ අතර එනයින් බරපතළ අතුරු බලපෑම සහිත විය. කෘත්‍රිම පොහොර වර්ග සහ පළිබෝධ නාශක භාවිතය කෘෂිකර්මයෙහි වර්ධනය වෙමින් පැවතුනු අවධියක ඒවාට අධික ලෙසින් පැවති ප‍්‍රතිෂ්ඨාවට ප්‍රතිචාර වශයෙන් 1940ගණන් වලදී කාබනික ව්‍යාපාරය ඇරඹිනි. මෙලෙස කාබනික ගොවිතැන වෙතට යළි යොමුවීමෙහි නූතන පුනර්ජීවනය 20වන සියවසෙහි පළමු අර්ධය දක්වා කාල නිර්ණය වන අතර එකල වන විට නව කෘත්‍රිම, අකාබනික ක්‍රම කෙරෙහි කෘෂිකර්මයෙහි වර්ධනය වෙමින් පැවතුනු ප්‍රතිෂ්ඨාවක් දක්නට ලැබිණි.

දෙවන ලෝක යුද්ධයට පෙර අවධිය[සංස්කරණය]

20වන සියවසෙහි පළමු වසර 40 තුලදී, ජෛව රසායන විද්‍යාවෙහි සහ ඉංජිනේරු විද්‍යාවෙහි සමගාමී ප්‍රගමනයන් ලෝකය විසින් අත්දුටු අතර එය විසින් කෘෂි වගාව සීඝ්‍ර ලෙසින් සහ ගැඹුරු ලෙසින් වෙනස්කම් වලට ලක් කරන ලදි.

ආශ්‍රිත ලිපි[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]