Jump to content

පරංගි යාපනය රාජධානිය යටත් කර ගැනීම

විකිපීඩියා වෙතින්
ක්‍රි:ව 1691 යාපනය රාජධානියේ යටත්විජිත සමය දැක්වෙන සිතියම

පෘතුගීසි වෙළෙන්දන් 1505 දී නූතන ශ්‍රී ලංකාවේ නිරිත දිග ප්‍රදේශයේ පිහිටා තිබෙන කෝට්ටේ රාජධානියට පැමිණීමෙන් පසුව යාපනය රාජධානිය යටත් කර ගනීම සිදුවිය. මුල් අවදියේදී යාපනයේ විසූ බොහෝ රජවරු දේශය රෝමානු කතෝලික බවට හැරවීමට පෘතුගීසි දැරූ උත්සහයට අභියෝග කල අතර අවසානයේදී ඔවුන් සමග සමාදාන විය.

1591 දී යාපනයේ සිටි එතිරිමාන්න චින්කම් රජු පෘතුගීසින් විසින් පදවි ප්‍රාප්ත කරන ලදී. ඔහු නාමමාත්‍ර වශයෙන් සිටි අනුගාමිකයෙකු වුවත් ඔහු ධර්මදූත කටයුතු සදහා බාධා ඇතිකල අතර ඒ සමගම රට අභ්‍යන්තරයේ පිහිටි උඩරට රාජධානියට දකුණු ඉන්දියාවෙන් යුධමය ආධාර ලබාගැනීමට සහය දැක්වූවේය.අවසානයේදී ,2 වන සන්කිලි නම් ආක්‍රමණිකයා පෘතුගීසි අධිරාජ්‍යයන්ට බලපෑම් කරනු ලැබූ අතර 1619 දී පිලිප් ද ඔලිවිරා විසින් ඔහුව බලයෙන් පහකර එල්ලා මරනු ලැබුවේය. පෘතුගීසි පාලනයේ ප්‍රතිඵලයක් ලෙස ජනයා රෝමාණු කතෝලික බවට හැරුණු අතර අධික බදු අය කිරීම නිසා ජනතාව පෙර පැවති රාජධානියේ මධ්‍ය පෙදෙස් වලට පලා යාම හේතුවෙන් ජනගහනය අඩුවීමක් සිදුවිය.

මුල් හමුවීම

[සංස්කරණය]
ගොනුව:Mulhamuwima.jpg
මුල් හමුවීම

1505 දී පෘතුගීසි වළෙන්දන් ශ්‍රී ලංකා දීපයට සම්ප්‍රාප්ත විය. ඔවුන්ගේ පළමු ආක්‍රමණය නිරිත දිග වෙරළ ආශ්‍රිතව පිහිටි කෝට්ටේ රාජධානියට එරෙහිව සිදුවිය.[1]මූල්‍යමය වාසි ඇති කුළුබඩු වෙළදාමේ ඒකාධිකාරය කෝට්ටේ රාජධානියට හිමිවීම පෘතුගීසීන්ගේ අවධානයට ඔවුන් ලක්වීමට හේතුවිය.බෝහෝ හේතු මත යාපනය රාජධානිය කොළඹ සිටි පෘතුගීසි පාලකයන්ගේ අවධානයට ලක්විය. ඒවා නම් ඔවුන්ගෙන් රෝමාණු කතෝලික ධර්මදූත ක්‍රියාකාරකම් වලට ඇතිවූ බාධා (පෘතුගීසි ශුභසිද්ධියට උපකාර කරයි යැයි සිතා සිටි) , මූල්‍යමය වාසි සහිත වෙළද පොළ සහ යාපනයේ වාර්ගික නායකයන්ගේ උපායශීලී ප්‍රතිලාභ ,එමෙන්ම සීතාවක සිටි වාර්ගික නායකයන් මෙන් කොට්ටේ රාජධානියේ පෘතුගීසි විරෝධී පිරිසට ඔවුන්ගේ ඇති සහයෝගය.[1]16 වන සියවසේ අවසාන භාගයේ සිටි නුවර සහ කොට්ටේ රාජධානිවල පෘතුගීසින්ගේ බලපෑම් ශක්තිමත් විය.එසේම ඔවුන් යාපනයේ ඇතැම් වාර්ගික නායකයින්ද මැඩ පවත්වා ගනු ලබුවෝය. කිසිදු නැව් තොටුපලකට ප්‍රවේශ නොවෙමින් මධ්‍යම කදුකරයේ පිහිටා තිබූ උඩරට රාජධානියේ ප්‍රවර්ධන මධ්‍යස්ථානයක් ලෙස යාපනය රාජධානිය ක්‍රියාත්මක විය.ත්‍රිකුණාමලය සහ නැගෙනහිර පිහිටි මඩකලපු නැව් තොටුපලවල් වලටද ඔවුන් ප්‍රවේශ වුවත් දකුණූ ඉන්දියාවෙන් පැමිණි යුධ ආධාර ලබාගැනීම සදහා ඉතාම සුදුසු පිවිසුම් මාර්ගය යාපනය අර්ධද්වීපය බව ඔවුන් අත්දැකීමෙන් අවබෝධ කරගනු ලැබුවෝය.[1]තවදුරටත් ලංදේසීන්ගේ ගොඩබසීමට යාපනය අර්ධද්වීපය නාවික මධ්‍යස්ථානයක් වේ යැයි පෘතුගීසීන් බිය විය.[1]පෘතුගීසීන් සමග පැවති සබදතා වලට 1 වන සන්කිලි රජු බාධා කල අතර මන්නාරම දූපතේ සිටි පරව කතෝලිකයන් හයසීයත් හත්සීයත් අතර ප්‍රමාණයක් සමූල ඝාතනය කරන ලදී.මෙම කතෝලිකයන් ඉන්දියාවේ සිට රැගෙන එනු ලැබුවේ යාපනය රාජධානියේ සිට පුත්තලම දක්වා මූල්‍යමය වාසි ඇති මුතු කිමිදෙන්නන් ව්‍යාප්ත කරවීම සදහායි.[2][3]

රාජ්යේ අනුගාමිකයින්

[සංස්කරණය]

1560 දී පළමු ආක‍්‍රමණය විකරි ඩොම් කන්ස්ටන්ටිනෝ ද බ්රගන්ත විසින් මෙහෙය වනු ලැබූ නමුත් රාජධානිය යටත් කරගැනීමට අපොහොසත් වූ අතර මන්නාරම දූපත ග්‍රහණය කර ගන්නා ලදී.[4]වාතාවරණය අපහදිලි වුවත් 1582 දී යාපනයේ සිටි රජවරු පෘතුගීසීන්ට අලි 10 ක් හෝ ඊට සමාන මූල්‍යමය වටිනාකම කප්පම් වශයෙන් ගෙවනු ලබුවෝය.[1][4]1591 දී අන්ඩෘ ෆර්ටැඩො ද මෙන්ඩොන්ක් ගේ දෙවන ආක්‍රමයේදී ප්‍රවිරාස පාන්ඩරම් රජු ඝාතනය කර ඔහුගේ පුත් එතිරිමාන්න කින්කම් රජු ලෙස පදවි ප්‍රාප්ත කරන ලදී.මෙහිදී අති කරගත් ගිවිසුමේ ප්‍රතිඵලයක් ලෙස කතෝලික ධර්මදූතයන්ගේ ක්‍රියාකරකම් වලට නිදහස ලැබුණු අතර අලින් අපනයනය කිරීමේ ඒකාධිකාරය පෘතුගීසීන්ට හිමි විය. ආවශ්‍යක රජු පෘතුගීසීන්ට විරෝධතාව ප්‍රකශ කරමින් පෘතුගීසීන් පලවා හරීමට දකුණු ඉන්දියාවෙන් සුරකුම් සහගත උපකාර ලබා ගැනීමේ අභිප්‍රාය ඇතිව 1 වන විමලධර්මසූරිය සහ සෙනරත් (1604 - 1635) රජවරුන්ගේ පාලන සමයේ 1593 - 1635 කාලසීමාව තුල උඩරට රාජධානියට උපකාර කරනු ලැබුවේය.කරුණු එසේ වූවත් ඔහු ප්‍රසිද්ධ ලෙස පෘතුගීසීන් කුපිත කරවීමෙන් තොරව රාජධානියේ ස්වාධිපත්‍යය පවත්වාගනු ලැබුවේය.[4][5]

රාජධානියේ අවසානය

[සංස්කරණය]

1617 දී පරරාජසේකරගේ අභාවයෙන් පසුව එතිරිමාන්න චින්කම් විසින් පත්කරනු ලැබූ උප රජා මරා දමා ආක්‍රමණිකයෙකු වූ 2 වන සන්කිලි සිංහාසනාරූඩ විය.පෘතුගීසීන් ඔහුගේ රාජ්‍යත්වය පිළිනොගැනීමෙන් පසුව 2 වන සන්කිලි තන්පූර් නායකස් ගෙන් යුධ ආධාර ඉල්ලා සිටි අතර මැල්බාවෙන් පැමිණි මුහුදු කොල්ලකරුවන්ටද නෙදුනතිව් මූලස්ඵානය භාවිතා කිරීමට ඉඩ සලසනු ලැබුවේය.එතෙන් සිට පෝක් සමුද්‍ර සංධිය හරහා පෘතුගීසී නැව් මාර්ග වලට අවහිරතා ඇතිවිය.1619 ජූනි සිට පෘතුගීසී ආක්‍රමණ දකක් ඇති වුණි.ඒවා නම් මල්බාර් මුහුදු කොල්ලකරුවන් විසින් පලවාහරිනු ලබූ නාවික ආක්‍රමණ සහ සන්කිලි පලවා හැරීමට සමත්වූ පිලිප් ද ඔල්විරා සහ 5000 ක් පමණ ඔහුගේ පාබල හමුදාව මගින් සිදුකල ආක්‍රමණයයි .මෙහිදී සන්කිලි ඇතුලු රාජකීය පෙලපතේ ඉතිරිව සිටි සාමාජිකයන් ග්‍රහණය කර ගෝවට ගෙන යනු ලබූ අතර එහිදී ඔහුව එල්ලා මරණු ලැබීය.ඉතිරි සිරිකරුවන්ට අතිශයෙන්ම ගැත්තන් ලෙස ශුද්ධ ආඥාව යටතේ භික්ෂු භික්ෂුනියන් වීමට සිදුවූ අතර ඔවුන්ගේ බ්‍ර‍හ්මචාරී බව යාපනය සිහසුනට තවදුරටත් උරුම කරුවෙක් අතිවීම වැලැක්වනු ලැබීය.[6]පෘතුගීසීන් රාජකීය පෙලපත බ්‍රහ්මචාරී බවන් වැනසීමට උත්සහ කලත් රාජකීය පෙලපතේ මුල් උරුමය ඇති ශී ලංකානු දෙමල පවුල් කිහිපයක්ම අද ද පවතී.[7]

පෘතුගීසීන් සහ උඩරට රාජධානිය

[සංස්කරණය]
1692 විල්හම් බ්ර්රයිඩල්ට් විසින් නිරේකනය කරන ලදී රොබට් නොක්ස් ගේ 1681 සිතියම

17 වන සියවසේ දී ශ්‍රී ලංකාවේ සංචාරය කල ලංදේසි පූජක පිලිප්ස් බලදේව්ස් ගේ සිංහලදීපයේ (ඇමස්ටර්ඩැව් 1672) සදහන් ලෙස යාපනය අර්ධද්වීපයක්, යාපනයට දුරින් පිහිටි දූපත් වලින් සහ මන්නාරම් දූවෙන් යාපාපටුන සමන්විත විය.නමුත් රාජධානියේ අඩුපාඩු සලකා බලන විට පෘතුගීසි මූලාරම්භයේ ඉතිහාසඥයෙකු වූ ක්විරස් කියා සිටියේ,

“මෙම නිරහන්කාර රාජධානිය යාපාපටුනට පමණක් සීමා වූයේ නැත. මන්ද යත් අසල්වාසී ප්‍රදේශ සහ ඔවුන්ගේ ආධිපතය ලෙස සලකන වන්නිය ඔවුන් අල්ලාගෙන සිටියා අපි ඔවුන් යටත් කර ගැනීමට ප්‍රථම. තවදුරටත් ඔවුන් මුහුදෙන් වටවූ වෙනම අධිරාජ්‍යයක් ලෙස පැවති අතර එක් අග්‍ර කෙලවරකින් පමණක් සම්බන්ද විය.......“ [8]

එහි අන්තර්ගත වු ලෙස ඔවුන්ට නූතන ශ්‍රී ලංකාවේ උතුරු පලාතේ සහ නැගෙනහිර පලාතේ උතුරු අර්ධයේ අධිකරණ බලය හිමිව තිබුනද ඔවුන් කොන්දේසි රහිතව පෘතුගීසීන්ට යටත් වීමට ඉක්මන් වී ඇත. පෘතුගීසින් කියා සිටි ලෙස මෙය සිදුවූයේ ඔවුන්ගේ ප්‍රතිවිපාක මතය.[9]

උඩරට රජකෙනෙකු වන සෙනරත් මේ කාලයේදී ප්‍රධාන භූමි ප්‍රදේශයේ දකුණු අලිමන්කඩ අත්පත් කරගන්නා ලදී.ඔහු සහ ඔහුගේ හේවායන් යාපන අර්ධද්වීපයේ සිටි පෘතුගීසීන්ට නිරන්තරයෙන් හිරිහැර කරන ලදී.ඔහුගේ බිරිදගේ දරු දෙදෙනා වන විජයපාල සහ කුමාරසිංහ යාපනයෙන් පැමිණි කුමාරිකාවන් දෙදෙනෙකු සමග විවාහ විය. පෘතුගීසීන් යාපනය අත්පත් කරගත් පසු සෙනරත් රජු මුදලියාර් අතපත්තුගේ මෙහෙයවීම යටතේ 10,000 ක් පමණ ප්‍රබල හමුදාවක් යාපනයට පිටත් කර යවන ලදී.ඉන්පසු පෘතුගීසීන් පලවා හැර උඩරට හමුදාව යාපනය අත්පත් කරගන්නා ලදී.පසුව කන්ස්ටන්ටිනෝ ද සෙ ද නෙරොනහා නම් පෘතුගීසී ජෙනරාල්වරයා මුදලියාර් අතපතුගේ හමුදාව පරාජය කර යාපනය යටත් කරගැනීමට කොළඹ සිට උත්සහ කරන ලදී.පෘතුගීසීන්ට සහ ලංදේසි ප්‍රකාශන වලට අනුව යාපනයේ පැවති අවසාන සටන උඩරට රාජධානියේ රජු සහ පෘතුගීසීන් අතර ඇතිවූ අතර, පෘතුගීසීන් උඩරට රජු පරදා යාපනය අත්පත් කරගන්නා ලදී. පසුව පැමිණි ලංදේසීන් පෘතුගීසීන්ව පලවා හැර යාපනය අත්පත් කරගන්නා ලදී.[10]යාපනය මන්නාරම් දූපත් සහ බොහෝ යාපන වන්නිමය දූපත් නැවත ව්‍යවස්ථා සහගත ලෙස දෙමළ රටක් බවට පත්කරන ලද්දේ 18 වන සියවසේදීය.

ප්‍රතිවිපාක

[සංස්කරණය]

ඉදිරි වර්ෂ 40 ඇතුලත 1619 සිට ලංදේසි 1658 දී යාපනය බලකොටුව අත් කරගැනීම දක්වා ,පෘතුගීසීන්ට එරෙහිව කැරලි තුනක් ඇති වුණි.ඉන් දෙකක් මෙහෙයවනු ලැබුවේ මිගපුල්ලේ ආරච්චි විසිනි.[6]ඒ කාල සීමාවතුල පෘතුගීසීන් සෑම හින්දු කෝවිලක්ම [11]සහ රාජධානියේ සාහිත්‍යමය නිමැවුම් වල රාජකීය සුරක්ශිතාගාර වන “සරස්වතී මහල් පුස්තකාලය“ විනාශ කරන ලදී.අධික බදු අයකිරීම් හේතුවෙන් ජනතාව ඉන්දියාවේ තිබෙන රාමනාකපුරම් වලට සහ වන්නි දිස්ත්‍රීක්ක වල තවදුරටත් දකුණු දෙසට සංක්‍රමණය වීම හේතුවෙන් යාපනය ප්‍රදේශයේ ජනග්‍රහනයේ අඩුවීමක් අතිවිය.[12][13]බාහිර වෙළදාම මේ කාලය තුල අශුභ වාදී ලෙස බලපෑමට ලක්වුවද යාපනයේ ප්‍රධාන අපනයනය වන අලි ඉන්දියාවේ විවිධ රාජධානි සමග වෙඩිබෙහෙත් සදහා වෙලදාම් කෙරුණු අතර ලිස්බන් වලටද යවනලදී.[6]මෙලෙස වෙළදාමෙන් අතිවූ පරිහානිය අත්‍යාවශ්‍ය ආනයන සදහා ගෙවීම් කිරීමේදී ආපහසුතා ඇති කිරීමට සමත් විය.එම නිසා ඒ භාණ්ඩ ආනයනය ඇන හිටින ලදී.පෘතුගීසීන්ගේ ප්‍රධාන වාර්තා කරු වන ෆනාඔ ද ක්සිරස් ප්‍රකශ කරනු ලැබුවේ ශ්‍රී ලංකාවේ යටත් වාසීන් සූරාකනු ලැබූ බවයි.පෘතුගීසි යටත් විජිත සමයේ යාපනයේ ජනතාව "ඉතාමත් දුක්ඛිත" තත්වයකට මුහුණ දෙන ලදී.[6][11]

සටහන්

[සංස්කරණය]
  1. ^ a b c d e Abeysinghe, T. Jaffna Under the Portuguese, p. 2
  2. ^ Kunarasa, K The Jaffna Dynasty, pp. 82–4.
  3. ^ Gnanaprakasar, S. A critical history of Jaffna, pp. 113–7.
  4. ^ a b c Abeysinghe, T. Jaffna Under the Portuguese, p.3
  5. ^ de Silva, A. History of Sri Lanka, p.166
  6. ^ a b c d Abeysinghe, T. Jaffna Under the Portuguese, pp. 58–63.
  7. ^ Kunarasa, K The Jaffna Dynasty, p. 115
  8. ^ De Queyroz, The Temporal and Spiritual Conquest of Ceylon, Vol. I, p. 51.
  9. ^ Tambiah, Laws and customs of Tamils of Jaffna, pp. 62–3.
  10. ^ "The historic tragedy of the island of Ceilão". João Ribeiro. සම්ප්‍රවේශය 2008-01-08.
  11. ^ a b Gnanaprakasar, S. A critical history of Jaffna, pp. 153–72.
  12. ^ "Portuguese Colonial Period (1505–645 CE)". Rohan Titus. සම්ප්‍රවේශය 2007-12-07.
  13. ^ "Sri Lanka: The Untold Story Chapter 27 – Horsewhip Amirthalingham". KT Rajasingham. සම්ප්‍රවේශය 2007-12-07.

යොමුව

[සංස්කරණය]