නන්දිනී (රූපවාහිනී කතාමාලාව)

විකිපීඩියා වෙතින්
(නන්දිනි (රූපවාහිනී කතාමාලාව) වෙතින් යළි-යොමු කරන ලදි)
නන්දිනී
නන්දිනී තේමා රුව
ප්‍රභේදයෆැන්ටසි
අධිස්වාභාවික
ප්‍රේම වෘත්තාන්ත
ප්‍රහසන
සන්දේහ ත්‍රාසක
ප්‍රවර්ධනය කලේසිවික් මීඩියා
රචනය කලේසුන්දර් සී. (කථාව)
වෙංකට් රාඝවන් (තිරරචනය)
දෙබස්
බද්‍රි
නට්රාජ්
අධ්‍යක්ෂණය කලේරාජ් කපූර්
රඟපෑමකුෂ්බූ
විජයකුමාර්
රාහුල් රවී
මාලවිකා වේල්ස්
බේබි ආදිත්‍රි
නිත්‍යා රාම්
ගායත්‍රි ජයරාමන්
නරසිංහ රාජු
තේමා සංගීත නිර්මාණකරුහිප්හොප් තමිලා (තේමා ගීතය)
දිනා (පසුබිම් සංගීතය)
ඇරඹුම් තේමාව"නන්දිනී නන්දිනී"
මෝහන්රාජ් (පද)
ඛරෙස්මා රවිචන්ද්‍රන් (ගායනය)
සම්භව රටඉන්දියාව
භාෂාව(න්)දෙමළ (මුල් ප්‍රභේදය)
තෙලිඟු (හඬකැවූ)
කන්නඩ (හඬකැවූ)
මලයාලම් (හඬකැවූ)
කථාවාර සංඛ්‍යාව1
කථාංග ගණන138 (01/07/2017)
නිෂ්පාදනය
නිෂ්පාදක(යෝ)සුන්දර් සී.
කුෂ්බූ
සංස්කාරක(යන්)ශ්‍රීකාන්ත් එන්.බී.
සී. එම්. සෙල්වකුමාර් (සම සංස්කාරක)
සිනෙමාරූපණයයූ. කේ. සෙන්තිල් කුමාර් ඩී.එෆ්.ටෙක්
ධාවන කාලයමිනිත්තු 22
නිෂ්පාදන සමාගමආව්නි සිනෙමැක්ස් සී.ස. පෞද්. සමා.
සන් එන්ටර්ටේන්මන්ට්
ප්‍රචාරණය
මුල් නාලිකාවසන් ටීවී (මුල්)
ජෙමිනි ටීවී
උදය ටීවී
සූර්යා ටීවී
රූප ආකෘතිය576i (SDTV)
1080i (HDTV)
මුල් ධාවනය23 ජනවාරි 2017 (2017-01-23) – වර්තමානය
බාහිර සබැඳි
නිල වෙබ්අඩවිය

නන්දිනී යනු 2017 ජනවාරි 23 දින විකාශය ඇරඹි දකුණු ඉන්දියානු බහු-භාෂා අතිස්වාභාවික රූපවාහිනී නාට්‍යයකි. සන් ටීවී, ජෙමිනි ටීවී, සූර්යා ටීවී සහ උදය ටීවී නාළිකා ඔස්සේ විකාශය ඇරඹි මෙය නාගින් කතාමාලාවෙන් පසු ඉන්දියාවේ දෙවන විශාලතම සහ දකුණු ඉන්දියාවේ විශාලතම පිරිවැයක් දරා නිපදවූ රූපවාහිනී කතාමාලාව ලෙස පවසනු ලබයි. රාහුල් රවී, මාලවිකා වේල්ස්, නිත්‍යා රාම් සහ බේබි ආදිත්‍රි කතාමාලවේ ප්‍රධාන නළු නිළියන් වේ.[1] මෙම කතාමාලාව නිෂ්පාදනය කොට ඇත්තේ දෙමළ චිත්‍රපට අධ්‍යක්ෂකවරයකු වන සුන්දර් සී. සහ දකුණු ඉන්දීය නිළි කුෂ්බූ විසිනි.[2] මෙම වැඩසටහන් ප්‍රේක්ෂකයා වෙතින් පැසසුම් සහ ආකර්ෂණය ලබා ඇත. මෙම කතාමාලාව, විකාශය අරඹා පළමු සති කිහිපය ඇතුළතම ඉන්දියාවේ වඩාත්ම නැරඹූ රූපවාහිනී කතාමාලාවක් බවට පත්වෙමින් දැවැන්ත සාර්ථකත්වයක් හිමි කරගෙන තිබේ.[3]

මෙම කතාමාලාව සඳුදා සිට සෙනසුරාදා දක්වා දිනවල ප.ව. 9:00ට සහ පෙ.ව. 10:30ට (සන් ටීවී නැවත විකාශය) (IST) සන් ටීවී සහ ජෙමිනි ටීවී නාළිකා ඔස්සේ පිළිවෙලින් දෙමළ සහ තෙලිඟු භාෂාවලින් විකාශය විය. සූර්යා ටීවී ඔස්සේ මලයාලම් ප්‍රභේදය සඳුදා සිට සෙනසුරාදා දක්වා ප.ව. 9:00ට සහ ප.ව. 3:00ට (සූර්යා ටිවී නැවත විකාශය) විකාශය වූ අතර, කන්නඩ ප්‍රභේදය උදය ටීවී නාළිකාව ඔස්සේ සඳුදා සිට සිකුරාදා දක්වා ප.ව. 8:30ට (IST) විකාශය විය. ශ්‍රී ලංකාව තුළ මෙහි දෙමළ ප්‍රභේදය සිංහල උපසිරැසි සමගින් සඳුදා සිට සිකුරාදා දක්වා ප.ව. 10:30ට ශක්ති ටීවී නාළිකාවෙන් විකාශය කෙරේ. මෙය සංස්කරණය කොට ඇත්තේ ජාතික සම්මානලාභී ශ්‍රීකාන්ත් එන්.බී. සහ ඔහුගේ දිගුකාලීන සහායක සී. එම්. සෙල්වකුමාර් විසිනි.

කථාපුවත[සංස්කරණය]

ගංගා යනු ධනවත් පවුලක සේවිකාවක් වන අතර, ඇය ධනවත් මන්දිරයකට පිටතින් දිවිගෙවයි. මන්දිරයේ හිමිකරු වන රා‍ජශේඛර් සිට හැටවන වයස්හි පසුවන අතර, සිය සොයුරිය සහ එකම පුතු සමගින් කුඩා නගරයක ජීවත් වෙයි. ඔවුන්ගේ පවුලට නගරවාසීන්ගේ ඉමහත් ගෞරවයක් හිමි වේ. ඥාතීන් බොහෝදෙනකු සිටිය ද, ඔවුහු මන්දි‍රයේ හුදකලා දිවියක් ගතකරති.

මන්දිරයෙන් පිටත පිහිටි නාග ගොඩැල්ල කෙරෙහි ගංගා උනන්දු වෙයි. එහි දිවිගෙවන නාගයා ‘නාගම්මා’ යැයි සලකා ඇය වන්දනාමාන කරන්නේ එම නාගයා සැබැවින්ම "ඉච්ඡාධාරී නාගයකු" (මිනිස් වෙස් ගන්නා නාගයකු) බැව් නොදැන ය. වසර ගණනාවක් තිස්සේ මන්දිරයේ පවුලෙන් පළිගැනී‍මේ අපේක්ෂාවෙන් පසුවන මෙම නාගිනිය, මලයාලි නම්භූධිරි බන්ධනයකට නතු කොට ඇත.

මෙම නාගයාව වන්දනාමාන කරන කන්‍යාවියකගේ රුධිර බිඳුවක් නාගයාගේ සිරුරෙහි ගැටුණහොත්, ඌට නැවත සිය සියලු බලයන් ලබාගත හැක. එතැන් පසුව, මෙම නාගයාගේ පලිගැනීමෙන් රාජශේඛර්ගේ පවුල මුදවා ගැනීමට කිසිවකුට නොහැකි වනු ඇත.

රාජශේඛර්ගේ සෞඛ්‍ය තත්ත්වය හදිසියේම අයහපත් අතට හැරේ. මේ නිසා ඔහුට කනවැන්දුම් පුරුෂයකු වන සිය පුත් අරුන්හට නැවත විවාහයක් කරදීමට අවැසි වේ. ඔහුගේ ඥාතීන් එක්රැස් වන්නේ පවුලේ යහපත සඳහා නොව පවුලේ ධනය පැහැර ගැනීමටයි. කෙසේනමුත්, ඥාතීන්ගේ පැමිණීමත් සමග අද්භූග සිදුවීම් ගණනාවකට මුහුණපෑමට සිදුවේ. නම්බූධිරිවරයකු කැඳවන අතර, එහි දී අනාවරණය වන්නේ අරුන්ගේ පළමු බිරිඳ වූ ජානකීගේ ආත්මය විසින් මෙම වියවුල් ඇතිකරන බවයි.

එසේම ජානකීගේ ආත්මය මෙම සියලු දේ සිදු කරන්නේ ධනලෝභී ඥාතීන්ගෙන් සිය සැමියා වූ අරුන්ව බේරා ගැනීමට බවත් හෙලි වේ. ආත්මය නම්භූධිරිට හෙළිකරන්නේ ජානකී සහ අරුන් ප්‍රීතිමත් විවාහ දිවියක් ගතකළ බවත්, ඇය දරු උපතේ සංකූලතා හේතුවෙන් මියගියේ යැයි පැවසුණ ද, සැබැවින්ම අරුන්ගේ මාමණ්ඩිය වූ ධර්මරාජ්, ඔහුගේ පුත් මූර්ති සහ අරුන්ගේ මිතුරකු වන බාලාජි විසින් ඇයව මරාදමා ඇති බවයි. මේ අතර, ජානකීට උපන් සිය දියණිය වන දේවසේනා තවමත් ජීවත්වන බව වටහාගන්නා අරුන්, ඇයව නැවත මන්දිරයට රැගෙන එයි. සිය මරණයට පලිගැනීමක් වශයෙන් ජානකී අරුන්ගේ මිතුරා වන බාලාජිව මරාදමයි. ජානඛීගේ ආත්මය හේතුවෙන් කලබල වී සිටින ඥාතීන් දේවසේනාගේ පැමිණීමත් සමග ව්‍යාකූල වේ. ඔවුහු මංගල්‍යයේ කටයුතුවලින් ඉවත් වෙති. නම්භූධිරි පවුලට උපදෙස් දෙන්නේ දිව්‍යමය ආශිර්වාදය ඇති ගංගාව අරුන්ට විවාහ කර දෙන ලෙසයි. එක් දිනෙක, සර්ප ගොඩැල්ල අසල දී අනතුරකින් ගංගාගේ රුධිරය නාගයාගේ සිරුරෙහි ස්පර්ශ වේත එලෙසින් සර්ප ගොඩැල්ලෙහි සිරකොට සිටි ඉච්ඡාධාරී නාගයා නිදහස් වේ.

මෙම සිදුවීමෙන් පසුව, රාජශේඛර්ගේ පවුලෙන් පළිගැනීමට අපේක්ෂා කරයි. පවුලේ කිසිදු සැකයකින් තොරව සිය පළිගැනීම සිදු කිරීමට නම් තමන්ට මනුෂ්‍ය ශරීරයක් අවැසි බව ඉච්ඡාධාරී නාගිනිය බවසයි. නන්දිනී ලෙස පෙනීසිටිමින් නාගිනිය ගංගාගේ සිරුරට ඇතුළු වෙයි. එසේවුව ද, නන්දිනී (ඉච්ඡාධාරී නාගිනිය) පුවලේ සියලු දෙනාම මරාදමා ඇගේ පළිය ගැනීමට සහාය වීම ගංගා ප්‍රතික්ෂේප කරයි.

නන්දිනී වටහා ගන්නේ රාත්‍රියේ තමන්ගේ නාග ස්වරූපය පවතින්නේ මිනිත්තු කිහිපයකට පමණක් බවයි. සිය සැබෑ ස්වරූපය ලබාගැනීමට මාස 10කින් එළඹෙන චිත්‍ර පූර්ණමි දිනය තෙක් ඉවසීමට නාගිනියට සිදු වේ. සිය පවුල රැක ගැනීමට දේවසේනාගේ සිරුරට ඇතුළුවන ජානකී නන්දිනීගේ උපායයන් ව්‍යර්ථ කරයි. සිදුවීම් ගණනාවකට පසු, ජානකී හේතුවෙන් නන්දිනීහට අරුන් සහ දේවසේනාව මරාදැමීමට නොහැකි වේ. සිය නිවසේ සිටින දුෂ්ට ආත්මය සොයාගැනීමට රාජශේඛර් ‍හා පවුල නොයෙකුත් ක්‍රියාමාර්ග අනුගමනය කළ ද නන්දිනී ඒ සියල්ල ව්‍යර්ථ කරයි.

පසුව, අනාවරණය වන්නේ රාජශේඛර් සිය ව්‍යාපාර සගයන් සමග එක්වී සිවනාගම්/පාර්වතී සහ මූණිසාමිගේ බිරිඳ මරාදමා නාග දේවතාවියගේ ප්‍රතිමාවේ රන් ඵලක තුනක් සොරකම් කොට ඇති බවයි. නම්භූධිරි විසින් කුඩා නාගිනිය වූ නන්දිනී ගොඩැල්ලෙහි සිරකොට තිබිණි. වර්තමානයේ, ජානකී නන්දිනී සහ භෛරවීගෙන් සිය පවුල රැකගැනීමට ප්‍රයත්න දරයි.

රන් ඵලක තුන නැවත ආරක්ෂිතව ලබාගැනීමට නන්දිනී සිය මවට වූ පොරොන්දුව අනුව, ඇය රාජශේඛර්ගේ මිතුරන්ගෙන් අයකු මන්දිරයට කැඳවීමට කටයුතු යොදයි. රාජශේඛර්ගේ මිතුරා පැමිණෙන අවස්ථාවේ ඇය ඔහුව මරාදමා එක් රන් ඵලකයක් ලබාගැනීමට උත්සාහ දරුරුව ද, විවිධ බාධාවන් නිසා ඔහුව මරාදැමිය නොහැකි වේ. පොලීසිය ඔහුව රෝහල්ගත කරයි. කෙසේනමුත්, ඇය රෝහලේ දී රාජශේඛර්ගේ මිතුරාව මරා දමමින් එහි වරද අහිංසක ගංගා මත පටවන්නේ ඇගේ සිරුරෙන් නික්මෙමිනි. පොලීසිය ගංගාව සිරගත කරයි. අරුන් සහ දේවසේනා විසින් ගංගාට සත්‍යය හෙළිකරන මෙන් පැවසුව ද, ගංගා එයට සූදානම් නැත. පසුව ගංගා ඉදිරියට පැමිණෙන ජානකී නන්දිනීගේ දුෂ්ට ක්‍රියාවන් පිළිබඳ ඇයට හෙළිකරයි

ඉන් පසුව, ධර්මරාජ්ගේ දියණිය වන මායා රෝහලේ සිට පැමිණෙන අතර, ඇය අරුන්ගේ විවාහය පිළිබඳ නොදැනුවත් ය. ඇය අරුන්ව විවාහ කරගැනීමට තැත් කරයි. මේ අතර රන් ඵලක තුන ලබාගැනීමට දුෂ්ට ස්ත්‍රියක මන්දිරය වෙත පැමිණේ. නමුත් ජානකී හේතුවේන එම දුෂ්ටාත්මය බිය වේ. මේ නිසා ඇය දේවසේනා සමග මිතුරුවී ඇයට සෙනෙහස පාමින්, ජානකී හා ඇගේ බලය ඡායාරූපයක් තුළ සිර කරයි. මෙලෙසින් ජානකීට ඉන් පිටතට පිවිසිය නොහැකි වේ. දැන් කථාව ගලායන්නේ නන්දිනී රන් ඵලක ලබාගැනීමට සමත්වේ ද, නැතහොත් ගංගා සිරභාරයෙන් නිදහස් වී පැමිණෙන් කෙසේ ද යනුවෙනි...

චරිත නිරූපණය[සංස්කරණය]

ප්‍රධාන චරිත[සංස්කරණය]

  • කුෂ්බූ, පාර්වතී/සිව නාගම් ලෙස (මියගිය)
  • විජයකුමාර්, රාජශේඛර් ලෙස; අරුන්ගේ පියායි. (ප්‍රධාන එදිරිවාදියා)
  • නිත්‍යා රාම්, ගංගා අරුන් ලෙස; ප්‍රධාන කාන්තා චරිතයයි. අරුන්ගේ දෙවන බිරිඳ/නන්දිනී හා ශක්ති නාගම් (පරපෝෂී)
  • නරසිංහ රාජු, මූණිසාමි ලෙස; නන්දිනීව හදාගත් පියායි.
  • රාහුල් රවී, අරුන් රා‍ජශේඛර් ලෙස; ප්‍රධාන පිරිමි චරිතයයි.
  • මාලවිකා වේල්ස්, ජානකී අරුන් ලෙස (මියගිය); අරුන්ගේ පළමු බිරිඳයි.[4]
  • බේබි ආදිත්‍රි, දේවසේනා අරුන්/ ජානකී (ආත්මය) ලෙස; අරුන් සහ ජානකීගේ දියණියයි. ගංගාගේ සුළු දියණියයි.
  • ගායත්‍රි ජයරාමන්, භෛරවී ලෙස; ජානකීගේ ඥාති සොයුරියයි. (එදිරිවාදිනියකි)[5]

අතිරේක චරිත[සංස්කරණය]

  • විජයලක්ෂ්මී/ශ්රී විරාසය, දේවී ලෙස; රා‍ජශේඛර්ගේ සොයුරියයි.
  • සචු, රා‍ජශේඛර්ගේ වැඩිමහල් සොයුරිය ලෙස
  • ශ්‍රීගනේෂ්, ඊශ්වරන් ලෙස; දේවිගේ සැමියායි.
  • රමේශ් පණ්ඩිත්, ධර්මරාජ් ලෙස; රාජශේඛර්ගේ මස්සිනායි.
  • තමීම් අන්සාරි, බාලාජි ලෙස; අරුන්ගේ මිතුරෙකි.
  • කීර්ති, මායා ලෙස; ධර්මරාජ්ගේ දියණියයි.
  • ශබ්නම්, රම්‍යා ලෙස; මංජුගේ දියණියයි.
  • මංජුලා, ශාන්ති ලෙස; දේවීගේ දියණියයි.
  • කිරාන්, මූර්ති ලෙස; ධර්මරාජ්ගේ පුත්‍රයායි.
  • මීනා, ලීලා ලෙස; ධර්මරාජ්ගේ බිරිඳයි.
  • වානිශ්‍රී, බටහිර වෛද්‍යවරයා ලෙස
  • පද්මිණි, මංජු ලෙස; රාජශේඛර්ගේ සොයුරියකි.
  • භානුප්‍රකාශ්, මංජුගේ සැමියා ලෙස
  • සිවකුමාර්, වෛද්‍යවරයා ලෙස
  • ගිරිෂ්, රාජශේඛර්ගේ මිතුරකු ලෙස
  • විචූ විශ්වනාත්, රාජශේඛර්ගේ මිතුරකු ලෙස

විශේෂ නිරූපණ[සංස්කරණය]

ඇගයීම්[සංස්කරණය]

පහත වගුවේ, නිල් පැහැ සංඛ්‍යා මගින් පහළම පාඨාංකත් සහ රතු පැහැ සංඛ්‍යා මගින් ඉහළම පාඨාංකත් නිරූපණය වේ.

සතිය කථාංග විකාශන දින BARC සමීක්ෂණ (තමිල් නාඩු + පුදුචෙරි)[6]
දීපව්‍යාප්ත (තමිල් නාඩු + පුදුචෙරි) ශ්‍රේණිගත කිරීම් (දීපව්‍යාප්ත)
සතිය 01 1 - 6 2017 ජනවාරි 24 - 2017 ජනවාරි 28 14.3% (14332) 3
සතිය 02 7 - 11 2017 ජනවාරි 30 - 2017 පෙබරවාරි 3 11.4% (11463) 2
සතිය 03 12 - 17 2017 පෙබරවාරි 4 - 2017 පෙබරවාරි 10 13.7% (13733) 2
සතිය 04 18 - 23 2017 පෙබරවාරි 11 - 2017 පෙබරවාරි 17 13.1% (13173) 4
සතිය 05 24 - 29 2017 පෙබරවාරි 18 - 2017 පෙබරවාරි 24 13.8% (13828) 2
සතිය 06 30 - 35 2017 පෙබරවාරි 27 - 2017 මාර්තු 3 13.4% (13418) 1
සතිය 07 36 - 41 2017 මාර්තු 4 - 2017 මාර්තු 10 14.4% (14479) 1
සතිය 08 42 - 47 2017 මාර්තු 11 - 2017 මාර්තු 17 15.3% (15389) 1
සතිය 09 48 - 53 2017 මාර්තු 18 - 2017 මාර්තු 24 15% (15053) 1
සතිය 10 54 - 59 2017 මාර්තු 25 - 2017 2017 මාර්තු 31 16% (16039) 1
සතිය 11 60 - 65 2017 අප්‍රේල් 1 - 2017 අප්‍රේල් 7 15.5% (15575) 1
සතිය 12 66 - 70 2017 අප්‍රේල් 8 - 2017 අප්‍රේල් 13 15.3% (15328) 1
සතිය 13 71 - 76 2017 අප්‍රේල් 15 - 2017 අප්‍රේල් 21 13.5% (13538) 1
සතිය 14 77 - 82 2017 අප්‍රේල් 22 - 2017 අප්‍රේල් 28 12.1% (12141) 1
සතිය 15 83 - 88 2017 අප්‍රේල් 29 - 2017 මැයි 5 11.9% (11997) 1
සතිය 16 89 - 94 2017 මැයි 5 - 2017 මැයි 12 12.4% (12428) 1
සතිය 17 95 - 100 2017 මැයි 13 - 2017 මැයි 19 11.9% (11925) 1
සතිය 18 101 - 106 2017 මැයි 20 - 2017 මැයි 26 11.5% (11549) 1
සතිය 19 107 - 112 2017 මැයි 27 - 2017 ජූනි 2 13.1% (13114) 1
සතිය 20 113 - 118 2017 ජූනි 3 - 2017 ජූනි 9 12.8% (12876) 1
සතිය 21 119 - 124 2017 ජූනි 10 - 2017 ජූනි 16 13.4% (13459) 1
සතිය 22 125 - 130 2017 ජූනි 17 - 2017 ජූනි 23 13.5% (13509) 1
සතිය 23 131 - 136 2017 ජූනි 24 - 2017 ජූනි 30 13.7% (13717) 1
සතිය 24 137 - 142 2017 ජූලි 1 - 2017 ජූලි 7 14.8% (14818) 1
සතිය 26 143 - 148 2017 ජූලි 8 - 2017 ජූලි 14 14.7% (14766) 1
සතිය 27 149 - 154 2017 ජූලි 15 - 2017 ජූලි 21 12.1% (12102) 1
සතිය 28 155 - 161 2017 ජූලි 22 - 2017 ජූලි 28 12.3% (12399) 1
සතිය 29 162 - 166 2017 ජූලි 29 - 2017 අගෝස්තු 4 12.6% (12631) 1
සතිය 30 167 - 171 2017 අගෝස්තු 5 - 2017 අගෝස්තු 11 12% (12037) 1
සතිය 31 172 - 177 2017 අගෝස්තු 12 - 2017 අගෝස්තු 18 11.8% (11863) 1

අන්තර්ජාතික විකාශය[සංස්කරණය]

මෙම කතාමාලාව 2017 ජනවාරි 23 දින සන් ටීවී නාළිකාව ඔස්සේ විකාශය ඇරඹී ය. එසේම එය සන් ටීවී HD නාළිකාවෙන් ද විකාශය වේ. අන්තර්ජාතිකව නාළිකාවේ අන්තර්ජාතික බෙදාහැරීම ඔස්සේ ද මෙය විකාශය වේ. මෙය සන් ටීවී ඔස්සේ ශ්‍රී ලංකාව, අග්නිදිග ආසියාව, මැද පෙරදිග, එක්සත් ජනපදය, කැනඩාව, යු‍රෝපය, ඕෂනියාව, දකුණු අප්‍රිකාව සහ උප සහරානු අප්‍රිකාවේ විකාශය කෙරේ.

රට භාෂාව නාළිකාව වැඩසටහන් තේමාව විකාශය සටහන්
 ඉන්දියාව කන්නඩ උදය ටීවී ನಂದಿನಿ 2017 ජනවාරි 23 – වර්තමානය
සඳුදා - සිකුරාදා ප.ව. 8:30ට (IST)
කන්නඩ භාෂාවෙන් හඬකැවුණු ප්‍රථම දෙමළ කතාමාලාව මෙයයි.
මලයාලම් සූර්යා ටීවී നന്ദിനി 2017 ජනවාරි 23 – වර්තමානය
සඳුදා - සෙනසුරාදා ප.ව. 9:00ට (IST)
තෙලිඟු ජෙමිනි ටීවී నందిని 2017 ජනවාරි 23 – වර්තමානය
සඳුදා - සෙනසුරාදා ප.ව. 09:00ට (IST)
බෙංගාලි සන් බංග්ලා '' '' 2017 ජනවාරි 23 – වර්තමානය
සඳුදා - සෙනසුරාදා ප.ව. 09:00ට (IST)
 ශ්‍රී ලංකාව දෙමළ ශක්ති ටීවී நந்தினி 2017 මැයි 8 – වර්තමානය
සඳුදා - සිකුරාදා ප.ව. 10:00ට (SST)
සිංහල උපසිරැසි නන්දිනී 2017 මැයි 8 – වර්තමානය
සඳුදා - සිකුරාදා ප.ව. 10:00ට (SST)

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. "Nandhini series on Surya TV".
  2. "Another fantasy serial- Nandhini on Gemini Tv".
  3. "barcindia.co.in Nandini serial Ratings".
  4. "Malvika Acting Tamil Serial as Nandhini". cinema.dinamalar.com.
  5. "சின்னத்திரையில் கலக்கும் காயத்திரி". cinema.dinamalar.com.
  6. "barcindia.co.in Nandini serial Ratings".