දේපල නීතිය

විකිපීඩියා වෙතින්

දේපල නීතිය යනු පොදු නීති ක‍්‍රමය තුල සැබෑ දේපල (පුද්ගලික හෝ චංචල දේපල වලට වඩා වෙනස්ව ඉඩම්) හිමිකාරත්වයේ විවිධ ආකාරයන් සහ පුද්ගලික දේපල පාලනය කරන්නාවූ නීතියයි. සිවිල් නීති ක‍්‍රමය තුල නිශ්චල හා චංචල දේපල අතර විභේදනයක් පවතී. චංචල දේපල දළ වශයෙන් පුද්ගලික දේපල හා සමපාත වන අතර නිශ්චල දේපල වතුපිටි අයත්වන සැබෑ දේපල සහ ඒ හා සැබැඳි අයිතිවාසිකම් හා බැඳීම් හා සමපාත වෙයි.

දේපල නීතිය යටින් දිවෙන්නේ දේපල පිලිබඳව වන සංකල්පය අදහස හෝ දර්ශනයයි. සමහර රටවල ඵෙතිහාසිකව සියලූම දේපළ රජුට අයත්ව පැවැති අතර වැඩවසම් ඉඩම් භුක්තිය හෝ පක්‍ෂපාතීත්වය හා ස්වාමිභක්තිය මත පදනම්වූ අනෙකුත් වැඩවසම් ක‍්‍රමවේදයන් යටතේ මෙම ඉඩම් බෙදාදෙනු ලැබින.

පරම දේපල හිමිකාරත්වය පිලිබඳ අදහස මුලින්ම නූතන යුගයට හඳුන්වාදෙනු ලැබූයේ නැපෝලියන්ගේ නීති සංග‍්‍රහය මඟිනි. පුද්ගලික දේපල රැකවරනය සම්බ්න්ධයෙන් මධ්‍යකාලීන ඉස්ලාමීය නීතියේ හා නීති විද්‍යාව තුල අන්තර්ගත විය. අතිශයින්ම වැඩවසම්වාදී පොදු නීති අධිකරණයන් මධ්‍යකාලීන හා නූතනවාදයේ මුල් කාලයේ එංගලන්තය තුල කි‍්‍රයාත්මකවින.

සිද්ධාන්තය[සංස්කරණය]

මුල් ඇමරිකානු සිද්ධාන්තය[සංස්කරණය]

දේපළ අයිතිවාසිකම් හා ජනතාව සතු අයිතිවාසිකම්[සංස්කරණය]

දේපළ අයිතිය සහ පුද්ගලික අයිතිය[සංස්කරණය]

දේපළ අයිතීන් පුද්ගලික අයිතීන්ගෙන් වෙනස් වේ. ප්‍රායෝගික වශයෙන් සමකාලීන සමාජයන් සද්භාවය සහ අචාර ධර්ම වලින් වෙනස් වේ. අතීතයේදී දේශපාලනික වශයෙන් බෙලහීනයන් නිරන්තරයෙන් ම දේපළ අයිතිවාසිකම් ලැබීමට නුසුදුස්සන් වශයෙන් සලකන ලදී. මෙහි අන්තයක් ලෙස පුද්ගලයින් දේපළ නීතිය විෂයෙහි ලා සලකනු ලැබූ අතර නීතිමය වශයෙන් චංචල දේපළක් හැටියට සලකනු ලැබීය. (වහල් භාවය) පොදුවේ නොවැදගත් පුද්ගලයින්ට දේපළකට හිමිකම් කීමේ අයිතිය නොමැති විය. 19 වැනි සියවසේ අවසාන භාගය වනතෙක් එංගලන්තයේ ජීවත් වූ යුදෙව්වන් සහ විවාහක කාන්තාවන් ඊට ඇතූළත් විය. දේපළ අයිතීන් සහ පුද්ගලික අයිතීන් අතර වෙනස හඳුනා ගැනීම එතරම් පහසු නොවේ. උදාහරණයක් ලෙස කෙනෙකූගේ ප්‍රසිද්ධිය දේපළ අයිතියකට වණිජ්‍යයමය වශයෙන් ආරෝපනය කළ හැකි ද? මෙහි දී පුද්ගලික අයිතීන්ගේ හිමිකාර ස්වරූපය, විශේෂයෙන් ම මානව පටක, අවයව, සහ අනෙකූත් ශරීර අංගවලට අදාළ වේ ද යන ගැටලු මතූවේ. කාන්තාවකගේ ගර්භයක සිටින දරුවෙකු අතීතයේ පැවති රාජාණ්ඩු සමයේ දී මෙන් මෑතකාලයේද නොවැදගත් කොටසක් සේ සලකනු ලැබීය.නමුත් ඉංග්‍රීසි ජාතික විනිසුරුවන් විසින් කාන්තාවන්ට තම ශරීරික පාලනය සම්බන්ධයෙන් පවතින තනි අයිතිය පොදු නීතියේ පවතින මූලික අයිතිවාසිකම් සේ සලකනු ලැබීය. ඇමරිකා එක්සත් ජනපදයේ මියගිය පුද්ගලයෙකූට නොනියම දේපළ අයිතිය පිළිබඳ ව පැහැදිලි ව දක්වා ඇත. එමෙන් ම එක්සත් ජනපදයේ ජනතාවට තම පුද්ගලිකතාවයට අදාළව අන්සතූ කළ හැකි හිමිකම් පවතින බවට හඳුනාගෙන ඇත. ජෛව තාක්ෂණික ක්‍රියාවලීන් සහ මානව ජානමය ද්‍රව්‍යයන්ගෙන් සැදුම් ලත් නිෂ්පාදන සඳහා පේටන්ට් අයිතිය මිනිස් ජීවිතයේ නිර්මාත්මක දේපළක් ලෙස සැලකිය හැකිය.


වර්ගීකරණය[සංස්කරණය]

දේපල නීතිය විශාල වශයෙන් ඵෙතිහාසිකමය අඛණ්ඩතාවයකට සහ තාක්‍ෂණික පාරිභාෂාවේදයකට හිමිකම් කියන්නකි. පොදු නීති පද්ධති තුල මූලික වෙනස පවතින්නේ සැබෑ දේපල (ඉඩම්) සහ පුද්ගලික දේපල (බඩුබාහිරාදිය) අතරය.

19 වන සියවසට පෙර සැබෑ දේපල සහ තෙස්තමේන්තු රහිත පුද්ගලික දේපල උරුමය පාලනය කරනු ලබන මූලධර්මයන් බෙහෙවින් වෙනස් විය. වර්තමානයේ මෙම විභේදනයට පෙර තිබූ තරමේ වැදගත්කමක් නොමැතිමුත් මෙම වර්ගීකරණයන් දෙකෙහි පවත්නා මූලික වෙනස්කම් හේතුවෙන් මෙම විභේදනය තවමත් පවතී. මෙයට හොඳම උදාහරණයක් වන්නේ ඉඩම් නිශ්චල දේපල ලෙස සලකා ඒ සම්බන්ධයෙන් කි්ත‍රයාත්මක වන්නාවූ නීති වෙනස්වීමයි. මෙම විභේදනය පැවතීමට තවත් හේතුවක් වී ඇත්තේ නීති සම්පාදනයන් කෙටුම්පත් කිරීම සාම්ප්ය‍රදායික භාෂා ව්‍යවහාරය යොදාගනිමින් සිදු කරනු ලැබීමයි.

දේපල නීතිය පිලිබඳ මූලධර්මයන් වර්ගීකරණයන් පදනම ලෙස යොදාගනිමින් ඉඩම් සහ බඩුබාහරාදිය අතර විභේදනයක් ඇතිකරීම සම්බන්ධයෙන් විවේචන එල්ලවී ඇත. එයට හේතුව එහිදී ප්ත‍රමුඛතාවය ලබාදී ඇත්තේ ප්ධ‍රමුඛ අවශ්‍යතාවයන් වෙත නොව එකී වුවමනාවන්ට වස්තුවිෂය වන භාණ්ඩ පිලිබඳව වීමයි. තවද සවිකිරීම්, එනම් සවිකර ඇති බඩුභාණ්ඩ සම්බන්ධයෙන් ගත්කළ ඒවා ඉඩමේ කොටසක් බවට පත්වෙයි.

සාමාන්‍යයෙන් සැබෑ දේපල ,

  1. ද්‍රව්‍යමය උරුමයන් - නිශ්චල සැබෑ දේපල (ඉඩම්)
  2. ද්‍රව්‍යමය නොවන උරුමයන් - පරවශතාවය වැනි චංචල සැබෑ දේපල

ලෙස උපවර්ගීකරණයකට ලක්කරනු ලැබේ.

භුක්තිය[සංස්කරණය]

දේපල පැවරීම[සංස්කරණය]

දේපල අයිතිය ලබාගැනීමේ ඉතාමත්ම සාමාන්‍ය ක‍්‍රමවේදය වන්නේ පූර්ව හිමිකරුවා සමඟ සිදුවන සම්මතික පැවරීමක් තුලින්, උදාහරණයක් ලෙස විකිණීමක් හෝ තෑගි කිරීමක් තුලින් දේපල හිමිකාරත්වය ලබාගැනීමයි. දේපල පැවරීමේ අපේක්‍ෂාව හෙළිදරව් කිරීමද සම්මතික පැවරීමක් ලෙසින් සැලකිය හැක්කේ එහි ප‍්‍රතිඵලය වනු ඇත්තේ මියගිය තැනැත්තාගේ දේපල නම් කරන ලද අර්ථලාභියා වෙත ලැබීමට සැලැස්වීම වන බැවිනි. දේපලේ හිමිකරු විසින් ස්ථාපිත කරනු ලැබූ භාරයක් යටතේද තැනැත්තකුට දේපල හිමිකමක් ලැබිය හැක.

ඒමෙන්ම දේපල හිමියාගේ කැමැත්ත ඇතිවද එක් තැනැත්තකුගේ සිට තවත් තැනැත්කු වෙත දේපල මාරුවීම සිදුවිය හැක. යම් තැනැත්තකු අන්තිම කැමති පත‍්‍රයක් නොමැතිව මියයාම, බුන්වත්භාවයට පත්වීම සහ අධිකරණ තීන්දුවක් මඟින් දේපල අයිතිය අහිමි කිරීම මෙයට උදාහරණ වේ.

ප්‍රමුඛතාව[සංස්කරණය]

දෙමව්පියන් ගෙන් පසු එම අයිතිය ලැබෙන්නේ සාහොදරයන් ගෙන් කුමන තැනත්තාට ද පිරිමි වැඩිමලා ට නැති නම් ගැහැනු අයට ද

බදු දීම[සංස්කරණය]

සියවස් ගණනාවක් මුළුල්ලේ සිට බදු දීම බොහෝ අරමුණු සඳහා ප්‍රයෝජනවත් වූ අතර නීති ය එම අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහාත් යුගයේ සමාජීය සහ ආර්ථික තත්ත්වයනට අනුකූලව විවිධ වෙනස් වීම් වලට භාජනය විය. 18 වන සියවසේ අවසානයේ දී සහ 19 වන සියවසේ මුල් අවධියේ දී බොහෝ අවස්ථාවලදී බදු කර භාවිත වූයේ කෘෂිකාර්මික අරමුණු මුල්කරගෙන වූ අතර කාර්මීකරණය වූ රටවල නාගරික දියුණුවත් සමඟ ම නාගරික ප්‍රදේශවල හිමිකර ගැනීමේ වැදගත් ක්‍රම වේදයක් බව ට පත්විය. වර්තමාන පොදු නීති විනිශ්චයේදි ඉඩම් හිමියා සහ කුලී නිවැසියා අතර නඩු හබ වල දී පොදු නීතියේ බලපෑම තවමත් දක්නට ලැබෙන අතර විශේෂයෙන්ම එසේ වීමට හේතුව 19 වන සියවසේ දී ගිවිසුම් නීතිය සහ දේපළ නීතිය සම්බන්ධයෙන් අනුගමනය කරන ලද ප්‍රමුඛත ම දර්ශනවාදය රාජ්‍යය නිර්බාධ ප්‍රතිපත්තිය වීමයි. පාරිභෝජනවදයේ වර්ධනයත් සමඟ ම පාරිභෝගික අයිතීන් ආරක්ෂා කිරීමේ නීතිය පොදු නීති සම්ප්‍රදායේ දී මෙන් ගිවිසුම් පාර්ශවයන්ගේ සම කේවල් කිරීමේ බලය ඇති බව උපකල්පනය කරන අතර ඒ අනුව කටයුතු සිදු නොවන විට දී ඇතිවන අපහසුතාවන් පිළිගැනීමට විවිධ පාර්ශවයන් කටයුතු කළ යුතුය. එහි ප්‍රතිඵලයක් ලෙස කුලී නිවැසියන් ආරක්ෂා කිරීම සඳහා කුලී නිවැසි නීතීන් තුලනය කළ යුතු බව නීති ප්‍රතිසංස්කරණ වාදීන් ගේ අදහසයි.

ආශ්‍රිත[සංස්කරණය]

සටහන්[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=දේපල_නීතිය&oldid=574068" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි