ද්වාරය:අන්තර්ජාලය
මෙවලම්
මුද්‍රණය/අපනයනය
වෙනත් ව්‍යාපෘති තුල
පෙනුම
විකිපීඩියා වෙතින්
(ද්වාරය:Internet වෙතින් යළි-යොමු කරන ලදි)
Wikipedia's portal for exploring content related to අන්තර්ජාලයසැකිල්ල:SHORTDESC:Wikipedia's portal for exploring content related to අන්තර්ජාලය
Portal maintenance status: (2022 සැප්තැම්බර්)
|
හැඳින්වීම
Script error: The function "lead" does not exist.
තෝරාගත් ලිපි
-
Image 1වියුණු සටහන් හෙවත් බ්ලොග් (Blog) යනු බොහෝ විට තනි පුද්ගලයකු විසින් පවත්වාගෙන යන විශේෂිත වෙබ් අඩවි වර්ගයකි. බ්ලොග් යන වදන නිර්මාණය වී ඇත්තේ web log යන ඉංග්‍රීසි වදන කටහුරු ආකාරයට සකස් වීමෙනි. තමන්ගේ පුද්ගලික අදහස් මෙන්ම එදිනෙදා පුවත්, ඡායාරූප, වීඩියෝ දර්ශන සහ ශ්‍රවණ ගොනු ද පවත්වාගෙන යන පුද්ගලයා හෝ පිරිස විසින් මෙම වෙබ් අඩවි තුළ පළකරනු ලැබේ. බහුතරයක් දෙනා තම බ්ලොග් අඩවි, රුචිකත්වය අනුව ඒ වටා රොක් වූ පාඨක පිරිසක් සමඟ තම පෞද්ගලික අත්දැකීම් හා මතිමතාන්තර බෙදා ගැනීම සඳහා භාවිතා කරන අතර තවත් පිරිසක් විසින් තම බ්ලොග් අඩවි කිසියම් විෂයක් හෝ ක්ෂේත්රයක් පිළිබඳව තමා සතු දැනුම අන් අය සමඟ හුවමාරු කරගැනීමට යොදාගනු ලබති. කුමන ආකාරයකින් භාවිතා කළ ද බ්ලොග් අඩවියක් යනු ඕනෑම පුද්ගලයකුට පවත්වාගෙන යා හැකි එම පුද්ගලයාට අනන්‍ය වූ වෙබ් අවකාශයකි. විශේෂ අවස්ථා වලදී හැරුනුකොට එහි අන්තර්තගය සඳහා සීමාවන් බල නොපැවැත්වෙන බැවින් තමාගේ අදහස් තමාට රිසි අයුරින් බ්ලොග් අඩවිය තුළ පළ කළ හැකිය. බ්ලොග්කරණයේ (Blogging) සීඝ්‍ර ජනප්‍රියත්වය සඳහා මෙම සාධකය බොහෝ සෙයින් බලපා ඇත.
බොහෝ අවස්ථා වලදී බ්ලොග් අඩවියක ව්‍යුහය සකස් වී ඇත්තේ දින වකවානු අනුපිළිවෙලටය. බ්ලොග් අඩවිය පවත්වාගෙන යන පුද්ගලයා විසින් බ්ලොග් සටහන් (Blog Posts) එක් කරනු ලබන්නේ ද එවන් අනුපිළිවෙලකට බැවින් පෙරකී ව්‍යුහය බ්ලොග් අඩවියකට වඩාත් උචිත වේ. මේ වන විට බ්ලොග් අඩවියක් තැනීම සඳහා වෙබ් අවකාශ පහසුකම් සලසන වෙබ් අඩවි ගණනාවක් අන්තර්ජාලය තුළ දැකිය හැක. Blogger හා Wordpress.com යනු එයින් ජනප්‍රියතම වෙබ් අඩවි වේ . මෙම ඕනෑම වෙබ් අඩවියකින් තමාට කැමති ආකාරයකින් බ්ලොග් අඩවියක් තැනීම අපහසු කරුණක් නොවන අතර, සිංහල යුනිකෝඩ් භාවිතය ප්‍රචලිත වීමත් සමඟ සිංහල හාෂාවෙන් ලියැවෙන බ්ලොග් අඩවි විශාල සංඛ්‍යාවක් ද අන්තර්ජාලයට එක්වී ඇත. (තව දුරටත්...) -
Image 2අන්තර්ජාල ප්‍රොටෝකෝලය හෙවත් (අයිපී) යනු සන්නිවේදන ප්‍රොටෝකෝලයේ ප්‍රධානියා වන අතර මෙය දත්ත රැස්කිරීම ප්‍රතියෝජක (පොදි) හරහා අන්තර්ජාලකාර්යය භාවිතා කරමින් අන්තර්ජාල ප්‍රොටෝකෝල කට්ටලය වේ. (තව දුරටත්...)
-
Image 3සන්නිවේදනය සදහා අන්තර්ජාල කෙටුම්පත (ප්‍රටෝකෝලය) (Internet Protocol) භාවිතා වන පරිගණක ජාලකරණයේදී (computer network)පාවිච්චි කරන එක් එක් උපාංග (උදා. පරිගණකය, මුද්‍රණ යන්ත්‍රය) සඳහා යොදන සංඛ්‍යාත්මක ලේබලය අන්තර්ජාල කෙටුම්පත් ලිපිනය (අයි පී ලිපිනය) යනුවෙන් හැඳින්වේ. අන්තර්ජාල කෙටුම්පතේ ප්‍රධාන කාර්යයන් දෙකකි. සේවය සපයන්නා හෝ ජාල යාකරනය හඳුනා ගැනීම සහ අවශ්‍ය ස්ථානයට යොමුකිරීමයි. ඒ කාර්යභාරය පහත පරිදි හඳුනාගනිමු. "නමක් අප සොයන දෙය දක්වයි. ලිපිනයක් ස්ථානය කොතනදැයි දක්වයි. මාර්ගයක් එතැනට කෙසේ ළඟා විය යුතුදැයි දක්වයි.
අන්තර්ජාල කෙටුම්පතෙන් අර්ථදක්වා ඇති පරිදි අන්තර්ජාල කෙටුම්පත් ලිපිනය බිටු (bits) 32ක සංඛ්‍යාවක් වන අතර තවමත් භාවිතා වන මේ ක්‍රමය අන්තර්ජාල කෙටුම්පත 4වන සංස්කරණය (IPv4) ලෙස හැඳින්වේ. කෙසේ වුවත් අන්තර්ජාලයේ අතිමහත් වර්ධනය සහ භාවිතා කළ හැකි ලිපිනයන් ප්‍රමාණය ක්ෂයවීම හේතුවෙන් ලිපිනය සඳහා බිටු 128 කින් යුත් අන්තර්ජාල කෙටුම්පතේ නව සංස්කරණයක් (IPv6) 1995 දී එළිදක්වන ලදි. 1998 දී මෙම IPv6, RFC 2460 ලෙස සම්මත කරගන්නා ලද අතර එය වර්ෂ 2000 මැද භාගයේ සිට සාර්ථකව භාවිත වේ. (තව දුරටත්...) -
Image 4ගොනු හුවමාරුව යනු පරිගණක ජාලයක් හෝ අන්තර්ජාලය හරහා ගොනු සම්ප්‍රේෂණය කිරීම සඳහා වූ ප්‍රජාතීය පදයකි. ජාලයක් හරහා ගොනු හුවමාරු කිරීමට බොහෝ ක්‍රම සහ ප්‍රොටෝකෝලයන් තිබේ. ගොනු හුවමාරු කිරීමේ සේවා ලබාදෙන පරිගණකයන් ගොනු සර්වරයන් ලෙස බොහෝ විට හදුන්වනු ලබයි. සේවාදායකයන්ගේ දෘෂ්ටිකෝණය අනුව උඩුගත කෙරුම හෝ බාගත කෙරුම ලෙස දත්ත හුවමාරුව හැදින්වේ.
ගොනු හුවමාරු වර්ග 2 කි:- Pull-based file transfers where the receiver initiates a file transmission request
- Push-based file transfers where the sender initiates a file transmission request.
ඔබට යමක් සම්බන්ධයෙන් උදව් අවශ්‍ය ද?
ඔබට අන්තර්ජාලය සම්බන්ධයෙන් පිළිතුරු සොයාගැනීමට අපහසු පැණයක් තිබේ ද?
සමහර විට විකිපීඩියා නිර්දේශ කවුලුව වෙත යොමුවීම, ඉක්මන් පිළිතුරක් සොයාගැනීමට මාර්ගයක් විය හැක.
තෝරාගත් සේයාරු
-
Image 1This NeXT Computer was used by Tim Berners-Lee at CERN and became the world's first Web server. (අන්තර්ජාලය වෙතින්)
උප ප්‍රවර්ග
උප මාතෘකා
| අන්තර්ජාලය |
|---|
An Opte Project visualization of routing paths through a portion of the Internet |
|
|
ආශ්රිත විකිමීඩියා
විකිබුක්ස්
පොත්

කොමන්ස්
මාධ්‍ය

විකිනිව්ස්
පුවත්

විකික්වෝට්
කියමන්

විකිසෝර්ක්
මූලාශ්‍ර

විකිවර්සිටි
ඉගෙනුම් මූලාශ්‍ර

වික්ෂනරි
අර්ථ දැක්වීම්

විකිඩේටා
දත්ත ගබඩාව

"https://si.wikipedia.org/w/index.php?title=ද්වාරය:අන්තර්ජාලය&oldid=513419" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි

