රාවණා රජ

විකිපීඩියා වෙතින්
(දශාණන් රාවණ් වෙතින් යළි-යොමු කරන ලදි)
Jump to navigation Jump to search
රාවණ රජ
මහ රජ
Ravana British Museum.jpg
බ්‍රිතාන්‍යය කෞතුකාගාරය තුල පවතින 18 වන සියවසට අයත් රාවණ ප්‍රතිමාව[1]
රාජ්‍ය සමයත්‍රේතා යුග
අනුප්‍රාප්තිකයාවිභීෂණ
වල්ලභයාමන්දෝදරී බිසව
පියාවිශ්‍රාවාස මුණි
මවකෛකේෂි දේවි

රාවණ (IAST : Rāvaṇa; / ˈrɑːvənə/ ; සංස්කෘත දී : रावण) යනු රාමායණ නම් හින්දු වීර කාව්‍යයේ සදහන් වන ශ්‍රී ලාංකීය ශ්‍රෙෂ්ඨ , වීර ,දෙවියන්ටද දෙවෙනි නොවන සක්විති ර⁣ජවරයෙකි

මුලින් සදහන් කල පරිදි රාවණ වඩා ප්‍රසිද්ධ වූයේ ඍෂි වාල්මිකී විසින් රචිත ඉපැරණි ඉන්දීය මහා කාව්‍යයක් වන රාමායණයෙහි ඇති ප්‍රධාන දුෂ්ට චරිතය ලෙසය.රාවණ රජු යනු ලංකා අධිරාජ්‍ය පාලනය කෙරු ශිව දෙවිඳුන්ගේ මහා භක්තිකයෙකි. රාමායණයට අනුව සිය අසුර සොයුරියකට කළ නිගරුවකට පළිගනීමක් ලෙස රාම සිය බිරිද වන සීතා දේවිය පැහැරගෙන එන රාවණ මහා වීර රජුව රාම විසින් මහා වානර සේනාවක් සහ දෙවිවරැන්දගේද හා රාවනගේ සොයුරකු වන විභීෂණගේ සහයත් ලබාගනිමින් සටන් කර පසුපස සිට තබන ලද හී පහරකින් මරා දමනු ලැබේ.[2]

රාමායණය[සංස්කරණය]

රාමායණ ග්‍රන්ථ 300කට අධික ප්‍රමාණයක් ඇත. එයින් මුඛ්‍ය ග්‍රන්ථය වන වාල්මිකි රාමායණයට අනුව රාවණ රජු යනු හිස් දහයක් සහ අත් විස්සක් ඇති බලසම්පන්න රජ කෙනෙකි. රාවණ ඇතුලු ලංකාවාසී රාක්ෂසයන් මිනිසුන් බුදින ගුප්ත ශක්ති සහිත අමනුෂ්‍ය කොට්ඨාශයක් වශයෙන් එහි නිරූපණය කර ඇත. එමෙන් ම ගුප්ත හැකියාවන් සහිත වූත් ශිව, බ්‍රහ්මා වැනි දෙවිවරුන් සමග ගැටුණු සහ හිරු සදු පවා මෙහෙයවිය හැකි අයකු ලෙස නිරූපණය කර තිබේ. රාමායණයට අනුව රාම කුමරු සිය බිරිද වන සීතා සහ සොහොයුරු වන ලක්ෂ්මණ සමග වනගත ව සිටින අතරක සූර්පණකා නම් රාවණගේ නැගණිය සීතාට දේවියට හිරිහැර කරයි. එවිට ලක්ෂ්මණ ඇයගේ කන්, නාසා සහ පියයුරු අසිපතෙන් කපා දමයි. සූර්පණකා රාවණ හමුවට ගොස් තමාට සිදුකළ දෙය ගැන පවසයි. එහි දී ඇය සීතා කුමරිය ගැන කරන විස්තරය අසන රාවණ රජු ඇගේ සුන්දරත්වයෙන් වශී වේ. ඇය සිය මෙහෙසියක කරගැනීමේ අදහසින් සිය දඩුමොණරයෙන් යන ඔහු රාමා සහ ලක්ෂ්මණ උපක්‍රමයෙන් බැහැරට යවා තවුස් වෙසකින් සීතා හමුවට පැමිණ සිය දඩුමොණරයට නංවාගෙන එයි. එනමුත් අග්ණි පුරාණයට අනුකූලව සිතා කුමරිය අග්නි දෙවියන්ට කන්නලව් කර එම ශක්තියෙන් තමා වැනි ප්‍රතිරූපයක් නිර්මාණය කර එම ස්ථානයෙන් අතුරුදහන් වෙයි.[3] ඡායා සිතාව රැගෙන ලංකාපුරයට පැමිණි රාවණ රජු ඇයව අශෝක වනයේ සිර කර තබයි. සීතා දේවිය ගෙනගිය මග සොයා ගන්නා රාම කුමරුන් ස්‍රග්‍රීව නම් වානර නායකයාගේ සහායෙන් හනුමන්තා ඇතුලු වානර සේනාවක් රැගෙන විත් රාවණ සමග සටන් වදී. රාවණ සමග ගැටුමක් ඇතිකරගන්නා ඔහුගේ සොහොයුරකු වන විභීෂණ රාජ්‍යයට හතුරු වී රාම සමග එක්වෙයි. ඊට කලගුණ සැලකීමක් වශයෙන් රාම රාවණගේ මරණින් පසු ඔහු ව ලංකාවේ රජු ලෙස පත්කරයි. රාමායණයේ පූර්ව වෘතාන්තයට අනුව සීතා කුමරියව පාවාගනු පිණිස සැපිරිය අභියෝගයක් වශයෙන් ඇගේ පියා සතු ශිව විසින් දෙනු ලැබූ ඉතා බර දුන්නක් බිද දැමිය යුතු වේ. අභියෝගය භාරගැනීමට පැමිණෙන රජවරු අතර රාවණ හා රාම කුමරුද ද වෙති. කිසිදු මිනිසෙක් එය සෙලවීමටවත් අසමත් වන අතර රාවණ එසවීමට සමත් වුවත් බිද දැමීමට අසමත් වේ. රාම කුමරුන් එය පහසුවෙන් ම බිද දමයි. ඒ අනුව සීතා කුමරිය ඔහුට හිමි වේ.[4]

ශිව බැතිමතෙක් ලෙස[සංස්කරණය]

රාවණ රජු කෛලාෂ පර්වතය එසවීමට යාමේදි ශිව සහ පාර්වති දේවිය එය නවත්වන අකාරය.

රාවණ රජු හැඳින්වෙන්නේ ශිව දෙවිඳුන්ගේ විශිෂ්ටතම බැතිමතා ලෙසයි. ජනප්‍රවාදයන්ට අනුකූලව ඉතා ප්‍රචලිත ශිව තාණ්ඩව ස්තෝත්‍රයේ කර්තෘවරයා වනේ ලංකේෂ්වර රාවණ රජුය. රාවණානුග්‍රහ මූර්තියෙන් සංකේතවත් වන්නේ රාවණ රජු කෛලාෂ පර්වතයට ගොස් ශිව තාණ්ඩව ස්තෝත්‍රය ගායනා කරන අකාරයයි.

දුර්ගා මාතාවගේ බැතිමතෙක් ලෙස[සංස්කරණය]

ඉතාමත් පැරණි මූලාශ්‍ර තුළ දැක්වෙන පරිදි රාවණ රජු බ්‍රහස්පති මුණි හට දේවී මහත්ම්‍යම් තුළ එන චණ්ඩි මන්ත්‍ර ජප කරන්නට අණ දෙනු ලබනවා. කෘත්තිවාස ලියවිලි වලට අනුව රාවණ රජු චණ්ඩි හෝමයක් පවත්වන අතර එයට බ්‍රහස්පති මුණිටද ආරාධනා කරනු ලබනවා.[5] එමෙන්ම දේවි පුරාණය තුළ එන රාමායණය වෘතාන්තයට අනුව රාවණ රජු තම සියලු ශක්තීන් ලබා ගනු ලැබුවේ ලංකේශ්වරි දේවිය දේවිය උදේසා සාධනා කොටයි. [6]

සංස්කෘතික බලපෑම[සංස්කරණය]

එසේම ඉන්දියාවේ ප්‍රදේශ කීපයක මෙන්ම බාලි දූපත් වල (වර්තමාන ඉන්දුනීසියාව) ද රාවණ රජු ඇදහීම සිදුවේ. ඉන්දියාවේ දුශේරා නමින් රාවණ සමඟ පැවති යුද්ධයේ රාම ගේ ජයග්‍රහණය සැමරීමට කටයුතු කරනු ලබයි. බාලි දූපත් ආශ්‍රිතව රාවණ උදෙසා පුද පූජා පවත්වනු ලැබේ.[7]

පෙලපත[සංස්කරණය]

රචිත බවට විශ්වාස කෙරෙන ග්‍රන්ථ[සංස්කරණය]

  • ශිවාලිඛිතය
  • අග්නිත්රාන්ත

මේවා සියල්ල සංස්කෘතයෙන් රචිත කෘති වන අතර ඇතැම් තැනක පෘතුගීසි වදන් ද තිබේ.නමුත් මෙම කෘති සත්‍ය වශයෙන්ම රාවණ රජු විසින් රචිත යැයි තවම තහවුරු කරගැනිමට නොහැක.එහෙත් හින්දුන් විසින් එය රාවණ රජුට ආදේශ කර තිබේ.

මූලාශ්‍ර[සංස්කරණය]

තවද බලන්න[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=රාවණා_රජ&oldid=454256" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි