ජෝන් එෆ්. කෙනඩි ඝාතනය

විකිපීඩියා වෙතින්
ජෝන් එෆ්. කෙනඩි ඝාතනය
ජනාධිපති කෙනඩි සමග ඔහුගේ බිරිය ජැකොලින් සහ, ටෙක්සාස් ආණ්ඩුකාරවර ජෝන් කොනලි සහ ඔහුගේ බිරිය නෙලී, ජනාධිපතිවරයාගේ ඝාතනයට විනාඩි කිහිපයකට පෙර, ජනාධිපතිමය ලිමසීන් මෝටර්රථය තුල සිටි අයුරු
ස්ථානයඩීලි ප්ලාසා, ඩලස්, ටෙක්සාස්
ඛණ්ඩාංක32°46′45″N 96°48′31″W / 32.77903°N 96.80867°W / 32.77903; -96.80867ඛණ්ඩාංක: 32°46′45″N 96°48′31″W / 32.77903°N 96.80867°W / 32.77903; -96.80867
දිනයනොවැම්බර් 22, 1963 (1963-11-22)
12:30 p.m. (CST) (මධ්‍යම වේලා කලාපය)
ඉලක්කයජෝන් එෆ්. කෙනඩි
ප්‍රහාර මාදිලියදුර සිට ඩෙඩි තැබීමේ ශෛලියේ ඝාතනය
ආයුධය(න්)6.5×52මිමී ඉතාලියානු කාකනෝ M91/38 බෝල්ට්-කිරිය රයිෆලය
මරණ1 (ජනාධිපති කෙනඩි)
තුවාලකරුවන්2 තුවාල ලදහ (ආණ්ඩුකාරවර කොනලි, ජේම්ස් ටේග්)
අපරාධකරුවාලී හාවි ඔස්වල්ඩ්

ඇමරිකානු එක්සත් ජනපදයේ 35 වන ජනාධිපතිවරයා වූ ජෝන් ෆිට්ස්ජෙරල්ඩ් කෙනඩි, 1963 නොවැම්බර් 22 වන සිකුරාදා දිනදී, ටෙක්සාස් ජනපදයේ, ඩලස් නුවර, ඩීලී ප්ලාසා පෙදෙසේදී, මධ්‍යම සම්මත වේලාවෙන් ප.ව. 12:30 ට (18:30 UTC) වෙඩි තබා ඝාතනය කරන ලදී. [1] ලී හාවි ඔස්වල්ඩ් විසින්, කෙනඩි වෙත මරණීය තුවාල ගෙන දෙන ලෙසින් වෙඩි තබන ලද්දේ, ජනාධිපති බිරිය වූ ජැකොලින්, ටෙක්සාස් ආණ්ඩුකාරවර ජෝන් කොනලි සහ, කොනලිගේ බිරිය නෙලී සමගින්, ජනාධිපතිමය මෝටර් රථ පෙරහරක ගමන් කරමින් සිටියදීය. 1963 නොවැම්බර සිට 1964 සැප්තැම්බර දක්වා දස-මසක් පුරා පවත්වන ලද විමර්ෂණයට පසුව, වොරන් කොමිෂන් සභාව විසින් අවසන් තීරණයකට එළඹියේ, කෙනඩි ඝාතනය අරභයා ඔස්වල්ඩ් විසින් ස්වීය ලෙසින් ක්‍රියා කරන ලද බවත්, ඔස්වල්ඩ් නඩු විභාගයකට පෙනී සිටීමට හැකි වීමට පෙර ඔහු මරාදැමූ, ජැක් රූබි විසින් ද ස්වීය ලෙසින් ක්‍රියා කරමින් එසේ කල බවත්ය.[2]


සටහන්[සංස්කරණය]

  1. ස්ටෝක්ස් 1979, pp. 21.
  2. "රිපෝට් ඔෆ් ද ප්‍රසිඩන්ට්ස් කමිෂන් ඔන් ද ඇසැසිනේෂන් ඔෆ් ප්‍රසිඩන්ට් කෙනඩි, චැප්ටර් 1: සමරි ඇන්ඩ් කන්ක්ලූෂන්ස්".

ආශ්‍රිත[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ජෝන්_එෆ්._කෙනඩි_ඝාතනය&oldid=343430" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි