ජේඩ් බුද්ධ මාලිගය

විකිපීඩියා වෙතින්
අන්ෂාන් ජේඩ් බුද්ධ ප්‍රතිමාවේ ඉදිරිපස පෙනුම
අන්ෂාන් ජේඩ් බුද්ධ ප්‍රතිමාවේ පසුපස පෙනුම

ජේඩ් බුද්ධ මාලිගය (චීන: ; පින්යින්: Yù Fó Yuàn, ඇතැම්විට ජේඩ් බුද්ධ උද්‍යානය හෝ ජේඩ් බුද්ධ විහාරය ලෙස පරිවර්තනය කෙරේ) යනුවෙන් හැඳින්වෙන්නේ ලෝකයේ විශාලතම ජේඩ් බුද්ධ ප්‍රතිමාවක් අන්තර්ගත වන විහාර සංකීර්ණයකි. චීනයේ ලියාඕනිං පළාතේ අන්ෂාන් නගරයේ පිහිටි මෙම විහාරය වර්ග මීටර 22,104 (වර්ග අඩි 237,930) ක භූමි ප්‍රදේශයක් පුරා පැතිර පවතී. මෙය පිහිටියේ දොංෂාන් දර්ශනීය රක්ෂිතය ආසන්නයේ ය.

ප්‍රතිමාව නෙළා ඇත්තේ මීටර 7.95ක් (අඩි 26.1) උසැති, මීටර 6.88ක් (අඩි 22.6) පළලැති, මීටර 4.10ක් (13.5) ඝනකමැති සහ ටොන් 260.76ක් බරැති ජේඩ් පාෂාණයකිනි.[1] පාෂාණයේ ඉදිරිපස මුහු‍ණතේ ශාක්‍යමුණි බුදුන් වහන්සේ (හෙවත් ගෞතම බුදුන් වහන්සේ) ගේ රුව කැටයම් කොට ඇත. පාෂාණයේ පසුපස ගුවාන්යින් (හෙවත් අවලෝකිතේශ්වර) බෝධිසත්ත්ව රුවක් කැටයම් කොට ඇත. මෙම ජේඩ් පාෂාණ‍ය සොයාගැනුණේ 1960 ජූලි 22වන දින අන්ෂාන්හි ෂියුයෑන් ප්‍රාන්තයේ ය. මෙම ප්‍රදේශය "ජේඩ් නගරය" ලෙස හඳුන්වයි. (ෂියුයෑන් ජේඩ් සැබැවින්ම ජේඩ් නොවේ. ඒවා සර්පන්ටයිනයිට් පාෂාණ වේ.) චීන අග්‍රාමාත්‍ය චෞ එන්ලායි විසින් එය ප්‍රාන්තයේ උරුමයක් ලෙස නම්කොට ආරක්ෂිත දේපළක් ලෙස නම්කරන ලදී. අන්ෂාන් නගර රජය විසින් මෙම පාෂාණයෙන් බුද්ධ ප්‍රතිමාවක් නෙළීම මෙහෙයවන ලද අතර, එහි දී ප්‍රතිමා ශිල්පීන් 120 දෙනකුගෙන් යුත් කණ්ඩායමකට එහි වැඩ අවසන් කිරීමට මාස 18ක් ගත විය. 1996 සැප්තැම්බර් 3 දින මෙම විහාර සංකීර්ණය විවෘත කෙරිණි. ජේඩ් බුද්ධ ප්‍රතිමාව අන්තර්ගත විහාර ගොඩනැගිල්ල මීටර 33ක් (අඩි 108) උසැති ය. එහි දී බුදු දහමේ දිව්‍ය ලෝක තල 33 නිරූපණය කොට ඇත. මෙය පුරාතන චීන ගෘහනිර්මාණ ශෛලියෙන් යුතු චීනයේ උසම ගොඩනැගිලවලින් එකක් ලෙස සැලකේ..[2]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. "Anshan Municipal Government - Jade Buddha Park". Anshan Municipal Government. July 14, 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2008-10-03. {{cite web}}: Unknown parameter |deadurl= ignored (|url-status= suggested) (help)
  2. Huang, Youyi; Xiao Siaoming; Li Zhenguo; Zhang Zouku (2006). Liaoning, Home of the Manchus & Cradle of Qing Empire. Foreign Languages Press, Beijing, China. p. 227. ISBN 7-119-04517-2.

සැකිල්ල:Liaoning topics

ඛණ්ඩාංක: 41°05′58″N 123°00′43″E / 41.09944°N 123.01194°E / 41.09944; 123.01194

"https://si.wikipedia.org/w/index.php?title=ජේඩ්_බුද්ධ_මාලිගය&oldid=395371" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි