චීනචට්ටි

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

චීනචට්ටි යනු, ද්‍රව බවට පත් වන තුරු රත් කොට, ඉන්පසුව ඝනීභවනය වීම සඳහා අච්චුවකට වත් කෙරුණු යකඩ හෝ ෆෙරස් මිශ්‍ර ලෝහයකි. එය සාමාන්‍යයෙන් තැනෙන්නේ අමු යකඩ වෙතිනි. භංගයේදී (බිඳීමේදී) එහි වර්ණය වෙත මිශ්‍ර ලෝහයේ සංඝටක විසින් බලපෑම් ඇති කරයි: සුදු චීනචට්ටි සතුව කාබයිඩ් අපද්‍රව්‍ය පවතින අතර එය විසින් භංගය කෙලින්ම නොනැවතී විනිවිද යෑමට ඉඩ සලසයි. අළුවන් චීනචට්ටි සතුව මිනිරන් පතුරු පවතින අතර, ද්‍රව්‍යය බිඳෙන කල, පසුවී යන පිපුරුමක් පැත්තකට ඇලකර යවමින් නොගිණිය හැකි තරම් නව පිපුරුම් අරඹයි.

ප්‍රධාන සංඝටක මූලද්‍රව්‍යය වන්නේ කාබන් (C) සහ සිලිකන් (Si) වන අතර, ඒවායේ ප්‍රමාණය පිළිවෙලින් 2.1–4 බර අනුව% සහ 1–3 බර අනුව% පරාසයන් අතර පිහිටයි. අඩු කාබන් අන්තර්ගතයක් සහිත යකඩ මිශ්‍ර ලෝහ හැඳින්වෙන්නේ වානේ ලෙසිනි. . මෙනයින් මෙම පාදක මිශ්‍ර ලෝහ, තාක්ෂණික ලෙසින් ත්‍රියංගි Fe–C–Si මිශ්‍ර ලෝහ වන නමුදු, චිනචට්ටි ඝනීභවනයෙහි මූලධර්මය තේරුම් ගත හැක්කේ ද්ව්‍යංගි යකඩ–කාබන් කලාප රූපසටහන මගිනි. බොහෝ චීනචට්ටි වර්ග වල සංයුතියන් යකඩ-කාබන් පද්ධතියක සුද්‍රාව්‍ය ලක්ෂ්‍යය කිට්ටුවෙන් පවතින බැවින්, ඒවායේ ද්‍රවාංක උෂ්ණත්වයන් 1,150 සිට 1,200 °C (2,100 සිට 2,190 °F) අතර පවතින ලෙසින් සහසම්බන්ධීයනය වන අතර, ශුද්ධ යකඩ වල ද්‍රවාංකයට වඩා 300 °C (572 °F) පමණ පහළ අගයක පවතියි.

ආහන්‍ය චීනචට්ටි හැර අනෙකුත් චීනචට්ටි වර්ග භංගුර වීමට ප්‍රවණතාවයක් දක්වයි.එය විසින් දක්වන සාපේක්ෂ වශයෙන් පහළ ද්‍රවාංකය, හොඳ තාරල්‍යය, වාත්තු කළ හැකි බව, අනර්ඝ යාන්ත්‍රයතාව, විරූපණයට ප්‍රතිරෝධය සහ ගෙවීයෑමට ප්‍රතිරෝධය යන ගුණාංග නිසා, පුළුල් පරාසයක උපයෝජ්‍යතාවක් සහිත ඉංජිනේරුමය ද්‍රව්‍යයක් බවට චීනචට්ටි පත්වී ඇති අතර නල, යන්ත්‍ර සහ සිලින්ඩර මුදුන් (පිරිහෙන භාවිතය), සිලින්ඩර කඳවල් සහ ගියර පෙට්ටි කවර (පිරිහෙන භාවිතය) වැනි මෝටර් රථ කර්මාන්ත කොටස් සඳහා භාවිතා වෙයි. ඔක්සිකරණය (මලකඩ) නිසා විනාශවී යෑම සහ අබලන්වීම කෙරෙහි එය ප්‍රතිරෝධයක් දක්වයි.

ක්‍රිපූ 5වන සියවසට දින නියම කරන ලද ආදිතම චීනචට්ටි මෙවලම්, පුරාවිද්‍යාඥයින් විසින් සොයාගනු ලැබුවේ, වර්තමානයේ චීනයේ ජියන්සූ ප්‍රදේශයේ ලූහ ප්‍රාන්තයේදීය. යුද්ධකටයුතු, කෘෂිකර්මය සහ, ගෘහ නිර්මාණ ශිල්පය සඳහා පුරාතන චීනයේ චීනචට්ටි භාවිතා කරන ලදි.[1] 15වන සියවසෙහිදී ප්‍රංශයේ, බර්ගන්ඩි ප්‍රදේශයේදී සහ ප්‍රතිසංස්කරණය අවදියෙහි එංගලන්තයෙහිදී, කාල තුවක්කු තැනීමට චීනචට්ටි භාවිතා වී ඇත.[2] 1770 ගණන් වලදී පළමු චීනචට්ටි පාළම තැනුනේ තුන්වන ඒබ්‍රහම් ඩාබි විසින් වන අතර, එය හැඳින්වුනේ යකඩ පාළම ලෙසිනි. ගොඩනැගිලි තැනීම සඳහාද චීනචට්ටි භාවිතා කෙරෙයි.

නිෂ්පාදනය[සංස්කරණය කරන්න]

චීනචට්ටි තැනෙනුයේ, සෑහෙන ප්‍රමාණයන් සුන්බුන් යකඩ, සුන්බුන් වානේ, හුණු ගල්, කාබන් (කෝක් අඟුරු) සමග අමු යකඩ යළි-ද්‍රවවීමට ලක්කෙරෙන අතර, අනවශ්‍ය අපද්‍රව්‍ය ඉවත්කරලීමට විවිධ පියවර ගනිමිණි. පොස්ෆරස් සහ සල්ෆර් ද්‍රව යකඩ සමගින් පුළුස්සා දැමෙන මුත්, මෙම ක්‍රියාවලියේදී කාබන්ද දැවී වන බැවින්, එය ප්‍රතිස්ථාපනය කල යුතු වෙයි. නියැලුම මත පදනම්ව, අභිමත මට්ටම් වලට, කාබන් සහ සිලිකන් අන්තර්ගතය සකස්කරනු ලබන අතර, ඒවා පිළිවෙලින් 2–3.5% සහ 1–3% යන පරාසයන්හී ඕනෑම අගයක පැවතිය හැකිය. ද්‍රවිත්තට අනෙකුත් මූලද්‍රව්‍යය එකතු කරන්නේ වාත්තුකිරීම වෙතින් අවසන් ස්වරූපය නිපැයුමට පෙරදීය.[උපහරණ ඇවැසිය]

කියුපෝලාවක් ලෙසින් හැඳින්වෙන විශේෂ ධාරා උෂ්මක වර්ගයක් තුල යකඩ සමහරවිට උණුකෙරෙතත්, බොහෝවිට උණුකෙරෙන්නේ විදුලි ප්‍රේරණ උෂ්මක හෝ විදුලිචාප උෂ්මක තුලදීය.[උපහරණ ඇවැසිය] උණුකිරීම සම්පූර්ණ කල විට, රැඳවුම් උෂ්මකයක් හෝ කෙණෙස්සක් වෙතය උණුකල යකඩ වත්කෙරෙයි.

වර්ග[සංස්කරණය කරන්න]

ලෝහ මිශ්‍රක සංඝටක[සංස්කරණය කරන්න]

යකඩ-සිමෙන්ටයිට් මිත-ස්ථායි රූප සටහන.

විවිධ ලෝහ මිශ්‍රක සංඝටක හෝ, මිශ්‍ර ලෝහ සැදුම් එකතු කිරීම පරිදී චීනචට්ටි වල ගුණාංග වෙනස් කෙරෙයි. කාබන් මූලද්‍රව්‍යයට අනතුරුව, ඊළඟ ඉතාමත් වැදගත් මිශ්‍ර ලෝහ සංඝටකය වන්නේ සිලිකන් වන අතර, එසේ වන්නේ එය විසින් ද්‍රාවණය වෙතින් කාබන් ඉවතට යවන බැවිනි. මෙසේ ඉවත් වන කාබන් වෙතින් මිනිරන් සැදෙන අතර, එය නිසාවෙන්, යකඩ වඩාත් මෘදුවීම, හැකිළීම අඩුවීම, ශක්තිය අඩුවීම සහ, ඝනත්වය අඩුවීම සිද්ධවෙයි. සල්ෆර්, පවතින කල්හී, අයන් සල්ෆයිඩ් තනන අතර, මෙය විසින් මිනිරන් සැදීම වලක්වා දැඩිබව ඉහළ නංවයි. සල්ෆර් පවතින විට ඇතිවන ගැටළුව වන්නේ එය විසින් විලීන චීනචට්ටි මන්දගාමී කරන අතර, එය නිසාම ලැසි ගැලීම් පලුදු ඇතිකරයි. සල්ෆර් වල බලපෑම ප්‍රතිකුල කිරීමට, මැංගනීස් එක් කරන්නේ, මෙම ද්‍රව්‍ය දෙක එක්ව, අයන් සල්ෆයිඩ් වෙනුවට මැංගනීස් සල්ෆයිඩ් තනන බැවිනි. මැංගනීස් සල්ෆයිඩ්, ද්‍රවිත්තට වඩා සැහැල්ලු වන අතර ද්‍රවිත්තෙන් නික්ම ලෝබොර වෙත පාවී යෑමට ප්‍රවණතාවයක් දක්වයි. සල්ෆර් උදාසීන කිරීමට අවශ්‍ය මැංගනීස් ප්‍රමාණය, 1.7 × සල්ෆර් අන්තර්ගතය + 0.3% ක් වෙයි.

ආශ්‍රිත[සංස්කරණය කරන්න]

  1. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; Wagner නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  2. කයිට් ක්‍රවුස (අගෝස්තු 1995). ආම්ස් ඇන්ඩ් ද ස්ටේට්: පැටර්න්ස් ඔෆ් මිලිටර් ප්‍රොඩක්ෂන් ඇන්ඩ් ට්‍රේඩ්. කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය. පිටුව. 40. ISBN 978-0-521-55866-2. 
"https://si.wikipedia.org/w/index.php?title=චීනචට්ටි&oldid=314228" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි