අමු යකඩ

විකිපීඩියා වෙතින්
මෘදු යකඩ තැනීමට භාවිතා කල හැකි අමු යකඩ වර්ගයක්, රාක්කයක අහුරා ඇති අයුරු

අමු යකඩ යනු කෝක් අඟුරු වැනි අධි-කාබන් ඉන්ධනයක් හා සමගද, ස්‍යන්දයක් වශයෙන් හුණු ගල් හා සමගද යපස් උණුකිරීමේදී තැනෙන අතරමැදි ඵලයකි. ඉන්ධනය වශයෙන් අඟුරු සහ ඇන්ත්‍රසයිට් ද භාවිතා කරයි. අමු යකඩ කාබන් මෙන්ම, දර්ශීය වශයෙන් 3.5–4.5%,[1] සිලිකා සහ බොරයෙහි අනෙකුත් සංඝටක අන්තර්ගතයෙන් ඉතා ඉහළ වන අතර, මේ නිසා එය මහත් පහසුවෙන් කැඩෙන සුළු වෙන බැවින් සීමිත භාවිතයන්හී හැරුණු විට ද්‍රව්‍යයක් වශයෙන් සෘජු ලෙසින් භාවිතයට සුදුසු නොවේ.

මෙම ලෝහ කුට්ටි සඳහා භාවිතාවූ අච්චු වල සාම්ප්‍රදායික හැඩය වූයේ වැලි පසුබිමක සකස්කෙරුණු අතු බෙදී ගිය ව්‍යුහයක් වන අතර, මධ්‍යම බස්නාවක් හෝ මගක් වෙතට ලම්භකව බොහෝ තනි තනි ලෝහ කුට්ටි සදයි. ඊරියකගේ බුරුල්ලෙන් කිරි උරා බොන ඌරු පැටවුන් රැළකගේ මුහුණුවරක් එවන් ආකෘතියකට ඇත. ලෝහය සිසිල්වී ඝණිභවනය වූ විට, වඩාත් සිහින් බස්නාව (ඉහත ප්‍රතිසාම්‍යය පරිදී ඊරිය) වෙතින්, කුඩා ලෝහ කුට්ටි ( ඉහත ප්‍රතිසාම්‍යය පරිදී ඌරන්) කඩා වෙන් කර ගන්නා අතර, එම නිසාම අමු යකඩ සඳහා ඉංග්‍රීසියෙන් භාවිතා වන පිග් අයන් (සෘජු සිංහල පරිවර්ථනය ඌරු යකඩ ) යන්න යෙදී ඇත. අමු යකඩ භාවිතා කරන්නේ යළි-උණුකිරීම සඳහා පමණක්ම බැවින්, ලෝහ කුට්ටි වල තරමෙහි විෂම බව සහ සුළු ප්‍රමාණයන්ගෙන් වැලි අඩංගු වීම යන කරුණු වලින් ඇතිවන අපහසුව වාත්තු කිරීමෙහි සහ පරිහරණයෙහි පහසුව හා සමග සැසඳීමෙහිදී නොසැලකිය යුතු තරම්ය.

ඉතිහාසය[සංස්කරණය]

1890 සහ 1901 අතර, චිකාගෝහී ඉරකෝයි විරවුම් හලෙහි අමු යකඩ වාත්තු කරන අයුරු.

චොවු රාජවංශයේ (ක්‍රිපූ 1122–256) අගභාගයේදී චීන ජාතිකයෝ අමු යකඩ තැනූහ. [2] පශ්ච මධ්‍යතන යුග (1350–1500) වන තුරු, යුරෝපයෙහි, මෙම ක්‍රියාවලිය සොයා ගෙන නොතිබුණි. [3] සත්‍ය වශයෙන් පවසතොත්, මධ්‍යතන තාක්ෂණය හමුවේ, වානේ බවට අමු යකඩ කාබන්හරණය කිරීම අතීශයින් වෙහෙස කරවන ක්‍රියාවලියක් වූ නිසා, උෂ්මකයේදී ද්‍රව බවට යකඩ කලාප සංක්‍රමණය කිරීම මග හරින ලද සංසිද්ධියක් විය.

භාවිතා[සංස්කරණය]

අමු යකඩ, සාම්ප්‍රදායික ලෙසින්, සියුම්තර පට්ටලයෙහිදී සහ පසුව ඇළලුම් උෂ්මකයෙහිදී, සිද්ධ යකඩ බවටද මෑත කාලයෙහිදී වානේ බවටද හැරවෙයි.


ආශ්‍රිත[සංස්කරණය]

  1. කෑම්ප්, ජේම්ස් මැකින්ටයර් (1920). ද මේකිං, ෂේපිං ඇන්ඩ් ට්‍රීටිං ඔෆ් ස්ටීල් (2වන සංස්. ed.). පිට්ස්බර්ග්: කානේ ස්ටීල් සමාගම. p. 174. OCLC 2566055. {{cite book}}: Unknown parameter |coauthor= ignored (|author= suggested) (help)
  2. වැග්නර්, ඩොනල්ඩ්. අයන් ඇන්ඩ් ස්ටීල් ඉන් ඒන්ෂන්ට් චයිනා. ලෙයිඩන් 1996: බ්‍රිල් ප්‍රකාශකයෝ
  3. ද ඉම්පෝර්ටන්ස් ඔෆ් අයන්මේකිං: ටෙක්නිකල් ඉනොවේෂන් ඇන්ඩ් සෝෂල් චේන්ජ්: පේපර්ස් ප්‍රසන්ටඩ් ඇට් නෝබර්ග් කොන්ෆරන්ස්, මේ 1995 හී ලේඛන කිහිපයක් සංස්. ගර්ට් මැග්නුසන් (Jernkontorets Berghistoriska Utskott H58, 1995), 143-179.
"https://si.wikipedia.org/w/index.php?title=අමු_යකඩ&oldid=345781" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි