ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
ශ්‍රී ලංකාව
ශ්‍රී ලංකාවේ ධජය
ශ්‍රී ලංකාවේ ධජය
නායිකා ඉනෝකා රණවීර
වාර්තාගත පළමු තරගය 1997 නොවැම්බර 25 දී නෙදර්ලන්තයට එරෙහිව සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණය, කොළඹ, ශ්‍රී ලංකාව හිදී
ලෝක කුසලාන
පෙනීසිටීම් 07 (පළමු වරට 1997 දී)
විශිෂ්ඨතම ප්‍රතිඵලය 6වන ස්ථානය, 2005
ඔක්තෝබර් 4 2017 දින දක්වා පරිදී

ඉතිහාසය[සංස්කරණය]

1990 දශකයේදී[සංස්කරණය]

ශ්‍රී ලංකාව ප්‍රථම අන්තර්ජාතික එක් දින තරගාවලියකට මුහුණ දුන්නේ 1997 දී නෙදර්ලන්ත කණ්ඩායමට එරෙහිවයි. එය 2-1 වශයෙන් නිමාවුණි.මෙම තරගාවලිය ඊට මසකට පසු ඉන්දියාවේ පැවති ලෝක කුසලාන තරගාවලිය හොඳ පුහුණුවක් විය. එහිදී ඔවුහු අර්ධ අවසන් පූර්ව තරගය දක්වා පැමිණියහ. එහිදී එංගලන්තය ශ්‍රී ලංකාව අභිබවා ජය ගැණිනි. ඊට පසු වර්ෂයේදී පකිස්ථානයේ දී එක් දින තරග තුනක් ජය ලැබූ අතර ප්‍රථම ටෙස්ට් තරගයද එහිදී පැවතුණි. 1999 දී නෙදර්ලන්තය මෙරට කළ සංචාරයේ දී එක්දින තරග වට පහම ජයග්‍රනය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය.

2000 දශකය[සංස්කරණය]

2000 වසරේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට 6 වන ලෝක කුසලාන තරගාවලිය නිමාකළ අතර ,2002 වසරේදී පකිස්ථානයට එරෙහිව එක් දින තරග 06ක ජය වාර්තා කළේය. ඊට පසු වසරේ බටහිර ඉන්දීය කණ්ඩායමට එරෙහිව එක් දින තරග 06ක ජය ද වාර්තා වාර්තා කළේය.

ඉන් අනතුරුව 2004 වසරේදී ප්‍රථම වරට පැවති දකුණු ආසියාතික කාන්තා කුසලාන තරගාවලියේ සත්කාරක කණ්ඩායම වූ අතර එය ඉන්දියාවට එරෙහි තරගයක් විය.එම තරගාවලියේ පකිස්ථානය ඉවත් කෙරිණි. එහිදී එම තරගාවලිය පරාජය වූ අතර නැවත 2005/2006 වසරේ දී සයවන ලෝක කුසලාන තරගය නිමා කෙරිණි.දෙවන ආසියානු කුසලාන තරගාවලිය සඳහා ඔවුන් පකිස්ථානයේ සංචාරය කෙරුණු අතර , තරගය නිමා කළේ අනුශූරතාවය ලබා ගැනීමෙනි.

  • ශෂිකලා සිරිවර්ධන‍ - නායිකා
  • සඳමාලි දොලවත්ත - උපනායිකා
  • දේදුනු සිල්වා
  • චමරි පොල්ගම්පොල
  • ඉනෝකා ගලගෙදර
  • හිරෝෂි අබේසිංහ
  • ස්වීනි ද අල්විස්
  • ඩිලානි මනෝඩර
  • ඊශානි කව්ශ්‍යා
  • නිරෝෂා කුමාරි
  • රන්දිකා ගල්හේනගේ
  • සඳුනි අබේවික්‍රම
  • සුමුදු ප්‍රනාන්දු
  • ශ්‍රිපාලි වීරක්කොඩි