ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනය
Ground information | |
---|---|
Location | ගාල්ල, ශ්‍රී ලංකාව |
Coordinates | 6°01′54″N 80°12′58″E / 6.0316°N 80.2160°Eඛණ්ඩාංක: 6°01′54″N 80°12′58″E / 6.0316°N 80.2160°E |
Establishment | 1876 |
Capacity | 35,000 |
Owner | ගාල්ල ක්‍රිකට් සමාජය |
Tenants | ශ්‍රී ලංකා ක්‍රිකට් ගාල්ල ක්‍රිකට් සමාජය |
End names | |
නගර අන්තය කොටුපවුර අන්තය | |
International information | |
First Test | 3–7 June 1998: ශ්‍රී ලංකාව v නවසීලන්තය |
Last Test | 29 නොවැම්බර් – 3 දෙසැම්බර් 2021: ශ්‍රි ලංකාව v බටහිර ඉන්දීය කොදෙව් |
First ODI | 25 ජුනි 1998: ශ්‍රි ලංකාව v ඉන්දියාව |
Last ODI | 2 July 2017: ශ්‍රි ලංකාව v සිම්බාබ්වේ |
Domestic team information | |
ගාල්ල ක්‍රිකට් සමාජය (1876–present) | |
As of 29 November 2021 Source: Cricinfo |
ශ්‍රී ලංකාවේ ගාලු නගරයේ ගාලු කොටුව ආසන්නයේ ඉන්දියන් සාගරයට දෙපැත්තකින් සීමා වී මෙය පිහිටා ඇත. එහි පළමු පෙළ තරඟයක් පැවැත්වූයේ 1984 පෙබරවාරි 29 වන දිනය. පළමුවරට ටෙස්ට් ක්‍රිකට් තරඟයක් පවත්වන ලද්දේ 1998 ජුනි 03 වන දිනය. මෙම ක්‍රීඩාංගනය දඟ පන්දු යැවීම සඳහා මහත් ප්‍රසිද්ධය. ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ෂේන් වෝන් ඔහුගේ 500 වෙනි ටෙස්ට් කඩුල්ල ලබා ගැනීමේ වාර්තාව පිහිට වූයේ 2004 මාර්තු මාසයේ දී මෙම ක්‍රීඩාංගනයේ දීය. මුත්තයියා මුරලිදරන් විසින් තම 800 වන ටෙස්ට් කඩුල්ල ලබාගත්තේද මෙහිදීය. ඉන්දියානු සාගරයේ භූමිකම්පාවෙන් වූ සුනාමි තත්වය නිසා මෙම ක්‍රීඩාංගනයට හානි සිදු විය. එය නැවත යථාතත්වයට පත්කිරීම ආරම්භ කළේ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ෂේන් වෝන් සහ මෙල්බර්න් නගරවාසීන් විසින් දුන් ආධාරවලිනි. ක්‍රීඩාංගනය නැවත විවෘත කරනු ලැබූයේ තුන්වන එංගලන්ත ටෙස්ට් තරඟ සංචාරය සඳහා 2007 ඔක්තෝබර් මාසයේදීය.
බාහිර සබැදි
[සංස්කරණය]- Official website
- Guide to Galle Cricket Stadium සංරක්ෂණය කළ පිටපත 2012-04-25 at the Wayback Machine