ක්‍රී භාෂාව
ක්‍රී | |
---|---|
ස්වදේශික වන්නේ | කැනඩාව; ඇමරිකාව: මොන්ටානා |
ජන වර්ගය | ක්‍රී |
ස්වදේශික හසුරුවන්නන් | 120,000 (2006 census)[1] (including Montagnais–Naskapi and Atikamekw) |
ලතින්, කැනේඩියානු ආදිවාසී මාත්‍රාක්ෂර (ක්‍රී) | |
නිල තත්ත්වය | |
නිල භාෂාව වන ජාතිය | වයඹ දේශභූමිය[2] |
හඳුනාගත් සුළුතර භාෂාවක් වන ජාතිය | |
භාෂා කේත | |
ISO 639-1 | cr |
ISO 639-2 | cre |
ISO 639-3 | cre – ඇතුළුවූ කේතයකේවල කේත: crk – තැන්න ක්‍රීcwd – ලඳු ක්‍රීcsw – වගුරු ක්‍රීcrm – ගෝන ක්‍රීcrl – උතුරු නැගෙනහිර ක්‍රීcrj – දකුණු නැගෙනහිර ක්‍රීnsk – නැස්කපිmoe – මොන්ටන්යේatj – අටිකමෙඛ් |
ග්ලොටෝලොග් | cree1271 [3] |
සැකිල්ල:Contains Canadian text
ක්‍රී /ˈkriː/[4] (ක්‍රී–මොන්ටාඥේ–නැස්කපි ලෙසද හැඳින්වෙන) යනු කැනඩාව පුරා වයඹ දේශභූමි හා ඇල්බ'ටා සිට ලැබ්‍රඩෝර් දක්වා 117,000 පමණ ජනතාව විසින් ව්‍යවහාරිත ඇල්ගොන්කියානු බස්වහරකි. මෙම බස කැනඩාවේ වැඩිම කථික පිරිසක් ව්සින් බැවහැරෙන ආදිවාසී භාෂාවයි.[1] ක්‍රී කථික පිරිස සාපේක්ෂව විශාල ගණනක් වුවත්, මෙබසට රාජ්‍ය අනුග්‍රහය ලැබී ඇති එකම ප්‍රාන්තය වන්නේ වයඹ දේශභූමිය යි.[5]
නම්[සංස්කරණය]
වෙනත් නම් ලෙස නේහියවේවින් ᓀᐦᐃᔭᐍᐏᐣ (තැන්න ක්‍රී), නීහිතවීවින් (ලඳු ක්‍රී), නෙහිරැමොවින් (අටිකමෙඛ්), නෙහ්ලුඑඋන් (බටහිර මොන්ටාඥේ, පියෙවාකමී වහර), ඉල්නු-අයිමූන් (බටහිර මොන්ටාඥේ, බෙට්සිඅමිටෙස් වහර), ඉන්නු-අයිමූන් (නැගෙනහිර මොන්ටාඥේ), ඉයිනිඋ අයමිවින්-අයමිවින් (දකුණු නැගෙනහිර ක්‍රී), ඉයියිඋ-අයමිවින් (උතුරු නැගෙනහිර ක්‍රී), ඉලිලීමොවින් (ගෝන ක්‍රී), ඉනිලීමොවින් (නගෙනහිර වගුරු ක්‍රී), හා නේහිනවේවින් (බටහිර වගුරු ක්‍රී) දැක්විය හැක.
මූලාරම්භය හා ව්‍යාප්තිය[සංස්කරණය]
ක්‍රී ප්‍රාග් ඇල්ගොන්කියානු භාෂාවහි උපවහරක් ලෙස වසර 2,500 හෝ 3,000 කට පමණ පෙර ආදිමය ඇල්ගොන්කියානු මව්බිම යන මහා විල් ආශ්‍රිතව තිබෙන්නට ඇතැයි සැළකෙන මනඃකල්පිත බිම්කඩින් ඇරැඹෙන්නට ඇතැයි විශ්වාස කෙරේ. ප්‍රාග් ක්‍රී කථිකයන් උතුරු දෙසට සංක්‍රමණය වී, ඉක්මනින්ම ජේම්ස් බොක්ක දෙපස දෙපිරිසක් ලෙසට බෙදී යන්නට ඇතැයි සැළකේ. ඉනික්බිතිව නැගෙනහිර පාර්ශවය භින්න බස්වහර වලට බැදී ගිය අතර, බටහිර පාර්ශවය ප්‍රභින්න උපබස් වලට බිඳෙන්නට තව කලක් ගතවන්නට ඇතැයි සැළකේ.[6] මෙම කාල ලක්ෂ්‍යයෙන් පසුව සිදුවූ ව්‍යවහාර විඝටනයන් පිළිබඳ නිශ්චිත මතයක් නොමැති වීමට මෙම භාෂාවන් හට ලිඛිත ඉතිහාසයක් නොමැතිවීම සහ යුරෝපීයයන්ගේ විග්‍රහයන් අක්‍රමානුකූල වීම මෙන්ම, ඇල්ගොන්කියානු ජනයාගේ ද්විභාෂික වීමට සහ තම අසල්වැසි භාෂාවන්වලට සම්පූර්ණයෙන්ම මාරුවීමට ඇති ප්‍රවණතාව ද හේතු ලෙස දැක්විය හැක.[7]
ලේඛන ක්‍රම[සංස්කරණය]
ක්‍රී උපභාෂා (නැ.ක්යුබෙක්හි සහ ලැබ්රඩෝර්හි කතාකෙරෙන බස් හැරුණුකොට) සාම්ප්‍රදායිකව කැනේඩියානු ආදිවාසී මාත්‍රාක්ෂර වර්ගයක් වන ක්‍රී මාත්‍රාක්ෂර යොදගෙන ලේඛනගත කරනු ලබනමුත්, ලතින් අක්ෂර මගින්ද ලියවෙනු ලැබේ. මෙම ලේඛන ක්‍රමයෝ දෙකම ක්‍රී බස ශබ්දානුරූපීව නියෝජනය කරති. ක්‍රී සියළුවිට තිරස් ඉරිවල වමෙහි සිට දකුණට ලියැවේ.[8] අතිඋතුරු උපබස් බහිෂ්කාර වශයෙන් ලතින් අක්ෂර වලින්ම ලියයි. තැන්න ක්‍රී, ලඳු ක්‍රී, හා වගුරු ක්‍රී බටහිර ක්‍රී මාත්‍රාක්ෂර යොදාගෙන ලියැවෙන අතර නැගෙනහිර ක්‍රී, ගෝන ක්‍රී, හා නැස්කපි නැගෙනහිර ක්‍රී මාත්‍රාක්ෂර යොදාගනී. මෙම මාත්‍රාක්ෂර පද්ධතියෙහිදී, එක් එක් අකුරින් ගාත්‍රාක්ෂරයක් නිරූපණය වන පරිදි සිව්දෙසකට (එක් එක් දිශාවට අනුව ඊට අයත්වන්නා වූ ස්වරය තීරණය වන පරිදි) ලිවිය හැක.[8] යම් ක්‍රී උපබස්වලට පණකුරු 7ක් පමණ වනතුරු ඇති බැවින්, අතිරේක පිල්ලම් මාත්‍රාක්ෂරයට පසුව යොදමින් අනුරූප ස්වරය ලබාදේ. අගකුරු යනු තනි ගතකුරු ය.[8]
පහත වගු මගින් පිලිවෙලින් නැගෙනහිර සහ බටහිර ක්‍රී උපබස්වල මාත්‍රාක්ෂර විධීන් දැක්වේ:
නැගෙනහිර ක්‍රී මාත්‍රාක්ෂර | ||||||||
---|---|---|---|---|---|---|---|---|
මුලකුරු | ස්වර | අගකුරු | ||||||
ê | i | o | a | î | ô | â | ||
ᐁ | ᐃ | ᐅ | ᐊ | ᐄ | ᐆ | ᐋ | ||
p | ᐯ | ᐱ | ᐳ | ᐸ | ᐲ | ᐴ | ᐹ | ᑉ |
t | ᑌ | ᑎ | ᑐ | ᑕ | ᑏ | ᑑ | ᑖ | ᑦ |
k | ᑫ | ᑭ | ᑯ | ᑲ | ᑮ | ᑰ | ᑳ | ᒃ |
c | ᒉ | ᒋ | ᒍ | ᒐ | ᒌ | ᒎ | ᒑ | ᒡ |
m | ᒣ | ᒥ | ᒧ | ᒪ | ᒦ | ᒨ | ᒫ | ᒻ |
n | ᓀ | ᓂ | ᓄ | ᓇ | ᓃ | ᓅ | ᓈ | ᓐ |
s | ᓭ | ᓯ | ᓱ | ᓴ | ᓰ | ᓲ | ᓵ | ᔅ |
sh | ᔐ | ᔑ | ᔓ | ᔕ | ᔒ | ᔔ | ᔖ | ᔥ |
y | ᔦ | ᔨ | ᔪ | ᔭ | ᔩ | ᔫ | ᔮ | ᔾ (ᐤ) |
r | ᕃ | ᕆ | ᕈ | ᕋ | ᕇ | ᕉ | ᕌ | ᕐ |
l | ᓓ | ᓕ | ᓗ | ᓚ | ᓖ | ᓘ | ᓛ | ᓪ |
v, f | ᕓ | ᕕ | ᕗ | ᕙ | ᕖ | ᕘ | ᕚ | ᕝ |
th* | ᕞ | ᕠ | ᕤ | ᕦ | ᕢ | ᕥ | ᕧ | ᕪ |
w | ᐌ | ᐎ | ᐒ | ᐗ | ᐐ | ᐔ | ᐙ | ᐤ |
h | ᐦᐁ | ᐦᐃ | ᐦᐅ | ᐦᐊ | ᐦᐄ | ᐦᐆ | ᐦᐋ | ᐦ |
බටහිර ක්‍රී මාත්‍රාක්ෂර | ||||||||
---|---|---|---|---|---|---|---|---|
මුලකුරු | ස්වර | අගකුරු | ||||||
ê | i | o | a | î | ô | â | ||
ᐁ | ᐃ | ᐅ | ᐊ | ᐄ | ᐆ | ᐋ | ||
p | ᐯ | ᐱ | ᐳ | ᐸ | ᐲ | ᐴ | ᐹ | ᑊ |
t | ᑌ | ᑎ | ᑐ | ᑕ | ᑏ | ᑑ | ᑖ | ᐟ |
k | ᑫ | ᑭ | ᑯ | ᑲ | ᑮ | ᑰ | ᑳ | ᐠ |
c | ᒉ | ᒋ | ᒍ | ᒐ | ᒌ | ᒎ | ᒑ | ᐨ |
m | ᒣ | ᒥ | ᒧ | ᒪ | ᒦ | ᒨ | ᒫ | ᒼ |
n | ᓀ | ᓂ | ᓄ | ᓇ | ᓃ | ᓅ | ᓈ | ᐣ |
s | ᓭ | ᓯ | ᓱ | ᓴ | ᓰ | ᓲ | ᓵ | ᐢ |
y | ᔦ | ᔨ | ᔪ | ᔭ | ᔩ | ᔫ | ᔮ | ᐩ (ᐝ) |
th | ᖧ | ᖨ | ᖪ | ᖬ | ᖩ | ᖫ | ᖭ | ‡ |
w | ᐍ | ᐏ | ᐓ | ᐘ | ᐑ | ᐕ | ᐚ | ᐤ |
h | ᐦᐁ | ᐦᐃ | ᐦᐅ | ᐦᐊ | ᐦᐄ | ᐦᐆ | ᐦᐋ | ᐦ |
hk | ᕽ | |||||||
l | ||||||||
r |
එක එක් ක්‍රී උපබස් වහරන්නන් විසින් තම සමාජයේ ප්‍රයෝජනය පිණිස ශබ්දකෝෂ තැනීම අරඹා ඇත. Cree Language Resource Project (CLRP) වැනි ව්‍යාපෘතීන්වලින්, ක්‍රී බස වෙනුවෙන් ද්විභාෂා ශබ්දකෝෂයක් නිර්මාණය කරමින් පවතී.
බාහිර ඈඳුම්[සංස්කරණය]

- The Cree-Innu linguistic atlas
- The Cree-Innu linguistic atlas, .pdf
- The Gift of Language and Culture website
- Our Languages: Cree (Saskatchewan Indian Cultural Centre)
- Languagegeek: Cree—OpenType font repository of aboriginal languages (including Cree).
- CBC Digital Archives—Eeyou Istchee: Land of the Cree
- Path of the Elders – Explore Treaty 9, Aboriginal Cree & First Nations history.
පාඨමාලා[සංස්කරණය]
ශබ්දකෝෂ[සංස්කරණය]
- On-line Eastern James Bay Cree dictionary (covers both Northern and Southern dialects)
- On-line Cree dictionary
- Wasaho Ininiwimowin (Wasaho Cree) Dictionary at Kwayaciiwin Education Resource Centre
යොමුව:
- ↑ 1.0 1.1 Statistics Canada: 2006 Census
- ↑ Official Languages of the Northwest Territories (map)
- ↑ Nordhoff, Sebastian; Hammarström, Harald; Forkel, Robert et al., eds (2013). "Cree–Montagnais–Naskapi". Glottolog 2.2. Leipzig: Max Planck Institute for Evolutionary Anthropology. http://glottolog.org/resource/languoid/id/cree1271.
- ↑ Laurie Bauer, 2007, The Linguistics Student’s Handbook, Edinburgh
- ↑ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;lang
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - ↑ Rhodes and Todd, "Subarctic Algonquian Languages" in Handbook of North American Indians: Subarctic, p. 60
- ↑ Rhodes and Todd, 60-61
- ↑ 8.0 8.1 8.2 Ager, Simon: Omniglot, Cree Syllabary