ක්වීන් ඉන්-හ්යුන්'ස් මෑන්
ක්වීන් ඉන්-හ්යුන්'ස් මෑන් | |
---|---|
මෙලෙසද හැඳින්වේ | ද ක්වීන් ඇන්ඩ් අයි ක්වීන් ඇන්ඩ් අයි |
ප්‍රභේදය | ප්‍රේම කථා ෆැන්ටසි |
රචනය කලේ | සොං ජේ-ජුං |
අධ්‍යක්ෂණය කලේ | කිම් බ්යුං-සූ |
රඟපෑම | ජි හ්යුන්-වූ යූ ඉන්-නා කිම් ජින්-වූ |
සම්භව රට | දකුණු කොරියාව |
භාෂාව(න්) | කොරියානු |
කථාංග ගණන | 16 |
නිෂ්පාදන සමාගම | චොරොක්බෙම් මීඩියා |
බෙදාහරින්නා | CJ E&M |
ප්‍රචාරණය | |
මුල් නාලිකාව | tvN |
මුල් ධාවනය | අප්‍රේල් 18, 2012 | – ජුනි 7, 2012
බාහිර සබැඳි | |
[1] |
කොරියානු නම | |
හංගුල් | 인현왕후의 남자 |
---|---|
හන්ජා | 仁顯王后의 男子 |
ප්‍රතිශෝධිත රෝමානුකරණය | ඉන් හ්යොන්-වංහු-උයි නම්ජා |
මැකූන්–රයිෂවර් | ඉන් හ්යෝන්-වංහු-ඌයි නම්ජා |
මෙමලිපියෙහි කොරියානු පෙළ අඩංගුය. යෝග්‍ය අනුවාද පහසුකම් නොමැත්තේ නම්, ඔබ හට, හංගුල් සහ හංජා වෙනුවට ප්‍රශ්නාර්ථ ලකුණු, කොටු, හෝ අනෙකුත් සංකේත දිස්විය හැකිය. |
ක්වීන් ඉන්-හ්යුන්'ස් මෑන් (කොරියානු: 인현왕후의 남자; ප්‍රරෝ: ඉන් හ්යොන්-වංහු-උයි නම්ජා) යනු 2012දී විකාශය වූ දකුණු කොරියානු ෆැන්ටසි-ප්‍රේමකථා-ක්‍රියාදාම-ඓතිහාසික රූපවාහිනී කතාමාලාවකි. මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ ජි හ්යුන්-වූ සහ යූ ඉන්-නා විසිනි. මෙම කතාමාලාව සඳහා තේමා වී ඇත්තේ අප්‍රකට නිළියක වන චෝයි හී-ජින් (යූ ඉන්-නා විසින් නිරූපණය කරයි, ඇගේ පළමු ප්‍රධාන චරිතයයි)[1][2] සහ කිම් බුං-දෝ (ජි හ්යුන්-වූ විසින් නිරූපණය කරයි)[3][4] නැමැති ජොසොන් රාජවංශයේ (1392-1910) කාලතරණය කරන ශිෂ්‍යයකු අතර ඇතිවන ප්‍රේම සම්බන්ධයයි. කිම් බුං-දෝ වසර 300ක් අනාගතයට ගමන් කොට 21වන සියවසට පැමිණෙයි.[5][6][7]
කේබල් රූපවාහිනී නාළිකාවක් වූ tvN නාළිකාව ඔස්සේ 2012 අප්‍රේල් 18 සිට ජූනි 7 වනදා දක්වා විකාශය වූ මෙම කතාමාලාව බදාදා සහ බ්‍රහස්පතින්දා දිනවල 23:00ට විකාශය වූ අතර, එය කථාංග 16කින් සමන්විත විය.
මෙම කතාමාලාව Mnet සහ චැනල් එම් යන රූපවාහිනී නාළිකාවන් ඔස්සේ යළි විකාශය කෙරිණි.
කථාපුවත
[සංස්කරණය]කථාව ඇරඹෙන්නේ 1694 වර්ෂයේ ජොසොන් රාජවංශ සමයේදී ය. කිම් බුං-දෝ (ජි හ්යුන්-වූ) යනු වංශාධිපති පවුලක ශිෂ්‍යයකු වන අතර කුමන්ත්‍රණයක් හේතුවෙන් සිදු වන සංහාරයෙන් සිය පවුලේ අයගෙන් ජීවිතය බේරා ගැනීමට හැකි වන්නේ ඔහුට පමණකි. කිම් බුං-දෝ ඉන්හ්යොන් අගබිසවගේ තනතුර ප්‍රතිෂ්ඨාපනයට සහාය පලකළ අයෙකි. රාජකීය උපබිසවක වූ ජෑං ආර්යාවගේ ක්‍රියා කලාපය හේතුවෙන් ඉන්හ්යොන් අගබිසව තනතුරෙන් නෙරපා තිබිණි.
මේ 2012 වර්ෂයයි. වර්තමාන සෝල් නුවර සිටින චෝයි හී-ජින් (යූ ඉන්-නා) අසාර්ථක නිළියකි. "නව ජෑං හීබින්" නැමැති නාට්‍යයේ ඉන්හ්යොන් අගබිසවගේ චරිතය නිරූපණය කරන ඇයට දිගු විවේකයක් හිමි වෙයි. අද්භූත යන්ත්‍රයක් හේතුවෙන් කිම් බුං-දෝ කාල තරණය කොට 2012 වර්ෂය වෙත පැමිණෙයි. එහි දී ඔහුට චෝයි හී-ජින් හමුවන අතර ඔවුන් දෙදෙනා ප්‍රේමයෙන් බැඳෙති.
චරිත නිරූපණය
[සංස්කරණය]- ජි හ්යුන්-වූ, කිම් බූං-දෝ ලෙස
- යූ ඉන්-නා, චෝයි හී-ජින් ලෙස
- කිම් ජින්-වූ, හන් දොං-මින් ලෙස; හී-ජින්ගේ අනියම් පෙම්වතා
- ගා ද්‍යුක්-හී, ජෝ සූ-ක්‍යුං ලෙස; හී-ජින්ගේ මිතුරෙක් සහ ඇගේ කළමනාකරු
- ජින් යේ-සොල්, යූන්-වොල් ලෙස
- උම් හ්යෝ-සුප්, මින් අමාත්‍ය ලෙස
- ලී ක්වන්-හූන්, ජා-සූ ලෙස
- ජි නම්-හ්යුක්, හන්-දොං ලෙස
- පාක් යොං-රින්, යූන් නා-ජුං ලෙස
- ජෝ දල්-හ්වන්, චුන්-සූ ලෙස
- සියෝ වූ-ජින්, සුක්ජොං රජු ලෙස
- කිම් හේ-ඉන්, ඉන්හ්යොන් අගබිසව ලෙස
- චෝයි වූ-රි, ජෑං හී-බින් ලෙස
- කිම් වොන්-හේ, හොං පණ්ඩක ලෙස
නිෂ්පාදනය
[සංස්කරණය]මෙහි රූගත කිරීම් සිදු වූ ස්ථාන අතුරින් එකක් ලෙස ග්වංහ්වාමුන් ප්ලාසාව වැදගත් වේ. මෙහි එන ප්‍රධාන චරිත ද්විත්වය වන කිම් බූං-දෝ සහ චෝයි හී-ජින් සිපගන්නා දර්ශනය හෙවත් 'ග්වංහ්වාමුන් හාදුව' රූගත කෙරුණේ ග්වංහ්වාමුන් පසුබිමෙහි ය.[8]
සැබෑ දිවියේ ප්‍රේමය
[සංස්කරණය]ජූනි 7වන දින අවසන් කථාංගය විකාශයෙන් පසු, නිෂ්පාදකයින් විසින් නාට්‍යයේ අවසානය සනිටුහන් කරමින් රසික සමුළුවක් පවත්වන ලදී. නළුනිළි සම්මුඛ සාකච්ඡාවන්හිදී ජි හ්යුන්-වූ ජනයාව පුදුමයට පත් කරමින් ප්‍රකාශ කළේ තමන් සැබැවින්ම සහෝදර නිළි යූ ඉන්-නා සමග ප්‍රේමයෙන් බැඳී ඇති බවයි. මෙය රසිකයින් සහ මාධ්‍ය විස්මයට පත්කළේ ය.[9][10] මෙම සිදුවීම එම දිනවල මාධ්‍ය උන්මාදයක් සඳහා හේතු විය.[11][12][13][14] මෙකල ඔවුන්ගේ නියෝජිත ආයතන නිශ්ශබ්ද ප්‍රතිපත්තියක් අනුගමනය කළ අතර, නළු-නිළි දෙපළ ද මාධ්‍යයට නිරාවරණය වූයේ අල්ප වශයෙනි.[15][16] ජි විසින් ජූනි 11 දින සිය රසිකයින්හට ට්විටර් ගිණුමෙහි දිරි ගැන්වුම් ප්‍රකාශයක් සටහන් කොට ඇත.[17][18] යූ ජීවත්වන ග්යොංගිහි, බුදං ප්‍රදේශයේ උද්‍යානයක මෙම පෙම් යුවළ මැදියම් රැයේ සිටින ඡායාරූප කිහිපයක් Sportsseoul.com නැමැති ඕපාදූප වෙබ්අඩවිය මගින් ප්‍රකාශයට පත් කිරීමත් සමග,[19][20] යූ ඊළඟ දිනයේ, හනම් ජූනි 18 දින ගුවන් විදුලි වැඩසටහනක දී සිය සම්බන්ධය තහවුරු කළා ය. ඇය පැවසූයේ, "අප තීරණයේ කළේ ඔහු විසින් ඉන්-හ්‍යුන්ගේ මිනිසා වීම නවතා, යූ ඉන්-නාගේ මිනිසා වීමට උත්සාහ දරන බවයි." යනුවෙනි.[21][22]
අන්තර්ජාතික විකාශය
[සංස්කරණය]- පිලිපීනය - එරට ජීඑම්ඒ නෙට්වර්ක් නාළිකාව මගින් ක්වීන් ඇන්ඩ් අයි යන තේමාව ඔස්සේ මෙය විකාශය කරන ලද්දේ 2013 අප්‍රේල් 29 සිට ජූනි 20 වනදා දක්වා ය.[23]
- මොංගෝලියාව - Боловсрол ТВ නාළිකා ඔස්සේ 2013 ඔක්තෝබර් 16 සිට ඔක්තෝබර් 31 වනදා තෙක් විකාශය කරන ලදී.
- සිංගප්පූරුව - චැනල් යූ නාළිකාව ඔස්සේ විකාශය විය.
- මලයාසියාව - 8ටීවී නාළිකාව ඔස්සේ විකාශය විය.
- තායිලන්තය - පීපීටීවී එච්ඩී නාළිකාව ඔස්සේ විකාශය කෙරිණි.
සම්මාන සහ නිර්දේශ
[සංස්කරණය]වර්ෂය | සම්මානය | ප්‍රවර්ගය | යෝජිතයා | ප්‍රතිඵලය |
---|---|---|---|---|
2016 | ප්‍රේමණීය-හාස්‍ය රැජින | යූ ඉන්-නා | නිර්දේශිත |
මූලාශ්‍ර
[සංස්කරණය]- ^ ලී, ජින්-හෝ (මාර්තු 14, 2012). "යූ ඉන් නා ග්‍රැබ්ස් ෆස්ට් ලීඩ් රෝල් ඉන් 'ක්වීන් ඉන්-හ්යුන්'ස් මෑන්'". ඊනිව්ස්වර්ල්ඩ්. සම්ප්‍රවේශය නොවැම්බර් 21, 2012.
- ^ සුන්වූ, කාර්ලා (මාර්තු 15, 2012). "යූ ඉන්-නා කාස්ට් ඉන් ද නිව් ටීවීඉන් ඩ්‍රාමා අලෝංසයිඩ් ජි හ්යුන්-වූ". කොරියා ජූංඇං ඩේලි. සම්ප්‍රවේශය නොවැම්බර් 21, 2012.
- ^ සුක්, මොනිකා (මාර්තු 7, 2012). "ජි හ්යුන්-වූ කාස්ට් ඉන් ටීවීඑන්'ස් ෆැන්ටසි ඩ්‍රාමා". 10ඒෂියා. සම්ප්‍රවේශය නොවැම්බර් 21, 2012.
- ^ සුන්වූ, කාර්ලා (මාර්තු 8, 2012). "ජි හ්යුන්-වූ ටු ප්ලේ ද ලීඩ් ඉන් නිව් ටීවීඑන් ඩ්‍රාමා". කොරියා ජූංඇං ඩේලි. සම්ප්‍රවේශය නොවැම්බර් 21, 2012.
- ^ චෝයි, ඉයුන්-හ්වා (මැයි 8, 2012). "ඩස් යූ ඉන් නා තින්ක් ජි හ්යුන් වූ ඊස් අ ප්ලේයර්?". ඊනිව්ස්වර්ල්ඩ්. සම්ප්‍රවේශය නොවැම්බර් 21, 2012.
- ^ හෝ, ස්ටුවර්ට් (ජූනි 7, 2012). "යූ ඉන් නා කිසස් ඇන්ඩ් ටෙල්ස් වයිල් රිෆ්ලෙක්ටිං ඔන් 'ක්වීන් ඉන් හ්යුන්'ස් මෑන්'". ඊනිව්ස්වර්ල්ඩ්. සම්ප්‍රවේශය නොවැම්බර් 21, 2012.
- ^ ඉම්, ජු-රි (ජූනි 18, 2012). "යූ ඉන්-නා ට්‍රයම්ෆ්ස් ඉන් හර් ෆස්ට් ස්ටැරිං ඩ්‍රැමටික් රෝල්". කොරියා ජූංඇං ඩේලි. සම්ප්‍රවේශය නොවැම්බර් 21, 2012.
- ^ ලී, ජින්-හෝ (අප්‍රේල් 11, 2012). "ජි හ්යුන් වූ ඇන්ඩ් යූ ඉන් නා ලොක් නිප්ස් ඉන් ෆ්‍රොන්ට් ඔෆ් ග්වංහ්වාමුන්". ඊනිව්ස්වර්ල්ඩ්. 2013-04-13 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය මාර්තු 22, 2013.
- ^ හොං, ග්‍රේස් ඩැන්බි (ජූනි 8, 2012). "ජි හ්යුව් වූ ඩ්‍රොප්ස් බොම්බ්ෂෙල් ලව් කන්ෆෙෂන් ටු යූ ඉන් නා". ඊනිව්ස්වර්ල්ඩ්. සම්ප්‍රවේශය නොවැම්බර් 21, 2012.
- ^ සුන්වූ, කාර්ලා (ජූනි 9, 2012). "ටෙලිවිෂන් රෝමන්ස් මූව්ස් ඕෆ් ස්ක්‍රීන්". කොරියා ජූංඇං ඩේලි. සම්ප්‍රවේශය නොවැම්බර් 21, 2012.
- ^ ලී, ඉන්-ක්‍යුං (ජූනි 8, 2012). "ජි හ්‍යුන්වූ'ස් අයිඩියල් ටයිප් වෝස් සිමිලර් ටු යූ ඉන් නා". ඊනිව්ස්වර්ල්ඩ්. සම්ප්‍රවේශය නොවැම්බර් 21, 2012.
- ^ කිම්, ජි-යොන් (ජූනි 8, 2012). "ද සයින්ස් ජි හ්යුන් වූ වෝස් ඉන් ලව් විත් යූ ඉන් නා". ඊනිව්ස්වර්ල්ඩ්. සම්ප්‍රවේශය නොවැම්බර් 21, 2012.
{{cite web}}
: no-break space character in|title=
at position 24 (help) - ^ හොං, ග්‍රේස් ඩැන්බි (ජූනි 17, 2012). "ද ටෘත් බිහයින්ඩ් යූ ඉන් නා′ස් ෆීලිංස් ටුවර්ඩ්ස් ජි හ්යුන් වූ". ඊනිව්ස්වර්ල්ඩ්. සම්ප්‍රවේශය නොවැම්බර් 21, 2012.
- ^ හෝ, ස්ටුවර්ට් (ජූනි 18, 2012). "වෝස් යූ ඉන් නා ලිප්-සින්කිං අ ප්‍රොපෝසල් සෝං ටු ජි හ්යුන් වූ ඔන් හර් රේඩියෝ ෂෝ?". ඊනිව්ස්වර්ල්ඩ්. සම්ප්‍රවේශය නොවැම්බර් 21, 2012.
- ^ හොං, ග්‍රේස් ඩැන්බි (ජූනි 11, 2012). "ජි හ්යුන් වූ′ස් බ්‍රදර් සේස් හී′ස් ඉන් කන්ටැක්ට් විත් ද MIA ඇක්ටර්". ඊනිව්ස්වර්ල්ඩ්. සම්ප්‍රවේශය නොවැම්බර් 21, 2012.
- ^ සුන්වූ, කාර්ලා (ජූනි 12, 2012). "ජි හ්යුන්-වූ ඊස් නොට් ඉන් හයිඩිං, හී ජස්ට් කාන්'ට් බී ස්පොටඩ්". කොරියා ජූංඇං ඩේලි. සම්ප්‍රවේශය නොවැම්බර් 21, 2012.
- ^ හොං, ග්‍රේස් ඩැන්බි (ජූනි 12, 2012). "ජි හ්යුන් වූ ටෙල්ස් ෆෑන්ස් හී'ස් අලිව් ඇන්ඩ් වෙල්". ඊනිව්ස්වර්ල්ඩ්. සම්ප්‍රවේශය නොවැම්බර් 21, 2012.
- ^ සුන්වූ, කාර්ලා (ජූනි 13, 2012). "ජි හ්යුන්-වූ එක්ස්ප්ලේන්ස් හිස් ලව් කන්ෆෙෂන්". කොරියා ජූංඇං ඩේලි. සම්ප්‍රවේශය නොවැම්බර් 21, 2012.
- ^ පාක්, හ්‍යුන්-මින් (ජූනි 18, 2012). "ජි හ්යුන්-වූ ඇන්ඩ් යූ ඉන් නා ආ අ කපල්". ඊනිව්ස්වර්ල්ඩ්. සම්ප්‍රවේශය නොවැම්බර් 21, 2012.
- ^ සුන්වූ, කාර්ලා (ජූනි 19, 2012). "යූ ඉන්-නා ටු ටෙල් හර් සයිඩ් ඔෆ් ලව් ස්ටෝරි". කොරියා ජූංඇං ඩේලි. සම්ප්‍රවේශය නොවැම්බර් 21, 2012.
- ^ හොං, ග්‍රේස් ඩැන්බි (ජූනි 19, 2012). "්‍යූ ඉන් නා ඩික්ලෙයාර්ස් ජි හ්යුන් වූ ටු බී හර් මෑන්". ඊනිව්ස්වර්ල්ඩ්. සම්ප්‍රවේශය නොවැම්බර් 21, 2012.
- ^ කෝ, හොං-ජු (ජූනි 19, 2012). "හව් ද යූ ඉන් නා ඇන්ඩ් ජි හ්යුන් වූ කපල් වෝස් බෝර්න්". ඊනිව්ස්වර්ල්ඩ්. සම්ප්‍රවේශය නොවැම්බර් 21, 2012.
- ^ "නිවස්ට් කොරියානොවෙලා ක්වීන් ඇන්ඩ් අයි ප්‍රීමියර්ස් ඔන් ඒප්‍රිල් 29 ඔන් GMA". GMA නිව්ස් ඔන්ලයින්. අප්‍රේල් 26, 2013. සම්ප්‍රවේශය ජූනි 8, 2013.
බාහිර සබැඳි
[සංස්කරණය]- නිල වෙබ්ඩඅඩවිය සංරක්ෂණය කළ පිටපත 2013-06-10 at the Wayback Machine (කොරියානු)
- ක්වීන් ඉන්-හ්යුන්’ස් මෑන් සඳහා හන්සිනෙමාහි ඇති ගිණුම
- ක්වීන් ඉන්-හ්යුන්'ස් මෑන් හා සබැඳි අයිඑම්ඩීබී යොමුව
- 2012 දකුණු කොරියානු රූපවාහිනී කතාමාලා ඇරඹීම්
- 2012 දකුණු කොරියානු රූපවාහිනී කතාමාලා අවසන් වීම්
- 2010 දශකය තුළ දකුණු කොරියානු රූපවාහිනී කතාමාලා
- ජොසොන් රාජවංශය පසුබිමෙහි නිර්මාණය වූ රූපවාහිනී කතාමාලා
- කොරියානු-භාෂා රූපවාහිනී වැඩසටහන්කරණය
- කාල තරණ රූපවාහිනී කතාමාලා
- TVN (දකුණු කොරියාව) රූපවාහිනී නාට්‍ය
- දකුණු කොරියානු ෆැන්ටසි රූපවාහිනී කතාමාලා
- රූපවාහිනී කතාමාලා