කනෝ නඔනොබු

විකිපීඩියා වෙතින්
තයිරා නො කනෙමොරි, 1648, කාව්‍ය ශාස්ත්‍රයේ අමරණීයයන් තිස්හය දෙනා තුළිනි

කනෝ නඔනොබු (狩野 尚信, 1607 නොවැම්බර් 25 – 1650 මැයි 7) යනුවෙන් හැඳින්වෙන්නේ මුල්කාලීන එදෝ යුගයේ කනෝ ගුරුකුලයට අයත් ජපන් චිත්‍ර ශිල්පියෙකි. ඔහු කනෝ තන්'යූගේ බාල සොහොයුරා වූ අතර, ඔවුන් දෙදෙනා එක්වී ටොකුගාවා ෂෝගුනේටය වෙනුවෙන් ප්‍රමුඛ නිර්මාණ කටයුතු ගණනාවක් සඳහාම සිය දායකත්වය ලබා දී තිබේ. නමුත් මොහුගේ ‍චිත්‍ර කලා ශෛලිය තන්'යූගේ ශෛලියෙන් මඳක් වෙනස් වන්නේ මොහු විසින් බහුල ලෙස ඍණ අවකාශය භාවිතා කිරීමත් සහ තීන්ත සේදුම් චිත්‍ර කලාව සඳහා මොහු දැක්වූ පරිණතභාවයත් නිසා ය. නඔනොබු විසින් ජිතෙකිසයි (自適斎) නැමැති කලා නාමය භාවිතා කොට තිබේ.

දිවිය සහ වෘත්තිය[සංස්කරණය]

නඔනොබු උපත ලැබූයේ කෙයිචෝ වර්ෂයේ 10වන මාසයේ 6වන දිනයේ (1607 නොවැම්බර් 25) දින කියෝතෝ‍වේ ය. මොහු කනෝ ගුරුකුලයේ චිත්‍ර ශිල්පියකු වූ කනෝ තකනොබුගේ දෙවැනි පුත්‍රයා වූ අතර, කනෝ තන්'යූ නම් චිත්‍ර ශිල්පියාගේ බාල සොහොයුරා විය. ඔවුහු සිය පෙළපත ඉදිරියට ගෙනයමින් ප්‍රමුඛ සිත්තර ගුරුකුලයක විශිෂ්ටයින් බවට පත් වූහ.[1]

1630දී ෂෝගුනේටය විසින් නඔනොබු හට පරිපාලන අගනුවර වූ එදෝ (නූතන ටෝකියෝ) වෙත පැමිණෙන මෙන් ආරාධනා කළ අතර, එහි දී ඔහු කනෝ ගුරුකුලය හා සම්බන්ධ වී තකෙකවා කලාගාරය ස්ථාපනය කළේ ය. අනතුරුව ඔහු ගොයෝ එෂි (ja) පදවියට පත් විය. මෙය ෂෝගුනේටයේ චිත්‍ර කලාව සඳහා වූ විශේෂිත පදවියක් විය.[1] ඔහු සිය සොහොයුරා වූ තන්'යූ යටතේ සිතුවම් කලාව පුහුණු වූ අතර,[2] ඉක්මණින්ම සිය සොහොයුරාගේ ක්‍රම ශිල්ප ඉගෙනීමට සමත් විය. මොවුන් දෙදෙනා එක්ව ෂෝගුනේටයේ ප්‍රමුඛ කලා කටයුතු රැසක් සඳහාම දායකත්වය ලබාදී තිබේ.[1]

නඔනොබුගේ කුසලතා තන්'යූගේ හැකියාවන්ගෙන් තරමක් වෙනස් වන්නේ ඔහු විසින් තීන්ත සේදුම් චිත්‍ර කලාව තුළ ලද පරිණතභාවය සහ ඍණ අවකාශය බහුලව භාවිතයට ගැනීම යන හේතූන් නිසායි. ඔහුගේ සිතුවම් නිර්මාණ තුළ ස්වදේශිකවාදියකු වූ යමාටෝ-ඉගේ ස්මප්‍රදායයන් තුළින් පැනනැගුණු ජපන්වාදී සංකල්ප බහුලව දැකගත හැක.සර්පණ දොරවල සහ බෙදීම් සඳහා ඔහු තේමාවන් ඉදිරිපත් කළේ ය.[1] ෆුජිමි සයිග්‍යෝ-සු බ්‍යෝබු තිරය වැනි ඔහුගේ නිර්මාණ තුළින් වෙනස්භාවය පෙන්වීමට ඔහු දැක්වූ කැමැත්ත වටහාගත හැක. මෙහි දැවැන්ත, රේඛාවලින් වට නොකළ ෆූජි කන්ද බොහෝදුරට ඍණාත්මක අවකාශයකින් හෙබි පසුබිමක් ඉදිරියේ නැගී සිටින අයුරුත්, කුඩා හිඳි මිනිස් රුවක් ඒ දෙස බලා සිටින අයුරුත් නිරූපිත ය.[2]

සිය පෞද්ගලික දිවියේ දී නඔනොබු සඳහා ෂුමේ (主馬) යන සුරතල් නාමය භාවිතා වී ඇත. කියෝතෝව වෙත සංචාරය කිරීමට උනන්දුවක් දැක්වූ ඔහු චිත්‍ර ශිල්පියකු සහ වංශවතකු වූ කොබොරි මසකසු හමුවීමට ප්‍රිය කළේ ය. 3වන කෙයියන් වර්ෂයේ 4වන මාසයේ 7වන දින (1650 මැයි 7) නඔනොබු අතුරුදන් විය. ඔහු රෝගී තත්ත්වයක් නිසා මිය යන්නට ඇතැයි පැවසේ. නමුත් කටකථා පැතිර ගියේ ඔහු මසුන් බෑමෙහි නිරතව සිටිය දී ගිලී මියයන්නට හෝ චීනය වෙත ගමන් කරන්නට ඇති බවයි.[1]

ගැලරිය[සංස්කරණය]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. 1.0 1.1 1.2 1.3 1.4 Yasumura 2006, පිටු අංකය: 44.
  2. 2.0 2.1 Yamashita 2004, පිටු අංකය: 74.

උද්ධෘත කෘති[සංස්කරණය]

  • Yamashita, Yūji (2004). Kanō-ha ketteiban 狩野派決定版. Bessatsu Taiyō (Japanese බසින්). Heibonsha. ISBN 978-4-58292131-1. OCLC 64782262. {{cite book}}: Cite has empty unknown parameter: |1= (help); Invalid |ref=harv (help)CS1 maint: unrecognized language (link)
  • Yasumura, Toshinobu (2006). Motto Shiritai Kanō-ha: Tan'yū to Edo Kanō-ha もっと知りたい狩野派: 探幽と江戸狩野派. Tokyo Bijutsu. ISBN 978-4-8087-0815-3. {{cite book}}: Cite has empty unknown parameter: |1= (help); Invalid |ref=harv (help)

බාහිර සබැඳි[සංස්කරණය]

  • Kanō Naonobu හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත
"https://si.wikipedia.org/w/index.php?title=කනෝ_නඔනොබු&oldid=412488" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි