කන්‍යාපටල ප්‍රතිස්ථාපන සැත්කම්

විකිපීඩියා වෙතින්
Hymenorrhaphy
Intervention
ICD-9-CM70.76
Other codes:{{{OtherCodes}}}

කන්‍යාපටල ප්‍රථිස්තාපන සැත්කම (Hymenorrhaphy or hymen reconstruction surgery) යනු කන්‍යාපටලය බිදීමකට ලක්වූ පසු එය නැවත යතා තත්වයට පත්කර හැකි සැත්කමකි. ග්‍රීක භාෂාවේ තුනී පටලය යන තේරුම දෙන hymen යන වදනත් මැස්ම යන තේරුම දෙන raphḗ යන වදනත් එක්වීමෙන් hymenoplasty යන වදන නිර්මාණයවී ඇත.

මෙය නාරිවේදයේ එන අනිවාර්‍ය සැත්කමක් නොවේ,එහෙත් අවශ්‍ය නම් මෙම සැත්කම සිදුකරගත හැක,ඇමරිකාව දකුණු කොරියාව බටහිර යුරෝපය යන රටවල මෙය ක්‍රියාත්මක වේ. ලිංගික සම්බන්ධයක් තුලින් කන්‍යා පටලය බිඳී ගිය විට මෙම සැත්කම මගින් කන්‍යා පටලය නැවත සකස්කර ගත හැකිය.[1]

මෙම සැත්කම් භාවිතවන ප්‍රධාන අවස්ථා තුකක් දැක්විය හැකිය:

  • ස්ත්‍රී දූෂණ නිසා කන්‍යාපටලය බිඳීමට ලක්වන ස්ත්‍රීන්ට නැවත කන්‍යාපටලය ප්‍රථිස්ථාපනය කිරීමේ අරමුණින්.
  • කන්‍යාපටලය ආශ්‍රිතව ඇතිවියහැකි සංකූලතා අවම කිරීම සදහා කරන සැත්කමක් ලෙස.[2]
  • පූර්ව වෛවාහික ලිංගික සම්බන්ධතා නිසා ඇතිවන කන්‍යාපටලය බිඳ වැටීමට පිළියමක් ලෙස කරන සැත්කමක් ලෙස ආදී වශයෙනි.

නීතිය[සංස්කරණය]

මෙම සැත්කම් බොහෝ රටවල නීතිගතකර ඇත,එහෙත් ඇතැම් රටවල මෙය තහනම්ය.[3]

ඇමරිකා එක්සත් ජනපදය ප්‍රංශය වැනි රටවල මෙම සැත්කම් පෞද්ගලික රෝහල් ආශ්‍රිතව සිදු කෙරේ.බොහෝ රටවල රාජ්‍ය සෞඛ්‍ය සේවාවන් ආශ්‍රිත ව මෙම සැත්කම් දක්නට නොලැබේ.එහෙත් පෞද්ගලික සෞඛ්‍ය ආයතන ආශ්‍රිතව මෙම සේවාවන් බොහෝ රටවල සිදුකෙරේ.ඇතැම් සංස්කෘතීන් තුල විවාහයට පෙර ලිංගික සබදතා පැවැත්වීම අනුමත නොකරන අතර පූර්ව වෛවාහික ලිංගික සම්බන්ධතා පවත්වා ඇද්ද යන්න පරික්ෂා කරන්නේ ප්‍රථම ලිංගික සංසර්ගයේදී කන්‍යාපලටය බිඳීමෙන් ඇතිවන රුධිරය පරික්ෂා කිරීම මගිනි.මෙසේ කන්‍යාපටල ප්‍රථිස්තාපන සැත්කම් සිදුකිරීම මගින් පූර්ව ලිංගික සබඳතා නිසා බිඳීගිය කන්‍යාපටලය ප්ලාස්ටික් සැත්කමක් මගින් නැවත සකස් කෙරේ එමනිසා එම සැත්කමෙන් පසුව ලිංගික සබඳතා පැවැත්වූ විටද පෙර කන්‍යාපටලය පැවති විට සිදුවූ පරිදිම රුධිරය පිටවේ.මෙමගින් කන්‍යාභාවය පිළිබඳ ඇති සංස්කෘතික ආකල්ප නිසා කාන්තාවන්ට ඇතිවන පිඩනයන්ගෙන් මිදීමට හැකියාව ලැබේ.බොහෝ සංස්කෘතිවල පවතින අපගමනකාරී සංස්කෘතිකාංගයක් ලෙස කන්‍යාභාවය පිළිබද සංකල්පය සමාජ හා මානව විද්‍යාඥයන් පෙන්වාදෙයි.ඇතැම් සංස්කෘතින් තුල කන්‍යාභාවය අහිමිවූ ස්ත්‍රීන් මරා දමයි.අවාසනාව නම් මෙම ස්ත්‍රීන් දූෂණයට ලක්වීම නිසා කන්‍යාභාවය අහිමිවූ අයයි.ණ ඇතැම් ස්ත්‍රීන්ට කන්‍යාභාවය අහිමිවීම නිසා ජීවිතකාලය පුරා අවිවාහකව සිටීමට සිදුවේ.

මේවාත් බලන්න[සංස්කරණය]

යොමුව[සංස්කරණය]

  1. Deuteronomy 22:13-19 (The Message)
  2. Paterson-Brown, Sara (1998-02-07). "Should doctors reconstruct the vaginal introitus of adolescent girls to mimic the virginal state? Education about the hymen is needed". BMJ. 316 (7129): 461. doi:10.1136/bmj.316.7129.461. PMC 2665576. PMID 9492680. {{cite journal}}: More than one of |DOI= and |doi= specified (help); More than one of |PMC= and |pmc= specified (help); More than one of |PMID= and |pmid= specified (help)
  3. "Girls' secrets aired in Egypt". BBC News. May 5, 2001. සම්ප්‍රවේශය May 4, 2010.

බාහිර යොමු[සංස්කරණය]