කදුරුගොඩ විහාරය

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search
කදුරුගොඩ විහාරය
Kandarodai Ancient Buddhist Vihara.jpg
පුරාවිද්‍යා කැණීම් මගින් සොයාගත් ක්‍රි.ව.9 වැනි සියවසට අයත් නටබුන්
කදුරුගොඩ විහාරය is located in ශ්‍රී ලංකාව
කදුරුගොඩ විහාරය
කදුරුගොඩ විහාරය
ශ්‍රී ලංකාව තුල පිහිටුම
විස්තර
පිහිටුම් තොරතුරු
රටශ්‍රී ලංකාව ශ්‍රී ලංකාව
ඛණ්ඩාංක09°45′N 80°01′E / 9.750°N 80.017°E / 9.750; 80.017ඛණ්ඩාංක: 09°45′N 80°01′E / 9.750°N 80.017°E / 9.750; 80.017
පිහිටීමචුන්නාකම්, ශ්‍රී ලංකාව
පළාතඋතුරු පළාත
දිස්ත්‍රික්කයයාපනය
Dharmachakra.png ද්වාරය:බුද්ධාගම

කදුරුගොඩ විහාරය, ශ්‍රී ලංකාවේ යාපනය දිස්ත්‍රික්කයේ හුණුගම පිහිටා ඇති බෞද්ධ විහාරයක් වේ. එය යාපනය - කන්කසන්තුරේ මාර්ගයේ චුන්නාකම් හන්දිය ආසන්නයේ පිහිටා තිබේ.

ඉතිහාසය[සංස්කරණය]

කදුරුගොඩ විහාරයේ ඉතිහාසය අනුරාධපුර යුගයේ මුල් කාලය දක්‌වාම දිව යන බැව් විශ්වාස කෙරේ. මහාවංශයට අනූව දේවානම්පියතිස්‌ස රජු (ක්‍රි.පූ. 250 - 210) විසින් දඹකොළ පටුනේ සිට අනුරාධපුරය දක්වා තැනින් තැන ගල්කණු සිටුවූ බවත් ඉන් එක් ස්ථානයක් මෙම කදුරුගොඩ විහාරය බවත් සඳහන් වෙයි.[1] අනුරාධපුර යුගයේ හතරවැනි කාශ්‍යප (ක්‍රි.ව. 898 - 914) රජු විසින් කරවන ලද අත්තානි කණු ලිපියකද මෙම විහාරස්‌ථානය පිළිබඳ තොරතුරු දක්‌වා තිබේ. රජු විසින් කදුරුගොඩ විහාරයට දෙන ලද පූජාවක් (ප්‍රදානයක්) පිළිබඳව විස්තර එහි සඳහන් කොට අැත. මෙම ශිලාලේඛන සාක්ෂිය අනූව කදුරුගොඩ විහාරය, එකල හතරවැනි කාශ්‍යප රජුගේ පාලනයේ පැවති ප්‍රදේශයට අයත් (යාපනය දිස්ත්‍රික්කය තුල) ස්ථානයක් බවට පුරාවිද්‍යාඥයෝ විශ්වාස කරති.[2]

මීටඅමතරව පළමුවන පරාක්‍රමබාහු , නිශ්ශංකමල්ල, ලීලාවතී, බුවනෙකබාහු ආදී රජවරුද මෙම විහාරයට අනුග්‍රහය දක්වා ඇති බැව් පැවසේ. මහනුවර යුගයේ ලියැවුණු විහාර හා පුදබිම් නාමාවලියක් වන ‘නම්පොත හෙවත් විහාර අස්නෙහි’ ‘කදුරුගොඩ විහාරය’ ලෙසින් මේ පුදබිම හැඳින්වේ.[2]

විනාශයට පත්වීම[සංස්කරණය]

දෙවැනි සංගිලි රජු යාපනයේ පාලකයාව සිටි සමයේ කදුරුගොඩ විහාරය විනාශයට පත් කෙරූ බවත්, පසුව පෘතුගීසීන් සමග වූ සටනේදී සංගිලි පරාජයට පත්වූ පසු මෙම විහාරය නටඹුන්ව ගිය බවත් පැවසෙයි.[1]

ප්‍රතිසංස්කරණය[සංස්කරණය]

අප්‍රකට වූ කදුරුගොඩ විහාරස්‌ථානය යළි 1917 වසරේදී, එවක යාපනය දිසා විනිසුරු වූ ආචාර්ය පෝල් ඊ. පීරිස්‌ මහතා විසින් හෙළිදරවු කර ගන්නා ලදී. ඔහු විසින් සිදුකරන ලද කැණීම්වලදී මෙම පුදබිමෙහි තිබී බුදුපිළිම, දාගැබ් කොත්, වර්ණාලේප උළු කැබලි, අනුරපුර හා පොළොන්නරු යුගයට අයත් කාසිද හමුවූ බවත් එම බෞද්ධ නෂ්ටාවශේෂ කොටස් යාපනය පුරාවිද්‍යා කෞතුකාගාරයට බාර දුන් බවත් ඔහුගේ වාර්ථාවන්හී සඳහන්ය. [3]

පුද්ගලික අයිතියකට නතුව තිබූ මෙම වටිනා බෞද්ධ පුරාවිද්‍යාත්මක උරුමය පිහිටි භූමිය 1948 වසරේදී රජය විසින් මුදලට ගැනීමට කටයුතු කරන ලදී. එකල මෙම භූමිය අක්‌කර 7 ක පමණ ප්‍රමාණයකින් සමන්විත වූවත්, එල්ටීටීඊ ත්‍රස්තවාදය හා නීතිවිරෝධී ඉඩම් අත්පත් කර ගැනීම හේතුවෙන් වර්ථමානයේ පුදබිම් වපසරිය අක්‌කර 3 කට පමණ සීමාවී තිබේ.[1] වර්ථමානයේ කදුරුගොඩ විහාරය, යුධ හමුදාවේ අාරක්ෂාව යටතේ පවතී.

නටඹුන්[සංස්කරණය]

විහාර භූමිය පුරා කුඩා ප්‍රමාණයේ දාගැබ් රැසක්‌ පිහිටා තිබෙන අතර ඉන් දාගැබ් 22 ක්‌ පමණ ප්‍රමාණයක් මේ වනවිට ආරක්‍ෂා වී තිබේ.[1] මීට අමතරව විනාශයට පත්කරන ලද තවත් දැගැබ් කිහිපයක පාදම් දැකගත හැකිය. මෙම දාගැබ්හී උතුරු අර්ධද්වීපයේ "පුවන්ගු දිවයින" හෙවත් පුන්කුඩුතිව් දූපතේ වැඩ සිටි රහතන් වහන්සේලාගේ ධාතුන්වහන්සේ තැම්පත් කොට අැති බවට විශ්වාස කෙරේ.

ආශ්‍රිත[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. 1.0 1.1 1.2 1.3 "ගොසින් යාපනේ දැකගමු කදුරුගොඩ". දිවයින.
  2. 2.0 2.1 "යාපනයේ කදුරුගොඩ විහාරය". බුදුසරණ.
  3. "යාපනයේ කදුරුගොඩ නටබුන්". danuma.lk.

භාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=කදුරුගොඩ_විහාරය&oldid=496339" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි