ඌලුරූ

විකිපීඩියා වෙතින්
(එයර්ස් පර්වතය වෙතින් යළි-යොමු කරන ලදි)
ඌලුරූ
එයර්ස් පර්වතය
ඌලුරූ හී 2007 ගුවන් පෙනුම
2007
උසම ස්ථානය
උස863 m (2,831 ft)
Prominence348 m (1,142 ft)
ඛණ්ඩාංක25°20′42″S 131°02′10″E / 25.34500°S 131.03611°E / -25.34500; 131.03611ඛණ්ඩාංක: 25°20′42″S 131°02′10″E / 25.34500°S 131.03611°E / -25.34500; 131.03611
නම
ස්වදේශීය නාමයඌලුරූ  (Pitjantjatjara)
Geography
ඌලුරූ is located in ඕස්ට්‍රේලියාව
ඌලුරූ
ඌලුරූ
ඌලුරූ (ඕස්ට්‍රේලියාව)
Geology
Age of rock550–530 Ma
Mountain typeද්වීපාකාර පර්වත
Type of rockආකෝස්
නිල නාමයඌලුරූ-කට ජුටා ජාතික වනෝද්‍යානය
නිර්ණායකයv,vi,vii,ix
මූලාශ්‍ර447
අභිලේඛනය1987 (11 වන සැසිය)

ඌලුරූ (/ˌləˈr/, පිච්චන්චච්චාරා: Uluṟu /ˈʊ.lʊ.ɻʊ/), එයර්ස් පර්වතය ලෙසින්ද හැඳින්වෙන (/ˌɛərz ʔ/, like airs) නිල වශයෙන් ඌලුරූ / එයර්ස් පර්වතය ලෙසින් ගැසට් කරන ලද,[1] යනු, මධ්‍යම ඕස්ට්‍රේලියාවෙහි උතුරු ප්‍රදේශයෙහි දක්ෂිණ කොටසෙහි පිහිටි විශාල වැලි ගල් පර්වත සැදුමකි. යාබදව පිහිටි විශාලතම සුළු නගරය වන ඇලිස් ස්ප්‍රිං වෙතින් 335 km (208 mi) වයඹ දෙසට වන්නට එය පිහිටා ඇත.

මෙම ප්‍රදේශයෙහි ජීවත් වන ආදිවාසික ජනයා පිච්චන්චච්චාරා අනන්ගූ සඳහා ඌලූරූ ශුද්ධ ස්ථානයක් වෙයි. මෙම පර්වත සැදුම අවට ප්‍රදේශය, උල්පත්, දිය වළවල්, පර්වත ලෙන් සහ පුරාණ සිත්තම් වලින් පිරී පවතියි. යුනෙස්කෝ ලෝක උරුම අඩවියක් ලෙසින් ඌලුරූ ලැයිස්තුගත කර ඇත. ඌලුරූ සහ ඕල්ගර්ස් ලෙසින්ද හැඳින්වෙන කට ජුටා, ඌලුරූ-කට ජුටා ජාතික වනෝද්‍යානයෙහි ප්‍රධාන අංග දෙකකි.

නම[සංස්කරණය]

ස්වදේශීක අනන්ගූ, පිච්චන්චච්චාරා ජනයා විසින්, මෙම මං සලකුණ හඳුන්වන්නේ ඌලුරූ (පිච්චන්චච්චාරා  [ʊlʊɻʊ]) ලෙසිනි. මෙම වචනය සංඥා නාමයක් වන අතර, එය සඳහා පිච්චන්චච්චාරා උපභාෂාවෙහි වෙනත් විශේෂ තේරුම් නොමැති වුවත්, ඌලුරූ හී ජ්‍යෙෂ්ඨ සාම්ප්‍රදායික හිමිකරුවන් විසින් දේශීය පවුල් නාමයක් ලෙසින් එය භාවිතා වෙයි. [2]

1873 ජූලි 19 දිනදී, මිනින්දෝරු විලියම් ගූස් විසින් මෙම මං සලකුණ නිරික්ෂණය කල අතර, එකල දකුණු ඕස්ට්‍රේලියාවෙහි ප්‍රධාන ලේකම්වරයා ලෙසින් ක්‍රියා කල, ශ්‍රීමත් හෙන්රි එයර්ස් වෙත ගෞරවයක් ලෙසින්, එයර්ස් පර්වතය ලෙසින් එය නම් කෙරිණි. [3] එතැන් පටන්, මෙම නම් දෙකම භාවිතයෙහි පැවතී තිබේ.

1993 වසරෙහිදී, ද්විත්ව නාමකරණ ප්‍රතිපත්තියක් භාවිතයට සුදුසු යැයි පිළිගැණුනු අතර, සාම්ප්‍රදායික ආදිවාසී නාමය සහ ඉංග්‍රීසි නාමය යන දෙකම අඩංගු නිල නාමයන් භාවිතයට එය අනුව ඉඩ සැලසුණි. 1993 දෙසැම්බර් 15 දිනදී, "එයර්ස් පර්වතය / ඌලුරූ" ලෙසින් යළි-නම්කෙරුණු අතර, උතුරු ප්‍රදේශයෙහි නිල වශයෙන් ද්විත්ව නාමකරණය ලැබූ පළමුවන අංගය එය විය. ඇලිස් ස්ප්‍රිංස් හී ප්‍රාදේශීය සංචාරක සංගමය විසින් සිදුකල ඉල්ලීමක් ප්‍රකාර, ද්විත්ව නාමයන්හී අනුපිළිවෙල නිල වශයෙන් ප්‍රතිවර්ත කොට, 2002 නොවැම්බර් 6 දිනදී "ඌලුරූ / එයර්ස් පර්වතය" බවට පත් කෙරිණි. [4]

විස්තරය[සංස්කරණය]

ඌලුරූ යනු ඕස්ට්‍රේලියාවෙහි ඉතාමත් පහසුවෙන් හඳුනාගතහැකි ස්වභාවික ඉම් සලකුණු අතරින් එකකි. මෙම වැලිගල් සැදිල්ල, 348 m (1,142 ft) ප්‍රමාණයක උසින් යුතු අතර, මුහුදු මට්ටෙමහි සිට 863 m (2,831 ft) ප්‍රමාණයක් ඉහළ දක්වමින් එහි බොහෝ ප්‍රමාණයක් භූමියෙන් පහළ දරන අතර, සම්පූර්ණ වට ප්‍රමාණය 9.4 km (5.8 mi) වෙයි.[5] ඌලුරූ සහ අසබඩ පිහිටි කට ජුටා සැදිලි දෙකම, ප්‍රදේශයෙහි සාම්ප්‍රදායික වැසියන් වන අනන්ගූ ජනයාට මහා සංස්කෘතික වැදගත්කමින් යුතු වන අතර, දේශීය වෘක්ෂලතා සහ සතුන්, වනලැහැබ් ආහාර සහ ප්‍රදේශයෙහි ආදිවාසික ඩ්‍රීම්ටයිම් කතාන්තර යනාදිය පිළිබඳ ගාමිකයන් දැනුවත් කිරීම සඳහා පයින් රැගෙන යන සංචාරයන්ට නායකත්වය දෙන්නේ ඔවුන් විසිනි.

දිනයෙහි විවිධ වේලාවන්හීදී සහ වසරෙහි විවිධ කාලසීමාවන්හීදී සහ වර්ණය වෙනස් කරන බවක් පෙන්වීම, විශේෂයෙන් අළුයම කාලයෙහිදී සහ හිරු බැසීම වේලාවේදී එය රත් පැහැයෙන් දිලිසීම, ඌලුරූ හී සැලකිය යුතු ලක්ෂණයක් වෙයි.

ඔල්ගා කන්ද හෝ දි ඔල්ගාස් ලෙසින්ද හැඳින්වෙන කට ජුටා පිහිටා ඇත්තේ, ඌලුරූ සිට 25 km (16 mi) බටහිරට වන්නටය. ප්‍රවේශ මාර්ග සහ වාහන ගාල් කිරීමෙහි පහසුකම් සහිතව, අළුයම සහ සන්ධ්‍යාවෙහිදී මෙම ස්ථාන දෙකම හොඳින් නැරඹීමෙහි විශේෂ පහසුකම් සංචාරකයන් වෙත සපයා ඇත.

සන්ධ්‍යාවෙහිදී එහි විශේෂණීය රතු පැහැ ගැන්වීම දක්වන, හිරු බැසීම ආසන්නයෙහි ඌලුරූ හි සර්වදිශාදර්ශනය.

භූවිද්‍යාව[සංස්කරණය]

ඌලුරූ පර්වත සැදිලි
දර්ශීය ඇගිලියක් දක්වන පර්වත මුදුනෙහි සිට ඌලුරූ හී සර්වදිශාදර්ශනයක්
ආකෝස් වෙතින් සැදී ඇති ඌලුරූ පෘෂ්ඨය දක්වන සමීප දසුනක්

ඌලුරූ යනු ද්වීපාකාර පර්වතයක් වන අතර, එහි වචනාර්ථය වන්නේ "දිවයින් කන්ද" යන්න වෙයි.[6][7][8] ද්වීපාකාර පර්වතයක් යනු, උණුසුම්, වියලි ප්‍රදේශයක පැතිර ගිය සාපේක්ෂ වශයෙන් පැතිලි සෝදාපාළුවට ලක්වූ පහත් බිමක් වෙතින් හිටිඅඩියේ පැන නැගී එයින් වටවුණු කැපීපෙනෙන හුදෙකලා අවසාදිත පිණ්ඩයක් හෝ හෙලක් වෙයි.[9] තරමක් සන්දිග්ධාර්ථක සහ භූවිද්‍යාඥයින් විසින් සාමාන්‍යයෙන් භාවිතයට නොරිසි පදයක් වන, ඒකඝන ශිලාවක් ලෙසින්ද ඌලුරූ බොහෝ විට හැඳින්වෙයි.[10]

ඌලුරූ හි අපූර්ව ගුණාංගයක් වන්නේ එහි තට්ටු පෘෂ්ඨයන්හී සමජාතීත්වය සහිත වීම සහ මූට්ටු වීම් සහ බෙත්ම රහිත වීම නිසාවෙන්, හැව කැට සහිත බෑවුම් සහ පස් නිර්මාණය වීම වැලැකීමයි. අවට ඇති පර්වත ඛාදනයට ලක් වෙද්දී, මෙය නොබිඳී ඉතිරි වූයේ මෙම ගුණාංග නිසාය.[10]

දේශගුණය සහ සෘතු පහ[සංස්කරණය]

වනෝද්‍යානය තුල උණුසුම් කාන්තාර දේශගුණයක් පවතින අතර 284.6 mm (11.2 in) ප්‍රමාණයක වාර්ෂික මධ්‍යනය වර්ෂාපතනයක් ලබයි.[11]

ඉතිහාසය[සංස්කරණය]

ඌලුරූ හී පාෂාණලේඛ
ඌලුරූ හී ගුවන් දසුනක්

පුරාතන මානව ජනාවාස[සංස්කරණය]

නැගෙනහිර සහ බටහිර දෙසින් සොයාගැනුණු පුරාවිද්‍යාත්මක සාක්ෂි ප්‍රකාර, වසර 10,000 කට වඩා පෙර මානවයෝ මෙම ප්‍රදේශයෙහි ජනාවාස පිහිටුවාගෙන සිට ඇත.[12]

යුරෝපියානු ගවේෂකයෝ (1870 ගණන්)[සංස්කරණය]

යුරෝපියානුවෝ ඕස්ට්‍රේලියානු බටහිර කාන්තාරය වෙත පැමිණියේ 1870 ගණන් වලදීය.

යුරෝපියානු විජිතකරණය‍[සංස්කරණය]

ඉන්පසු තවද ගවේෂණ සිදු වූයේ පශු කර්මාන්තය සඳහා ප්‍රදේශයක් පිහිටුවීමෙහි හැකියාව පිළිබඳ බලාපොරොත්තුව ඇතිවය.

ආදිවාසී රක්ෂිතය (1920)[සංස්කරණය]

යුරෝපියානු පදිංචිකරුවන් හා සම්බන්ධකම් නොමැති තරම් අස්ථිරවාසී ජනයා සඳහා, 1918 වසරෙහි සිට 1921 වසර දක්වා කාලය තුලදී, දකුණු ඕස්ට්‍රේලියාවහි, බටහිර ඕස්ට්‍රේලියාවෙහි සහ, උතුරු ප්‍රදේශයෙහි යාබද විශාල ප්‍රදේශයන්, ආදිවාසී රක්ෂිතයන්, අභයභූමී ලෙසින් ප්‍රකාශයට පත් කරන ලදි.

සංචාරක ව්‍යාපාරය 1936-59[සංස්කරණය]

ඌලුරූ ප්‍රදේශයට පළමු සංචාරකයන් පැමිණියේ 1936 වසරෙහිදීය.

1985 වසරෙහි සිට ආදිවාසික ස්වාමිත්වය[සංස්කරණය]

1985 ඔක්තොම්බර් 26 දිනදී, ඕස්ට්‍රේලියානු රජය විසින් ඌලුරූ හී ස්වාමිත්වය නැවත දේශීය පිච්චන්චච්චාරා ආදිවාසීන් වෙත පිරිනැමුවේ, අනන්ගූ විසින් එය යළිත් වසර 99 ක කල් බද්දකට ජාතික උද්‍යාන සහ වනජීවී කාර්යාංශය වෙත ලබා දෙන බවත් එය හවුලේ කළමනාකරණය කෙරෙන බවත් යන කොන්දේසි මතය. සංචාරකයන් පර්වත මුදුනට නැගීම නවත්වන බව, ප්‍රජාව සහ අග්‍රාමාත්‍ය බොබ් හෝක් අතර මුලින් එළඹුනු එකඟතාවය පසුව බිඳ දැමුණි.[13]

සංචාරක ව්‍යාපාරය[සංස්කරණය]

ඌලුරූ-කට ජුටා ජාතික වනෝද්‍යානයෙහි සිට ලැසටර් මහාමාර්ගයෙහි රිය පැදවීම, අප්‍රේල් 2007

ඌලුරූ පාමුලට යාබදව 1950 ගණන් වලදී ඇරඹුනු සංචාරක ව්‍යාපාර යටිතල පහසුකම් සංවර්ධනය විගසින් අහිතකර පාරිසරික බලපෑම් පෙන්වීය. වාසස්ථාන-සබැඳි සංචාරක පහසුකම් ඉවත්කොට ඒ්වා වනෝද්‍යානයෙන් පිටත යළි-පිහිටුවීමට 1970 ගණන් වල මුල් භාගයෙහිදී තීරණය කෙරිණි. 1975 වසරෙහිදී, ඌලුරූ සිට 15 කිලෝමීටර (9 mi) දුරින්, වනෝද්‍යානයෙහි උතුරු දෙස මායිමෙන් පිටත 104 square කිලෝmetres (40 sq mi) ප්‍රමාණයක රක්ෂිත භූමි භාගයක් අනුමත කෙරුණේ, සංචාරක පහසුකම් සහ යුලාරා ලෙසින් හැඳින්වීමට නියමිත අනුබද්ධිත ගුවන්තොටුපොලක් ප්‍රවර්ධනය කෙරුම සඳහා වෙයි. යුලාරා නිකේතනය විවෘත කිරීමට සමගාමීව, වනෝද්‍යානය තුල පිහිටි කඳවුරු භූමිය 1983 වසරෙහිදී වසා දැමුණු අතර, 1984 වසරෙහි අග භාගයෙහිදී නවාතැන්පොළවල් වසා දැමිණි. 1992 වසරෙහිදී, යුලාරා නිකේතනය පිළිබඳ උතුරු ප්‍රදේශ රජය සන්තකයෙහි තිබූ බහුතර කොටස විකුණා දැමුණු අතර එයර්ස් රොක් නිකේතනය ලෙසින් නිකේතනය යළි නම් කෙරිණි.

ලෝක උරුම අඩවියක් ලෙසින් වනෝද්‍යානය නම් කිරීමෙන් අනතුරුව, වාර්ෂික ගාමික සංඛ්‍යාව, 2000 වසර වන විට ගාමිකයන් 400,000 ඉක්මවීය. [14] සංචාරක ව්‍යාපාරයෙහි ඉහළ නැගුම සමගින් ප්‍රාදේශීය සහ ජාතික ආර්ථික ප්‍රතිලාභ ඉහළ දැමිණි. සංස්කෘතික අගයයන් සංරක්ෂණය කෙරුම සහ ගාමික අවශ්‍යතා සැපිරීම තුලනය කර ගැනීමෙහි අභියෝගය තීව්‍ර කෙරුමද මෙහිදී සිදුවිය.

පර්වත තරණය[සංස්කරණය]

ඉහළ නගින්නන් සහ අන්තරාය දක්වන දැන්වීමක්

අනන්ගූ සාම්ප්‍රදායික භාරකරුවන් සහ රැකවළුන් වෙත ඉඩම් භුක්තිය පවරා දෙන බවට, 1983 දෙසැම්බර් 11 දිනදී, ඕස්ට්‍රේලියාවෙහි අග්‍රාමාත්‍ය, බොබ් හෝක් විසින් පොරොන්දු වූ අතර, ඌලුරූ නැගීම තහනම් කිරීම ඇතුළු ප්‍රජාවගේ කරුණු-10 ක සැලසුමට එකඟ විය. කෙසේවෙතත්, 1985 ඔක්තොම්බර් 26 දිනදී ඔප්පුව නිල වශයෙන් අනන්ගූ වෙත භාර දීමට පූර්ව කොන්දේසි වශයෙන්, මුලින් එකඟවූ වසර-50 ක කල්බද්ද වෙනුවට, වසර-99 ක කල්බද්දක් සහිතව ඌලුරූ නැගීමට අවකාශ රජය විසින් ලබා දුනි. [13][15]

එහි මහත් අධ්‍යාත්මික සුවිශේෂතාවය නිසා, දේශීය අනන්ගූ විසින් ඌලුරූ නැගීම සිදු නොකරයි. පර්වතය නැගීම සිදු නොකරන ලෙසට ඔවුහූ ගාමිකයන් වෙත කියා සිටින්නේ, ගාමිකයන් භාවිතා කරන මාර්ගය විසින් ශුද්ධවූ සාම්ප්‍රදායික ඩ්‍රීම්ටයිම් මං පෙත රේඛනය වන නිසාත්, ගාමිකයන්ගේ ආරක්ෂාව පිළිබඳ වගකීමක් ඇති බව හැඟීම නිසාත්ය. 2019 ඔක්තොම්බර් වන තුරු, ගාමිකයන්ගේ මාර්ග විස්තරය දැක්වූයේ "නැගීම තහනම් නැත, එහෙත් අනන්ගූ භූමියෙහි ආගන්තුකයෙක් ලෙසින්, ඔබ පර්වතය නැගීමෙන් වැළකී සිටීමෙන්, අපගේ නීතියට හා සංස්කෘතියට ගරු කරන්නේ නම්, අප වඩාත් කැමති වෙමු" යනුවෙනි.[5]

2010 වසරෙහි ප්‍රකාශනයක් පරිදී, වනෝද්‍යානය වෙත පැමිණෙන ගාමිකයන් අතරින් තුනෙන්-එක් පංගුවකට ස්වල්පයක් වැඩි සංඛ්‍යාවක් ඌලුරූ තරණය කරති; මෙයින් ඉහළ ප්‍රතිශතයක් කුඩා දරුවන් වූහ. [16] 1964 වසරෙහිදී එක් කල සහ 1976 වසරෙහිදී දිගු කල අත්වැල් දම්වැලක් විසින් පැයක්-දිගු නැගීම පහසු කරවනු ලැබූ මුත්, මුදුනට නැගුම, 800 m (0.5 mi) දිගු බෑවුම් සහිත දුෂ්කර එකක් වූ අතර අතරමග දැඩි සුලං තත්ත්වයන්ට මුහුණ දීමටද සිදු විය. නැගීමෙහිදී පුද්ගලයන් විසින් බොහෝ ජලය පානය කරන ලෙස නිර්දේශ කරනු ලැබූ අතර, ප්‍රමාණවත් නොවන සවියක් සහිත අය, කරකැවිල්ල වෙතින් පෙලෙන හෝ ව්‍යායාම සිදු කිරීම වලක්වන වෛද්‍යමය තත්ත්වයන් සහිත වූවන් හෝ යන්නන් පර්වතය නැගීමට උත්සාහ නොකල යුතු විය. පර්වත මුදුනෙහි දැඩි සුළං තත්ත්වයන් පවතින විට, ඌලුරු නැගීමට සාමාන්‍යයෙන් අවසර දෙනු නොලැබිණි . එවන් සිද්ධීන් වාර්තා කිරීම ඇරඹීමෙන් පසුව, විනෝදාස්වාදය සඳහා නැගීම හේතුවෙන් වූ මරණ සංඛ්‍යාව අවම වශයෙන් 37 ක් විය.[5][17] 2011 වසරෙහි සිට 2015 වසර දක්වා කාලය තුල ගාමිකයන් අතරින් හයෙන් එකක් පමණ පර්වතය නැංගහ. [18]

2010 වසරෙහිදී ඌලුරූ මුදුනෙහිදී සිදුවූ, නිරුවත් රඟපෑම, ගොල්ෆ් ක්‍රීඩාවෙහි යෙදීම සහ, නිරුවත්ව සිටීම ආදී මතභේදකාරී සිදුවීම් වෙතින්, පර්වතය නැගීම තහනම් කරන ලෙස වූ ඉල්ලීම් යළි පණ නැංවිණි. [19] [20] 2017 නොවැම්බර් 1 දිනදී, ඌලුරූ-කට ජුටා ජාතික වනෝද්‍යාන සභාව විසින් ඒ්කමතිකව තීරණය කලේ ඌලුරූ නැගීම තහනම් කරන ලෙසිනි. මෙම තහනම, 2019 ඔක්තොම්බර් 26 දින සිට බල පැවැත්වුණි. [21] මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, තහනම පිළිබඳ ප්‍රකාශය සිදු කිරීමෙන් පසුව, පර්වතය නගින්නන් සහ ගාමිකයන් ප්‍රමාණයෙහි විශාල වැඩි වීමක් දක්නට ලැබිණි. [22] [23]

ඡායාරූපකරණය[සංස්කරණය]

ගාමිකයන් විසින් ඌලුරූහී සමහරක් කොටස් ඡායාරූපකරණය නොකරන ලෙසට, අනන්ගූ තවදුරටත් ඉල්ලා සිටින්නේ, සාම්ප්‍රදායික ජුකුර්පා විශ්වාස හා සබැඳි හේතූන් නිසාවෙනි. මෙම ප්‍රදේශ නම්, ස්ත්‍රී-පුරුෂභාවය-සබැඳි චාරිත්‍ර සඳහා වෙන්වූ අඩවි වන අතර, ප්‍රශ්නයට තුඩු දෙන චාරිත්‍රයන්හී නියැලෙන්නන්ට විරුද්ධ ස්ත්‍රී-පුරුෂ භාවය සහිත අනන්ගූ සඳහා තහනම් ප්‍රදේශ වෙති. පිටස්තර ලෝකයෙහිදී තහනම් අඩවි වල ඡායාරූප දැකීමෙන් අනන්ගූ විසින් නොදැනුවත්ව මෙම තහංචිය බිඳීම වැලකීම මෙම ඡායාරූපකරණ සීමා කිරීමෙහි අදහස වෙයි.[24]

ආශ්‍රිත[සංස්කරණය]

සටහන්
  1. "ප්ලේස් නේම්ස් රෙජිස්ටර් එක්ස්ට්‍රෑක්ට්: ඌලුරූ / එයර්ස් රොක්". නොදර්න් ටෙරිටරි ප්ලේස් නේම්ස් රෙජිස්ටර්. උත්තර ප්‍රදේශ රජය. 6 නොවැම්බර් 2002. සම්ප්‍රවේශය 12 ජූලි 2013.
  2. අයිසෙක්ස්, ජෙනිෆර් (1980). ඔස්ට්‍රේලියන් ඩ්‍රීමිං: 40,000 ඉයර්ස් ඔෆ් ඇබොරිජිනල් හිස්ට්‍රි. සිඩ්නි: ලෑන්ස්ඩෝන් ප්‍රෙස්. pp. 40–41. ISBN 0-7018-1330-X. OCLC 6578832.
  3. "ඌලුරූ-කට ජුටා නැෂනල් පාක් – අර්ලි යුරපියන් හිස්ට්‍රි". පරිසරය සහ ජලජ සම්පත් පිළිබඳ ඕස්ට්‍රේලියානු දෙපාර්තමේන්තුව. සම්ප්‍රවේශය 7 ඔක්තොම්බර් 2008.
  4. "ඩුවල් නේමිං ඔෆ් ෆීචර්ස්". NT.gov.au. සම්ප්‍රවේශය 8 ඔක්තොම්බර් 2017.
  5. 5.0 5.1 5.2 වෙල්කම් ටු ඇබොරිජිනල් ලෑන්ඩ්: ඌලුරූ-කට ජුටා නැෂනල් පාක් – විසිටර් ගයිඩ් ඇන්ඩ් මැප්ස් (PDF). කැන්බරා: පරිසරය සහ ජල සම්පත් පිළිබඳ ඕස්ට්‍රේලියානු දෙපාර්තමේන්තුව. ඔක්තොම්බර් 2005. OCLC 754614279. 30 ඔක්තොම්බර් 2008 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 3 අප්‍රේල් 2007.
  6. යං, ඩේවිඩ් එන්.; ඩන්කන්, එන්.; කමාචෝ, ඒ.; ෆෙරෙන්සි, පී.ඒ.; මෑඩිගන්, ටී.එල්.ඒ. (2002). එයර්ස් රොක්, නොදන් ටෙරිටරි, මැප් ෂීට් GS52-8 (2වන සංස්කරණය) (සිතියම). 1:250 000. උතුරු ප්‍රදේශ භූවිද්‍යාත්මක සමීත්ෂණය. භූවිද්‍යාත්මක සිතියම් පෙළ පැහැදිලි කිරීමෙහි සටහන්.
  7. ට්විඩ්ල්, සී. ආර්.; කැම්බල්, එලිසබෙත් එම්. (2005). ඕස්ට්‍රේලියන් ලෑන්ඩ්ෆෝම්ස්. රොසෙන්බර්ග්. p. 141. ISBN 1-877058-32-7.
  8. ක්වින්, ජොයිස් ඈන්; වුඩ්වර්ඩ්, සූසන් එල්., eds. (2015). අර්ත්ස් ලෑන්ඩ්ස්කේප්: ඇන් එන්සයයික්ලොෆීඩියා ඔෆ් ද වර්ල්ඩ්ස් ජියෝග්‍රෆික් ෆීචර්ස්. ABC-CLIO. pp. 719–720. ISBN 978-1-61069-446-9.
  9. නොයියන්ඩෝර්ෆ්, ක්ලෝස් කේ.ඊ.; මේල්, කණි., ජේම්ස් පී.; ජැක්සන්, ජූලියා ඒ., eds. (2005). ග්ලොසරි ඔෆ් ජියොලොජි (5වන ed.). ඇලෙක්සැන්ඩ්‍රියා, වර්ජිනියා: ඇමරිකානු භූවිද්‍යාත්මක ආයතනය. ISBN 0-922152-76-4.
  10. 10.0 10.1 ස්වීට්, අයි.පී.; ක්‍රික්, අයි.එච්. (1992). ඌලුරූ ඇන්ඩ් කට ජුටා: අ ජියෝලොජිකල් හිස්ට්‍රි (Monograph). කැන්බරා: ඕස්ට්‍රේලියානු භූවිද්‍යාත්මක සමීක්ෂණ සංවිධානය. ISBN 0-644-25681-8.
  11. "Yulara Aero". Climate statistics for Australian locations. Bureau of Meteorology. සම්ප්‍රවේශය {{{accessdate}}}. {{cite web}}: Check date values in: |accessdate= (help)
  12. ලේට්න්, රොබට් (අගෝස්තු 2001). ඌලුරූ: ඇන් ඇබොරිජිනල් හිස්ට්‍රි ඔෆ් එයර්ස් රොක් (2001 revised ed.). කැන්බරා: ඇබොරිජිනල් ස්ටඩීස් මුද්‍රණාලය. ISBN 0-85575-202-5.
  13. 13.0 13.1 ටෝයින්, ෆිලිප්; වචොන්, ඩැනියෙල් (1984). ග්‍රොවිං අප් ද කන්ට්‍රි: The පිච්චන්චච්චාරා ස්ට්‍රග්ල් ෆො දෙයා ලෑන්ඩ්. ෆිට්ස්රෝයි, වික්ටෝරියා: මැක්පී ග්‍රිබ්ල්. p. 137. ISBN 0-14-007641-7. OCLC 12611425.
  14. "වර්ල්ඩ් හෙරිටේජ් ඇන්ඩ් ඉන්ටර්නැෂනල් සිග්නිෆිකන්ස්". පරිසරය, ජලය, උරුමය සහ කලාව පිළිබඳ දෙපාර්තමේන්තුව. සම්ප්‍රවේශය 17 මැයි 2010.
  15. ස්වැලෝ, ජූලියන් (26 ඔක්තොම්බර් 2010). "ඔන් දිස් ඩේ: ඇබොරිජිනල් ඔස්ට්‍රේලියන්ස් ගෙට් ඌලුරූ බෑක්". ඔස්ට්‍රේලියන් ජියෝග්‍රෆික්. http://www.australiangeographic.com.au/blogs/on-this-day/2010/10/on-this-day-aboriginal-australians-get-uluru-back. සම්ප්‍රවේශය කෙරුණු දිනය 27 අගෝස්තු 2017. 
  16. ඌලුරූ-කට ජුටා නැෂනල් පාක් – මැනේජ්මන්ට් ප්ලෑන් 2010–2020. කැන්බරා: පරිසරය, ජලය, උරුමය සහ කලාව පිළිබඳ දෙපාර්තමේන්තුව. 2010. p. 90. ISBN 978-0-9807460-1-3.
  17. "'ප්ලීස් ඩෝන්ට් ක්ලයිම්බ් ඌලුරූ': ජැපනීස් ටුවරිස්ට් ඩයිස් ඇට් සේක්‍රඩ් සයිට්". ඒබීසී ඔන්ලයින් (ඕස්ට්‍රේලියානු ඉංග්‍රීසි බසින්). 4 ජූලි 2018. සම්ප්‍රවේශය 28 ජූලි 2018.
  18. "ඕස්ට්‍රේලියා ටු බෑන් ක්ලයිම්බිං ඔන් ඌලුරූ ෆ්‍රොම් 2019". බීබීසී නිවුස්. 1 නොවැම්බර් 2017. https://www.bbc.com/news/world-australia-41827203. සම්ප්‍රවේශය කෙරුණු දිනය 2 නොවැම්බර් 2017. 
  19. "රොක් රේජ් රෝල්ස් ඕන්". නොදර්න් ටෙරිටරි නිවුස්. 30 ජූනි 2010. http://www.ntnews.com.au/article/2010/06/30/159961_ntnews.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 28 පෙබරවාරි 2011. 
  20. ෂියර්ස්, රිචඩ් (28 ජූනි 2010). "ස්ට්‍රිපර් ස්පාර්ක්ස් ෆියුරි අමං ඇබොරිජිනල්ස් ආෆ්ටර් යූ ටියුබ් එක්සොටික් ඩාන්ස් ඔන් සේක්‍රඩ් එයර්ස් රොක්". ඩේලි මේල්. http://www.dailymail.co.uk/news/worldnews/article-1290180/French-exotic-dancer-Miss-Alizee-Sery-angers-Aboriginals-stripping-Ayers-Rock.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 1 මාර්තු 2011. 
  21. හිච්, ජෝර්ජියා; හෝස්, නික් (1 නොවැම්බර් 2017). "ඌලුරූ ක්ලයිම්බ්ස් බෑන්ඩ් ෆ්‍රොම් ඔක්ටෝබර් 2019 ආෆ්ටර් යුනැනිමස් බෝඩ් ඩිෂිසන් ටු 'ක්ලෝස් ද ප්ලේග්‍රවුන්ඩ්'". ඒ්බීසී නිවුස්. http://www.abc.net.au/news/2017-11-01/uluru-climbs-banned-after-unanimous-board-decision/9103512. සම්ප්‍රවේශය කෙරුණු දිනය 1 නොවැම්බර් 2017. 
  22. ටර්සන්, එමිලියා (25 ජූනි 2019). "ඌලුරූ විසිටර් රෂ් අහෙඩ් ඔෆ් ක්ලයිම්බිං බෑන් ප්‍රොම්ප්ට්ස් ෆියර්ස් ෆො ලෝකල් ටුවරිසම්". ඒ්බීසී ඔන්ලයින්. https://www.abc.net.au/news/2019-06-25/uluru-climb-closure-prompts-local-tourism-fears/11242554. සම්ප්‍රවේශය කෙරුණු දිනය 21 ඔක්තොම්බර් 2019. 
  23. වෙල්කම් ටු කන්ට්‍රි. 17 ඔක්තොම්බර් 2018. https://www.welcometocountry.org/numbers-of-tourists-climbing-uluru-skyrockets/. සම්ප්‍රවේශය කෙරුණු දිනය 21 ඔක්තොම්බර් 2019. 
  24. "ඌලුරූ–කට ජුටා නැෂනල් පාක් – ජුකුර්පා". පරිසරය සහ ජල සම්පත් පිළිබඳ ඕස්ට්‍රේලියානු දෙපාර්තමේන්තුව. 7 මාර්තු 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 3 අප්‍රේල් 2007.
පුස්තක නාමාවලිය
"https://si.wikipedia.org/w/index.php?title=ඌලුරූ&oldid=479569" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි