Jump to content

එම්ප්‍රස් මියොංසොං (රූපවාහිනී කතාමාලාව)

විකිපීඩියා වෙතින්
එම්ප්‍රස් මියොංසොං
ප්‍රභේදයකාලාන්තර නාට්‍ය
රචනය කලේජුං හා-යොන්
අධ්‍යක්ෂණය කලේයූන් චං-බුම්
ෂින් චං-සුක්
රඟපෑමලී මි-යොන්
චෝයි මියුං-ගිල්
ලී ජින්-වූ
යූ දොං-ග්‍යුන්
අවසන් තේමාව"If I Leave" (나 가거든/නා කකෝද්‍යුන්) - ජෝ ක්වන්වූ
සම්භව රටදකුණු කොරියාව
භාෂාව(න්)කොරියානු
කථාංග ගණන124
නිෂ්පාදනය
නිෂ්පාදක(යෝ)යූන් යොං-හූන්
ස්ථානය(න්)ක්යොංබොක් මාලිගය, දකුණු කොරියාව
ධාවන කාලයමිනිත්තු 60
බදාදා සහ බ්‍රහස්පතින්දා 21:50ට (KST)
ප්‍රචාරණය
මුල් නාලිකාවකොරියානු විකාශන පද්ධතිය
රූප ආකෘතිය480 ප්‍රතිසම රූපවාහිනී480 සම්මත-විභේදන රූපවාහිනිය
මුල් ධාවනයමැයි 9, 2001 (2001-05-09) – ජූලි 18, 2002 (2002-07-18)
බාහිර සබැඳි
වෙබ් අඩවිය
එම්ප්‍රස් මියොංසොං
හංගුල්
හන්ජා
ප්‍රතිශෝධිත රෝමානුකරණයMyeongseong Hwanghu
මැකූන්–‍රයිෂවර්Myŏngsŏng Hwang-hu

එම්ප්‍රස් මියොංසොං (කොරියානු명성황후; හන්ජා明成皇后) යනුවෙන් හැඳින්වෙන්නේ 2001දී විකාශය වූ දකුණු කොරියානු ඓතිහාසික රූපවාහිනී කතාමාලාවකි. මෙය KBS2 නාළිකාව ඔස්සේ විකාශය කෙරිණි.

ඓතිහාසික සම්බන්ධතාව

[සංස්කරණය]

මියොංසොං අධිරාජිනිය (19 ඔක්තෝබර් 1851 – 8 ඔක්තෝබර් 1895) හෙවත් සරලව මින් අගබිසව වශයෙන් හඳුන්වන්නේ ජොසොන්හි විසි හයවන රජු සහ කොරියානු අධිරාජ්‍යයේ පළමු අධිරාජයා වූ කොරියාවේ ගෝජොංගේ පළමුවන නීත්‍යානුකූල බිරිඳයි.

මෙයිජි ජපන් රජය විසින් මින් අගබිසව සිය රාජ්‍යයේ ව්‍යාප්තියට තර්ජනයක් ලෙස සලකා ඇත.[1] ඇයව දේශපාලනයෙන් ඉවත් කිරීම සඳහා ගෝජොං රජුගේ පියා වූ හ්‍යුංසොන් දේවොන්ගුන් (ජපනුන් සමග කටයුතු කළ බලවත් රාජ්‍යාධිකාරියෙකි) අසාර්ථක කැරැලි කිහිපයක්ම ඇතිකළේ ය. මේ හේතුවෙන් ඇය ජපන් බලපෑම් පිළිබඳ දැඩි විරෝධී ස්ථාවරයක පසුවූවා ය.[2]

පළමු චීන-ජපන් යුද්ධයේ දී ජපානය ජයගැනීමත් සමග, මින් අගබිසව කොරියාව සහ රුසියාව අතර ශක්තිමත් සම්බන්ධතාවක් ඇති කිරීමට උත්සාහ ගත්තේ, දේවොන්ගුන් විසින් නියෝජනය කළ කොරියාවේ ජපන් බලපෑම අවහිර කිරීමටයි. මෙකල කොරියාව වෙනුවෙන් පත්කළ ජපන් අමාත්‍යවරයා වූ මියුරා ගොරෝ සහ විශ්‍රාමගත් ලුතිනන් ජනරාල්වරයකු විසින් ජපානය කෙරෙහි වඩාත් මිත්‍රශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කළ දේවොන්ගුන්ගේ පක්ෂයට ආධාර ක‍ළහ.

1895 ඔක්තෝබර් 8 දින හිමිදිරියේ, දේවොන්ගුන්ට පක්ෂපාතී හුල්ල්‍යොන්දේ භට කණ්ඩායම රාජකීය ආරක්ෂකයන් මැඬ ග්යොංබොක්ගුං මාලිගයට පහරදුන්නේ ය. දේවොන්ගුන්ගේ ප්‍රබල ආධාරකරුවකු වූ වූ බොම්සොන් සෙන්පතියාගේ නායකත්වය යටතේ හුල්ල්‍යොන්දේ නිලධාරීන් පිරිස විසින් ජපන් සෙබලුන් කණ්ඩායමකට ඇතුළුවීමට අවසර ලබා දිණි. මෙම ජපන් සෙබලුන් මාලිගය තුළට පහරදීම සඳහා මියුරාගේ මෙහෙයවීම මත බඳවා ගැනුණු පිරිසකි. අගබිසවගේ මාලිගය (ඔඛොරු මණ්ඩපය) වෙත ඇතුළුවීමෙන් පසු මෙම ඝාතකයින් විසින් "අගබිසව විය හැකි යැයි සැකකෙරුණු මාලිග [ස්ත්‍රීන්] තිදෙනකු මරාදමන ලදී. ඉන් එක් අයකු මින් අගබිසව බව තහවුරු කරගත් පසු, ඔවුහු එම සිරුරු ඔඛොරු මණ්ඩපය ඉදිරිපස පයින් වනාන්තරයේ දී දවා, අළු විසුරුවා හැරියහ."[3] මියයන විට ඇගේ වයස අවුරුදු 43කි.[4]

මින් අගබිසවගේ ඝාතනයෙන් පසු, විදේශ බලවේගවලවලට සිය සිතැඟි අනුව කටයුතු කිරීමට මගපෑදිණි.[5] මේ පිළිබඳ එල්ල වූ අන්තර්ජාතික විවේචන සංසිඳුවීම පිණිස ජපන් රජය "මියුරාව නැවත කැඳවා, හිරෝෂිමා දිස්ත්‍රික් අධිකරණය යටතේ ඔහුට නඩුපවරන ලදී. එයට දායක වූ යුධ නිලධාරීන්ව යුධ අධිකරණයට යොමුකෙරිණි. ප්‍රමාණවත් සාක්ෂි නොමැති වීම හේතුවෙන් ඔවුන් සියල්ල වරදකරුවන් නොවන බව ප්‍රකාශයට පත්කෙරිණි."[4]

කෙසේනමුත්, මෙම ඝාතනය "කෙටි හිසකෙස් පණත් නියෝගය" (단발령, 斷髮令) සමග ඇති වූ කොරියාවේ ජපන්-විරෝධී ආකල්පය පොළඹවාලී ය. ඇතැම් කොරියානුවන් විසින් ඉයුල්මි ධර්මිෂ්ට හමුදා නම් වූ හමුදා සංවිධානය කරමින් දීපව්‍යාප්තව විරෝධතා සංවිධානය කරන ලදී.[6] අගබිසවගේ ඝාතනයෙන් පසු, ගෝජොං රජු සහ කිරුළහිමි කුමරු (පසුව කොරියාවේ සුන්ජොං අධිරාජයා) 1896දී, රුසියානු තානාපති වෙත පලාගියහ. මෙය ජපන් පාලනය යටතේ සිදු වූ ගැබෝ ප්‍රතිසංස්කරණය අවලංගු කිරීමට හේතු විය.[6] 1897 ඔක්තෝබර් මස, ගෝජොං රජු ග්යොංගුංගුං (නූතන දොක්සුගුං) වෙත යළි පැමිණියේ ය. එහි දී ඔහු කොරියානු අධිරාජ්‍යය ප්‍රකාශයට පත්කළේ ය.[6]

චරිත නිරූපණය

[සංස්කරණය]

මියොංසොං අධිරාජිනී නිළි දෙපළ

[සංස්කරණය]

වාර්තා වන ආකාරයට, නිළි ලී මි-යොන් KBS ආයතනය සමග ගිවිසුමක් අත්සන් කළේ කථාංග 100කට පමණි. නමුත් ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර හේතුවෙන් KBS නාළිකාවට කතාමාලාව මුලින් සැලසුම් කළ පරිදි කථාංග 100කට වඩා දීර්ඝ කිරීමට අවශ්‍ය විය. ලී මි-යොන් හට රඟපෑමට අවශ්‍යව තිබුණේ මුල් ගිවිසුම අනුව කථාංග 100කට පමණක් බැවින්, ඉන් ඉදිරියට කථාංග නිරූපණය ඇය ප්‍රතික්ෂේප කළා ය. කෙසේනමුත්, KBS නාළිකාව විසින් කථාව තවත් දීර්ඝ කොට චෝයි මියුං-ගිල් එම චරිතය සඳහා යොදාගැනිණි. මේ නිසා ලී මි-යොන්ගේ රංගනය 81වන කථාංගය තෙක් දක්නට ලැබෙන අතර, චෝයි මියුං-ගිල් විසින් 82වන කථාංගයේ සිට ඉදිරියට එම චරිතය නිරූපණය කරන ලදී. OST සංගීත වීඩියෝව සඳහා ලී මි-යොන් නිරූපණය කළ මරණ දර්ශනය සමග මෙය වරදවා වටහා නොගත යුතු ය.

සම්මාන

[සංස්කරණය]
2001 KBS නාට්‍ය සම්මාන
  • විශිෂ්ටතම සම්මානය, නිළිය: ලී මි-යොන්
  • හොඳම සහාය නළුවා: කිම් සුං-හ්වන්
  • හොඳම සහාය නිළිය: කිම් බෝ-මි
  • වසරේ PD සම්මානය: යූන් චං-බුම්
2002 බෙක්සං කලා සම්මාන
2002 KBS නාට්‍ය සම්මාන

මේවාත් බලන්න

[සංස්කරණය]

ආශ්‍රේයයන්

[සංස්කරණය]
  1. ^ පාක්, ජොං-හ්යෝ (박종효) (1 ජනවාරි 2002). "일본인 폭도가 가슴을 세 번 짓밟고 일본도로 난자했다". සින්ඩොංගා 新東亞. pp. 472–485. {{cite news}}: Unknown parameter |trans_title= ignored (|trans-title= suggested) (help)
  2. ^ "කොරියන් විමෙන් ඉන් රෙසිස්ටන්ස් ටු ද ජැපනීස්". 2002-03-08 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
  3. ^ බ්යොං-කුක් කිම්, "ඇසැසිනේෂන් ඔෆ් එම්ප්‍රස් මියොංසොං," කොරියා ටයිම්ස්, 28 දෙසැම්බර් 2001
  4. ^ a b "ක්වීන් මින්". 2006-02-17 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
  5. ^ එස්. සී. එම්. පේන්, ද සයිනො-ජැපනීස් වෝ ඔෆ් 1894–1895: පර්සිප්ෂන්ස්, පවර්, ඇන්ඩ් ප්‍රයිමසි (කේම්බ්‍රිජ්: කේම්බ්‍රිජ් යුනිවර්සිටි ප්‍රෙස්, 2003), පි. 316[permanent dead link]
  6. ^ a b c 아관파천 (කොරියානු බසින්). නේවර්/දූසන් විශ්වකෝෂය.
  7. ^ නිල වශයෙන් "යොංබෝ නිවසේ ලී ග්වයි-ඉන්" ලෙස හඳුන්වයි.
  8. ^ නිල වශයෙන් "යි වංශයේ හන්චං, අභ්‍යන්තර කුමරුගේ වල්ලභ කුමරිය" ලෙස හඳුන්වයි.
  9. ^ නිල වශයෙන් "යෝහ්‍යුං, යෝහ්‍යුං මින් වංශයේ මහා අභ්‍යන්තර කුමරුගේ වල්භ කුමරිය" ලෙස හඳුන්වයි.
  10. ^ නිල වශයෙන් "ප්යොංග්යෑං ජෝ වංශයේ සින්ජොං රැජින" ලෙස හඳුන්වයි.
  11. ^ අන්දොං කිම් වංශයේ චෝලින් අගබිසව බැව් පෙනේ; චොල්ජොංගේ රැජිනයි.
  12. ^ අන්දොං කිම් වංශයේ හ්යෝහ්යොන් රැජින බැව් පෙනේ; හොන්ජොං රජුගේ අගබිසවයි.

බාහිර සබැඳි

[සංස්කරණය]


සැකිල්ල:SouthKorea-tv-stub