එඩ්වින් ආරියදාස

විකිපීඩියා වෙතින්

එඩ්වින් ආරියදාස
උපත
විජේතුංග කරුනාරත්න එඩ්වින් ආරියදාස

3 දෙසැම්බර් 1922(1922-12-03)
මියගිය දිනය22 January 2021(2021-01-22) (වයස 98)
කොළඹ, ශ්‍රී ලංකාව
ජාතිකත්වයශ්‍රී ලාංකික
අධ්‍යාපනය උණවටුන ⁣බෞද්ධ මිශ්‍ර පාසල
මහින්ද විද්‍යාලය
ලංකා විශ්වවිද්‍යාලය
වෙබ් අඩවියhttp://edwinariyadasa.org

කලා කීර්ති විජේතුංග කරුණාරත්න එඩ්වින් ආරියදාස (3 දෙසැම්බර් 1922 - 22 ජනවාරි 2021:), ජනප්‍රිය එඩ්වින් ආරියදාස ලෙසින් හඳුන්වනු ලැබුවේ ශ්‍රී ලාංකික සිංහල මාධ්‍යවේදියෙකි. ඔහු ප්‍රසිද්ධ පුවත්පත් කතුවරයෙකු, ලේඛකයෙකු සහ මාධ්‍ය උපදේශකයෙකු විය. ශ්‍රී ලාංකේය මාධ්‍යයේ ප්‍රතිමූර්තියක් ලෙස සැලකෙන ඔහු ද්විභාෂා සන්නිවේදනයේ පුරෝගාමියෙකු වූ අතර ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි භාෂාවෙන් සිංහල සිනමාව ගැන ලිවීය. සන්නිවේදන විෂය සාමාන්‍ය ජනතාව අතරට සමීප කළ පුරෝගාමී ගුරුවරයාද ඔහුය.

අධ්‍යාපන පසුබිම[සංස්කරණය]

ආරියදාස 1922 දෙසැම්බර් 3 වන දින ශ්‍රී ලංකාවේ ගාල්ලේ උණවටුනේදී පවුලේ බාලයා ලෙස උපත ලැබීය. ඔහුගේ පියා වී.කේ.ඒබ්‍රහම් අප්පුහාමි ගොවියකු වූ අතර මව සිසිලියානා හාමිනේ ගෘහණියකි. ඔහුට වැඩිමහල් සහෝදරයන් තිදෙනෙක් සහ වැඩිමහල් සහෝදරියන් දෙදෙනෙක් සිටියහ. ඔහුගේ පියා විසින් නම් කළද, ඔහුගේ වැඩිමහල් සොහොයුරිය වන දයාවතී ඔහුගේ නම අප්පුහාමි වෙනුවට ආරියදාස ලෙස වෙනස් කර ඇත. ඔහු උණවටුනේ බෞද්ධ මිශ්‍ර පාසලෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලැබූ අතර, ගාල්ල මහින්ද විද්‍යාලයෙන් ද්විතීයික අධ්‍යාපනය ලබා ඇත.

ඔහු 1945 දී ලංකා විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ අතර සිංහල සහ ඉංග්‍රීසි භාෂාවලින් උපාධියක් ලබා සමත් විය. ඔහු කලක් මහින්ද විද්‍යාලයේ ඉගැන්වූ අතර පසුව ඔහු නැවත කොළඹට පැමිණ සාමාන්‍ය රක්ෂණ සමාගමේ ලේකම් ලෙස සේවය කළේය.

මාධ්‍ය ජීවිතය[සංස්කරණය]

මාධ්‍ය ජීවිතය ආරම්භ කිරීමට පෙර ඔහු මහින්ද විද්‍යාලයේම ගුරුවරයකු ලෙස ද පසුව එවකට ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමේ ඉහළ වැටුප් ලබන රැකියාවක ද නිරත විය. කෙසේ වෙතත්, ඔහු මේ කාලය තුළ පුවත්පත් සඳහා විවිධ ලිපි ලියා ඇත. ඔහු අවුරුදු දොළහේදී සිළුමිණ පුවත්පතට ලියන අතර එවකට එය හැඳින්වූයේ ෂඨ දහයේ විශ්ව විද්‍යාලය යනුවෙනි. වෘත්තීය මාධ්‍යවේදියෙකු ලෙස ඉංග්‍රීසි බසින් ලිවීමට ඩේලි නිවුස් පුවත්පතට සම්බන්ධ වන ඔහු පියසේන නිශ්ශංක මහතාගේ මගපෙන්වීම යටතේ දිනමිණට සම්බන්ධ වෙයි. 1949 මාර්තු 3 දින ඔහු ලේක්හවුස් ආයතනයට සම්බන්ධ විය. ලේක්හවුස් ආයතනයේදී ඔහු බොහෝ ලේක්හවුස් ප්‍රකාශනවල කර්තෘ මණ්ඩල සාමාජිකයෙක් විය. ඔහු දිවයින, ඩේලි නිවුස්, සන්ඩේ ඔබ්සර්වර්, සිළුමිණ,ජනතා පුවත්පතේ කර්තෘ මණ්ඩලයේ සිටි අතර "නවනුගය" ප්‍රධාන කර්තෘවරයා විය. ඉංග්‍රීසි කතුවැකි සිංහලට පරිවර්තනය කරනවා වෙනුවට ආරියදාස තරුණයා සමඟ එක්ව සිංහල කතුවැකි සිංහලෙන් ලිවීමට පුරෝගාමී වූයේ පියසේන නිශ්ශංකය. ඔහු 1949 මාර්තු 11 වැනිදා සිනමාව පිළිබඳ මුල්ම ලිපිය ලිව්වා.හැම්ලට් චිත්‍රපටය ගැන ඔහු ලිව්වේ ‘සිංහල චිත්‍රපති කරයින්ට ආදර්ශ පාඨයක්’ (‘සිංහල සිනමාකරුවන්ට ආදර්ශමත් පාඩමක්’) යන මැයෙන්. 1950 දී ඔහු එම වසරේ සිංහල චිත්‍රපට ගැන සන්ඩේ ඔබ්සර්වර් පුවත්පතට ‘සිංහල චිත්‍රපට’ තීරුව ද ලිවීය. මෙය ඉංග්‍රීසි භාෂාවෙන් ලියන ලද ශ්‍රී ලංකාවේ සිංහල චිත්‍රපට පිළිබඳ පළමු වාර්ෂික සමාලෝචනයයි. ඔහු ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන විෂයයෙහි ජන සන්නිවේදනය අධ්‍යයනය ආරම්භ කළේය. 1969 දී ඔහු දෙහිවල කනිෂ්ඨ කාර්මික විද්‍යාලයේ පාඨමාලාවක් ආරම්භ කළේය. ඔහු කැලණිය විශ්වවිද්‍යාලයේ ජන සන්නිවේදනය ඉගැන්වීම සඳහා පළමු විෂය නිර්දේශය සකස් කළේය. එසේම, ඔහු ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ මාධ්‍ය අධ්‍යයන හඳුන්වාදීම හා සම්බන්ධ විය. කොළඹ විශ්ව විද්‍යාලයේ ජනසන්නිවේදන ඩිප්ලෝමාව සමාරම්භක අවස්ථාවට ඔහු බෙහෙවින් බලපෑවේය. මහාචාර්ය විමල් දිසානායක සහ එඩ්වින් ආරියදාස පසුව කැලණිය විශ්වවිද්‍යාලයේ ජන සන්නිවේදනය විෂයයෙහි පුරෝගාමී වූහ. මේ අතර 1995 සරසවිය සම්මාන උලෙළේ ජූරි සභිකයකු ද 2002 සරසවිය සම්මාන උලෙළේ ජූරියේ සභාපතිවරයා ද වූ ඔහු 2007 සරසවිය සම්මාන උළෙලේදී සිනමා සාහිත්‍යයට කළ මෙහෙවර වෙනුවෙන් රණපාල බෝධිනාගොඩ අනුස්මරණ සාහිත්‍ය සම්මානයෙන් ද පිදුම් ලැබුවේය. අන්තරජලය' (අන්තර්ජාලය), 'මධ්‍ය රූප' (මාධ්‍ය රූප) සහ 'සජිවිකරණය' (සජීවීකරණය) වැනි ඉංග්‍රීසි යෙදුම් සඳහා නව සිංහල යෙදුම් හඳුන්වාදීම සම්බන්ධයෙන් එඩ්වින් ආරියදාස මහතා ඇගයීමට ලක් වේ.

"https://si.wikipedia.org/w/index.php?title=එඩ්වින්_ආරියදාස&oldid=543125" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි