ලහිරු තිරිමාන්න

විකිපීඩියා වෙතින්
ලහිරු තිරිමාන්න
පුද්ගලික තොරතුරු
සම්පූර්ණ නමහෙට්ටිගේ දොන් රුමේෂ් ලහිරු තිරිමාන්න
උපතසැප්තැම්බර් 8, 1989
මොරටුව
පිතිකරන විලාසයවමත් ආරම්භක පිතිකරු
පන්දුයැවීම් විලාසයදකුණත් මඳ වේග පන්දු යවන්නා

හෙට්ටිගේ දොන් රුමේෂ් ලහිරු තිරිමාන්න (ඉංග්‍රීසි: Hettige Don Rumesh Lahiru Thirimanne, දෙමළ: லாகிரு திரிமன்னே) ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සිටින ආරම්භක වමත් පිතිකරුවෙකු හා දකුණත් මඳ වේග පන්දු යවන්නෙකු වේ. බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හදාරා එම විද්‍යාලයේ 11න් පහල ක්‍රිකට් කණ්ඩායමට පළමු වරට තරඟ කරන ලදී. පසුව මොරටුව වේල්ස් කුමර විද්‍යාලයට ඇතුලත්වී එහිදී වයස 13න් පහල, 15න් පහල, 17න් පහල සහ පාසල් කණ්ඩායමේ ක්‍රීඩකයෙකු වශයෙන් ක්‍රීඩා කරන ලදී. 2007 වර්ෂයේදී වයස 19න් පහල ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට තෝරා ගැනීමෙන් පසුව 2007/08 වයස 19න් පහල ක්‍රිකට් ලෝක කුසලාන කණ්ඩායමට [1] තෝරාගන්නා ලදී. එම වසරේදීම රාගම ක්‍රිකට් ක්‍රීඩා සමාජය වෙනුවෙන් පළමුපෙළ ක්‍රිකට් තරඟ සඳහා සහභාගී වූ අතර 2009/10 බංගලාදේශයේ පැවති තුන්කොන් එක්දින ජ්‍යාත්‍යන්තර තරඟාවලියේදී ඔහුට මංගල එක්දින වරම් හිමිවිය.

අන්තර්ජාතික ක්‍රීඩා ජීවිතය[සංස්කරණය]

ටෙස්ට් ක්‍රිකට් තරඟ[සංස්කරණය]

# තරඟය ලකුණු ප්‍රතිවාදීන් ඉනිම පිතිකරන ස්ථානය ස්ථානය දිනය තරඟ ප්‍රතිඵලය
[1] 10 155*  බංග්ලාදේශය 1 4 ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගනය, ගාල්ල මාර්තු 8, 2013 ජය පැරදුමෙන් තොර

එක්දින ක්‍රිකට් තරඟ[සංස්කරණය]

# තරඟය ලකුණු ප්‍රතිවාදීන් ඉනිම පිතිකරන ස්ථානය ස්ථානය දිනය තරඟ ප්‍රතිඵලය
[1] 33 102* ඕස්ට්‍රේලියාව 1 3 ඇඩිලේඩ් ඕවල් ක්‍රීඩාංගනය, ඇඩිලේඩ්, ඔස්ට්‍රේලියාව ජනවාරි 13, 2013 ජයග්‍රහණය
[2] 58 102  පාකිස්ථානය 1 2 ඛාන් සහේබ් ඔස්මාන් අලි ක්‍රීඩාංගනය,ෆතුල්ලා, බංගලාදේශය පෙබරවාරි 25, 2014 ජයග්‍රහණය
[3] 62 101  පාකිස්ථානය 2 2 ශේර් බංගලා ජාතික ක්‍රීඩාංගනය, මීර්පූර්, බංගලාදේශය මාර්තු 8, 2014 ජයග්‍රහණය

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "19න් පහල ක්‍රිකට් ලෝක කුසලාන 2008, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම". සම්ප්‍රවේශය 2014-02-25.
"https://si.wikipedia.org/w/index.php?title=ලහිරු_තිරිමාන්න&oldid=353218" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි