සංක්යුන්ක්වාන් ස්කැන්ඩල්

විකිපීඩියා වෙතින්
(අසලියා මල (රූපවාහිනී කතාමාලාව) වෙතින් යළි-යොමු කරන ලදි)
සංක්යුන්ක්වාන් ස්කැන්ඩල්
සංක්යුන්ක්වාන් ස්කැන්ඩල් සඳහා ප්‍රවර්ධන පෝස්ටරයක්
ප්‍රභේදයඓතිහාසික කාලාන්තර නාට්‍ය
ප්‍රේම කථා
හාස්‍යය
මත පදනම්වජුං ඉයුන්-ග්වොල්ගේ The Lives of Sungkyunkwan Confucian Scholars ඇසුරෙන්
රචනය කලේකිම් තේ-හී
අධ්‍යක්ෂණය කලේකිම් වොන්-සොක්
හ්වං ඉන්-හ්යුක්
රඟපෑමපාක් මින්-යොං
පාක් යූචුන්
යූ ආ-ඉන්
සොං ජූං-කි
ඇරඹුම් තේමාව"찾았다" (Found You), JYJ විසිනි
අවසන් තේමාව"Too Love", ජුන්සු විසිනි
සම්භව රටදකුණු කොරියාව
භාෂාව(න්)කොරියානු
කථාංග ගණන20
නිෂ්පාදනය
විධායකනිෂ්පාදක(යෝ)ක්වක් කි-වොන්
නිෂ්පාදක(යෝ)යූ ගුන්-ෂික්
ධාවන කාලයසඳුදා සහ අඟහරුවාදා 21:55ට (KST)
නිෂ්පාදන සමාගමරේමන්ග්‍රේඉන්
ප්‍රචාරණය
මුල් නාලිකාවKBS2
මුල් ධාවනය30 අගෝස්තු 2010 (2010-08-30) – 2 නොවැම්බර් 2010 (2010-11-02)
කාලානුක්‍රමය
පූර්වගමනය වනුයේGrudge: The Revolt of Gumiho
අනුගමනය වනුයේMary Stayed Out All Night
බාහිර සබැඳි
වෙබ් අඩවිය
කොරියානු නම
හංගුල්
හන්ජා
ප්‍රතිශෝධිත රෝමානුකරණයSeonggyungwan Seukaendeul
මැකූන්–‍රයිෂවර්Sŏnggyun’gwan Sŭk'aendŭl

සංක්‍යුන්ක්වාන් ස්කැන්ඩල් (කොරියානු성균관 스캔들) යනු 2010දී විකාශය වූ දකුණු කොරියානු ප්‍රබන්ධ ඓතිහාසික නාට්‍යයකි. මෙමගින් කාන්තාවන්ට ඇතුළු වීමට අවසර නොතිබූ ජොසොන් රාජවංශයේ උසස්ම අධ්‍යාපන ආයතනය වූ සුංක්යුන්ක්වාන් වෙත ඇතුළු වන, පිරිමියකු මෙන් වෙස්වලාගත් තරුණියක් පිළිබඳ නිරූපණය වේ. මෙය අධ්‍යක්ෂණය කරන ලද්දේ කිම් වොන්-සොක් විසින් වන අතර, ලියන ලද්දේ කිම් තේ-හී විසිනි.[1][2] මෙය ජුං ඉයුන්-ග්වොල්ගේ වඩාත් අලෙවි වූ 2007 නවකථාවක් වූ ද ලයිව්ස් ඔෆ් සුංක්යුන්ක්වාන් කන්ෆියුෂියන් ස්කොලර්ස් පාදක කරගනිමින් නිර්මාණය විය.[3][4][5] එහි චරිත නිරූපණය පාක් යූචුන්, සොං ජූං-කි, යූ ආ-ඉන්, සහ පාක් මින්-යොං විසින් සිදුකරයි.[6][7][8] එය KBS2 නාළිකාව ඔස්සේ 2010 අගෝස්තු 30 සිට නොවැම්බර් 2 දක්වා සඳුදා සහ අඟහරුවාදා දිනවල 21:55ට කථාංග 20කින් යුක්තව විකාශය විය.

කථාව[සංස්කරණය]

මෙය ගෙතී ඇත්තේ කාන්තාවන්ට අධ්‍යාපනය ලැබීමට හෝ රැකියා කිරීමට අවසර නොතිබූ අවධියකයි. සිය සොයුරා වූ කිම් යූක්-ෂික් මෙන් වෙස්වලාගන්නා කිම් යූන්-හී (පාක් මින්-යොං) නැමැති තරුණිය සිය පවුලේ අගහිගකම් සපුරා ගැනීමට උත්සාහ දරයි. ඇය නොයෙකුත් රැකියා සිදුකරන අතර, මුලින් ප්‍රදේශයේ පොත්හලක සේවයට යන ඇයට, පසුව ළඟම එන ගෞරවනීය සුංක්යුන්ක්වාන් ප්‍රවේශ විභාගයට විභාග ආදේශකයකු (නීතිවිරෝධී ක්‍රියාවකි) ලෙස පෙනී සිට සිය ආදායම වැඩි කරගැනීමට අවස්ථාව සැලසේ. ඇයව අවංක ලී සුන්-ජූන්ට (පාක් යූචුන්) හසුවන අතර, පසුව යූන්-හීගේ දක්ෂතා හඳුනාගන්නා ඔහු ඇයව විශ්වවිද්‍යාලයට ඇතුළු වීමට උපකාර කරයි. එහිදී ඇයට වංශවතකු වූ ගු යොං-හා‍ගේ (සොං ජූං-කි) පීඩාවන්ට මුහුණ දීමට සිදු වන අතර, ඇයට සිය කාමරසගයා වූ මූන් ජේ-ෂින්ගේ (යූ ආ-ඉන්) විවිධ හැසිරීම්වලට ද මුහුණ දීමට සිදු වෙයි. එසේම දැඩි ශිෂ්‍ය සභාපතිවරයා වන හා ඉන්-සූ (ජුන් තේ-සූ) සමග ගැටුම් ඇතිනොකරගනිමින් සිය රහස සඟවා ගන්නා අතරම, ලී සුන්-ජූන් කෙරෙහි තම සිතෙහි දළුලන හැඟුම් පාලනය කරගැනීමටද ඇයට සිදු වෙයි.

කිම්, ලී, ගු, සහ මූන් යන සිව්දෙනා එක්ව "ජල්ගූම් සිව්දෙනාගේ කණ්ඩායම" ලෙස හඳුන්වයි (ඇතැම්විට රසිකයින් මෙය "ජොසොන් F4" ලෙස හඳුන්වයි).[9]

චරිත නිරූපණය[සංස්කරණය]

ප්‍රධාන චරිත[සංස්කරණය]

සහාය රංගනය[සංස්කරණය]

  • කං සුං-පිල්, ඉම් බ්යුං-චූන් ලෙස
  • කිම් දොං-යූන්, සෝල් ගෝ-බොං ලෙස
  • චේ බ්යුං-චන්, කං-මූ ලෙස
  • පාක් ග්‍යුන්-සූ, යූ චං-ඉක් ලෙස
  • කිම් හා-ක්‍යූන්, චෝයි ෂින්-මූක් ලෙස
  • කිම් යොං-බේ, ගෝ ජං-බොක් ලෙස
  • ඉම් යොං-පිල්, හම් චූන්-හෝ‍ලෙස
  • කිම් ජුං-ක්‍යූන්, ආන් දෝ-හ්යුන් ලෙස
  • ජං සේ-හ්‍යුන්, කිම් වූ-ටක් ලෙස
  • හ්වං චන්-සූ, බේ හේ-වොන් ලෙස
  • ජූ ආ-සුං, නම් ම්යුං-ෂික් ලෙස
  • ලී ඉන්, පාක් දල්-ජේ ලෙස
  • කිම් ඉක්-තේ, අග්‍රාමාත්‍ය චේ ජේ-ගොං ලෙස
  • හන් යුන්, කිම් යූන්-ෂික් ලෙස (යූන්-හීගේ සොයුරා)
  • චෝයි දොං-ජූන්, මූන් ග්‍යුන්-සූ ලෙස (අධිකරණ අමාත්‍ය)
  • පාක් දොං-බින්, යුධ අමාතයවරයාගේ ආරක්ෂකයා ලෙස
  • කිම් ක්වං-ක්‍යු, හ්වං-ගා ලෙස
  • ර්යු දම්, සූන්-දොල් ලෙස
  • සුං හ්යුන්-ජූ, බෝ-ද්‍යුල් ලෙස
  • ඉම් යූන්-ජුං, ඒං-ඒං ලෙස
  • ජුං හ්යේ-මි, සොම්-සොම් ලෙස
  • ලී මින්-හෝ, බොක්-සූ ලෙස (සුළු සොරා)
  • කිම් දොං-හ්යුන්, බොක්-දොං ලෙස (සේවක ළමයා)
  • පාක් චුල්-මින්, හන්සොංබු නිලධාරියකු ලෙස
  • ලී දල්-හ්‍යුං, ගු යොං-හාගේ පියා ලෙස
  • බං ජූන්-සෝ, ළමා කිම් යූන්-හී ලෙස
  • ලී වොන්-ජොං, බක්-සූ යකැදුරුවරයා ලෙස (පසුබිම් රංගනය, කථාංගය 8)
  • ඕ නා-මි, හ්යෝ-ඉයුන්ගේ මිතුරිය ලෙස (පසුබිම් රංගනය, කථාංගය 10)
  • සියෝ ජි-යූන්, විශ්‍රාමලත් ගිසෙංවරිය ලෙස (පසුබිම් රංගනය)

පිළිගැනීම[සංස්කරණය]

මෙම කතාමාලාව ඉහළ ප්‍රේක්ෂක ආකර්ෂණයක් හිමිකරගැනීමට සමත් විය.[20][21][22][23] එහි ජනප්‍රියත්වය කොතෙක් ද යන්න, එහි නිලවෙබ්අඩවියේ පණිවිඩ පුවරුවේ වූ ඉතා ඉහළ මාර්ගස්ථ ක්‍රියාකාරකම් සංඛ්‍යාව මගින් සහ සහ ජනප්‍රිය ද්වාරයක් වූ ඩීසී ඉන්සයිඩ් තුළ KBS වෙබ්අඩවියේ කථාංග විචාරයන් ගණනාව මගින් මෙන්ම අලෙවි වූ ඩීවීඩී සහ OST ඇල්බම ඒකක ගණන මගින් ද පැහැදිළි වේ.[24][25] පාක් යූ-චුන්ගේ සංගීත කණ්ඩායම වූ JYJ මගින් මෙහි නාදපථය නිර්මාණය කෙරුණු අතර, සති දෙකක් තුළ එහි පිටපත් 110,000ක් අලෙවි විය.[26]

ඇගයීම්[සංස්කරණය]

කථාංගය # මුල් විකාශන දිනය සාමාන්‍ය ප්‍රෙක්ෂක ප්‍රතිශතය
TNmS ඇගයීම්[27] AGB නීල්සන්[28]
දීපව්‍යාප්ත සෝල් ජාතික අගනුවර පෙදෙස දීපව්‍යාප්ත සෝල් ජාතික අගනුවර පෙදෙස
1 30 අගෝස්තු 2010 7.7% 8.6% 6.3% 8.7%
2 31 අගෝස්තු 2010 7.2% 8.2% 6.3% 9.0%
3 6 සැප්තැම්බර් 2010 8.0% 8.1% 7.3% 9.3%
4 7 සැප්තැම්බර් 2010 7.6% 8.0% 7.5% 8.8%
5 13 සැප්තැම්බර් 2010 7.8% 8.1% 8.0% 9.5%
6 14 සැප්තැම්බර් 2010 8.0% 7.8% 8.4% 8.4%
7 20 සැප්තැම්බර් 2010 9.7% 9.0% 8.7% 9.0%
8 21 සැප්තැම්බර් 2010 8.2% 8.2% 7.9% 9.5%
9 27 සැප්තැම්බර් 2010 9.8% 9.2% 9.2% 9.6%
10 28 සැප්තැම්බර් 2010 10.1% 9.3% 10.2% 10.6%
11 4 ඔක්තෝම්බර් 2010 9.2% 8.8% 10.4% 10.5%
12 5 ඔක්තෝම්බර් 2010 9.9% 9.7% 10.7% 11.1%
13 11 ඔක්තෝම්බර් 2010 11.2% 11.1% 12.8% 13.1%
14 12 ඔක්තෝම්බර් 2010 10.3% 10.1% 10.9% 10.9%
15 18 ඔක්තෝම්බර් 2010 13.0% 13.0% 13.1% 14.0%
16 19 ඔක්තෝම්බර් 2010 13.7% 13.7% 14.3% 15.1%
17 25 ඔක්තෝම්බර් 2010 12.9% 13.1% 13.0% 13.9%
18 26 ඔක්තෝම්බර් 2010 12.0% 11.9% 12.6% 13.4%
19 1 නොවැම්බර් 2010 12.5% 12.2% 11.8% 12.6%
20 2 නොවැම්බර් 2010 13.3% 13.2% 12.8% 13.4%
සාමාන්‍යය 10.1% - 10.1% -

සම්මාන සහ නිර්දේශ[සංස්කරණය]

වර්ෂය සම්මානය ප්‍රවර්ගය පුද්ගලයා ප්‍රතිඵලය
2010
KBS නාට්‍ය සම්මාන[29]
විශිෂ්ටතම සම්මානය, නළුවා කිම් කප්-සූ දිනාගති
විශිෂ්ට සම්මානය, මධ්‍යම-දිගැති නාට්‍යයක නළුවා සොං ජූං-කි නිර්දේශිත
විශිෂ්ට සම්මානය, මධ්‍යම-දිගැති නාට්‍යයක නිළිය පාක් මින්-යොං දිනාගති
හොඳම නවක නළුවා පාක් යූචුන් දිනාගති
යූ ආ-ඉන් නිර්දේශිත
නෙටිසනස්' සම්මානය, නළුවා පාක් යූචුන් දිනාගති
සොං ජූං-කි නිර්දේශිත
යූ ආ-ඉන් නිර්දේශිත
නෙටිසන්ස්’ සම්මානය, නළුවා පාක් මින්-යොං දිනාගති
ජනප්‍රිය සම්මානය, නළුවා සොං ජූං-කි දිනාගති
හොඳම යුවල සම්මානය පාක් යූචුන් සහ පාක් මින්-යොං දිනාගති
යූ ආ-ඉන් සහ සොං ජූං-කි දිනාගති
2011
47වන බෙක්සං කලා සම්මාන[30]
හොඳම නාට්‍යය සංක්යුන්ක්වාන් ස්කැන්ඩල් නිර්දේශිත
හොඳම නිළිය (TV) පාක් මින්-යොං නිර්දේශිත
හොඳම නවක අධ්‍යක්ෂක (TV) කිම් වොන්-සොක් දිනාගති
හොඳම නවක නළුවා (TV) පාක් යූචුන් දිනාගති
වඩාත් ජනප්‍රිය නළුවා (TV) පාක් යූචුන් දිනාගති
6වන සෝල් අන්තර්ජාතික නාට්‍ය සම්මාන[31][32]
කැපීපෙනෙන කොරියානු නාට්‍යය සංක්‍යුන්ක්වාන් ස්කැන්ඩල් දිනාගති
කැපීපෙනෙන කොරියානු නළුවා පාක් යූචුන් දිනාගති
කැපීපෙනෙන කොරියානු නිළිය පාක් මින්-යොං නිර්දේශිත
කැපීපෙනෙන කොරියානු නාට්‍ය OST "Found You" - JYJ නිර්දේශිත
ජනතා තේරීම සම්මානය පාක් යූචුන් දිනාගති
4වන කොරියා නාට්‍ය සම්මාන[33]
හොඳම නාට්‍යය සංක්‍යුන්ක්වාන් ස්කැන්ඩල් නිර්දේශිත
හොඳම අධ්‍යක්ෂක කිම් වොන්-සොක් දිනාගති
හොඳම නිළිය පාක් මින්-යොං නිර්දේශිත
හොඳම නවක නළුවා පාක් යූචුන් නිර්දේශිත
සොං ජූං-කි නිර්දේශිත
හොඳම නවක නිළිය කිම් මින්-සෝ නිර්දේශිත
38වන කොරියා විකාශන සම්මාන
හොඳම මධ්‍යම-දිගැති නාට්‍යය සංක්‍යුන්ක්වාන් ස්කැන්ඩල් දිනාගති
2012
55වන නිව් යෝක් ෆෙස්ටිවල්ස් අන්තර්ජාතික
රූපවාහිනී සහ චිත්‍රපට සම්මාන[34][35][36]
හොඳම කෙටි මාලානාට්‍යය සඳහා ලෝකඩ ලෝක පදක්කම සංක්‍යුන්ක්වාන් ස්කැන්ඩල් දිනාගති

අන්තර්ජාතික විකාශය[සංස්කරණය]

  •  JPN - මෙය Tokimeki: Sungkyunkwan Scandal (トキメキ☆成均館スキャンダル) යන තේමාව ඔස්සේ 2011 සැප්තැම්බර් 14 සිට නොවැම්බර් 24 දක්වා ටීවී ටෝකියෝ නාළිකාව මගින් විකාශය කරන ලදී.
  • සැකිල්ල:රටේ දත්ත MAS - ntv7 ඔස්සේ විකාශය විය.
  •  SRI - අසලියා මල යන තේමාව ඔස්සේ ITN ඔස්සේ විකාශය කරන ලදී.
  •  INA - indosiar නාළිකාව ඔස්සේ විකාශය විය.
  •  PHL - Secret Love: Sungkyunkwan Scandal යන තේමාව ඔස්සේ ABS-CBN නාළිකාව ඔස්සේ විකාශය විය.
  • සැකිල්ල:රටේ දත්ත RO - Scandalul (ද ස්කැන්ඩල්) යන තේමාව ඔස්සේ Euforia TV නාළිකාවෙන් විකාශය විය.
  •  THA - Bandit Nasai Huajai Wawun (บัณฑิตหน้าใส...หัวใจว้าวุ่น) යන තේමාව ඔස්සේ චැනල් 7 නාළිකාව ඔස්සේ විකාශය විය.

නාට්‍යමය ප්‍රභේද[සංස්කරණය]

මෙම කතාමාලාව නාට්‍යමය සංස්කරණයක් බවට පත්කොට ජපන් සිනමා ශාලාවන්හි 2011 මැයි 6–19 තෙක් "ඩොකිමෙකි☆ඉකෙමෙන් ෆෙස්ටිවල්"හි කොටසක් ලෙස විකාශය කරන ලදී[37]

සංක්‍යුන්ක්වාන් ස්කැන්ඩල්හි පළමු සංවත්සරය සැමරීමට කොරියානු කේබල් නාළිකාවක් වූ QTV (ටර්නර් විකාශන පද්ධතිය සහ ජූංඇං ඉල්බෝහි අනුබද්ධ IS ප්ලස් හි හවුල් ව්‍යාපාරයක් වන) මෙම කතාමාලාව යළි සංස්කරණය කොට පැය දෙකේ රූපවාහිනී චිත්‍රපටයක් බවට පත්කොට 2011 සැප්තැම්බර් 10 දින විකාශය කරන ලදී.[38]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. කං, මුයොං-සොක්; චෝයි, ජි-ඉයුන් (5 නොවැම්බර් 2010). "ඉන්ටර්විව්: KBS ඩ්‍රාමා සුංක්‍යුන්ක්වාන් ස්කැන්ඩල් රයිටර් කිම් තේ-හී - පාට් 1". 10Asia. සම්ප්‍රවේශය 2012-11-18.
  2. කං, මුයොං-සොක්; චෝයි, ජි-ඉයුන් (5 නොවැම්බර් 2010). "ඉන්ටර්වීව්: KBS ඩ්‍රාමා සුංක්‍යුන්ක්වාන් ස්කැන්ඩල් රයිටර් කිම් තේ-හී - පා‍ට් 2". 10Asia. සම්ප්‍රවේශය 2012-11-18.
  3. "ද ලයිව්ස් ඔෆ් සුංක්යුන්ක්වාන් කන්ෆියුෂියන් ස්කොලර්ස්". හන් බුක්ස්. සම්ප්‍රවේශය 2012-11-02.
  4. ලී, ජි-හ්යේ; කිම්, ජෙසිකා (18 අගෝස්තු 2010). "3 කීපොයින්ට්ස් ඔෆ් ඇට්‍රෑක්ෂන් ෆෝ ටීවී සීරීස් සුංක්යුන්ක්වාන් ස්කැන්ඩල්". 10ඒෂියා. සම්ප්‍රවේශය 2012-11-18.
  5. පාක්, මින්-යොං (27 දෙසැම්බර් 2010). "ෂෝට්කට් ටු බෙස්ට්සෙලර්: පුට් ඉට් ඔන් පොපියුලර් ඩ්‍රාමා". ද කොරියා හෙරල්ඩ්. සම්ප්‍රවේශය 2013-03-26.
  6. ලී, ජි-හ්යේ; කිම්, ලින් (16 ජූලි 2010). "KBS ටීවී සීරීස් සුංක්යුන්ක්වාන් ස්කැන්ඩල් ප්‍රෙස් කොන්ෆ් - පාට් 1". 10ඒෂියා. සම්ප්‍රවේශය 2012-11-18.
  7. ලී, ජි-හ්යේ; හොං, ලුෂියා (16 ජූලි 2010). "KBS ටීවී සීරීස් සුංක්යුන්ක්වාන් ස්කැන්ඩල් ප්‍රෙස් කොන්ෆ් - පාට් 2". 10ඒෂියා. සම්ප්‍රවේශය 2012-11-18.
  8. ලී, ජි-හ්යේ; කිම්, ජෙසිකා (18 අගෝස්තු 2010). "සොං ජූං-කි සේස් විල් සජෙස්ට් මයිකි බෙඩ් සීන් ඉෆ් රේටිංස් ෆොල්". 10ඒෂියා. සම්ප්‍රවේශය 2012-11-18.
  9. ලී, ගා-ඔන්; ලී, ස්‍යුං-හන් (31 දෙසැම්බර් 2010). "2010 10ඒෂියා'ස් රවෝඩ්ස්: "තෑන්ක් යූ" ලිස්ට්". 10ඒෂියා. සම්ප්‍රවේශය 2012-11-18.
  10. වී, ග්‍යුන්-වූ (1 දෙසැම්බර් 2010). "ඉන්ටර්වීව්: ඇක්ට්‍රස් පාක් මින්-යොං - පාට් 1". 10ඒෂියා. සම්ප්‍රවේශය 2012-11-18.
  11. වී, ග්‍යුන්-වූ (1 දෙසැම්බර් 2010). "ඉන්ටර්වීව්: ඇක්ට්‍රස් පාක් මින්-යොං - පාට් 2". 10ඒෂියා. සම්ප්‍රවේශය 2012-11-18.
  12. වී, ග්‍යුන්-වූ (1 දෙසැම්බර් 2010). "ඉන්ටර්වීව්: ඇක්ට්‍රස් පාක් මින්-යොං - පාට් 3". 10ඒෂියා. සම්ප්‍රවේශය 2012-11-18.
  13. ලී, ස්‍යුං-හන් (5 පෙබරවාරි 2011). "පාක් මින්-යොං'ස් සෝං පික්ස්". 10ඒෂියා. සම්ප්‍රවේශය 2012-11-18.
  14. හන්, සං-හී (22 අගෝස්තු 2010). "මයිකි'ස් වැලෙන්ජ්: ෆ්‍රොම් අයිඩල් ටු ඇක්ටර්". ද කොරියා ටයිම්ස්. සම්ප්‍රවේශය 2012-11-18.
  15. චෝයි, ජි-ඉයුන් (12 නොවැම්බර් 2010). "ඉන්ටර්වීව්: ඇක්ටර් යූ ආ-ඉන් - පාට් 1". 10ඒෂියා. සම්ප්‍රවේශය 2012-11-18.
  16. චෝයි, ජි-ඉයුන් (12 නොවැම්බර් 2010). "ඉන්ටර්වීව්: ඇක්ටර් යූ ආ-ඉන් - පාට් 2". 10ඒෂියා. සම්ප්‍රවේශය 2012-11-18.
  17. ලී, ජි-හ්යේ (8 දෙසැම්බර් 2010). "ඇක්ටර් යූ ආ-ඉන්'ස් සෝං පික්ස්". 10ඒෂියා. සම්ප්‍රවේශය 2012-11-18.
  18. ලී, ජි-හ්යේ (28 ජනවාරි 2011). "ඇක්ටර් යූ ආ-ඉන්'ස් මූවී පික්ස්". 10ඒෂියා. සම්ප්‍රවේශය 2012-11-18.
  19. වී, ග්‍යුන්-වූ (14 සැප්තැම්බර් 2010). "මයි නේම් ඊස්: ජුන් තේ-සු". 10ඒෂියා. සම්ප්‍රවේශය 2012-11-18.
  20. චෝයි, ජි-ඉයුන් (31 දෙසැම්බර් 2010). "2010 10ඒෂියා'ස් අවෝඩ්ස්: ඩ්‍රාමා ඇන්ඩ් ඩිරෙක්ටර් ඔෆ් ද ඉයර්". 10ඒෂියා. සම්ප්‍රවේශය 2012-11-18.
  21. කිම්, හෙයිඩි (3 නොවැම්බර් 2010). "SBS ජයන්ට් ඔන් ටොප් ටීවී චාට්ස් ෆෝ ෆයිව් ස්ට්‍රේට් වීක්ස්". 10ඒෂියා. සම්ප්‍රවේශය 2012-11-18.
  22. "ටැලන්ටඩ් යන්ග් හන්ක්ස් ඩ්‍රෝ යන්ග් ෆීමේල් ෆෑන්ස් ටු ටීවී ඩ්‍රාමාස්". ද චෝසුන් ඉල්බෝ. 1 පෙබරවාරි 2012. සම්ප්‍රවේශය 2012-11-18.
  23. "බස්වර්ඩ්ස් ඔෆ් ඉයර් 2010 ඉන් පොප් කල්චර්". KBS ග්ලෝබල්. 17 දෙසැම්බර් 2010. සම්ප්‍රවේශය 2013-06-29.
  24. '성스' 제작진 "우리도 연장하고 싶다". යොන්හප් (කොරියානු බසින්). 24 ඔක්තෝබර් 2010. සම්ප්‍රවේශය 2012-11-18.
  25. හොං, ලුෂියා (25 අප්‍රේල් 2011). "සුංක්යුන්ක්වාන් ස්කැන්ඩල් ඩීවීඩී එන්ටර්ස් ඔරිකන් චාට් ඉන් ටොප් 5". 10ඒෂියා. සම්ප්‍රවේශය 2012-11-18.
  26. "동방신기 3人 '성균관스캔들' OST 2주만에 11만장 판매 기염". Newsen (කොරියන් බසින්). 2010-09-29. සම්ප්‍රවේශය 10 අප්‍රේල් 2013.{{cite web}}: CS1 maint: unrecognized language (link)
  27. "TNMS ඩේලි රේටිංස්: this links to current day-select the date from drop down menu". TNMS රේටිංස් (කොරියානු බසින්). සම්ප්‍රවේශය 2010-08-30.
  28. "AGB ඩේලි රේටිංස්: this links to current day-select the date from drop down menu". AGB නීල්සන් මීඩියා රිසර්ච් (කොරියානු බසින්). සම්ප්‍රවේශය 2010-08-30.
  29. චෝ, බුම්-ජා (3 ජනවාරි 2010). "ජං හ්යුක් ස්කෝර්ස් ටොප් ප්‍රයිස් ඇට් KBS ඩ්‍රාමා අවෝඩ්ස්". 10ඒෂියා. සම්ප්‍රවේශය 2012-11-18.
  30. හොං, ලුෂියා (27 මැයි 2011). "හ්යුන් බින්, ලී බ්යුං-හුන් වින් ටොප් ප්‍රයිසස් ඇට් පෙක්සං" 10ඒෂියා. සම්ප්‍රවේෂණය 2012-11-28
  31. "අවුට්ස්ටෑන්ඩිං කොරියා ඩ්‍රාමා ප්‍රයිස් කැටගරි". සෝල් අන්තර්ජාතික නාට්‍ය සම්මාන - Archive. 31 අගෝස්තු 2011. සම්ප්‍රවේශය 2012-11-18.
  32. හොං, ලුෂියා (1 සැප්තැම්බර් 2011). "වයිනීස් සීරීස් ත්‍රී කිංඩම්ස් වින්ස් ග්‍රෑන්ඩ් ප්‍රයිස් ඇට් සෝල් ඩ්‍රාමා අවෝඩ්ස්" 10ඒෂියා. සම්ප්‍රවේෂණය 2012-11-28
  33. "විනර්ස් ඔස් ද 2011 කොරියා ඩ්‍රාමා අවෝඩ්ස්". කොරියා සංචාරක සංවිධානය. 10 ඔක්තෝබර් 2011. සම්ප්‍රවේශය 2014-02-04.
  34. "කොරියන් ඩ්‍රාමා වින්ස් යූ.එස්. ටීවී ෆෙස්ටිවල් අවෝඩ්". ද චෝසුන් ඉල්බෝ. 19 April 2012. සම්ප්‍රවේශය 2012-11-18.
  35. චෝ, චුං-උන් (19 අප්‍රේල් 2012). "සංක්‍යුන්ක්වාන් ස්කැන්ඩල් වින්ස් බ්‍රෝන්ස් අවෝඩ් ඇට් N.Y. ටීවී ෆෙස්ටිවල්". ද කොරියා හෙරල්ඩ්. සම්ප්‍රවේශය 2012-11-18.
  36. සුක්, මොනිකා (19 අප්‍රේල් 2012). "පාක් යුචුන්'ස් සංක්‍යුන්ක්වාන් ස්කැන්ඩල් ගානර්ස් බ්‍රොන්ස් ඇට් NY ඉන්ටර්නැෂනල් ටීවී ෆෙස්ටිවල්". 10ඒෂියා. සම්ප්‍රවේශය 2012-11-18.
  37. "යූ ආ බියුටිෆුල් ඇන්ඩ් සංක්‍යුන්ක්වාන් ස්කැන්ඩල් ටු බි ෂෝන් ඉන් ජැපනීස් තීයටර්ස්". හන්සිනෙමා. 11 අප්‍රේල් 2011. සම්ප්‍රවේශය 2014-01-18.
  38. "QTV ටු එයාර් සංක්‍යුන්ක්වාන් ස්කැන්ඩල්: ද මූවී". සූම්පි. 9 සැප්තැම්බර් 2011. සම්ප්‍රවේශය 2014-01-18.

බාහිර සබැඳි[සංස්කරණය]