බෝයිස් ඕවර් ෆ්ලවර්ස් (රූපවාහිනී කතාමාලාව)
බෝයිස් ඕව ෆ්ලව'ස් | |
---|---|
මෙලෙසද හැඳින්වේ | බෝයිස් බිෆෝ ෆ්ලව(ර්)ස් |
ප්‍රභේදය | ප්‍රේම වෘර්තන්ත ප්‍රහසන නාට්‍ය |
ආකෘතිය | මාලා නාට්‍ය |
මත පදනම්ව | "යෝකෝ කාමියෝගේ බෝයිස් ඕව ෆ්ලව්'ස් නම් කොරියානු ග්‍රන්ථය ඇසුරින් |
රචනය කලේ | යූන් ජි-ර්යුන් |
අධ්‍යක්ෂණය කලේ | ජියොන් කි-සංග් |
රඟපෑම | කු හ්යේ-සන් ලී මින් හෝ කිම් හ්යුන් ජූන් කිම් බම් කිම් ජූන් |
සම්භව රට | දකුණු කොරියාව |
කථාංග ගණන | 25 |
නිෂ්පාදනය | |
ස්ථානය(න්) | දකුණු කොරියාව මැකාවු නිව් කැලඩොනියා |
නිෂ්පාදන සමාගම | ගෘප් එයිට් |
ප්‍රචාරණය | |
මුල් නාලිකාව | කොරියන් බ්‍රෝඩ්කාස්ටින් සිස්ටම්ස් |
මුල් ධාවනය | 5 ජනවාරි 2009 | – 31 මාර්තු 2009
බාහිර සබැඳි | |
වෙබ් අඩවිය |
බෝයිස් ඕව ෆ්ලව'ස් යනු 2009 වසරේ නිපදවූ දකුණු කොරියාව නු ටෙලි නාට්‍ය පෙළකි. කු හයේ සන් , ලී මින් හෝ , කිම් බම් ,කිම් ජූ සහ කිම් හ්යුන් ජුන් යන රංගන ශිල්පීහු මේ නිර්මාණයට රංගනයෙන් දායක වෙති. මෙය KBS 2 නාලිකාවේ 2009 වර්ෂයේ විකාශනය කෙරිණි. මෙය කොටස් 25කින් සමන්විතය.
මෙය "යෝකෝ කාමියෝගේ බෝයිස් ඕව ෆ්ලව්'ස්' නම් කොරියානු ග්‍රන්ථය පදනම් කරගෙන තැනුවකි.මේ කතාව වර්තමාන සින්ඩරෙල්ලා කතාවට සමාන වේ.එනම් දුප්පත් සහ දිරිමත් පාසල් ශිෂ්‍යාවක් F4 නම් කණ්ඩායමක ඉතා ධනවත් සහ කඩවසම් තරුණයින් 4දෙනෙකුගෙ සිත් ඇදගනීමට සමත් වේ.
කතා වස්තුව
[සංස්කරණය]ගුම් ජැන්ඩි ට ශින්වා උසස් පාසලට ඇතුලත් වීමට ලැබෙන්නේ ශිෂ්‍යත්වයකිනි; ඒ එක්තරා සිදුවීමක් නිසාය. ඇයට එහිදී F4 කණ්ඩායම හමුවේ. F4 යනු ධනවත්, කඩවසම් සහ ආඩම්බර තරුණයින් 4දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමකි.ඔවුන් නම්වලින් ගු ජුන් පියෝ (ලී මින් හෝ), යූන් ජි-හු (කිම් හ්යුන්-ජූන්) සෝ යි-ජියොන් (කිම් බම්) සහ සොන් වූ-බින් (කිම් ජූන්) ය.ඔවුන් 4දෙන මුළු පාසැලම තම අනසකට යටත්කොටගෙන සිටිති; එමනිසා ඔවුන්ට අභියෝග කිරීමට ගුරුවරුන් පවා පෙළඹෙන්නේ නැත.එහෙත් ජැන්ඩි ඔවුන්ට අභියෝග කරයි.එහෙත් ජැන්-ඩි, F4 හි නායකයා වන ජුන්-පියෝට අභියෝග කරයි. එමනිසා යට මුහුණදීමට වන කරදර ප්‍රමාණයද සුළුපටු නොවේ.ඉන්පසු ජුන්-පියෝ යට වයිර කරන අතරම ඇය ජී-හූ සමග නිහඬ සබදතාවයක් පවත්වාගෙන යාමට සමත්වේ.ජන-ඩි ගේ දිරිමත් කිරීමෙන් දිරිමත් වන ජි-හූ, ඔහුගේ පෙම්වතිය වන, නිරුපිකා මින් සියෝ-හ්යුන් හා එක්වන්නට විදේශ ගත වේ.එමනිසා ඇතිවන අඩුවේදී ජුන්-පියෝ සහ ජැන්-ඩි එකිනෙකට ලංවේ.වැඩි කලක් යාමට මත්තෙන් ජුන්-පියෝ යට සත්‍යවශයෙන්ම ආදරය කරන බව වටහාගනී.-විවිධ දුෂ්කරතා මැද ඔවුන් , ඔවුන්ගේ සම්බන්දය තර කර ගනී. ඔවුන්ට ප්‍රධාන බාධකය වන්නේ ජුන්-පියෝගේ මවයි. ඇය කෲර, බලවත් ව්‍යාපාරික කාන්තාවකි. එහෙත් ඇය ජැන්-ඩි ව සහ ඇගේ ඉහලට පැමිණීම අනුපාත නොකරයි.මේ අතර තනිකඩ ජි-හූ නැවත කොරියාවට පැමිණේ; ඒ ඔහුගේ සිතුවිලි ජැන්ඩි ට පැවසීමටයි.පැමිණීමෙන් පසුව ඔහු , ඔහුගේ සිතුවිලි සැඟවීමට උත්සහ කරයි; එහෙත් ජුන්- පියෝ ඒ ගැන දැනගැනී.