අලි අැතුන් ලවා මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
හස්තියෙකු විසින්, ලංකාවෙහි මරණයට නියමවූ සිරකරුවෙකුගේ ශරීර අවයව ගලවා දමන අයුරු. රොබට් නොක්ස්ගේ ඇන් හිස්ටොරිකල් රිලේෂන් ඔෆ් දි අයිලන්ඩ් සිලෝන් (1681) එන චිත්‍රයකි.

හස්තීන් ලවා මරණ දඞුවම ක්‍රියාත්මක කිරීම යනු, දකුණු සහ අග්නිදිග ආසියාවේ සහ, විශේෂයෙන් ඉන්දියාවෙහි මරණීය දණ්ඩනය පැමිණවීමෙහි ප්‍රචලිත ක්‍රමයක් විය. ප්‍රසිද්ධයේ සිදු කෙරුණු මරණ දඞුවම් පැමිණවීම් වලදී පයින් තෙරපා දැමීම, අවයව ගලවා දැමීම හෝ, වධ හිංසා පැමිණවීම සඳහා ආසියානු ඇතුන් භාවිතා කෙරිණි. පුහුණු කරන ලද්දාවූ සහ මෙම සතුන් හට, ද‍ඞුවමට ගොදුරු වූවන් සැණෙන් මරා දැමීමට හෝ දිගු කාලයක් තුල වධ හිංසා පැමිණවීමට හෝ සමත් කම් ඇත්තාවූ වූහ. මෙම කාර්යය සඳහා රාජකීයයන් විසින් යොදවනු ලැබූ මෙම හස්තීන්, පාලකයාගේ අපරිම බලය සහ වල් සතුන් පවා හැසිරවීමෙහි ඔහු සතු හැකියාව පිළිබිඹු කිරීමට භාවිතා කෙරිණි.

හස්තීන් ලවා සිරකරුවන් මරණයට පත්කිරීමේ දර්ශන දැක භීතියට පත් යුරෝපීය සංචාරකයන් ඒ පිළිබඳ අවධානය යොමු කළ අතර, ඒ පිළිබඳ විස්තර සමකාලීන ජර්නල සහ ආසියානු දිවිය පිළිබඳ විස්තරයන්හී ප්‍රකාශයට පත්කොට තිබුණි. 18 වන සහ 19 වන සියවස්හිදී මෙම ප්‍රදේශයෙහි ජනවාස පිහිටවූ යුරෝපියානු අධිරාජ්‍යයන් විසින් මෙම ව්‍යවහාරය අත්‍යන්තයේදී නවතා දමන ලදි. ප්‍රාථමික වශයෙන් ආසියාවට සීමා වී තිබුණු මෙය, රෝමය සහ කාර්තේජය වැනි බටහිර බලවතුන් විසින්ද සමහරවිට භාවිතා කර ඇත්තේ කැරලිකාර සොල්දාදුවන් අරභයා ක්‍රියාමාර්ග ගැනීම සඳහාය.

සංස්කෘතික ස්වරූපය[සංස්කරණය]

හස්තීන් සතුවූ බුද්ධිය, හීලෑ කළ හැකි බව සහ, බහුනිපුණත්වය නිසා, රෝමන්වරුන් විසින් වධය පමුණුවන්නන් ලෙසින් භාවිතා කළ සිංහයන් සහ වළසුන් වැනි වනසතුන්ට වඩා මහත් වාසියක් අත්පත් කරදී තිබුණි. අශ්වයන්ට වඩා හික්මවිය හැකි බවක් හස්තීන් වෙත දක්නට ලැබිණි: සටනකදී පහර දීමට අශ්වයෙකු පුහුණු කළ හැකි වුවද, සතුරු සොල්දාදුවෙකු පයින් තෙරපා දැමීමට ඌ යුහුසුළු නොවන අතර, ඒ වෙනුවට එවැන්නතු මතින් පැන අනෙක් පසට යෑමට ලොල් බවක් දක්වනු ඇත. හස්තීන් විසින් ඔවුන්ගේ සතුරන් පාගා දමන අතර, එබැවින්ම හැනිබල් වැනි සේනාධිපතීන් විසින් ප්‍රචලිත ලෙසින් යුද්ධ හස්තීන් භාවිතා කළ බව පෙනෙයි. විවිධ ක්‍රම අනුගමනය කරමින් සිරකරුවන් මරණයට පත් කරන අයුරු හස්තීන්ට පුහුණු කළ හැකි අතර, වධ හිංසා පමුණුවමින් දඞයමට ගොදුරු වූ තැනැත්තේ හට මරණය සෙමින් ලඟා කර දීමට හෝ වැරදිකරුවූ තැනැත්තේගේ හිස පොඩි කරලීමෙන් ඔහු වෙත ඉක්මන් මරණයක් පැමිණවීමට හෝ ඌ පුහුණු කළ හැක.

ඓතිහාසිකව, දක්කන්නෙකු හෝ ඇත්ගොව්වෙකුගේ නිත්‍ය හැසිරවීමට හස්තීන් නතුවී සිටි අතර, අවසන් මොහොතේ දඞුවම අතිහිටුවීමක් මගින් ඔහුගේ අනුකම්පාසහගත ගතිගුණ ප්‍රදක්ෂිණා කිරීමට පාලකයාට මේ නිසා හැකියාව ලැබෙයි.[1] මෙසේ අභයදානය සිදුකළ අවස්ථා කිහිපයක් බොහෝ ආසියානු රාජධානි වෙතින් වාර්තා වෙයි. ඔවුන්ගේ හස්තීන් භාවිතයෙන් චූදිත පුද්ගලයා "මහත් තුවාල සිදු නොවන පරිදී පොළොව මත සෙමින් පෙරැළීමට " උන් පුහුණු කිරීම සියමයේ රජවරුන් විසින් සිදු කර ඇත. මහා අක්බාර් මෝගල් අධිරාජයා විසින් " 'කැරලිකරුවන්' මට්ටුකිරීමට මෙම ක්‍රමය අනුගමනය කළ බවත්, අවසානයේදී බොහෝදුරට හික්මවුනු සිරකරුවන් වෙත ජීවිත දානය ලබා දුන් බවද " කියැවේ.[1] එක් අවස්ථාවකදී, අක්බාර් විසින් එක් මිනිසෙකු හස්තීන් වෙත දමා පස් දිනක් විඳවූ පසුව අභය දානය දුන් බවට වාර්තා වෙයි.[2] දුර්වේදනය මගින් විනිශ්චය වැන්නක් සඳහා හස්තීන් සමහරවිටෙක භාවිතා කර ඇති අතර මෙහිදී මරණයට තීන්දුවූ සිරකරුට නිදහස ලෑබී ඇත්තේ හස්තියාගෙන් දිවි ගලවා ගැනීමට ඔහු සමත් වුවහොත්ය.[1]

මෙම ආකාරයට හස්තීන් භාවිතා කිරීම, මරණය හෝ ජීවිත දානය නියම කිරීමට තිබූ සාමාන්‍ය රාජකීය බලය ඉක්මවා ගිය එකක් විය. රාජකීය බල පරාක්‍රමයෙහි සංකේතයක් ලෙසින් බොහෝ කලෙක සිට හස්තීන් භාවිතා කර තිබුණි (ඇළි ඇතුන් ගරුත්වයෙන් සැලකෙන, තායිලන්තය වැනි, සමහරක් ස්ථානයන්හී තවමත්). රාජ්‍ය බලය විදහා දක්වන මෙවලම් වශයෙන් ඔහුගේ පූර්ණ අණ දීම යටතේ වූ උන් භාවිත කිරීම වෙතින් බලවත් පණිවුඩයක් යැවුණේ ඉතා බලවත් ජීවීන් මස්තකයෙහි පවා සිය ආධිපතිත්වය පැතිරවීමට පාලකයාට ඇති හැකියාව විය. මේ අනුව පාලකයා විදහා දැක්වුනේ, වල් සතුන් මත සිය සදාචාරාත්මක සහ අධ්‍යාත්මික ආධිපත්‍යය පතුරුවන්නෙකු ලෙසින් වූ අතර, තමන්ගේ යටත් වැසියන් අතර ඔවුන්ගේ ආධිපත්‍යය සහ ගූඨභාවය පැතිරවීමට වඩා එය අමතර විය.[1]

භූගෝලීය විෂය ක්ෂේත්‍රය[සංස්කරණය]

හස්තීන් විසින් මරණ දඞුවම පැමිණවීමේ භූගෝලීය විෂය ක්ෂේත්‍රය

හස්තීන් මගින් තෙරපා මරා දැමීම, බටහිර සහ නැගෙනහිර අධිරාජ්‍යයන් විසින් ලෝකයේ බොහෝ ප්‍රදේශ වලදී සිදු කර ඇත. මෙවැනි මරණ දඞුවම් පැමිණවීම් පිළිබඳ මුල්ම වාර්තා හමුවන්නේ සම්භාව්‍ය යුගය තරම් ඈත කාලයේදීය. කෙසේවෙතත්, මෙම ක්‍රියා පිළිවෙත එකල වන විට හොඳින් තහවුරුව තිබූ අතර 19වන සියවස දක්වා අඛණ්ඩව භාවිතා වුනි.


ආසියානු ඇතුන්ට වඩා අප්‍රිකානු ඇතුන් ශරීර ප්‍රමාණයෙන් විශාල වුවද, අප්‍රිකානු බලවතුන් විසින් මෙම සතුන් යුද්ධ කටයුතු හෝ උත්සව කටයුතු හෝ වලදී එතරම් පමණ භාවිතා නොකළේ ආසියානු ප්‍රතිමූර්තියට වඩා අප්‍රිකානු ඇතුන් හීලෑ කිරීම මදක් දුෂ්කර වූ නිසාය. අප්‍රිකාවේ සමහරක් පුරාතන බලවතුන් විසින් හස්තීන් භාවිතා කළමුත්, ඔවුන් එසේ භාවිතා කළේ දැනට-නෂ්ට උතුරු අප්‍රිකානු උපවිශේෂය ලොක්සොඩන්ටා (ඇෆ්රිකානා) ෆරෝයෙන්සිස් (සමාලෝචනයක් සඳහා යුද්ධ හස්තීන් පිළිබඳ ලිපිය බලන්න) විය. මෙලෙස, හීලෑ හස්තීන් භාවිතය බොහෝ ලෙසින් සීමා වන්නේ ආසියානු හස්තීන් වෙතින් ගහණය වන (හෝ පෙරදී ගහණය වුනු) ලෝකයේ ප්‍රදේශ වලටය.

ආසියානු බලවතුන්[සංස්කරණය]

බටහිර ආසියාව[සංස්කරණය]

මධ්‍යකාලීන යුගය අතරතුර බයිසන්ටයින්,සස්සනිඩ්,සෙල්ජුක් සහ තිමුරිඩ් යන අධිරාජ්‍යයන් ඇතුළු නොයෙක් බටහිර ආසියානු රාජකීය බලතල විසින් හස්තයන් මඟින් මරණ දඬුවම් භාවිතා කරන ලදී. භාර්යාවන් 3000ක් සහ ගැහැණු වහලුන් 12000 ක අන්තඃපුරයක් තිබූ සස්සනිඩ් රජු ඛෝස්රෝ II, ක්‍රිස්තියානි අරාබි නා'අමන් ගේ දුව වූ හදිකා ව තමා භාර්යාව ලෙස ඉල්ලා සිටි අවස්ථාවේදී නා'අමන් තම දුව එම අන්තඃපුරයට යාමට අවකාශ දීම ප්‍රතික්ෂේප කලේය; මෙම ප්‍රතික්ෂේප කිරීම සඳහා ඔහුව මරණය දක්වා හස්තියකු විසින් පාගා දැමීමට සලස්වන ලදී.

මෙම ක්‍රමය මැද පෙරදිග මුස්ලිම් ප්‍රදේශ වලද යොදා ගත් බව පෙනී යයි. 12 වන ශතවර්ෂයේ සංචාරකයෙකු වූ ගුරු පෙටාචියා, සෙල්ජුක් රජු විසින් පාලනය කරන ලද උතුරු මිසපොතෙමියාව(නූතන ඉරාකය) හි නවාතැන් ගත් කාලය තුල මෙවැනි මරණ දඬුවමක් වාර්තා කළේය.

නයිනිවි හි හස්තයෙක් විය. ඌගේ හිස නෙරා පිහිට නොමැත. ඌ සද්ධන්ත එකෙකු වූයේය, එකවර පිදුරු වාහන 2ක තරම් ප්‍රමාණයක් කා දමයි; ඌගේ මුඛය පිහිටන්නේ ලය ප්‍රදේශයේය, ඌට කෑමට උවමනා වූ විට තොලුව රියන් 2ක් පමන ඉලිප්පී යයි,පිදුරු එමඟින් ගනී, සහ මුඛය තුලට දමා ගනී. සුල්තාන්වරයාට යමෙකුට මරණ දණ්ඩනය නියම කරන අවස්ථාවේදී ඔවුන් එම හස්තියාට "මෙම පුද්ගලයා වරදකාරී" යයි කියයි.එවිට ඌ එම පුද්ගලයාව තමා තොලුවෙන් අල්ලා, ඉහලට ගෙන ඔහුව මරා දමයි.

දකුණු ආසියාව[සංස්කරණය]

ශ්‍රී ලංකාව[සංස්කරණය]

ඉන්දියානු උපමහාද්වීප සහ දකුණු පෙරදිග ආසියාවේ මරණ දඬුවම් ක්‍රමයක් ලෙස හස්තීන් බහුලව භාවිතා විය.1681 දී ලියමින් සිටි ඉංග්‍රීසි යාත්‍රිකයෙකු වූ රොබර්ට් නොක්ස්, ශ්‍රී ලංකාවහි සිරකරුවකුව සිටි අවස්ථාවේ, ඔහු විසින් දකිනා ලද හස්තියකු මඟින් මරණ දඬුවම දුන් ක්‍රමයක් විස්තර කර ඇත. ඔහු දකින ලද හස්තීන්ගේ දළ, "ගැටී 3කින් යුත් කෙවෙනියක් සහිත වූ මුවහත් යකඩයක්" සමඟ සවිව තිබූ බව නොක්ස් කියයි. හස්තියාගේ දළින් වරදකරයාව උල හින්දුවීමෙන් පසුව හස්තියා "එම ශරීරය කැබලි වලට ඉරා දමයි, පසුව අවයවයෙන් අවයවය විසි කර දමයි".

"හස්තියා කිසිම විටෙක තම දළ භාවිතා නොකළ නමුදු, තම පාදය බිම වැටී සිටින වරදකරුවාගේ ශරීරය මත තබා, ඔහුගේ ගාතයන් තම සොඬ වැලේ චලනයන් මඟින් පිලිවෙලින් ගලවා දැමූ බවට, මෙවැනි සිදුවීම් වලට සාක්ෂිකරුවකු වූ මුලාදෑනිවරයකු සහතික කර තිබේ." යැයි 19 වැනි ශතවර්ෂයේ සංචාරකයෙක් වූ ජේම්ස් එමර්සන් ටෙනෙට් විස්තර කරයි. නොක්ස් ගේ ග්‍රන්ථයෙහි මෙම මරණ දඬුවම් ක්‍රමය, ප්‍රසිද්ධ චිත්‍රයක්, "හස්තියෙකු මඟින් මරණ දඬුවමක්"(ඉහත බලන්න) මඟින් විදහා දක්වා ඇත.

මහනුවර අවසාන රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු විසින්, අපරාධකරුවන් මර්ධනය කිරීමට භාවිතා කරන ලද හස්තීන් ව බැලීමට යාමක් ගැන 1850 වසරේ ලියමින් සිටි බ්‍රිතාන්‍ය ජාතික රාජදුතයෙකු වූ සර් හෙන්රි චාල්ස් ශීර් විස්තර කලේය. 1815 දී බ්‍රිතාන්‍යන් මඟින් මහනුවර රාජධානිය පරාජය කිරීමෙන් පසු, ඔවුන් විසින් හස්තීන් මඟින් පෑගීම අවලංගු කලද, රජුගේ හස්ති දණ්ඩනය ඒ වන විටත් ක්‍රියාත්මක වෙමින් තිබූ අතර පෙර වූ රාජකාරීන් ද පැහැදිලිවම වූයේය. ශීර් විස්තර කරයි:

ස්වදේශීය රාජවංශය අතරතුර, අපරාධකරුවන්ව පෑගීමට, අපරාධකරුවාගේ ප්‍රධාන අවයව හැර අනෙකුත් අවයව පෑගීම මඟින් දිගු කාලයක් තිස්සේ ඔහුට වේදනාව ගෙන දීමට ඉගෙනගැනීමට පුහුණුව ලබා දෙන ලදී. මහනුවර අවසාන සැහැසි පාලකයාත් සමඟ මෙමෙ මරණ දඬුවම් ක්‍රමය ප්‍රියතම මෝස්තරයක් වූ අතර, අප තාවකාලිකව නැවතී සිටි කාලය අතරතුර යට ගිය රාජධානියේ සිටි හස්ති වධකයෙක්ගේ විචක්ෂනභාවය සහ මතකය පරීක්ෂා කිරීමට අපි විශේෂයෙන්ම උත්සුක වූයෙමු. සත්වයා වර්ණ ගන්වා තිබූ අතර ඌ සද්ධන්ත කුලයේ එකෙකු විය, ඌ තම පාලකයා ගෙල මත තබා ගෙන, සන්සුන් ලෙස නැගී සිටියේය; අපව කැටුව ගිය වංශාධිපතියාව, රථයෙන් බැස්වීමට සහ පසෙකින් සිටීමට මිනිසාව යොදා ගත්තේය.

ඉන්පසු මුලාදෑනියා "වරදකරුවාව මරා දමනු!" යන වාචික අණ සත්වයාට දුන්නේය. හස්තය තමා සොඬ එසේව්වේය,සහ එය මිනිසා වටේ වෙලාගත්තේය; පසුව සත්වයා චලනයන් දක්වා මිනිසාව උඋට පසෙකින් පොලොව මත තබා, තම පසු පාදය සෙමින් ඔසවා, මිනිසාගේ ගාතයන් එකින් එක මත තබමින් සිටියේය. මෙය මිනිත්තු කිහිපයක් පුරාවට කරමින් සිටියේය. පසුව සත්වයාට අස්ථි කඩා දැමීමට සිතුනු බැවින්, හස්තිය තම සොඬවැල තමාගේ හිසටත් උඩින් ඔසවා නොසෙල්වී නංගී සිටියේය; පසුව මුලාදෑනියා "තමාගේ රාජකාරිය අවසන් කරන්න" යයි අණ කිරීමෙන් පසුව සත්වයා එසැනින්ම මිනිසාගේ උදරය මත තමා එක පාදයක් තබා, අනෙක් පාදය ඔහුගේ හිස මත තබා ඌගේ මුළු සවි ශක්තියම වරදකරුවාව පාගා දමා ඔහුට අවසානය අත්කර දීමට යොදමින් සිටියේය.

ඉන්දියාව[සංස්කරණය]

ඉන්දියාවේ තේරීමක් ලෙස බොහෝ රටවල හස්තීන් වධකයන් ලෙස භාවිතා විය. හින්දු සහ මුස්ලිම් පාලකයෝ බදු මඟ හරින්නන්,කැරලිකරුවන්,සතුරු හමුදා භටයන් වැන්නවුන් ඇතුන් ලවා පාගවා මරණයට පත් කළහ. අපරාධ ගණනාවක් සඳහා ඇතුන් ලවා පාගවා මැරීම, මනු ස්ම්රිටි හෝ මනු නීති හි ලියා නිර්දේශ කොට ඇත. දේපල සොරකම් සඳහා, උදාහරණයක් ලෙස, "අල්ලාගත් එකදු සොරෙකු සිටීද, රජු විසින් ඔහුව හස්තියකු ලවා මරණ දණ්ඩනයට පත් කල යුතු විය." උදාහරණයක් ලෙස,1305 දී දිල්ලි හි සුලතන්වරයා විසින් මොන්ගොලියානු ජාතික සිරකරුවන්ව ඇතුන්ලව පාගවා මැරීම මහජනයාගේ විනෝදය සඳහා විය.

ලුවිස් රුස්සිලෙට්, හස්තීන් මගින් මරණ දඬුවම "ලෙ ටුවර් දු මොන්ඩේ"හි 1868 හිදී පැහැදිලි කළේය

මුඝාල් යුගය අතරතුර, අපරාධකරුවාව ඇතුන්ගේ පා මඟින් පාගවා මැරීම මරණ දණ්ඩන ක්‍රම අතුරින් සුලභ වූ ක්‍රමයක් විය. මුඝාල් පාලක ශා ජහන් රජු විසින් වරදකාරී හමුදා අණ දෙන්නෙකුව, නින්දාසහගත සහ දරුණු මරණයක් ලෙස සැලකූ, ඇත් උද්‍යානයට රැගෙන ගොස්,ඇතෙකු ලවා පාගවා මරණයට ලක් කිරීමක් ගැන 1727 දී ලියමින් සිටි කපිතාන් ඇලෙක්සැන්ඩර් හැමිල්ටන් විස්තර කළේය. තම රාජ්‍ය කාලය තුල ඉතා තීරණාත්මක වීමෙහි විශ්වාස කල හමායුන් මුඝාල් අධිරාජ්‍යයා ඉමාම් ඇතුන් ලවා පෑගීම නියම කළේය. සමහර අධිපතීන් මෙම මරණ දණ්ඩන ක්‍රමය තමාගේ විනෝදය පිණිස උපයෝගී කර ගන්න ලදී. තවත් මුඝාල් පාලකයෙකු වූ ජහන්ගීර් අධිරාජ්‍යයා අපරාධකරුවන් විශාල සංඛ්‍යාවක් තමාගේ විනෝදය පිණිස පෑගවීමට නියම කල බව සඳහන් වේ. මෙවැනි මරණ දණ්ඩන අත්දුටු ප්‍රංශ ජාතික සංචාරයෙකු වූ ෆ්‍රැන්කොයිස් බර්නියර්, මෙමා දරුණු දඬුවමින් රජතුමා අත්කරගත් සතුට දුටු අවස්ථාවේ තමා තුල හටගත් ත්‍රාසය සඳහන් කොට ඇත. ඇතුන් ලවා මැරවීමෙදී මුඝාල්වරු යොදා ගත් එකම ක්‍රමය පෑගීම නොවේ; දිල්ලි හි මුඝාල් සුලතාන් රාජ්‍යය තුල, සිරකරුවන්ව කැබලි කිරීමට "උන්ගේ දළට සවි කල උල් වූ තල සමඟ" ඇතුන්ව පුහුණු කරවන ලදී. 1330 දී දිල්ලි හි සංචාරය කල මුස්ලිම් ජාතික සංචාරකයෙකු වූ ඉබන් බතුතා, මෙම අන්දමේ ඇතුන් මඟින් මරවන ක්‍රමය, ඇසින් දුටු විස්තරයක් ලෙස සඳහන් කොට ඇත.

"එක්තරා දිනයක, මා සිටින විට, අමාත්‍යවරයාව ඝාතනය කිරීමට තැත් කලා යන දෝෂාරෝපණයට හසු වූ මිනිසුන් කිහිපදෙනෙක් රැගෙන එනු ලැබුවේය. වරදකරුවන්ව කැබලි වලට කැපීමට උගන්වන ලද ඇතුන් වෙතටැ එම වරදකරුවන්ව දැමීමට අණ කරනු ලැබීය.උන්ගේ කුර මුවහත් යකඩ මෙවලම් වලින් ආවරණය වී තිබූ අතර, ඒවායෙහි කෙළවරවල් පිහි තල වැනි විය. මෙවැනි අවස්ථා වල හස්ත පාලකයා ඔවුන්ව මෙහෙයවයි: මිනිසෙකුව උන් වෙත විසි කල විට, එම මිනිසා වටේ තමා සොඬවැල ඔතා, ඔහුව උඩ විසි කර, දත් මඟින් ඔහුව ගෙන,ළයට පහලින් තිබෙන තමා ඉදිරි පා යුගල අතරට විසි කරන්නෝය,සහ රජුගෙන් ලැබෙන අණ පරිදි, සහ හස්ත පාලකයා අණ කරන ලෙස ක්‍රියා කරන්නෝය.අණ ලැබුනේ ඔහුව කපා දැමීමට නම්, හස්තියා තමා යකඩ යුධ වලින් එසේ කල පසු කැබලි, රැස් වූ මිනිසුන් අතරට විසි කරයි.නමුත් අණ ලැබුනේ ඔහුව මග හැරීමට නම්, ඔහුව ඔහුගේ සම ඉවත් කර පිදුරු වලින් ඔබා පුරවා, මාංශ සුනඛයන්ට දීමට ඉඩ හරින තෙක් හස්තියා ඉවත්ව යයි"

අනෙකුත් ඉන්දීය ආණ්ඩුක‍්‍රමද හස්තයන් මඟින් මරණ දඬුවම ක්‍රියාත්මක කළහ.17 වන ශතවර්ෂයේ අග භාගයේ, මරද නිලධාරී අනජි දට්ටෝ ඇතුළුව, මරද චත්‍රපති සම්භාජි ද, කුමන්ත්‍රණකරුවන් සඳහා මේ අකාරයේ මරණ දඬුවම් පැනවූහ. තවත් මරද නායකයෙකු වූ සන්ටාජි සේනාධිපතිවරයා හමුදා විනය උල්ලංගනය කළවුන් සඳහා මෙම දඬුවම පැනවූහ. "සුළු වරදකට වුවද ඔහු [සන්ටාජි] මිනිසකුව ඇතෙකුගේ පා යටට දමයි." යයි සමකාලීන ඉතිහාසඥයකු වූ කාෆි ඛාන් වාර්තා කළේය.

ගෝවා හි රජු "අපරාධකාරයන් මර්ධනය සඳහා නිශ්චිත ඇතුන් සමූහයක් තබාගෙන සිටියි. මෙයින් එකෙකුව,අපරාධකරුවෙකු මරාදැමීම සඳහා ඉදිරියට ගෙන ආ විට,ඌගේ පාලකයා වරදකරුවාව යුහුසුලුව විනාශ කිරීමට අපේක්ෂා කරයි නම්, මෙමෙ සද්ධන්ත සත්වයා එකෙණෙහිම පාගා ඔහුව තමා දෙපා යට සුනු විසුණු කොට දමයි; ඔහුට වධ හිංසා කිරීමට අපේක්ෂා කරයි නම්, ක්‍රමක්‍රමයෙන් ඔහුගේ අවයවයන් කඩා දමයි." යැයි 19 වන ශතවර්ෂයේ මුල් කාලයේ රොබර්ට් කෙර් නැමැති ලේඛකයා පෙන්වා දෙයි. ස්වභාව විද්‍යාඥයෙක් වූ ජෝජ්ස්-ලුවිස් ලේක්ලාර්ක්, හස්තීන් සරල, ස්වභාවික සහජ බුද්ධියකින් යුක්ත වූවකුට අමතරව මිනිස් තාර්කික හැකියාවෙන්ද යුක්ත විය, යන්නට සාක්ෂියක් ලෙස මෙම අරමුණේ නම්‍යතාවය පෙන්වා දෙන ලද්දේය.

මෙවැනි මරණ දණ්ඩන නිතරම මහජනයා ඉදිරියේදී සිදු කරන ලද්දේ මෙවැනි උල්ලංගන කිරීමට පෙළඹෙන්නන්ට කරන අනතුරු ඇඟවීමක් ලෙසය. ඇතුන්ගෙන් බොහොමයක් විශේෂයෙන්ම දැවැන්ත වූ අතර ටොන් 9ක් ඉක්මවන ප්‍රමාණයේ බරකින් යුත් විය. මරණ දණ්ඩන බිහිසුණු වීමට අදහස් කරන ලද අතර, එය නිතරම එසේම විය. සමහර විටෙක ඔවුන් හට මහජනයා ඉදිරිපිට මුලින් වදහිංසා දෙනු ලැබූ අතර, දඬුවම් දෙනු ලැබුවේද මරණය සඳහා භාවිතා කල හස්තියා විසින්මය. 1814 දී බරෝදා හි මෙවැනි වදහිංසා පමුණුවා, මැරවූ මරණ දණ්ඩනයක වාර්තා පර්සි වෘතාන්ත වල සංරක්ෂණය වී ඇත:

අමීර් සහිබ් නම් දේශීය නායකයකුගේ සහෝදරයෙක් වූ, තම ස්වාමියා දින 2කත පෙර ඝාතනය කල මිනිසා වහලෙකි. එකොළහට පමන, පසුපස පාලකයෙක් පමණක් සහිතව, බංබු අතැතිව සිටි ස්වදේශිකයින්ගෙන් වට කරගත් හස්තියාව පිටතට ගෙන එනු ලැබුවේය. අපරාධය සිදු වූයේ පිටිය මත යාර 3ක් පමන පසුපසය, ඔහුගේ පා,සත්වයාගේ පසුපස පාදය මත තිබූ වළල්ලකට සවිකළ කඹ 3ක් මඟින් බැඳ තිබුනේය, හස්තියා තබන සෑම පියවරක් පාසාම, ඔහුව ඉදිරියට වීසි වූයේය,සහ සෑම පියවර 8ක් හෝ 10ක් පාසා තවත් අවයවයක් අවසන්ධි වෙයි, හස්තියා යාර පන්සියයක් ඉදිරියට ගිය කල්හි ඒවා ලිහිල් වී සහ කැඩී බිඳවී ගොස් අවසානය. කෙසේනමුත් මිනිසා මඩින් නැහැවී තිබූ අතර ජීවිතයේ සැම සලකුනක්ම විදහා දැක්වීය,සහ අතිශය වේදනාකාරී වදහිංසාවකට ලක්ව තිබූ බව පෙනෙන්නට විය.මේ අයුරින් පැයක පමන කාලයක් වද හිංසාවට ලක් කල පසු,ඔහුව නගරයෙන් පිටතට ගෙනගොස්, එවැනි ක්‍රියාවලට පුරුදු පුහුණු කරන ලද හස්තියා ආපසු පැමිණි විට, ඌගේ පාදය අපරාධකරුවාගේ හිස මත තබයි.

19වන ශතවර්ෂයේ අග භාගය දක්වා වධකයින් ලෙස හස්තයන්ගේ භාවිතය කරගෙන යන ලදී. 1868 දී මධ්‍යම ඉන්දියාවේ ගවේෂණයක් අතරතුර, ලුවිස් රුස්සිලෙට් ඇතෙකු මඟින් අපරාධකාරයෙකු ඝාතනය කිරීම පැහැදිලි කළේය. මරණයට නියම වූ තැනැත්තාගේ හිස ප්‍රතිමාතලය මතින් තිබීමට බලකරමින්,සහ පසුව ඇතෙකු විසින් ඔහුගේ හිස පාගා දමන තෙක් එසේ සිටීම විදහා දක්වන,මරණ දණ්ඩනයේ දළ සටහනක් සකසන ලද්දේය. මෙම දළ සටහන ලී කැපුමකට නංවන ලද අතර, විශාල ලෙස බෙදා හරින ලද සංචාර සහ වික්‍රම ගැන වූ ප්‍රංශ සඟරාවක "ලෙ ටුවර් දු මොන්ඩේ" මෙන්ම හාර්පර්ගේ සතිපතා පත්‍රය වැනි සඟරා වලද මුද්‍රණය කරන ලදී.

බ්‍රිතාන්‍ය ආධිපත්‍යයහි වැඩි වෙමින් තිබූ බලය, ඉන්දියාව තුල හස්තීන් මඟින් මරණ දඬුවම් හීනවීම සහ එහි සමාප්තිය දක්වා ගෙන ගියේය. 1914 දී ලියමින් සිටි එලීනර් මැඩොක්, කාශ්මීරයහි යුරෝපීයන්ගේ සම්ප්‍රාප්තියේ පටන් "පැරණි චාරිත්‍ර වලින් බොහොමයක් නැති වී යමින් තිබේ- සහ මෙයින් එකක් වන්නේ 'ගුන්ගා රාවෝ' යන ආවේනික නමින් හඳුන්වන ලද, වධක පරමාර්ථය සඳහා පුහුණු කරන ලද ඇතෙකු මඟින් අපරාධකරුවන් ඝාතනය කිරීමේ දරුණු චාරිත්‍රයයි." යන්න සටහන් කළේය.

අග්නිදිග ආසියාව[සංස්කරණය]

ආදිකාලීන ඉතිහාසයේ පටන්ම, අග්නිදිග ආසියාවෙහි බුරුමය සහ මැලේසියාවේ මෙන්ම ඉන්දුචීන අර්ධද්වීපයේ චම්පා රාජධානියේ, ඝාතන සිදු කිරීමට විශාල ලෙස හස්තයින් භාවිත කල බව වාර්තා වේ. සියම්හි, හස්තයින්, දඩුවම් නියම වුවන් පාගා මරා දැමීමට පෙර ගුවනට විසි කිරීමට පුරුදු කර ඇත. ඇලෙක්සැන්ඩර් හැමිල්ටන් සියම්හි සිට පහත සදහන් වාර්තාව දක්වයි.

රාජ්‍යද්‍රෝහීත්වය සහ මිනීමැරීම් සදහා, හස්තයින් ඝාතකයින් ලෙස භාවිත වේ. මේ සදහා, දඩුවම් නියම වූ පුද්ගලයා දැඩි ලෙස පොලවට ගැසු උල් රිටකට තබන අතර, හස්තියාව ගෙන්වා ඔහු වටා දෙතුන් වරක් ගෙන යයි. හස්තියාගේ පාලකයා මෙම විශාල ඝාතකයාට කතා කල විට ඌ තම හොඬවැල එම පුද්ගලයා සහ ඉන්න වටේ ඔතා, ඉන්න පොළවෙන් ඉතාමත් ප්‍රචණ්ඩත්වයෙන් ඇද මිනිසාව ඒ සමගම ගුවනට විසි කර පහලට එන විට දත් වලින් ගෙන, නැවත ඉවතට විසි කර, එක ඉදිරි පාදයක් මල ශරීරයේ තබා පොලවට සමතල කරයි.

කොචින්චින[නූතන දකුණු වියට්නාමය] රාජධානියෙහි 1821, බ්‍රිතාන්‍ය රාජදුතයෙකු ලෙස සේවය කල ජෝන් ක්රෝෆර්ඩ්ගේ එහි තවත් හස්තියන් ලවා ඝාතනය කිරීමේ ක්‍රමයක් තම දින පොත වාර්තා කරයි. ඔහු මිනීමරුවා උල් ඉන්නකට බැඳ, හස්තියා ඔහු උඩින් දුවා ඔහුව මරා දැමීමේ සිදුවීමක් සිහිපත් කරයි.

බටහිර අධිරාජ්‍යයන්[සංස්කරණය]

රෝමානු, කාර්තගීනියානු සහ මැසදෝනියානු ග්‍රීක ජාතිකයින් යුධ හස්තයන් යුධ කටයුතුවලට භාවිත කල අතර ඉතාම ප්‍රසිද්ධ හැනිබල්ගේ උදාහරණයේ ලෙස ඇතැම්විට ඝාතන සිදු කිරීමටද භාවිත කරන ලදී. ත්යජකයින්, යුද සිරකරුවන් සහ හමුදා අපරාධකරුවන් හස්තයින් මගින් පාගා මරා දමා ඇති බව ආදිකාලීන ඉතිහාසකරු වාර්තා කරයි. ක්‍රි.පූ. 323දී, මහා ඇලෙක්සැන්ඩර් රජුගේ මරණින් පසු මැසදෝනියාවහි උපරජ වූ පර්ඩිකස්, මෙලීගර්ගේ පිළෙහි සිටි කැරලිකරුවන් බැබිලෝන් නගරයේදී හස්තයින් ලවා පාගා මරා දමන ලදී. රෝමානු ලේඛක, කවින්ටස් කර්ටියස් රෆස්, ඔහුගේ හිස්ටෝරේ අලෙක්සන්ද්රි මැග්නි හි මෙසේ සදහන් කරයි, "පර්ඩික්කස් අනුකම්පාවෙන් එම කැරලිකරුවන් ආබාධිතව ඇති බව දැක්කේය. ඔහු මහා ඇලෙක්සැන්ඩර් රජුගේ මරණින් පසු තිබූ පළමු රැස්වීමේදී, මිලීගර්ව අනුගමනය කල 300 දෙනෙකු ප්‍රධාන මණ්ඩලයෙන් අස් කළේය. මුළු බල ඇණියම ඉදිරියේ ඔවුන්ව හස්තයින් ලවා මරණය තෙක් පාගා දමන ලදී.

එසේම, රෝමන් ලේඛක වැලේරියස් මැක්සිමස්, ක්‍රි.පූ. 167, පර්සියස් රජුට පසුව ජයගත්, සේනාධිපති ලුසියස් ඒමිලස් පෝලස් මැසදෝනිකස් ඒ සමාන වරදකට මිනිසුන් හස්තයින් මගින් පාගා මරා දැමීමට නියම කලේ කෙසේද යයි වාර්තා කරයි. මෙලෙස ශක්තිය සහ ආයුධ ස්ථාවරව පවතින නිසා, සැබවින්ම හමුදා විනයට මෙවන් දැඩි සහ අනපේක්‍ෂිත දඩුවම් අවශ්‍ය වේ. එය නිවැරදි මාර්ගයෙන් මගහැරුණු විට විපර්යාසයක් වේ.

පොදුජනයා සඳහා සරල ඝාතකයින් ලෙස හස්තයින් යොදාගැනීමේ වාර්තා කිහිපයක් තිබේ. මෙහි එක උදාහරණයක් ජෝසෆස් විසින් සහ 3 වන මැකබීස්ගේ ඩියුටරෝනික ග්‍රන්ථයහි, ඊජිප්තු යුදෙව්වන් සම්බන්දව සදහන් කර ඇත. කෙසේ වෙතත් මෙම කතාව අසත්‍ය ලෙස පෙනේ. 3 මකබිස්, ඩයනිසස් සංකේතය භාවිත කරමින් ඉගිප්තු යුදෙව්වන් යටත් කර ගැනීමට ටෝලේමි IV ෆිලෝපතෝර් ගත් උත්සහයක් විස්තර කරයි. බහුතරයක් යුදෙව්වන් විරෝධය පල කල විට, රතතුමා ඔවුන්ව එකතු කර හස්තයින් මගින් පාගා දැමීමට නියම කළේය. අවසානයේදී මෙම බහුතර ඝාතනය, සුරදුතයින්ගේ මැදිහත්වීමෙන් යයි හිතු ලෙස නිෂ්ප්‍රභා විය. මින්පසුව ටෝලේමි සහමුලින්ම වඩා අනුකම්පාසහගත ආකල්පයක් වැලදගනු ලැබිය.

ආශ්‍රිත[සංස්කරණය]

  1. 1.0 1.1 1.2 1.3 ඇල්සන්, පි. 156.
  2. ෂිමෙල්, පි. 96.