සිරිමාවෝ බණ්ඩාරනායක
| සිරිමාවෝ බණ්ඩාරනායක | |
|---|---|
| ලංකා අග්‍රාමාත්‍ය | |
| නිලය දැරීම July 21 1960 – March 27 1965 |
|
| පූර්වප්‍රාප්තිකයා | Dudley Shelton Senanayake |
| ලංකා / ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය | |
| නිලය දැරීම May 29 1970 – July 23 1977 |
|
| පූර්වප්‍රාප්තිකයා | Dudley Shelton Senanayake |
| අනුප්‍රාප්තිකයා | Junius Richard Jayewardene |
| ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය | |
| නිලය දැරීම November 14 1994 – August 10 2000 |
|
| පූර්වප්‍රාප්තිකයා | Chandrika Bandaranaike Kumaratunga |
| අනුප්‍රාප්තිකයා | Ratnasiri Wickremanayake |
| පුද්ගලික තොරතුරු | |
| උපත | April 17, 1916 |
| මරණය | October 10, 2000 (heart attack) |
| දේශපාලන පක්ෂය | Sri Lanka Freedom Party |
| කලත්‍රයා(යන්) | S.W.R.D. Bandaranaike |
| ආගම | බෞද්ධ |
සිරිමාවෝ රත්වත්ත ඩයස් බණ්ඩාරනායක ( 1916 අප්‍රෙල් 17 - 2000 ඔක්තෝම්බර් 10) ශ්‍රි ලංකාවේ තෙවරක් අග‍්‍රාමත්‍ය පදවියට පත්වුවාය. ඒ 1960 - 1965, 1970 - 1977 සහ 1994 - 2000 යන කාල වකවානු වලදීය. ඇය ශ්‍රි ලංකාවේ පමණක් නොව සමස්ත ලෝකයේම පළමු අග්‍රාමාත්‍යවරියයි. අග්‍රාමාත්‍ය සොලමන් බණ්ඩාරනායකගේ බිරිඳ වු ඇය ශ්‍රි ලංකාවේ තුන්වන විධායක ජනධිපති පදවියට පත් චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ මවයි. දේශපානඥ අනුර බණ්ඩාරනායක සහ සමාජ සේවිකාවක් වන සුනේත‍්‍ර බණ්ඩාරනායක ඇයගේ අනෙක් දරු දෙපළයි.
1916 අප්‍රේල් 17 වන දින රත්වත්ත රදල පවුලක උපත ලද සිරිමාවෝ අධ්‍යාපනය ලැබුවේ කොළඹ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයෙනි. 1940 දී ඇය සොලමන් බණ්ඩාරනායක සමඟ විවාපත් විය. සොලමන් බණ්ඩාරණයකගේ අභාවයෙන් පසු ශ්‍රි ලංකා නිදහස් පක්‍ෂයේ නායකත්වයට පත් ඇය මරණයට පත්වනතුරුම එහි නායකත්වය හෙඹවුවාය.
1777 දී තම පක්‍ෂය ලැබු මැතිවරණ පරාජයත් සමඟම ඊට ටික කලකට පසු එනම් 1980 දී ඇයගේ ප්‍රජා අයිතියද අහෝසි කරනු ලැබීය.
ඇගේ පාලන සමයේදී ශ්‍රි ලාංකීය දේශපාලන ඉතිහාසයේ ඉතා තීරාණාත්මක සිදුවීම් රැසක් සිදුවිය. සියළු රාජ්‍ය ආයතනයන්හි ප්‍රධාන භාෂාව ලෙස සිංහල භාෂාව නම් කිරීමත් ඒ සමඟම පැන නැඟුණ දෙමළ සුළු ජන කොටසේ සාමාජීය අර්බුදය ඉන් එකකි. ලංකා සම සමාජ පක්‍ෂයන් සමඟ සන්ධානාගත වීම, චීනය සහ සෝවියටි රුසියාව අතර සම්බන්ධතා තර කිරීමද ඒ අතර ප්‍රධානය.
ඇගේ දෙවන ධුර කාලයේදී සිලෝන් යන නාමය වෙනුවට ශ්‍රි ලංකාව යන නාමය හඳුන්වා දුන් අතර ශ්‍රි ලංකා රජය ජනරජයක් ලෙසටද හඳුන්වාදෙනු ලැබීය. එනමුත් 1971 ජවිපෙ කැරැල්ල මතුවුයේද මෙම අවධියේදීමය.