රණසිංහ ප්‍රේමදාස

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත යන්න: සංචලනය, සොයන්න
රණසිංහ ප්‍රේමදාස
3වන ශ්‍රී ලංකා ජනාධිපති
නිලය දැරීම
ජනවාරි 2, 1989 – මැයි 1, 1993
පූර්වප්‍රාප්තිකයා ජූනියස් රිචඩ් ජයවර්ධන
අනුප්‍රාප්තිකයා ඩී.බී. විජේතුංග
8වන ශ්‍රී ලංකා අගමැති
නිලය දැරීම
පෙබරවාරි 6, 1978 – ජනවාරි 2, 1989
පූර්වප්‍රාප්තිකයා ජූනියස් රිචඩ් ජයවර්ධන
අනුප්‍රාප්තිකයා ඩී.බී. විජේතුංග
පුද්ගලික තොරතුරු
උපත ජුනි 23, 1924(1924-06-23)
කොළඹ, ලංකාව
මරණය මැයි 1, 1993(1993-05-01) (වයස 68)
කොළඹ, ශ්‍රී ලංකාව
දේශපාලන පක්ෂය එක්සත් ජාතික පක්ෂය
කලත්‍රයා(යන්) හේමා ප්‍රේමදාස
ආගම බුද්ධාගම

රණසිංහ ප්‍රේමදාස( ජූනි 23, 1924 - මැයි 1, 1993 ) යනු ශ්‍රී ලංකාවේ දෙවන විධායක ජනාධිපතිවරයා (ජනවාරි 2, 1989 - මැයි 1,1993 ) සහ ශ්‍රී ලංකාවේ අගමැතිවරයා (1978 පෙබරවාරි 6 - 1989 මාර්තු 3 ) ලෙස කටයුතු කළ ජන නායකයෙකි.

රණසිංහ ප්‍රේමදාස (1924,ජුනි 23 - 1993 මැයි 01) ශ්‍රි ලංකාවේ තුන්වන විධායක ජනාධිපතිවරයාය. ඊට ප‍්‍රථම ඔහු ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිවරයා යටතේ අග්‍රාමාත්‍ය තනතුරද හබෙවීය.

සිංහල හින්නි පවුලක උපත ලැබු ප්‍රේමදාස අධ්‍යාපනය ලැබුවේ කොළඹ ශාන්ත ජෝෂප් විදුහලෙනි. කුඩා කළ සිට පුවත්පත් වාර්තාකරුවකු වීමට හීන දුටු ඔහු ඒ සඳහා අඩිතාලම වශයෙන් ජවහර්ලාල් නේරුගේ ස්වයං චරිතාපදානය සිංහලයට නැඟුවේය.

රණසිංහ ප්‍රේමදාස විවාහ වුයේ හේමා ප්‍රේමදාස සමඟය. ඔහු දරුවන් දෙදෙනකුගේ පියෙකු වූ අතර වර්තමානයේ දී හම්බන්තොට දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු වන සජිත් ප්‍රේමදාස ඔහුගේ පුත‍්‍රයාය.

රණසිංහ ප්‍රේමදාසගේ දේශපාලන දිවිය ඇරඹුණේ ඒ .ඊ. ගුණසිංහ නායකත්වය හෙබ වූ කම්කරු පක්‍ෂයට සම්බන්ධ වීමත් සමඟය. එහෙත් කම්කරු පක්‍ෂයේ අනාගතය පිළිබඳ අස්ථාවර බව පැහැදිලි වීම නිසා ප්‍රේමදාස 1950 වකවානුවේදි එක්සත් ජාතික පක්‍ෂයට එක් වූයේය.

එවකට සිටි අග‍්‍රාමත්‍ය ඩඞ්ලි සේනානායකගේ කැබිනට් මණ්ඩලයේ ගුවන් විදුලි සන්නිවේදනය පිළිබඳ අමාත්‍ය ධුරයට පත් රණසිංහ ප්‍රේමදාස දකුණු ආසියාවේ පැරණිතම ගුවන් විදුලි ආයතනය වන ශ්‍රි ලංකා ගුවන විදුලි සංස්ථාව 1967 ජනවාරි 05 වන දින අරඹනු ලැබුවේය.

අඩූ ආදායම් ලාභි ජනයා වෙනුවෙන් තම සේවය කැප කළ ප්‍රේමදාස ජනසවිය, ගම් උදාව, ආදි ව්‍යාපෘති ඇතිකර එම ජනයාගේ ජීවන තත්වය නගා සිටුවීමට කටයුතු කළේය. අසරණ කලාකරුවන්ට ආධාර කිරීම සඳහා පිහිටුවා ගත් ටවර් හෝල් රඟහල පදනම ද රණසිංහ ප්‍රේමදාසගේ අදහසකි. එමෙන්ම නිදහස් වෙළඳ කලාප ඇති කිරීම හරහා විදේශ විනිමය මෙරටට ගෙන්වා ගැනිමටත් වීරැකියාව දුරලීමටත් ප්‍රේමදාස එවකට කටයුතු කළේය.

ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු රණසිංහ ප්‍රේමදාස අසාර්ථක වූ අවස්ථා කිපයක් වේ. එකක් නම් ශ්‍රි ලංකාවේ සිවිල් යුද්ධයයි. එමෙන්ම තම පක්‍ෂයේම සිටි විරුද්ධවාදීන් වූ ලලිත් ඇතුළත් මුදලි සහ ගාමිණි දිසානායක සමඟ ඇතිකරගත් මතාබේද පක්‍ෂය දෙකඩ වීමට මෙන්ම රට තුලද අවුල් සහගත තත්වයන් මතුකිරීමට හේතු විය.

රණසිංහ ප්‍රේමදාස ඝාතනයට ලක්වූයේ 1993 මැයි පළමු වැනිදා එල්ටීටීඊ මරාගෙන මැරෙන කොටි සමාජිකයකු අතිනි.


[සංස්කරණය] සටහන්

| [1] |}

[සංස්කරණය] මෙම අඩවිය බලන්න

"http://si.wikipedia.org/w/index.php?title=රණසිංහ_ප්‍රේමදාස&oldid=199491" වෙතින් නැවත ලබාගන්නා ලදි
පුද්ගලික මෙවලම්
නාමඅවකාශයන්

ප්‍රභේද
කාර්යයන්
හසුරවන්න
මෙවලම් ගොන්න
වෙනත් භාෂා වලින්