එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත යන්න: සංචලනය, සොයන්න
එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක
4වන ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය
නිලය දැරීම
1956–1959
රජ දෙවන එලිසබෙත් මහ රැජිණ
පූර්වප්‍රාප්තිකයා ජෝන් ලයනල් කොතලාවල
අනුප්‍රාප්තිකයා විජයානන්ද දහනායක
පුද්ගලික තොරතුරු
උපත ජනවාරි 8, 1899
ලංකාව
මරණය සැප්තැම්බර් 26, 1959(1959-09-26) (වයස 60)
කොළඹ, ශ්‍රී ලංකාව (ඝාතනය කෙරිණි)
දේශපාලන පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය
කලත්‍රයා(යන්) සිරිමාවෝ බණ්ඩාරනායක
ආගම බෞද්ධ

සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක යනු ශ්‍රි ලංකාවේ සිව්වන අග‍්‍රමාත්‍යවරයාය.

බණ්ඩාරනායක කොළඹ සිංහල ක්‍රිස්තියානි පවුලක උපන්නෙකි. ඔහුගේ පියා වුයේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය සමයේ මුදලි තනතුරකින් පිදුම් ලද සර් සොලමන් ඩයස් බණ්ඩාරනායකය. සොලමන් බණ්ඩාරනායක පසු කලෙක දේශපාලනයට පිවිසීමේ අරමුනණ ඇතිව බෞද්ධයකු බවට පත්වුයේය. ද්ව්තියික අධ්‍යාපනය ශාන්ත තෝමස් විදුහලෙන් ලබාගත් ඔහු වැඩිදුර අධ්‍යාපනය ලැබුවේ ඔක්ස්ෆර්ඞ් සරසවියෙනි.

සොලමන් බණ්ඩාරනායකගේ පියා

ඔහු ලාංකීක දේශපාලන ක්ෂේත‍්‍රයට පිවිසුණේ 1926 දීය. ඒ එක්සත් ජාතික පක්‍ෂ අපේක්‍ෂයකු ලෙස කොළඹ නගර සභාවට තරඟ වදිමිනි. 1951 දී එක්සත් ජාතික පක්‍ෂයේ සාමාජිකත්වයෙන් ඉවත්ව ශ්‍රි ලංකා නිදහස් පක්‍ෂය පිහිටුවා ගත්තේය. 1956 පැවති මහ මැතිවරණයෙන් ජයග‍්‍රහණය කරන ලද බණ්ඩාරනායක ශ්‍රි ලංකාවේ අග‍්‍රාමාත්‍ය පදවියට පත්වුයේය.

සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරනු ලැබුවේ ඉන් අනතුරුවය. 1950 වකවානුවේ සිංහල සහ දෙමල යන භාෂා දෙකම රාජ්‍ය භෂාවන් ලෙස භාවිතා කිරීමේ කතිකාවන් පැවතුණද පසුව මැතිවරණ ජයග‍්‍රහණය උදෙසා එය ‘ සිංහල පමණක් ’ යන්න දක්වා වෙනස් කරනු ලැබීය.

විදේශ ප‍්‍රතිපත්ති සම්බන්ධයෙන් ඔහු දැක්වු උදාසීන බව හමුවේ ශ්‍රි ලංකාවට ආර්ථික අර්බුද රැසකටද මුහුණ දීමට සිදු විය.

1959 දී තල්දුවේ සෝමරාම නම් චීවරධාරියකු අතින් සොලමන් බණ්ඩාරනායක ඝාතනයට ලක්වු අතර ඔහුගේ මරණයෙන් පසු ඔහුගේ බිරිඳ සිරිමාවෝ බණ්ඩාරනායක ශ්‍රි ලංකා නිදහස් පක්‍ෂ නායකත්වයට පත්වුවාය.


[සංස්කරණය] මූලාශ‍්‍ර

පුද්ගලික මෙවලම්
නාමඅවකාශයන්

ප්‍රභේද
කාර්යයන්
හසුරවන්න
මෙවලම් ගොන්න
වෙනත් භාෂා වලින්